නිර්මාලීය ඉතිහාස කතිකාව සහ ආරාමදාස
February 27, 2022 admin Art Fiction අජිත් පැරකුම් ජයසිංහ ආරියවංශ අබේසේකරගේ ‘ආරාමදාස’ නවකතාව අව්‍යාජ ලිවීමකි. එහෙත්, එය නවකතාවක් ලෙස ගත් කල එතරම් කතා රසයක් නැති, පැතලි චරිත සහිත කතාවකි. මනරම් භාෂා භාවිතයක් මැද පවා කියවීම තරමක් ආයාසකර හා කම්මැලි උපදවන කාර්යයක් වුව ද එතරම් කියවන්නෙකු නොවන මම එය කියවූයෙමි. එයට හේතුව, එම කෘතියට පසුබිම් වන ඓතිහාසික පසුතලයේ ඇති වැදගත්කමයි. කොළඹ විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ඉතිහාස ප්‍රදර්ශනය නැරඹුවේ ද එම දිනවලමය. ආරාමදාස නවකතාවත්, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ ප්‍රධානත්වයෙන් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රගතිශීලී ඉතිහාස කතිකාවත් අතර සිත්ඇදගන්නාසුළු සම්බන්ධයක් තිබේ. කන්ටේනර් පෙට්ටි දෙකක පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයේ එක පෙට්ටියක් ක්ෂුද්‍ර ඉතිහාස කතා ඉදිරිපත් කිරීම සඳහා වෙන්කර තිබිණි. ආරාමදාස ගැන එහි ක්ෂුද්‍ර සටහනක් නොතිබුණත්, එම ඉතිහාස කතිකාව සම්බන්ධ ක්ෂුද්‍ර නොවන සටහනක් ආරාමදාස විසින් තබා තිබේ. එම ඉතිහාස කතිකාවෙහි ප්‍රධාන තර්කයක් ලෙස මා තේරුම් ගත්තේ ලංකාවේ ඉතිහාසය රේඛීය අඛණ්ඩතාවකින් යුක්ත නොවන බව හා පොළොන්නරු යුගයෙන් ඛණ්ඩනය වී ඉන්පසු නැවත නිර්මාණය ව