මොට්ට පැත්තෙන් කැපෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත

අජිත් පැරකුම් ජයසිංහ

යුදවාදය, ජාතිවාදය, ආගමික වෛරය, වෙනස්කම් කිරීම, එදිරිවාදිත්වය හා ප්‍ර‍චණ්ඩත්වය පිටුදැකීම සඳහා ගෙන එන ලද නීතියක් වන 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත මෑතක සිට පොලිසිය විසින් ලිබරල්වාදීන් මර්දනය කිරීමට භාවිතා කරන්නට පටන් ගෙන තිබෙන බව දක්නට ලැබේ.
Sinhala Tamil English Translations and Content Writing
එසේ වන්නේ මෙම පනත ඇත්තට ම යුදවාදය, ජාතිවාදය, ආගමික වෛරය, වෙනස්කම් කිරීම, එදිරිවාදිත්වය හා ප්‍ර‍චණ්ඩත්වය ප්‍ර‍වර්ධනය කරන්නන්ට එරෙහිව භාවිතා නොකරන සංදර්භයක් තුළ ය. අඩු තරමේ පසුගිය සමයේ මාවනැල්ල, අලුත්ගම, අම්පාර, දිගන, මිනුවන්ගොඩ වැනි තැන්වල ඍජුව ම වාර්ගික ප්‍ර‍චණ්ඩත්වය ඇති කළ අයට එරෙහිව හෝ මෙම පනත භාවිතා කර තිබේ ද යන්න සැක සහිත ය.
මෙම පනත අනුව, කිසිදු පුද්ගලයකු යුද්ධය හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය හෝ වෙනස්කම් කිරීමකට, එදිරිවාදිත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ඇති වන පරිදි ප්‍රචාරය නොකළ යුතු ය.
එහෙත්, කෙටිකතාවක යශෝධරා චරිතය හෝ භික්ෂු සම්බන්ධතා හෝ සම්බන්ධයෙන් සමාජයේ පවත්නා පිළිගැනීම්වලට පටහැණි කතාවක් ලියූ ශක්තික සත්කුමාර නම් ලේඛකයා මේ වන විට මාසයකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ ය. ඔහු සිරගත කර තිබෙන්නේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ය.
නැවක සුක්කානමක රූපයක් සහිත කෆ්තාන් ගවුමක් ඇඳ සිටි මුස්ලිම් කාන්තාවකට එරෙහිව හසලක පොලිසිය විසින් කටයුතු කරනු ලැබුවේ ද මෙම පනත යටතේ ය.
පසුගිය මැයි 17දා ඩේලි මිරර් පුවත්පතට ලියන ලද “From Islamic terrorism to marauding Sinhala Buddhist violence” හෙවත් “ඉස්ලාම් ත්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප්‍රචණ්ඩත්වය දක්වා” යන ලිපිය සම්බන්ධයෙන් එම පුවත්පතට සහ මාධ්‍යවේදී කුසල් පෙරේරාට එරෙහිව ද පොලිසිය මෙම පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග අරඹා තිබේ.
මෙම පනත යටතේ ගැනෙන වරදකට වරදකරු බව මහාධිකරණ නඩු විභාගයකින් පසු ඔප්පු වුවහොත් වරදකරු අවුරුදු 10කට නොවැඩි දඬුවමකට ලක් කළ හැකි ය.
මෙම පනතෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙම පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩු විභාග අවසන් වන තෙක් ඇප ලබාදිය නොහැකි වීමයි. ඇප ලබාදීම කළ හැක්කේ සුවිශේෂ තත්වයන් යටතේ මහාධිකරණය විසින් පමණි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර ප‍්‍ර‍වර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර බැඳීම්වලට යටත් වෙමින් ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වෙනි දින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අත්සන් කළේ ය.
කේන්ද්‍රීය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සනාථ කිරිම සඳහා නීති සම්පාදනය කරමින් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත බලාත්මක කරන ලදී.
මෙම ලිපිත් කියවන්න:
මාධ්‍යකරුවන්ට එරෙහිව පොලිසියේ ICCPR ක්‍රියාමාර්ගයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය >>
ශක්තික සත්කුමාරගෙන් පසු කුසල් පෙරේරා ද? >>
හරවත් තොරතුරු හා අදහස් ලබාගන්න අපේ ෆේස්බුක් පිටුව පහත සලකුණ ක්ලික් කර ලයික් කරන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා