පෙසප කේතලය ජවිපෙ මුට්ටියට ‘තෝ කළු යැ' කියා අවමන් කිරීම

ලාංකීය රැඩිකල් වම මේ වන විට ආණ්ඩුව හා ඒකාබද්ධ විපක්ෂය අතර ඉතා සරල ලෙස බෙදී යමින් තිබේ.

ඒ වගත් මෙසේ ය: ජවිපෙ ආණ්ඩුව පැත්තට ඇදී යද්දී, ජවිපෙ තරගකරුවා වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වේගයෙන් පොදු ජන පෙරමුණ හරහා රාජපක්ෂ පවුල් මූලික ප්‍රතිගාමිත්වය වෙත ඇදී යමින් තිබේ.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් එකිනෙකාට එල්ල කර ගනු ලබන චෝදනා කිසිවක් මඩ හෝ අවලාද හෝ නො වේ. ඇත්ත ය. මේ නාටකය සමාන වන්නේ කේතලය මුට්ටියට ‘තෝ කළු යැ' කියා අවමන් කළ විගඩමට ය.

ජවිපෙත්, පෙසපත් යන දෙක ම එක හා සමාන ලෙස කළු ය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් මෙම බලවේග දෙක ඉතා පැහැදිලිව ම ලංකාවේ දේශපාලනයේ අධිපති බලවේග සමග නො නිල වශයෙන් සන්ධාන ගත වී හමාර ය.

මෙයින් ඒ ඒ බලවේගවලට දිවි කැප කර සිටින, ඒ පක්ෂ විසින් සමාජවාදය උදා කර දෙනු ඇතැයි රැවටී සිටින ඇදහිලිවන්තයන්ට දුක හිතෙන්නට හා කෙසේ හෝ එය එසේ නොවේ යයි හිත හදා ගන්නට උත්සාහ කරන්නට ඉඩ තිබේ. එහෙත්, අප නම් මෙම ප්‍රවණතාවේ කිසිදු වරදක් දකින්නේ නැත.

ලංකාවේ වම යනු රජයෙන් යැපෙන මධ්‍යම පංතියේ පහළ ස්ථරයේ දේශපාලන බලවේගයි. ඊට අමතරව, රජයෙන් වතුර, පොහොර, බිත්තර වී පමණක් නොව අස්වනු මිළ දී ගැනීම පවා අපේක්ෂා කරන, වී ගොවියන් යයි තමන් හඳුන්වා ගන්නා ග්‍රාමීය දිළින්දන් අතර ද ඔවුන්ට යම් පදනමක් ඇත. විධිමත් අන්දමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන සැබෑ ගොවීන් හෝ කම්කරුවන් අතර වාමාංශිකයන්ට පදනමක් නැත. ඔවුන්ගේ කම්කරු ව්‍යාපාර යයි කියන්නේ රජයේ සේවයේ මධ්‍යම පංතික වෘත්තීය සමිති ය.

එජාප-ශ්‍රීලනිප හෝ රාජපක්ෂවාදී පොදු ජන පෙරමුණ වනාහි මධ්‍යම පංතියේ ප්‍රධාන ධාරාවයි. මෙම පක්ෂවලට ධනේශ්වර හා කම්කරු පන්ති අවශ්‍ය වන්නේ මධ්‍යම පන්තියට සැප දෙන අර්ථ ක්‍රමය පවත්වාගෙන යාමටයි.

මෙම යථාර්ථය තුළ රැඩිකල් වමේ කාර්යය වන්නේ පවත්නා ක්‍රමය රැක ගැනීමයි. පවත්නා ක්‍රමය රැක ගන්නට නම් ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කළ යුතු බව වත්මන් ආණ්ඩුව තේරුම් ගෙන සිටියි. ප්‍රගතිශීලීන්ට තම ක්‍රීඩාව පවත්වාගෙන යාමට පිටියක් නිර්මානය වන්නේ මෙම නිමේෂය තුළ ය. ජවිපෙ මෙම පිටියෙහි ක්‍රීඩාවට පිවිසීම අප අගය කරන්නේ එය ප්‍රගතිශීලීන්ට ප්‍රයෝජනවත් භූමිකාවක් වන බැවිනි.

එහෙත්, පෙසපට එසේ කිරීමට හැකියාවක් නැත. පළමුව ඔවුන් සිය ප්‍රධාන සතුරා වන ජවිපෙට එරෙහිව සිට ගත යුතුව තිබේ. අනෙක් පැත්තෙන්, පවත්නා ක්‍රමයෙහි ව්‍යූහාත්මක වෙනස්කම් සිදු වනවාට ඔවුන් අකැමැති ය. එයට හේතුව ඔවුන් තුළ ගොනු වී සිටින්නේ වඩාත් ගතානුගතික වාම අන්තවාදීන් නිසා ය. ඔවුන් ජවිපෙ සමග ඉතිරි වී තිබෙන බලවේගය තරම්වත් නම්‍යශීලී හෝ නවීන නැත. මෙම නම්‍යශීලිත්වය හා නවීනත්වය සාපේක්ෂ ය. මූලික වශයෙන් ගත් කල ජවිපෙ හෝ පෙසප හෝ කිසි සේත් ම නවීන දේශපාලන ව්‍යාපාර නොවේ.

කෙසේ වෙතත්, මෙම දේශපාලන පක්ෂ දෙකෙන් ජවිපෙ යනු යම් වෙනස් වීමේ විභවයක් ඇති බලවේගයකි. පෙසප යනු පැවැත්මක් ඇති පක්ෂයක් නොවේ. පොදු ජන පෙරමුණ සමග සන්ධානගත වී ජාතිවාදී රැල්ලකින් ජවිපෙ දකුණින් පසු කර ඉස්සර වීමේ සිහිනයක් නම් ඔවුන්ට තිබේ. ඒවා නැවත සැබෑ වන්නේ නැති සිහිනයි. එහෙත්, රෝහණ විජේවීරගේ කතා ශෛලිය කොපි කරන, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය වැනි කැරැලිවලට වෛද්‍ය සිසු බිලිබෝයිලා බිහි කර දෙන තෝතැන්නක් සයිටම් විසින් සකසා දෙනු ඇතැයි අපේක්ෂා කරන, විරුද්ධ මතධාරීන්ට අසූනමයේ කැරැල්ලේදී දුන් දඬුවම් දෙන්නට යළි අවස්ථාව ලැබෙනු ඇතැයි සිතන මෙම අනුකාරකවාදීන්ට තම සිහින සැබෑ නො වන බව තේරෙන්නේ නැත.

කෙසේ වෙතත්, පෙසපට පැවැත්මක් නැති වන්නේ ද නැත. එක පැත්තකින් රාජපක්ෂ බලවේගයට නඩු හබවලින් බේරීම සඳහා ඉක්මණින් ආණ්ඩු පෙරළා ගැනීමට අවශ්‍ය ය. පෙසපට ද ජවිපෙට කෙළවීමට මේ ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය ය. සල්ලි නැති ආණ්ඩු විරෝධී හිඟන්නන්ට පිළිසරණ වන්නට ඇති තරම් සොරකම් කළ මුදල් රාජපක්ෂලාට තිබේ.

අනෙක් පැත්තෙන්, ෆේස්බුක් එකේ කුණුහරුප ලියන යතුරු පුවරු කැරැලිකරුවන්ට හා යුරෝපා රටක දේශපාලන රැකවරණ හරහා පුරවැසිකම දිනාගෙන ජාත්‍යන්තරවාදීන් වූ හෝ එසේ වන්නට සිහින දකින සරණාගත විප්ලවවාදීන්ට ද, කෑම දිරවන්නට පවත්වන සැඳෑ හමුවල කතා පැවැත්වීම පිණිස දෙන්නෙකු එකතු වී අමුතු නම් තිබෙන සංවිධාන පහක් හදා ගන්නා අනන්‍යතා අර්බුදවලින් පෙළෙන නිකමුන්ට ද පෙසප වැනි පක්ෂ ලගින්නට, හුලිජ්ජ කරන්නට සෙවණකි.

ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර විසින් මෙම අවතාර නිවැරදිව තේරුම් ගත යුතුව තිබේ. සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීමේ කාර්යයේදී මොවුන්ගෙන් වුව ගත හැකි ප්‍රයෝජන තිබේ. ප්‍රගතිශීලීන්ට අවශ්‍ය මූලික දේ වන්නේ මෙම ක්‍රමය වෙනස් කිරීමයි. වඩාත් සරලව කිවහොත්, වත්මන් මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුතු සිංහල පිරිමි මූලික දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු ය. ව්‍යවසායකත්වය, ශ්‍රමය හා කාන්තාවන් බලසතු කළ යුතු ය. පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමට උත්ප්‍රේරක සැපයිය යුතු ය. ඒ සඳහා වැඩ කරන ජනතාවගේ දේශපාලන බලය ශක්තිමත් කළ යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ගෝඨාගේ මිග් ඩීල් එක පරාදයි..! අවුරුදු 10 ක් පරණ යුද නැවක් සමග පරණ ජෙට් 6 ක්, හෙලිකොප්ටර් 2 ක්, යුද ටැංකි 33 කින් මහාරාජා සහ ජනාධිපති බෑණා කෝටි දහස් ගණනක ගැහිල්ලක..! යෝජනාව ජනාධිපතිගෙන්.!!

    http://www.lankaenews.com/news/6399/si

    Su30 is an air superiority fighter, which is anything but unnecessary to a country like ours. We don't have adversaries to fight with with air superiority fighters. Why would a small country waste millions on something that has proven to be a 'white elephant', even to military superpowers?

    ReplyDelete
    Replies
    1. මෙම බරපතල චෝදනාව ගැන අගලවත්තේ පී ජයසිංහ මහත්තයා මොකද කියන්නේ?

      Delete
    2. ඔව්ර් ටු යූ අගලවත්තේ පී. ජයසිංහ. අපි නම් නිර්නාමික කමෙන්ට් එතරම් ගණන් ගන්නෙ නැහැ.

      Delete
    3. නිර්නාමික කොමෙන්ට් උනත් එකේ තියෙන්නේ ඔහෙත් කාලයක් වැඩකරපු පරිවර්තන වැඩ කරපු ඊ නිවුස් එකේ නේද? ඒ නිවුස් එක ගැන කියන්න බය ඇති රුපවාහිනී, රේඩියෝ සාකච්චා වලට ආයේ ගිහිං ආණ්ඩුවේ රෙදි අපුල්ලන චාන්ස් එක නැති වෙයි කියලා.

      ලැජ්ජා නැද්ද පැරා අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් හාමුට ඔච්චර කඩේ යන්නේ?

      මේ මොහොතේ පැරා සිටිය යුත්තේ සැබෑ වාමවාදී බලවේගය වන පෙසප සමගයි.

      Delete
  2. ජවිපෙ සහ පෙරටුගමින් පිළිබඳව කර ඇති විග්‍රහය ගැන බෙහෙවින් නිවැරදිය
    sudukukula.blogspot.com

    http://sudukukula.blogspot.com/2017/09/87-89-4.html

    ReplyDelete
  3. ජෙවිපෙන් කොටසක් එලියට බැස්සේ ජෙවිපේ ගමන ජාතිවාදී වූ නිසාය. එනම් පෙරටුගාමින් ජාතිවාදයට විරුද්ධ නිසාය. අජිත් ඒ ගැන නොසලකා, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතිවාදී රාජපක්ෂලා සමග එක්කාසු කිරීම දැඩි ලෙස හෙලා දකිමි. කුමාර සහෝදරයා මේ ගැන හොද පැහැදිලිකිරීමක් පසුගියදා කල අතර, එහි වීඩියෝ පටයට ලින්කුව පහත ඇත.

    https://www.youtube.com/watch?v=3Bfq2si4EDw

    ReplyDelete
  4. වමෙන් ගොඩ වෙන්න බැරිවුණා පැරා දැන්කියනවා මිදී තිත්තයි වැගේ කථා .උඹට හොඳනම් පාට මොකෝ

    ReplyDelete
  5. පැරා කාලයක් වමෙන් මුදුනට එන්න දග දැම්මා. බැලුවා බැලුවා හරිගියේ නෑ. දැන් සැබෑ වම වන පෙරටුගාමී සාමජවාදී පක්ෂයට චෝදනා එල්ල කරනවා. පැරා දන්නේ නෑ පැරා ඉන්නේ අමු නිරුවතින් කියලා, හැබැයි අනුන්ගේ හෙළුව පෙන්නවා අත දික් කරලා. පොඩ්ඩක් ඔලුව පාත් කරලා බලන්න පැරා, ඔහේ ඉන්නේ හෙළුවෙන්.

    ReplyDelete
  6. මේ නම් ඇත්තම කථාවයි.පෙරටුගාමීන්ට අනාගතයක් සාදාගැනීමට ලංකාවේ තබා ලෝක දේශපාලනයේද කිසිදු තැනක ඉඩක් නැත.මාධ්‍යකරුවන්ට යමක් ලිවීමට ඔවුන් විසින් කරනු ලබන උපකාරය හැර වෙනත් දෙයක් අප දකින්නේ නැත.තමන් යන ගමන ගැන නොදන්නා රැළේ යන සිසුන් පිරිසක් සිටියාට එයින් ශක්තියක් ලැබෙන්නේ නැත.නමුත් ජවිපෙට ගම්මට්ටමේ යම් ආකාරයක පැහැදීමක් දක්නට ඇත.ඒ පැහැදීම තවමත් නිවැරදිව කිව නොහැක්කේ අද වනතුරුත් මිනිසුන් බහුතරයක් ජවිපෙ යොදා ගන්නේ ප්‍රධාන පක්ෂ දෙක විවේචනය කරවා ගැනීමට නිසාය.නමුත් ගම්මට්ටමින් පමණක් ප්‍රාෙද්ශීය සභා මැතිවරණයකදී යම් ප්‍රගතියක් ලබාගතහැකි සංඥා නම් පෙනේ. එය ජවිපෙට හොදය.ප්‍රධාන පක්ෂ දෙකේම අයගැන ගම්මට්ටමේ ඇති විවේචන මේ සදහා බලපා ඇත.එය ජවිපෙට හොදය.දෙවන තැන කෙසේ වෙතත් තෙවන තැනට නම් පැමිණිය හැකි ස්වභාවයක් ඇත. ඒ තත්වය ප්‍රා දේශිය සභා මැතිවරණයේදී පමණක් ගතහැකි බව ජවිපෙද දන්නා බව පළාත් සභා සංශෝධන පනතට ඡන්දයදී කරණ ප්‍රකාශ හරහා අපටද අවබෝධ කරගතහැක.එය වරදක් හෝ නරකක් නොවේ. එය හොදය.කෙටියෙන් යමක් කිව හැක. සාම්ප්‍රදායික වමේ ක්‍රමයන් දැන් මේ රටේ රෝපණය කල නොහැක. එනිසා වමක් ගැන කථා නොකර හොරකම වංචාව දූෂණය අවම ක්‍රමයන් සහ භාවිතයන් දෙසට අප යොමුවිය යුතුය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා