කුකුළු ෆාම්කාරයාගෙ සත්ව කරුණාව හෙවත් උපාසක සක සක - රෑට බිත්තර දෙක දෙක
සිංහල බෞද්ධයන් බුරුමෙ ඇතැම් බෞද්ධයන් වගේ තවම මුස්ලිමුන්ට ගල් ගහලා මරන්නෙ නැහැ.
හරක් මස්වලට විරුද්ධ වුණාට ඉන්දියාවෙ හින්දූන් වගේ හරකුන් මුර කරන්නට තරම් අමාරුවකුත් නැහැ.
සිංහල බෞද්ධ බහුතරය ඇතුළු ලාංකිකයන්ගේ ජාතික මාංශාහාරය තමයි කුකුළු මස් හෙවත් මකුළු කුස්. අපි මාර පෙරේතයි චිකන් කන්න. චිකන් කන එක අපේ ඉස්ටැයිල් එක වගේ.
මතුගම ටවුමෙ තිබුණු හරක් මස් කඩේ දැන් වහලා. හරක් මස් කන්න පුළුවන් කඩ දෙක තුනකට වඩා ටවුමෙ නැහැ. හැබැයි කුකුළු මස් විකුණන කඩ නම් දිනපතා වගේ අලුතෙන් විවෘත වෙනවා. ටවුමෙ තියෙන ෆාමසි ගානට ම වගේ කුකුළු මස්, බිත්තර විතරක් විකුණන්නට තියෙන කඩ තියෙනවා. පාරිභෝජනවාදී සුඛෝපභෝගිත්වයත්, ලෙඩ රෝගත් යන්නෙ සමාන්තරව.
චිකන් කියන්නෙ ලංකාවෙ වගේ ම ලෝකෙත් පාරිභෝජනවාදී මෝස්තරකාර ආහාරයක්. කේ.එෆ්.සී. වගේ සමාගම් ඒ පාරිභෝජනවාදය විලාසිතාවක් කළා. අපි චිකන් කන්නෙ පෝෂණයට ම නෙමෙයි. ධනවාදය විසින් අපට චිකන් අතිවඩවලා තිබෙන නිසා.
වසර 2016දී ලංකාවෙ කුකුළු මස් පරිභෝජනය ජනගහණයෙන් බෙදා බැලුවාම ලොකු කුඩා හැම මිනිහෙකු ම වගේ චිකන් කිලෝ 7.3ක් දෙසා බාලා තියෙනවා. මේක ඇමරිකාව එක්ක සන්සන්දනය කරලා බැලුවොත් ඇමරිකන්කාරයෝ නම් අවුරුද්දට කුකුළු මස් කිලෝ 47.6ක් කනවා.
ලාංකිකයන්ගේ ඒක පුද්ගල බිත්තර කෑම අවුරුද්දකට බිත්තරත් 54ක්. ඒ කියන්නෙ හැම ලාංකිකයෙකු ම සතියකට එක බිත්තරයක්වත් කනවා.
ලංකාවේ දෛනික බිත්තර පාරිභෝජනය ලක්ෂ 65ක් විතර වෙනවා. (සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මව්බිම පුවත්පතට කර තිබූ ප්‍රකාශයකි. මෙය ඩේලි මිරර් පුවත්පත විසින් 65,000 ලෙස වැරදියට වාර්තා කර තිබිණි.) උපාසක සක සක - රෑට බිත්තර දෙක දෙක කියලා පරණ උපහාසාත්මක කවියක් තියෙනවා.
පසුගිය දවස්වල වයඹ පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන් ඇමති පී. හැරිසන්ගේ පඹයෙකුට බිත්තර ගසමින් උද්ඝෝෂණයක් කළා. හේතුව, මේ බැටරි කූඩු කියලා ජාතියක්.
බැටරි කූඩු කියන්නේ මෙන්න මේ පිංතූරයේ දැක්වෙන විදියේ ඉඩ පිරිමසා, වැඩ අඩු කර ගනිමින්, අසූචි පහසුවෙන් ඉවත් කරගනිමින් ලෙඩ රෝගත් වළක්වා ගනිමින්, වියදමත් අඩු කර ගනිමින් බිත්තර නිෂ්පාදනය කරන්නට යොදා ගන්නා ක්‍රමයක්. මේ කූඩුවක දාන්නට පුළුවන් කිකිළියන් ප්‍රමාණය 3 - 6 අතර. යුරෝපා සංගමය, ඇමරිකාව එහෙම එක් කිකිළියකට ලබා දිය යුතු ඉඩ ප්‍රමාණය නීතිගත කරලායි තියෙන්නේ.
ලංකාවේ මහා පරිමාණ කුකුළු ගොවිපළවල මෙම ක්‍රමය දැනටත් භාවිතා වෙනවා. සුළු පරිමාණ කුකුළු ගොවීන් මෙයට කැමති නැත්තේ එයින් බිත්තර නිෂ්පාදන වියදම අඩු වෙන නිසායි. එතකොට පාරිභෝගිකයන්ට අඩු මිළට බිත්තර මිළ දී ගන්නට පුළුවන්.
දැනටත්, වඩා ගුණදායක, පිරිසිදු, තත්වයෙන් ඉහළ, පරිසර හිතකාමී ලෙස අසුරන ලද බිත්තර සාධාරණ මිළකට ගන්නට පුළුවන් සුපිරි වෙළඳසැල්වලින් විතරයි. කුකුළු මස් කඩකාරයන් ෂොපිං බෑග්වලට ජරා පිදුරු දාලා, කුකුළු ගූ තැවරුණ බිත්තර විකුණන්නෙ ඒ අතරට බට්ටිචි බිත්තර වගේ පොඩි ඒවාත් රිංගවලායි.
මේ කුකුළු ගූ තැවරුණ බිත්තර ගැන කතා කරනකොට මේකත් කියන්නට ඕනැ. ඔය කඩවල කොත්තු රස ඒවට දාන බිත්තරවල හා කොත්තු හදන එවුන්ගෙ අත්වල නිතර මේ කුකුළු ගූ තැවරී තිබෙන නිසා බවත් දැනගෙන කොත්තු කන්න.
හැබැයි ඉතින් මොනවා වුණත්, මේ සුළු නිෂ්පාදකයන් ආරක්ෂා වෙන්නට ඕනැ. උන් කුකුළෙකු හදාගෙන බිත්තරයක්, මස් ටිකක් විකුණගෙන ජිවත් වන නිසා තමයි දුප්පත්කම නැති වෙන්නෙ.
මේ බැටරි කූඩු ක්‍රමය ඔවුන්ට භාවිතා කරන්නට බැරි ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය නැති නිසායි. ඒ නිසා ලොකු, ලොකු ෆාම්වල බැටරි කූඩු පාවිච්චි කරනවාටත් ඔවුන් විරුද්ධයි. ඇත්තට ම විරුද්ධ මිළ අඩු වෙනවාට. ගොවියා ආරක්ෂා කරන්නට නම් පාරිභෝගිකයාගෙන් ගසා කන්නට සිදු වෙනවා. මෙය ඇත්තට ම සංකීර්ණ ආර්ථික, දේශපාලන ගැටලුවක්.
හැබැයි අර මිදි ඇඹුලයි කියපු නරියා වගේ කියන්නෙ වෙන කතාවක්. කූඩුවල කිකිළියන් පස් හයදෙනෙකු දැම්මා ම උන්ගෙ තටු දුර්වල වෙනවාලු. එළියට ගන්නකොට කකුල් කැඩෙනවාලු. ඉතින් යකෝ මොකටද පස් හය දෙනෙකු දාන්නෙ. පුළුවන් නේ දෙතුන් දෙනෙකු දාන්න. එළියට ගන්නකොට ගනිල්ලකෝ මල වගේ. මොකෝ උඹල කොහොම එළියට ගත්තත් උන් ආපහු ඇතුළට යන්නෙ නැහැ නේ. යන්නෙ අපේ බඩවලට නේ.
කුකුළු ෆාම්කාරයන් සත්ව අයිතිවාසිකම් ගැන කතා කරනකොට මට නම් ටිකක් මඤ්ඤං වගේ.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Photo credit: http://www.prijatelji-zivotinja.hr |

Battery cage
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Battery_cage
"බැටරි කූඩු කියන්නේ මෙන්න මේ පිංතූරයේ දැක්වෙන විදියේ" ??????
ReplyDeleteපිංතූරෙ දාන්න අමතක වුණා. මතක් කළාට ස්තුතියි.
Delete"කුකුළු ෆාම්කාරයන් සත්ව අයිතිවාසිකම් ගැන කතා කරනකොට මට නම් ටිකක් මඤ්ඤං වගේ." සිරා කතාව !
ReplyDeleteලංකාවේ සුළු පරිමාණ නිෂ්පාදකයෝ කියන්නනේ ගල් යුගේ ජිවත් වෙන ගොබ්බ හැත්තක්. ඉතින් කොහොමද ඔය වෛශ පුත්‍ර රත්නයන් එක්ක රටක නිෂ්පාදනේ දියුණු කරන්නේ
ReplyDeleteකේජ් බිත්තර පරිභෝජනය සීග්‍රයෙන් අඩුවෙමින් තියෙන්නේ සත්ව අහිංසා හේතු නිසා. දරුවන් ගේ ඉල්ලීම නිසා දැන් අපිත් කලක් තිස්සේ කන්නේ ෆ්‍රී රේන්ජ් බිත්තර.
ReplyDeleteලංකාවේ දැන් ගං බිත්තර නැද්ද ?
අපිත් කලක් තිස්සේ කන්නේ ෆ්‍රී රේන්ජ් බිත්තර......අනේ ඇයි ඒවා කන්නේ ...ඔයාලා හරි පොෂ් කියලා පෙන්නන්නද ඒවා කන්නේ ? දැන් ෆ්‍රී රේන්ජ් බිත්තර දාන්නේ මොක්කුද ? අපි මිට කලින් දන්නේ නැනේ ඒවා ...ඒ අමුතු සතෙක්ද ?
Deleteදරුවන්ට ෆ්‍රී රේන්ජ් බිත්තර කන්න, එහෙමද ආසා?
ගං කබරයො ගං බිත්තරමයි හොයන්නේ.
Deleteරසික දුටු තැන නෙලන එක ඇති නැද්ද අප්පා.
Deleteබ්ලොග් ලොව කටගැස්මක් වීම පොරට ආතල් නම් නෝ පොබ්ලම් යාර්.
මිනිහත් ඇරියොත් අරින්නෙ පත නයි තමා.. බට් නව් ඉනෆ්නේ..
පව්
Delete//කුකුළු ෆාම්කාරයන් සත්ව අයිතිවාසිකම් ගැන කතා කරනකොට මට නම් ටිකක් මඤ්ඤං වගේ.//
ReplyDeleteපැරා, ස්වාදීන සමාජය රාජ්‍ය නොවන සංවිදාන මහජනයාගේ අයිතිවාසිකම් ගැන කතා කරන කොටත් මට ටිකක් මඤ්ඤං වගේ.
ඇයි උන් නැතිව මැදමූලන ත්‍රස්තවාදියාගෙ මල්ලි අයිතිවාසිකම් ගැන කතාකරනකම් බලාගෙන ඉන්නද? ඔහේට රාජ්‍ය නොවන සන්විධාන ගැන තියෙන අවුල මැදමූලන වනචාරිය පන්නපු එකනෙවැ..
Deleteඒවා මොනාද මෙයා. දැන් ඔය මහින්ද රාජපක්ෂ ලංකාවේ මාද්‍ය නිදහස ගැන හොටු පෙරන්නේ.
Deleteමම නම් වෙළද පොලෙන් ලබාගන්න මස් ගැන කිසිම කැමැත්තක් නෑ, මේවා ට මම විරුද සතා පව් කියල නෙමෙයි, මේ සතුන්ට ලබාදෙන හෝමෝන සහ ශරීර ගත කරන විස නිසා ශරීරයට හරිම අහිතකරයි. ඒ අතින් මුහුදු මාලු වඩා හොදයි කියල හිතෙනවා.
ReplyDeleteඑතකොට ඔයා කැලේ ගිහින් සත්තු මරාගෙනද කන්නේ.
Deleteදඩයමේ යන්නෙ මොකටද හරක්මස් තියෙන්නෙ පිරිසිදුවට කන්න
Deleteදියුණු රටවල අඩු ආදායම්ලාභීන් සහ ශිෂ්‍යයො තමයි KFC, මැක්ඩොනල්, බර්ගර් කිං වගේ අවන්හල්වලින් කන්නෙ. ඒක මෝස්තරයක් නෙවෙයි, අඩු මුදලට සහ පහසුවට කෑමක්. ඒවයෙ ඉස්කෝලවලත් උගන්නනවා මේ වගේ ජන්ක් ෆුඩ් කන්න එපා කියලා. ලංකාවෙනම් මේකෙ අනිත් පැත්ත වගේ.
ReplyDeleteඑතකොට ඔයා කියන්නේ ලන්කාව දියුණු රටක් නොවේ කියලද?
Deleteපොඩි එවුන් ලොකු එවුන් වෙන්න උත්සාහ නොකර ලොකු එවුන් පොඩි එවුන් කරන්න තමා හැම විටම හිතන්නෙ .සමුපකාරක්‍රමයට එකතුවෙලා ලොකු එවුන්ට තරගයක් නොදී උද්ඝෝෂණ කරපියවි.එතකොට හරියයි.
ReplyDeleteඉතින් සුළු පරිමාණ කට්ටියටත් සුළු පරිමාණ බැටරි කූඩු දාන්න පුලුවන්නෙ.
ReplyDelete//කුකුළු ෆාම්කාරයන් සත්ව අයිතිවාසිකම් ගැන කතා කරනකොට මට නම් ටිකක් මඤ්ඤං වගේ.//
ReplyDeleteකුකුල් ෆාර්ම් කාරයන් සත්තු මස් කරන්නේ ඒවා සල්ලි දීල කන උන් ඉන්න නිසානේ. එක උන්ගේ බිස්නස් එක. එහෙම සත්තු පිටින් ගිලින නෝනලා PETA, Embark වගේ ඒවා අටවගන අලින්ගේ අයිතිවාසිකම් ගැන කෑ ගහන එකටත් එච්චර මඤ්ඤං වෙන්න ඕන නෑ. එක ඒ අයගේ බිස්නස් එක.
PETA හි සිටින්නේ නිර්මාංශිකයන් ය.
DeleteEmbark පිහිටවූ ලාංකික කාන්තාව ගැන නම් ඔබේ සිතේ දැඩි ඊර්ශ්‍යාවක් ඇති බව පෙනේ.
කුකුලුමස් කන එක බටහිර රටවල වගේම චීනයේත් සාමාන්‍ය ආහාරයක් විනා පරිභෝජනවාදී මගුලක් නෙමේ... ඇමරිකාවෙ නම් වේල් දෙකකටම මිනිස්සු චිකන් හරි බීෆ් හරි කනවා.. කේ.එෆ්.සී කියන්නේ ඇමරිකාවේ බිල්ඩින් සයිට්වල වැඩකරන උන් දවල්ට කන තැනක්... පැරාට ඇයි චිකන් කන එක වැරදියට පේන්නෙ? ඉස්සර සමාජවාදය බ්‍රේන්වොෂ් කරන කාලෙ චිකන් සුඛෝපභෝගී ආහාරයක් නිසා අන අයට විරුද්ධව යටි හිතට දාපු වෛරය තාම තියෙනව වගේ
ReplyDeleteඋඹ දන්න බම්බුව.
Deleteඇමරිකාවේ බිල්ඩින් සයිට්වල වැඩකරන උන් කූලර් පෙට්ටියක දාගෙන දවල්ට කන එක ගේනවා. උන්ට KFC කන්න තරං හයියක් නැහැ බං.
ඇමරිකාවෙ බිල්ඩින් සයිට් එකක වැඩ කරන එකෙක්ගෙ අවම වැටුප පැයට ඩොලර් 10-12...(ප්‍රධාන නගරයක නම් මීටත් වඩා වැඩියි ) KFC Chicken Sandwixh එකාක් $3.99 විතර... ඇමරිකාවෙ කම්කරුවො ලන්කාවෙ වගෙ හිගන්නො නෙමේ බන්... මම ජීවත්වෙන රට ගැන උබ දන්නවද
Deleteරට ඉන්න කොලුවො,
Deleteඋන් KFC Chicken Sandwixh එකාක් $3.99 විතර ගානකට කාල, ගෙදර ගියහම බිල් ටික ගෙවන්නේ පොලිසියෙන් නේද?
//කුකුළු ෆාම්කාරයාගෙ සත්ව කරුණාව හෙවත් උපාසක සක සක - රෑට බිත්තර දෙක දෙක //
ReplyDeleteපැරා මචං ශිරාවට මං හිතුවේ "නිසැක වාමාංසිකයෝ" ගැන ලිපියක් කියල බං .කැබිලිත්ත දෙයියන් පා.. සත්තයි කොල්ලෝ.....
ඒක නං සිරා කතාව. මං ඔය මැක්කන්ව හලන්නයි ඉන්නෙ. උන් දැන ගන්න ඕනැ වසංගත මට්ටමට නෑවිදින් පාඩුවේ ලේ ටිකක් උරාගෙන සොමියෙ ඉන්න, අර එසයිලම් සෙට් එක වගේ.
Deleteක්‍රිස්තියානි ආගමට අනුව තිරිසන් අපායේ නිරිසතුන් යනු රොබෝ වරුන්ය.
ReplyDeleteබැටරි කූඩු සංකල්පය ගොඩනැඟී ඇත්තේ මෙම මූලධර්මය මතයි.
එහිදී වන්නේ යන්ත්‍ර ගොඩක් එකට සම්බන්ධ කිරීමක්.
///ක්‍රිස්තියානි ආගමට අනුව තිරිසන් අපායේ නිරිසතුන් යනු රොබෝ වරුන්ය.///
Deleteමෙම ප්‍රකාශය සඳහා ඔබ පාදක කර ගත් ක්‍රිස්තියානි මූලාශ්‍රය සඳහන් කරන්න. එසේ කිරීමට ඔබට නොහැකි නම් ඔබ ප්‍රකාශ කර ඇත්තේ බොරුවකි.
The fact is people eat chicken more because its cheaper than any other meat (or even good fish)nothing else. Even in developed countries chicken consumption is higher than other meats, reason is the cost. (Chicken 1kg is 4AUD, Beef 1kg 17-30AUD, Lamb 1 kg 10AUD)Sri Lanka cant afford to do away with battery farming, simply due to chicken cost is going way high. Not even developed countries given up battery farming, free-range is getting popular and supply/demand will change battery farming. I think govt should get our garbage problem sorted not battery farming.
ReplyDeleteනුදුරු අනාගතයේදී මස් නිපදවනු ඇත්තේ පකට රෝපනය මඟිනි.
ReplyDeleteරජය එම කර්මාන්තය සඳහා හිතකර ප්‍රතිපත්ති සම්පාදනයට දැන්ම කටයුතුකල යුතුය.