දොස්තරලා වර්ජනය කල් දැම්මේ ඇයි?

හෙට සිට දොස්තරලා නැවතත් වර්ජනය කරන්නට තීරණය කර තිබිණි. මෙය ලියාගෙන යන අතර ලැබුණු පුවතකින් කියැවුණේ එම වර්ජනය සතියකින් කල් දමා ඇති බවයි.

සම්ප්‍ර‍දායික වාමාංශිකයන් හා වෘත්තීය සමිතිකාරයන් මෙවැනි වර්ජන සම්බන්ධයෙන් දක්වන ආකල්පය වන්නේ මහජනතාවට සිදු වන අපහසුතාවට රජය වගකිව යුතු බව හා මහජනතාව වර්ජකයන්ගේ ප්‍ර‍ශ්න විසඳා දෙන ලෙස රජයට බල කළ යුතු බව ය.

මෙම වාමාංශික රාජ්‍ය විරෝධී ආකල්පය කොයි තරම් දුර දිග ගොස් තිබේ ද යත්, සාමාන්‍යයෙන් ත්‍ර‍ස්තවාදීන් පවා කියන්නේ තමන් ප්‍ර‍සිද්ධ ස්ථානවල පුපුරුවා හරින බෝම්බවලින් විනාශ වන ජීවිතවලට වගකිව යුත්තේ රජය බවයි. බෝම්බ ප්‍ර‍හාරවලින් ජීවිත ආරක්ෂා කර ගන්නට නම් මහජනතාව ත්‍ර‍ස්තවාදීන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස රජයට බල කළ යුතු බව ඔවුන්ගේ තර්කයයි.

ළමයකු ප්‍රාණ ඇපයට ගෙන දෙමව්පියන්ගෙන් කප්පමක් ඉල්ලා සිටින පුද්ගලයකු වුව කරන්නේ එය ම ය.

මෙම සටන් උපායමාර්ගය දැන් යල්පැන ගොස් හමාර ය. මූලිකව ම, මහජනතාව අපහසුතාවට පත් කර ඉල්ලීම් දිනා ගැනීම සඳහා මහජන සහයෝගය ලබා ගත නො හැකි ය. ලොව කිසිදු ත්‍ර‍ස්තවාදියකුට, දේශපාලන ව්‍යාපාරයකට, වෘත්තීය සමිතියකට එසේ ඉල්ලීම් දිනා ගැනීමට මෑත ඉතිහාසයේ නම් හැකි වී නැත.

එපමණක් නොව, එසේ ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ කළ අයට අවසානයේදී අත් වුණේ විනාශයයි.

සයිටම් පමණක් වසාගන්නට උවමනා වී සිටින දොස්තරලා මෙය හොඳින් තේරුම් ගත යුතු ය. සතියක් කල්පනා කර තීරණයක් ගන්න. නැතිනම් සාකච්ඡා කර සම්මුතියකට එළඹෙන්න. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සයිතම් එකේ වෛද්‍ය පිඨය හැර ඉංජිනේරු ආදී වෙනත් පාඨමාලාද තිබේ. වෛද්‍ය පිඨය පමනක් රජයට පවරාගන්න කියන්ේන් හරියට කාර්ගිල්ස් එකේ මස් විකුණන කැල්ල පමනක් රජයට ගන්න කියනවා වගේ දෙයක් නේද ? වහනවා නම් අයිතිකරුට වන්දිගෙවා මුළු සයිතම් එකටම කරන දෙයක් කලයුතුයි නේද?

    ReplyDelete
  2. මොන පිස්සුද පැරකුම්
    දොස්තරවරු හොඳ බක්තිමත් ආගම ධර්මයට හිස නවන පුද්ගලයින්. කාදිනල් තුමාගේ ඉල්ලීම ට කන්දුන්නා සතියකට් කල්දම්මා . ඉලග සතියේ මල්වත්තෙන්, ඊටපස්සේ අස්ගිරියෙන්, ඊටත් පස්සේ කලි අම්මා කෝවිලේ පුලේලෙයාර්ගෙන් ,ඉටත්පස්සේ දෙවටගහ පල්ලියේ ලේබ්බෙගෙන් ඉල්ලීම් වලට කන්දීලා මේක සම්පුර්නයේම අනාගෙන අකුලා ගනී

    ReplyDelete
    Replies
    1. අපේ රටෙි විතරක් නෙමෙයි ලොිකය පුරාම බෝ කරපු වසංගතයක් හැම දේටම මිළක් නියම කිරිම .ලිබරල් ධනවාදයක් පිලිගත්තු ඒ වුනාට මෙි කාරිතුවෙි ඒ කතාවෙන් එළියට ඇවිත් අධ්‍යාපනය ,සෞඛ්‍යයත් විකුනා දමන කථාවට මෙි හැමෝම ආවා.ලංකාවෙ චන්දිකාල,ජවිපෙ,වගේම පැරකුමිලත් එතනට ආවා.ඒක එහෙම තමයි.මොකද ලෝකයේ වෙන දේ කියල මෛ් ගොල්ලො අපට කියන්නෙ පරන කතාව .දැන් ඇරඹිලා තියෙන්නෙ නැවත අයිතින් උදෙසා සටන් කරන වකවානුවක්.එතනදි සයිටමි එකෙන් ප්‍රශ්ණය සමාජයට ගෙනාපු එක නිවැරදියි.දමිවැලේ දුර්වලම තැනින් කැඩිම .එතැන් සිට ඉදිරිය බලමු.




      Delete
    2. AnonymousJuly 5, 2017 at 6:42 AM

      අධ්‍යාපනේ කොරන්නත් ජීවත් වෙන්න එපයි ලොක්කෝ. ප්‍රයිවට් හොස්පිටල් එකේ විකිනෙන්නේ ජීවත් වීමේ අයිතිය නේ. හැබැයි වැරදිලාවත් ඉතින් දොස්තරලත් එක්ක එකතුවෙලා එතනින් ඔය දම්වැලේ ප්‍රයිවට් හොස්පිටල් පුරුක එහෙම කඩන්න එහෙම යනවා නෙවෙයි. දම්වැල් කොහොම වුනත් ගුටිකන මුණා වගේ දොස්තරලා කඩයි ඔහේගේ අතපය 4ම. දම්වැලේ ප්‍රයිවට් හොස්පිටල් පුරුක එහෙම කඩන්න කතාකලොත් දොස්තරලා ඔහෙට දෙන්නේ රිඹ යන්න.

      Delete
  3. සමන්ත විද්‍යාරත්න උමා ඔය සටනත් මේ විදියටම කැඳ හැලියක් කරනවා.

    ReplyDelete
    Replies
    1. සමන්ත ගෙයක් පෙන්නන්න එක්කගෙන ගිහින් ඇමති සහ නිලධාරියෝ ගෙදර හිර කරගෙන කරපු විකාරෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි ජවිපෙ තවම ඉන්නේ 71/89 හිටපු තැනම බව. ජවිපෙ වෙනස්වෙලා නෑ. ජවිපෙ බලයක් දරන්න පුළුවන් තරමට ශිෂ්ට සමාජෙට ඇතුලත් වෙලා නෑ තවම. ජවිපෙට ආයේ බලයක් ලැබුනත් කරන්නේ බෙල්ල කපල වැටේ ගහල යන එක තමයි.

      Delete
    2. සමන්ත විද්‍යාරත්න නිසා උමා ඔය සෙට්එක අනාථයී.
      නාමල් කරුනාරත්න නිසා වගා හානී වු ගොවියො අනාථයී .(අමුඩ විප්ලවය)
      කූමාර් ගුනරත්නම් (පෙසප,අන්තරේ) නිසා වි.වි සිසුන් සහ GMOA අනාථයී.
      උඳුල් ප්‍රේමරත්න නිසා බට්ටිල වැනි සමාජ පංතිය පිනට නඩු කියන්න ගොස් අනාථය.(හිටපු අන්තරේ කැදවුම්කරු)

      දැනට ඉන්න හෝ හිටපු ජේවීපිකාරයෙක් යම් සමාජ ගැටළුවකට පටලව ගත්තොත් එම අර්බුදයට ලක්වූවන්ට සොරිම තමා.කැමරාවට ප්‍ර‍ශ්න විසදන ප්‍ර‍දාන පක්ෂ(රනිල් සහ රාජපක්ෂ) සමග ඩීල් දාන සුපිරි වන් ෂොට්ල පිරිසක්.කිසිදු දේශපාලන වැඩ පිලිවෙලක් නැති අවස්තාවාදී මොබ් වීරයෝ.

      තමන්ට ලැබෙන්න තියෙන සහන හෝ වන්දී අඩුකරගැනීමට අවශ්‍යනම් දැනට ඉන්න හෝ හිටපු ජේවීපිකාරයෙක් වැඩේට සෙට්කරගන්න.සුවර් බඩුම තමා.

      Delete
  4. සයිටම් වහන්න කියන සටන් පාඨය ඇතුලේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනාගත ආර්ථික ප්‍රතිපත්තියද ??? කියන එක ගැන නැවත නැවතත් සිතිය යුතුයි.. ජවිපේ රටේ පාලන බලය ඉල්ලනවානම් මීට වඩා පුළුල් ආර්ථික දැක්මක් ඔවුන්ට තිබිය යුතුයි..

    ReplyDelete
    Replies
    1. ජවිපෙ වෙනස්වෙලා නෑ. ජවිපෙ බලයක් දරන්න පුළුවන් තරමට ශිෂ්ට සමාජෙට ඇතුලත් වෙලා නෑ තවම. අපේ දැක්මේ සහ හෘද සාක්ෂියේ සම්මුතියේ තියෙන ඒවා නෙවෙයි දැන් ජවිපෙ කියන්නේ. දැන් ජවිපෙ නාස් ලනුව තියෙන්නේ පෙරේට්ටෝ අතේ. ජවිපෙත් දන්නවා කැම්පස් ළමයි ටික දෙනෙක් ඇරෙන්න වෙන මිනිස්සු එයාලට දිනාගන්න බැරි බව. ඒ නිසා තමයි ඔය පෙරේට්ටෝ එක්ක කැම්පස් ළමයි ටික අල්ලගන්න බලුපොරේට ඇවිත් තියෙන්නේ.

      ජවිපෙ කියන්නේ අවුරුදු 50 ක් පමණ වයස පක්ෂයක්. පහුගිය අවුරුදු 50 ට ජවිපෙ පක්ෂයක් ලෙස තනිව කල දෙයක් නෑ. තව 50ක් ගියත් එච්චර තමයි.

      Delete
  5. වර්ජනය කල විට හැන්දෑවට චැනල් යා නොහැක . අහිමි වන්නේ දාහේ මිටිය එබැවින් දීර්ඝ වෛද්‍ය වර්ජන වෛද්‍ය වරුවිසින්ම කඩ කප්පල් කරනු ඇත .

    ReplyDelete
  6. මොන මගුල් වර්ජන,උද්ඝෝෂන හෝ උපවාස තිබුනත්, බයියන්ට මිනියක් කර තියාගෙන රට ගිනි තියන්න රනිල්-මෛත්‍රි ආන්ඩුව ඉඩනොතියනු ඇතැයි ටොයියන් වන අපේ විස්වාසයයි.

    ReplyDelete
  7. සයිටම් යනු රජය විපක්ෂය දෙකටම තම පැවැත්ම සඳහා අවශ්‍ය දෙයක්. සයිටම් සහ ජීඑම් ඕ ඒ දෙකම ඉටු කරන්නේ ඒ අවශ්‍යතාවයයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා