W3Lanka බ්ලොගයේ පනස් ලක්ෂයේ කඩඉම

ලිලී ගිමාරා ජීරසිංහ, යක්කලමුල්ල 

හේතුවෙන් නැන්දම්මාගෙ මළගම
හිටියෙ මම ගෙදරින් බොහෝ දුර
සතියෙ මැද මා වැඩට ආවත්
හිටියෙ කන්තෝරුවෙ නෙමෙයි මම

එහෙත් ජංගම දුරකථනයෙන්
බ්ලොග් එකත් අප්ඩේට් කෙරුවා
ඒකෙ ජංගම ස්වරූපය තුළ
අනේ හිට් කවුන්ටරය නැතුවා

හිට් කවුන්ටර් එකේ මිලියන
පහක් සලකුණු වන්න තිබුණා
ගෙදර ඇවිදින් අද බලන විට
එය පසුව හත් දහක් ගෙවිලා

හිතා හිටියත් ඒ නිමිත්තෙන්
අලුත් කලඑළියක් ගෙනෙන්නට
නික්ම ගිය හදිසියේ අම්මේ
අපට මොන සතුටක් ද සිත් තුළ

බ්ලොග් නො ලිව්වත් නොම කියෙව්වත්
පරිගණකයක් අත නො ගෑවත්
නැන්දම්මෙ ඔබ, ඔබේ දුව දුන්
ආදරෙන් මගෙ අකුරු හැඩ විය

ඒ නිසා මේ පනස් ලක්ෂයෙ
කඩඉමේ මේ බ්ලොගය අද දින
ඔබෙ නමින් පුද දෙනු හැරෙන්නට
වෙනත් යහපත් දෙයක් මට නැත

අජිත් පැරකුම් ජයසිංහ


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. උණුසුම් සුබ පැතුම් පිළිගන්වමි. බුදුන්වහන්සේ අවුරුදු 6 ක් දුෂ්කර ක්‍රියා කළ නමුත් ඔබ හිට් 50 ලක්ෂයක් ලබා ගැනීම සඳහා එයටත් වඩා වසර ගණනක් දුෂ්කර ක්‍රියා කර තිබේ.ජර්මනියේ මැතිවරණයක ප්‍රතිඵල අසමින් පරදින විට දුකටත් දිනන විට සතුටටත් මාක්ස් සහ එංගල්ස් බීර බිව් බව සඳහන් වේ . එබැවින් නැන්දම්මාගේ අභාවයේ දුක තුනී කර ගැනීමටත් පනස් ලක්ෂයේ ජයග්‍රහණය සැමරීමටත් බියර් බෝතල් කීපයක් හිස් කිරීමට සුදුසුය.

    ReplyDelete
  2. මොනවා කරන්න්නද ආවනම් යන්න ඕනේ යන වෙලාව හරි නැති එකයි අවුල

    ReplyDelete
  3. The first SL blogger to reach the landmark, Congrats

    ReplyDelete
  4. සුබම සුබ, සුබ පැතුම්

    ReplyDelete
  5. පට්ට වැඩක් පැරා දැන් ඉතින් අනික් බ්ලොග් ලියන මන් පොර කට්ටිය මොන කුණු හරුප හරි ලියලා ඔය තත්වෙට එන්න බලයි බලාගෙන ඉමු

    ReplyDelete
  6. මම හිතන්නේ ලක්ෂ 50 ක් කියන්නේ සිංහල බ්ලොග් එකක (වැල සයිට් නොවන) වැඩිම පේජ් විවුස් ගණන වෙන්න ඇති.
    සුභ පැතුම්.

    ReplyDelete
  7. සුබ පැතුම්!!!

    ReplyDelete
  8. ඇනොකොන්ඩම්September 24, 2017 at 6:36 PM

    පැරා උඹත් ගිනස් රැකෝඩ් තියන තචත් එක් ග්‍රේස්ට ලාංකිකයෙක් ‍වේවායි සුබ පතමු ! රැකෝඩ් දවසට රෙද්ද උස්සන්න එකෙන්ම අපි මතුගම.

    ReplyDelete
  9. Congrats uncle para..

    ReplyDelete
  10. පැරා උඹ තමයි මම ආදරයම කරන බ්ලොග් කරුවා

    මොන රෙද්ද ආවත් උඹ මේක අත් ඇරියේ නෑ..

    උඹ අපි වගේ පොඩි උන්ට මාර ආදර්ශයක්....

    ReplyDelete
  11. සුභ පැතුම් ඔබට ....
    අපේ ජීවිතයට අලුත් අදහස් එක් කලාට ....
    අලුත් වටිනාකම් කියා දුන්නාට ....

    ReplyDelete
  12. නැන්දම්මට සුභ ගමන් නැන්දම්මේ. මේ වගේ පුතෙක් ලැබීමත් දුක කරදර මැද ඔවුන්ට ශක්තියක් වීමත් ඔබ දුන් ලොකුම දායාදය.
    උණුසුම් සුභ පැතුම් 50++++++ පැරා

    ReplyDelete
  13. එළ, එළ පැරා.
    සුබ පැතුම්........!!!

    ReplyDelete
  14. අපේ හෘදයාංගම උණුසුම් සුබ පැතුම් පිළි ගන්වමු.

    ReplyDelete
  15. +++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  16. හදවතින්ම සුබපතනව.

    ReplyDelete
  17. සුභ පැතුම් පැරා......

    ReplyDelete
  18. සුබපැතුම් පැරා!

    ReplyDelete
  19. සුබ පැතුම් පැරා!

    (මෙච්චර පාඨක බේස් එකක් ඉන්න එකේ, පැරාගේ නෑනේ කිසිම වෙලඳ මෙව්ව එකක්. ලුහුඬු දැන්වීමවත් දාන්න පටන් ගමු! ලහිපිට වගේ එකක් කොහොමද? පට් පට් ගාලා ඉන්කම්!)

    - Dimithri

    ReplyDelete
  20. ජයම ෙව්වා පැරා හපුෙවා් උඹට!!!!!

    ReplyDelete
  21. සුබපැතුම් පැරා ! නැන්දම්මාට නිවන්සුව පතමි !!

    ReplyDelete
  22. සුභ පැතුම් මහත්මයා !!
    - Sam -

    ReplyDelete
  23. As you said at when you reach to 4.5 million, Dont stop your writing even after 5 Million . Even we didnt commented for all, reading each and every ..
    And waiting for writing at every day .
    -Sam-

    ReplyDelete
  24. සුභ පැතුම් !!!!
    කීප් අප් ද ගුඩ් වර්ක් !!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා