ළමයින් 40,000ක් පාසල් නොගොස් ළමා ශ්‍ර‍මයේ

අද ළමා ශ්‍ර‍මයට එරෙහි ජාත්‍යන්තර දිනයයි. මෙම දිනය සෑම වසරක ම ජුනි 12 දාට යෙදේ. මෙම වසරේ තේමාව වන්නේ ‘ළමයින් වැඩ කළ යුත්තේ සිහින සැබෑ කරගැනීමට මිස වැඩබිම්වල නොවේ’ යන්නයි.
Sinhala Tamil English Translations and Content Writing
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් ළමයින් ලෙස සැලකේ. මේ වන විට ශ්‍රී ලංකාවේ වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වේ. ඒ අනුව, වයස අවුරුදු 18 දක්වා ම ළමයින් සිටිය යුත්තේ පාසල්වල ය. එහෙත්, පාසල් අධ්‍යාපනය අනිවාර්ය වයස අවුරුදු 14කි.
එහෙත්, ශ්‍රී ලංකාවේ මිලියන හතරක් වන පාසල් වියේ ළමයින් අතරින් 1%ක් හෙවත් 40,000ක් පාසල් නොගොස් ළමා ශ්‍ර‍මිකයන් ලෙස රැකියා කරති. ළමා ශ්‍ර‍මයේ යෙදෙන බහුතරයක් දෙනා පිරිමි ළමයින් ය. ඉදිකිරීම් කර්මාන්තය, ගරාජ්, සංචාරක කර්මාන්තය, ප්‍ර‍වාහනය, තේ කඩ, ආපනශාලා, පොළවල් වැනි සුළු වෙළඳ ස්ථාන, සත්කාරක සේවා ආදියෙහි ළමයි අඩු වැටුපට රැකියා කරති. මේ ඇතැම් රැකියා ජීවිත අවදානම් සහිත ය. ළමයින් සුළු පිරිසක් සිඟාකෑමේ ද යෙදී සිටිති.
වයස අවුරුදු 14 සිට රැකියාවල යෙදීමේ හැකියාව ශ්‍රී ලංකාවේ නීති අනුව තිබේ. එහෙත්, වෘත්තීය සමිතියකට බැඳිය හැක්කේ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ අයට පමණි. ළමා ශ්‍ර‍මය සම්බන්ධ ප්‍ර‍තිපත්තිමය පරස්පරතා රැසක් ඇති බව ඉහත කරුණුවලින් පෙනේ.
ග්‍රාමීය පාසල් හා පිරිවෙන් ආදියෙහි සනීපාරක්ෂක කම්කරුවන්ගෙන් හා උද්‍යාන කම්කරුවන්ගෙන් කරවාගතයුතු කාර්යයන් ළමයින්ගෙන් ඉටු කරගන්නා අතර එය ළමයින්ගේ අධ්‍යාපනයට බලපායි. ඒ පිළිබඳ තවමත් කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු වී ඇති බවක් නොපෙනේ.
ළමා ශ්‍ර‍මය සඳහා යම් ඉඩක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අර්ථ නිරූපණ අනුව ම සැපයේ. නිදසුනක් ලෙස, අවදානම් නොවන පවුලේ කටයුතුවල ළමයකුට වයස අනුව යෙදිය හැකි පැය ගණන ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් දක්වා තිබේ. මෙම ලේඛනය බලන්න >>
ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අරමුණු අනුව යමින් වසර 2022 වන විට ළමා ශ්‍ර‍මය පිටුදැකීමට පියවර ගෙන තිබේ. එහි ගෝලීය ඉලක්කය සපිරීමට නියමිත වසර 2025දී ය.
(Photo Credit: www.ips.lk)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා