වයස අවුරුදු 10දී කළ වැරදිවලටත් මරණ දඬුවමට මුහුණ දෙන සවුදි ළමයෙක්

මෙම ඡායාරූපයේ සිටින ළමයා මුර්ටාජා කුරේරිස් (Murtaja Qureiris). ඔහු සවුදි අරාබියේ සුළුතර ෂියා මුස්ලිම් පවුලක දරුවෙක්. 2014 වසරේ සිට එක දිගට අත්අඩංගුවේ සිටින ඔහුගේ දැන් වයස අවුරුදු 18යි.
සවුදි අරාබි මහජන අභිචෝදකවරයා මෙම නව යව්වනයාට මරණ දඬුවම ඉල්ලා සිටිනවා. ඔහුට එරෙහිව තිබෙන චෝදනා අතර ත්‍රස්තවාදය සමග සම්බන්ධ වීම ප්‍රමුඛයි. පොලිස් ස්ථානවලට පෙට්‍රල් බෝම්බවලින් පහර දීම, රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වීම වැනි චෝදනාවලටයි ඔහුට මරණ දඬුවම ඉල්ලා සිටින්නේ. මේ ඇතැම් චෝදනා ඔහුට එල්ල වන්නේ ඔහු වයස අවුරුදු 10දී පමණ කළ බව කියන ක්‍රියා සම්බන්ධයෙනුයි.
ත්‍රස්තවාදය ලෙස හැඳින්වෙන මෙම උද්ඝෝෂණ ඇත්තෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වෙනුවෙන් කරන ලද උද්ඝෝෂණයි.
අංක 3 දරණ ටීෂර්ටය ඇඳ සිටින්නේ දස හැවිරිදි මුර්ටාජා කුරේරිස් ය.
2011දී කුරේරිස් සම වයස් ළමයින් සමග සහභාගි වූ විරෝධතා පාපැදි චාරිකාවක ඡායාරූපයකුයි මේ. කුරේරිස්ගේ වැඩිමහල් සහෝදරයා ද විරෝධතා අතර මිය ගියා. ඔහුගේ තවත් සහෝදරයකු සිරගත කර ඇති අතර පියා සිටින්නේ රැඳවුම් භාරයේයි.
පසුගිය අප්‍රේල් මාසයේදී එක් දිනක් තුළ සවුදි අරාබිය පුද්ගලයන් 37දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළා. ඔවුන්ගෙන් 32ක් පමණ අයත් වන්නේ සුළුතර ෂියා මුස්ලිම් ප්‍රජාවටයි. ඒ අතර බාල වයස්කරුවන් අඩු වශයෙන් තිදෙනෙකු හෝ සිටි බවයි වාර්තා වන්නේ. අබ්දූල්කරීම් අල්-හවායි ඒ අතර සිටි එක් බාල වයස්කරුවෙක්.
බහුතර සුන්නි මුස්ලිම් පාලනය යටතේ සවුදියේ සුළුතර ෂියා මුස්ලිම් ප්‍රජාව ජීවත් වන්නේ දැඩි පීඩනයකිනි.
පහත ඡායාරූපයේ සිටින්නේ බල වයස්කරුවන්ව සිටියදී කළ වැරදිවලට පසුගිය අප්‍රේල් මාසයේදී මරණීය දණ්ඩනයට ලක් වූ සවුදි ෂියා මුස්ලිම් ජාතිකයන් තිදෙනායි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා