මෙතනින් එහාට කුමක් කළ යුතු ද?
April 30, 2019 admin Opinion සිංහල අජිත් පැරකුම් ජයසිංහ ඊයේ සිට ඇඳරි නීතිය නැත. අද සිට සමාජ මාධ්‍ය තහනම ද ඉවත් කර තිබේ. හෙට ජාත්‍යන්තර කම්කරු දිනය වුව ද, මැයි රැළි පැවැත්වෙන්නේ නැති බව වාර්තා වේ. හදිසි නීතිය ක්‍රියාත්මක වේ. පොලිසියට, හමුදාවට ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ බලතල හිමි වී තිබේ. (දැන්වීමෙන් පසු ලිපිය කියවන්න) මේ වන විට, ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ බොහෝ පිරිස් අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත්, සැඟවී සිටින පුද්ගලයකු යම් විනාශකාරී ක්‍රියාවක් කිරීමට තිබෙන ඉඩ හේතුවෙන් සමාජය ඉතා පරිස්සමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. කෙසේ වෙතත්, දැන් සමාජයක් ලෙස අප වහ වහා කළ යුතුව තිබෙන දෙය වන්නේ සාමාන්‍ය තත්වය නැවත ඇති කිරීමට අවශ්‍ය පියවර අප විසින් ම ගැනීමයි. අප එදිනෙදා කරන වැඩ වැඩි පරිස්සමකින් යුතුව නැවත පටන් ගත යුතු ය. අපට රට වෙනුවෙන් කරන්නට තිබෙන ලොකුම මෙහෙය එයයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත හානියක් සිදු වී ඇති බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තයට ද, ආයෝජක ආකර්ශනයට ද මෙය මරු පහරකි. එහෙත්, ඕනෑ ම...