කෙසෙල්වත්ත පොලිසියෙන් හොරකම් කළ ටී 56 දෙක හමු වේ

පානදුර උතුර පොලිස් ස්ථානයෙන් පසුගිය ජුලි 4දා සොරකම් කරන ලද ටී 56 ප්‍රහාරක රයිෆල් දෙක හමු වී තිබේ.
Sinhala Tamil English Translations and Content Writing
එය සොරකම් කිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සෙබළෙකු පානදුර හමුදා කඳවුරේ සේවය කරන අනෙක් සෙබළා නල්ලූරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් 5දා අළුයම අකුරැස්ස පානදුගම ප්‍රදේශයේදී අන නොතකා ධාවනය කළ මෝටර් සයිකලයක ගමන් ගත් පිරිසක් නැවැත්වීමට අකුරැස්ස පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු උත්සාහ කළ අවස්ථාවේදී පොලිසියට වෙඩිතබා සාජන්වරයකුට හා කොස්තාපල්වරයකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පැවැත්වුණ පරීක්ෂණයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් ලැබුණු තොරතුරු මත ය.
මෙම ගිනි අවි අකුරැස්ස ප්‍රදේශයේ සඟවා තිබිණි. එම ගිනි අවි සොරකම් කිරීම සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරියේදී හෙළිදරව් වීමට නියමිත ය.
ගිනි අවි අතුරුදන්වීම හේතුවෙන් පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා