රෙද්ද උස්සා වාර්තා තැබූ මෝඩ මනමාල ජෝඩුවක්

ලංකාවේ මිනිසුන්ට ලෝකයේ හෝ ආසියාවේ හෝ දකුණු ආසියාවේ හෝ බැරිනම් ලංකාවේ හෝ පළමු, ලොකුම, දිගම, උසම මෙව්වා එක වෙන්නට තිබෙන්නේ මාර ම උනන්දුවකි.

එහෙත්, ලෝකයේ හොඳම මිනිස් නිර්මාන කිසිවක් ලංකාවේ දැන් හැදෙන්නේ ද යන්න සැක සහිත ය.

ලංකාවේ මිනිසුන් ගුණය අහිමි කර ගනිමින් ප්‍රමාණය විශාල කර ගන්නට දරන උත්සාහය විසින් වත්මන් ලංකාවේ සංස්කෘතික හරය ම ප්‍රකාශයට පත් වේ.

ආගම් අනුව ජීවත් වෙනවා වෙනුවට සිදු වන්නේ මල් කෝටියක්, පහන් අසූ හාරදාහක්, චෛත්‍ය වටා ඔතන සිවුරක්, මළුව වැසෙන තරම් පලතුරු ආදිය පිදීම, කටු ගොඩක් ඇ‍ඟේ ගසා ගැනීම, ඇපල්වලින් තොරන් ගැසීම වැනි විකාර ය.

මෙම මානසිකත්වයේ නවතම ප්‍රකාශනය වන්නේ ලොව දිගම ඔසරිපොට නාඩගමයි. ඒ පිළිබඳ ලංකාදීප පුවත්පතෙහි පළ වී තිබිණි.

ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරින ලද මීටර් 3200ක රෙද්දක් උස්සාගෙන සිටීමේ මෙම විකට ජවනිකාවට ප්‍රවාහනයට බාධා කරමින් මහාමාර්ගය යොදාගෙන ඇති අතර, පාසල් දැරියන් 250කගේ අධ්‍යාපනය කඩාකප්පල් කර රෙද්ද ඉස්සීම සඳහා ඔවුන් යොදවා තිබේ.

ඒ සඳහා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක ද රෙද්ද ඉස්සිල්ලට සහභාගි වී ඇත.

මානසික රෝගීන්ගේ ලෙඩ නිසා කරන මෙවැනි ඇඳගැනිලි වෙනුවෙන් පාසල් දැරියන් 250කගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට වගකිව යුත්තේ කවුරුද යන්න සෙවිය යුතු ය. ගිනස් පොතට යැවිය යුත්තේ සාරි ඇන්ද මෝඩිය නොව අන්න ඒකා ය.

මෙම අවස්ථාවේ ඇති වූ මාර්ග තදබදය නිසා ආර්ථිකයට සිදු වූ හානිය ද, එතැනට ගිය දේශපාලකයන්ගේ වාහනවලට ඉන්ධන, කාර්ය මණ්ඩලවලට වැටුප් හා පොලිසියේ වැටුප් ද, පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට සිදු වූ හානිය ද පියවන්නේ මේ පිස්සු මනමාලිය නො වේ. මේ රටේ මහජනතාවයි.

මෙවැනි මෝඩ වාර්තාවලට ඔබත් හවුල් වෙනවා ද? 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ගිනස් පොතට මෝඩම වාර්තා දී ඇත්තේ ලංකාව වෙන්න ඇති
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. Guinness Book itself is a joke I guess to accept anything like this with greater inconvenience to others....

      Delete
  2. උසම එක, ලොකුම එක, දිගම එක අපේ/මගේ කරගන්න නම් ලංකාවෙ මිනිස්සු මාරම ආසාවක් තියෙන්නෙ. මතකනෙ අර බෞද්ධ ආගමික අහවල් එකකට වඩා උසට මුස්ලිම් ආගමික අහවල් එකක් හදන්න යනවා කියල ඇති වුන කලබගෑනිය. පිස්සු පීකුදු තමා ඉතින්

    ReplyDelete
    Replies
    1. ++++
      අපිට වඩා ලොකු ජාතියක් කොහොවත් නැහැ ඩෝ.ඒ නිසා හැමදේම ලොකුඌඌඌඌඌවට තියෙන්න ඕනෑ.....:D

      Delete
  3. අපි තෙල් බවුසර් ගනන් පුච්චා පහන් පත්තු කරමු
    කළු දුමාරය කාබන් ඩයොක්සයිඩ් වාතයට මුසු කරමු
    පහන් දහස් ගනන් දල්වා ගංගා වල පා කර ජලය මුඞු කරමු
    අපි මල් ලක්‍ෂ ගනන් කඩා අසූහාරදාහේ පින්කම් කරමු
    සමනලයන් ගේ මී මැස්සන් ගේ ආහාර දාමය කඩමු
    මේ ඔක්කොම විසූක දස්සන කරලා කරලා නිවන් පතමු

    ReplyDelete
    Replies
    1. හරි අපි එහෙම කරමු එකට අපිට අයිතියක් තියනවා අපි මොනවිදිහකට හරි ලන්කාවට බදු ගෙවනවා ඔහෙලා මොනවද කරන්නේ
      පිස්සෝ ඉන්නේ දත නියවන්න විතරයි

      Delete
    2. අපි තාර වැලි (tar sand) වලින් තෙල් සදා ලෝකයයටම ඔක්සිජන් දෙමු
      යුකෝන් වල රත්තරං නිස්සරණය කරන්න ගත්තු 'සයනයිඩ්' ගංගා වලට දමා ජලය පිරිසිදු කර දෙමු.
      ඒ විතරක්ද එකක් පස්සේ එකක් බොහොම නැවතිල්ලේ යන මං තීරු 12-14 මාර්ග (highway 401 වැනි) වලින් තවත් ඔක්සිජන් දෙමු.
      තිරිඟු වලට නියෝනිකොටිනොයිඩ් ගසා මී මැස්සන් ගහනය වර්ධනය කර දෙමු.

      Trans Sylvania ඔබ ඉන්නේ කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ නේද?

      Delete
  4. දැන්එතකොට බැසිල්ල සාරි බෙදපුවට වඩාමේව අපරාධ.අනේ හුකෙ.

    ReplyDelete
  5. මගුල් දවසේ රෙද්ද ඉස්සීම, ගැලවීම හරිම සංකේතාත්මක යි නේද මෙයා?

    ReplyDelete
    Replies
    1. මේවා ඇහුවත් ඔයාට හරි ජොලි වගේ වගේ නේද

      Delete
  6. මනමාලයාට තනියම උස්සා ගැනීමට බැරිවූ මනමාලියගේ රෙද්ද ඉස්සීමට ආණ්ඩුකාරයාටද නොහැකි වූ අතර අවසානයේ ඒ ස්‍දහා පාසල් ළමුන් 250ක්ද අවභාවිතා කරන ලදි

    ReplyDelete
  7. මොකටද කලබල වෙන්නේ නිතියෙනුත් මුන්ට ආරක්ෂාව දෙනකොට මේවගේ දෙයක් මහපාරේ කරන්න
    මේ මහපාරේ දී මනාලියගේ G සපෝට් එක මෙ වෙලාවේ කොයි අකාරයකට සුරන්තයකට පත්වෙලා ඉස්ම යන්න ඇතිද

    ReplyDelete
  8. කුහක වෙන්න එපා නාකියො

    ReplyDelete
  9. මේ ප්‍රවෘත්තිය දැක්ක ගමන් මටත් හිතුනේ ඕකම තමයි.
    මොන යකාගේ පුළුවන් කාර කමකටද මේවගේ බහු භූත වැඩකට පාසැල් දැරියන් යොදා ගත්තේ.
    දිගම සාරි පොට ඇන්ද කියල රටට ලැබෙන කෙංගෙඩියක් තියෙනවද.

    ලෝකෙට යන්න සුදුසු නිර්මාණ කරන මහා ප්‍රඥයෝ ලංකාවෙ ඉන්නව. උන්ගෙන් බහුතරයක් ලාබාල කොල්ලො කෙල්ලෝ. උන්ව කිසි එකෙක් හඳුනා ගන්නෙවත් නෑ

    ReplyDelete
  10. බංකු බංකුSeptember 22, 2017 at 8:59 AM

    ගිනස් නෙ බං ! නුවර නෙ බං! යහ පාලනේ බං !

    ReplyDelete
    Replies
    1. ඔව් බන් සුද්දා ගල විද්ද නිසා කොළඹ අපු එවුන් බන් උන්. සුද්දා ගල විද්දේ නැතිනම් තවම උන් ගල උඩ රෙනවා

      Delete
    2. මේකා හීං එකා සන්දියේ නුවර ආවලු... මහන්සි නිවන්ද වැවු බැම්මේ ඉදගෙන ඉන්නකොට කපුටෙක් කාක් කියල. මේකා උඩ බලද්දිම කපුටා වසුරු පිඩක් හෙලලා.... කෙලින්ම මුගේ කටේ...නුවරදී ඒක ගිලුණු අවුල නාකි වෙලත් ඔය තියන්නේ...

      Delete
  11. We don't need to surprise friends. If something happen like that we know that it's from Sri Lanka. Listen to the voice cut of principle, how fool he is. He said historic moment.

    ReplyDelete
  12. උස්සලා ලංකාවට කීර්තියක් ගෙනෙන්න හදන්නේ, රෙද්ද... පැරාලා වගේ පසුගාමී ගෝත්‍රිකවාදී සිරි ලාංකිකයින්ට මේවා තේරෙන්නේ නෑ හිටං!

    ReplyDelete
  13. විදුහල්පතිට හා මහ ඇමති ට විරුද්ධව නීතිය මගින් දඩුවම් කල යුතුය.

    ReplyDelete
  14. me manamala joduwata loku political balayak eth sure ekatama

    ReplyDelete
  15. අපි හිතමු සාරි රෙදි මීටරයක් රුපියල් 300 ක් කියල, මීටර 3200 කට රුපියල් 960000 , ඒ අඩුම මිල සාමාන්‍යයෙන් වටිනා සාරියක රෙදි මීටරයක් රුපියල් 1000 කට වැඩියි. එහෙම උනොත් ලක්ෂ තිස් දෙකක්. නරකම නැහැ මෝඩකම. ඉස්සර ඔය වගේ කට්ටිය මතුගම ඕවිටිගල පැත්තෙ හිටිය නේද? පැරා නම් ඉතින් මතුගම උනාට නෑබඩ නෙ.

    ReplyDelete
  16. පෙරේදා 2/3 න් 20 සංසෝදනය කලානේ,දැන් ඊයේ ඉදලා මහ ඇමතිලට මහ පාරේ ගෑනුන්ගෙ රෙද්ද උස්සන්නත් බලතල තියනවා.

    ඔන්න ඕකයි රටේ තත්වෙ .. අපේ හාදුරුනේ

    ReplyDelete
  17. "ප්‍ර‍සිද්දියෙ මහ පාරේ ගැනුන්ගෙ දිගම රෙද්ද උස්සපු මහ අමැටියා" ඒකත් ගිනස් යන්න පුලුවන් සීන්කෝන් එකක්.
    යහපාලනේ වැඩක් නම් ඉතින් ගිනස් තමයි!

    ReplyDelete
  18. මේ වගේ එලොවටත් මෙලොවටත් හරයක් නැති වැඩ කරන මිනිස්සු ඉන්නවද කියන එකත් පුදුමයි.

    ReplyDelete
  19. මේ වගේ එලොවටත් මෙලොවටත් හරයක් නැති වැඩ කරන මිනිස්සු ඉන්නවද කියන එකත් පුදුමයි.

    ReplyDelete
  20. ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකූම අකටයුතුකම වගේ හරියට! ඇයි ලංකාවේ මිනිස්සු මෙවැනි සුළු දේකට පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්නෙ? අයි අනුන්ගේ සතුටට මෙතරම් ඊර්ෂ්‍යා කරන්නේ? ඒ දරුවනුත් දෙමව්පියනුත් ගුරුවරුත් කැමැත්තෙන් ඉදිරිපත් වුනානම් කාටවත් සිදුවූ පාඩුව මොකක්ද? මිනිස්සුන්ට තමන්ගේ අහිංසක ආසාවක්වත් ඉෂ්ට කරගන්න බෑ. ගල් මුල් විවේචන කෙළවරක් නෑ. අනුන් විවේචනය ලේ වලටම කාවැදිල. තමන්ගෙ අඩුපාඩු, ප්‍රශ්න අමතක කරගන්න අනුන්ව විවේචනය කරලා කුණු ගදගහන සතුටක් ලබන එක පුරුද්දක් වෙලා. ඇයි මිනිසුනේ උබල මෙහෙම?

    ReplyDelete
  21. පුංචි දරුවන් පාන්දර 2 ඉඳලා රස්තියාදු කරපු එක නම් ගිනස් පොතට යන්නම වටිනා දෙයක් තමයි. මේ වගේ ගොබ්බ වැඩ කරලා මුලු රටෙන්ම බැනුම් අහලා තමන්ගේ විවාහ ජීවිතේ පටන් ගත්තු මේ ජෝඩුවට දෙවියන්ගේම පිහිටයි.

    ReplyDelete
  22. සුළු දියවඩන නිලමේSeptember 22, 2017 at 4:32 PM

    //රෙද්ද උස්සා වාර්තා තැබූ මෝඩ මනමාල ජෝඩුවක්// කැත කතා කියන්න එපා යකෝ.
    අපේ කම ඉහලට ඔසවපු විශේෂ අවස්ථාවක් මේක .නුවර අපි රෙද්ද උස්සලා හරි ඉන්දියාව පැරද්දුවා යකෝ. ලංකාවේ ක්‍රිකට් ඉන්දියාවට කූජීත පජාත වෙලා සිටි මොහොතේ අපේ මහ ඇමති සරත් ඒකනයක මැතිතුමාගෙ "ඉන්දින් සාගර කලාපයේ විශිෂ්ඨම පලාත් සභාව" සංකල්පය යටතේ ගැටඹෙට ගැනියෙක් ගෙනාවා ..රෙද්ද ඉස්සුවා ඉන්දියාව පැරද්දුවා.මතුගම උඹලට හිනෙන්වත් මෙහෙම සංකල්ප පෙනනවද? ඊරිසියාකාරයෝ තුං නොද..කින්.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් සුද්දා ගල විද්ද නිසා කොළඹ අපු එවුන් බන් උඹලා උන්. සුද්දා ගල විද්දේ නැතිනම් තවම උඹලා ගල උඩ රෙනවා

      Delete
  23. හරි පැරකුම් එහෙනම් මේවගේ ඒවා නවත්තලා පෙන්වන්නකෝ . උන්ට කැමතිනම් ,ළමයි කැමතිනම්, ගුරා කැමතිනම් ,අනික සල්ලි තියනවනම් මොනා කලත් කාටත් මොකෝ

    ReplyDelete
  24. Ayi api vesak ekata denne Mahaaa bath dansela,Mahaa ice-cream dansela, Mahaa pahan kuudu rajaya.

    ReplyDelete
  25. as general public why cant we sue them, if we take the initiative some good lawyers may appear free of charge we should stop this kind of foolishness anyhow.

    ReplyDelete
  26. prathipatthi garuka minisun aduweema me sama dekatama hethuwak. e manamala joduwath sahabagee wu hamomath waradak dakapu nathi eka ape minusunge manasikathwaya kadimata pennum karanawa.deshapalakayange passen wateegena inna hati balanna.ane manda noogathkama raja karana kalayak..

    ReplyDelete
  27. මහ පාරේ රෙද්ද උස්සපු මගුල පැවැත්වු ගැටඹේට ආසන්න පාසැල් වල කුඩා දැරියන්(මහාමායා/හයිස්කූල්/සීතාදේවී) යොදා නොගෙන මහනුවරින් පිට දුෂ්කර පාසැලක් වන අලවතුගොඩ කනිශ්ඨයේ කුඩා පාසැල් දැරියන් මේ මඟුලට යොදාගත්තේ උන් දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො නිසයි.
    අනිවාර්යෙන්ම අලවතුගොඩ කනිශ්ඨයේ ප්‍රින්සිපල් මහ ඇමතිගෙ පන්දමෙක්.ගුරුවරු ,දෙමව්පියන් සහ දරුවන් අසරනයි.

    ReplyDelete
  28. Alwathugoda Sarath Ekanayake Primary School

    ReplyDelete
  29. මහජන මුදල් අවභාවිතා කර සිල් රෙදි බෙදපු එක ගීනස් පොතට යන්නේ නැද්ද?
    හරක් ඒකනායක- ලස්සන යෙදුමක්.

    ReplyDelete
  30. හරි මේක ගොන් වැඩක් කියලා කියමුකෝ, පාසල් දරුවන්ගෙ ඉගෙනුම කඩා කප්පල් උන එක ගැන, පාරවල් වල වාහන තදබදය ගැන ගොඩාක් හිතල තියෙනවා, රටේ කතා කරන්න ගොඩක් ප්‍රශ්න තියාගෙන, ඒව ඇති කරන හරක්ට කඩේ ගිහින් හරි, උන්ට බයේ හරි ඒව ගැන එක වචනයක් කතා නොකර තමන්ගෙ page එකට views ගන්න හිතාගෙන සතුටින් ඉදිරි අනාගතයට පියනගන්න යන මනාල යුවලක් අපහසුතාවට පත් කරලා, මෝඩ හරක් වගේ සතුටු වෙයව් තොපි, මේක වෙලා ඉවරයි, මේක කතා කරා කියලා අයේ හදන්න දේකුත් නෑ, මීට වඩා අද පාලකයෝ ලෝක ප්‍රසිද්ධ වෙන්න කරන හරක් වැඩ නිසා අපි විදෙව්වා, ඉස්සරහටත් එහෙමයි, ඒ වගේ සමාජ ප්‍රශ්නයක් කතා කරපියව්, බැරිනම් නැට්ට පුකේ ගහගෙන නිකම් ඉදපියව්, රටට ලෝකෙට විහිලු සපයන්නෙ නැතුව..

    ReplyDelete
    Replies
    1. දැන් ඔබ කියන විදිහට අපි ලංකාවේ සිද්ධ වුන අකටයුතුකම් ඔක්කොම ලිස්ට් එකක් හදලා වැරැද්දේ ප්‍රමාණයට ඕඩර් එක හදලා ලොකුම එකේ ඉඳලා විරුද්ධ වෙන්න ඕනෙද... ලොකු ඒවා ඉවර කරනකම් පොඩි ඒවට අත තියන්න බෑ...

      Delete
  31. ගොන් ආතල් තමා.. උදේ 2 ට පාසැල් ලමයි ඇහෑරවගෙන පස්සෙ පැත්තෙ අමාරුව තියන අම්මලා තාත්තලා ළමයි එක්ක ආවලු. බඩගින්නෙ අව්වෙ කරවෙවී ඈනුම් අරිමින් ඒ ලමයි හිටපු හැටි මාද්‍ය යෙන් දකින්න ඇති. ඇමතිලා පොලිස් ලොක්කො ඔක්කොම වාඩිවෙලා සිරි නරඹන කොට හිතුනෙ නැත්ද දන්නෑ මේකත් ළමා අපයෝජනය ක් කියලා. ළමා ආරක්ශක දෙපාර්තමේන්තුව නිදිද එහි වදිනවද කියලා හිතෙනවා....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා