සුහුරු කෘෂිකර්මාන්තයේ යුගයක වී වපුරා අපෙන් පෝර ඉල්ලන ගොයියෝ
අජිත් පැරකුම් ජයසිංහ ආහාර නිෂ්පාදනයෙදි කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ඉතා වැදගත්. එම ක්ෂේත්‍රවල සාකච්ඡා කළ යුතු නවීන විෂයයන් වන්නේ, තිරසාර කෘෂිකර්මාන්තය, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව, ඩිජිටල් තාක්‍ෂණය සහ නවෝත්පාදනය, ආර්ථික ශක්‍යතාව, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, හානි සහ නාස්තිය අවම කිරීම සහ ජෛව විවිධත්ව සංරක්ෂණය වැනි විෂයන් පිළිබඳවයි. දියුණු කෘෂිකර්මාන්තයක් ඇති රටවල සාකච්ඡා කරන්නේ නිරවද්‍ය (precision) කෘෂිකර්මය, පෝෂක කළමනාකරණය, බෝග විවිධාංගීකරණය, පස හා ජලය සංරක්ෂණය කරමින් ඵලදායිතාව ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය, ආදාන භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පසු අස්වනු හානි අවම කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ප්‍රතිලාභ ඉහළ නැංවීම සඳහා අගය එකතු කළ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ද එතනට පැමිණිය යුතුය. එහෙත්, ලංකාවේ සිදුවන්නේ වෙනත් දෙයකි. අන්න වී ගොවීන් කුඹුරු වපුරා පොහොර දියව් කියා ජනමාධ්‍යවලින් බදු ගෙවන ජනතාවට අණ කරනු පෙනේ. සරල ප්‍රශ්නයක් ඇත. පොහොර ගසන්නට සල්ලි නැතුව වී වැපුරුවේ ඇයි? දැන් මෙය කොතරම් කලක් තිස්සේ සිදු වෙනවාද? සියවසක් පමණ තිස්සේ මහ