ගූ දේශපාලනයට ගූ නොවන විසඳුම කුමක් ද?

මෙය ගූ බෙටි හැඩැති චොකලට් එකකි. ලංකාවේ දේශපාලනය චොකලට් හැඩය ගත් බලු බෙට්ටකි.
ගූ යනු ගූථ යන පාලි පදයෙන් තත්සම වන සිංහල වදනක් නිසා එය අසභ්‍ය යයි නො සිතන්න. ගූථපාන ජාතකය මෙතනින් බලන්න. 

මාතලන්ගේ පහත සඳහන් සටහන දැක මෙය ලියන්නට සිත් විය.

//මේ ආන්ඩුව ගූ ගොඩක්ය
එහෙත් විකල්පය ගූ කන්දක් වන රාජපක්ෂලා නම් නොවේ....
අනේ මොකෙක් හරි මේ රට ආක්කරමනය කරහන්කෝ...//

මා ඔහුට දුන් පිළිතුර මෙසේ ය:

//රාජපක්ෂලාට ද විකල්ප වෙන්නට හදන අය ඊට වඩා ගූ ගොඩවල් ය. ලංකාවේ පවතින දේශපාලනය දැවැන්ත ගූ ගොඩකි. ඒ නිසා විකල්ප සෙවිය යුත්තේ වෙනස් දේශපාලනයකිනි. පාරේ ගූ ගොඩක් දුටු විට අප කරන්නේ කුමක් ද? එය මගහැර අපේ ගමන යාමයි. ලංකාවේ පවත්නා දේශපාලනයට විකල්ප දේශපාලනය ද එයයි.//

මේ හදන්නේ ඒ කෙටි පිළිතුර දිගු කර ලියන්නට ය.  

ඇත්තට ම ලංකාවේ දේශපාලනයට විකල්පය මේ ගූ කතාවෙහි ම තිබේ.

ලංකාවේ ගූ දේශපාලනයට ගූවලින් ම විකල්ප සොයන එක තේරුමක් නැත. සරලව කිව්වොත්, වර්තමානයේ සිටින කිසිදු දේශපාලකයකු හෝ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ හරහා පවත්නා ගැටලුවට විසඳුම් සෙවිය නො හැකි ය. හේතුව ඒවා මේ ගැටලුවේ ම එක එක පැතිකඩ වීම මිස විසඳුම් නොවීමයි.

මුලින් ම ගැටලුව හඳුනාගත යුතු ය. ලංකාවේ ගැටලුව පිළිබඳ පිළිගත් විග්‍ර‍හය වාමාංශික එකකි. එසේ වන්නේ වාමාංශිකයන් එතරම් බලවත් නිසා නොව, ලංකාවේ පවතින මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුක්ත රාජ්‍ය ධනවාදයේ දෘෂ්ටිවාදය වන්නේ මාක්ස්වාදයේ ලෝකල් වර්ෂන් එක නිසා ය.

වාමාංශිකයන් කියන පරිදි ලංකාවේ ගැටලුව ධනවාදයේ ගැටලුවකි. එහි ඇත්තක් ද තිබේ. ලංකාවේ ගැටලුව ධනවාදී රජයේ ආධිපත්‍යය නිෂ්පාදනයට ඍජු ලෙස දායක නො වන, රජයෙන් යැපීම මූලික කාර්යය කර ගත් මධ්‍යම පංතියකට හිමි වීමයි.

මෙය කෙටි කාලයක් තුළ සිදු වූවක් නො වේ. ලංකාව නිදහස ලබන්නේ ම සුබසාධනවාදී රාජ්‍ය රාමුවක් සමගයි. රාජ්‍ය සේවක මධ්‍යම පංතියේ ආධිපත්‍යය තහවුරු වීම ආරම්භ වන්නේ 1956න් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් විසින් කරගෙන යන ලද පෞද්ගලික දේපල රජයට පවරා ගැනීම්, පෞද්ගලික අංශය අධික බදු ආදිය හරහා යටපත් කිරීම, සමුපකාර ව්‍යාපාරය රාජ්‍ය ආධිපත්‍යයට යටත් කර ගැනීම හා දැවැන්ත රාජ්‍ය ව්‍යවසාය ආරම්භ කිරීම වැනි සමාජවාදී පියවර සමගයි. 1977 වන විට ලංකාවට ආර්ථිකය විවෘත නො කර ඉදිරියට යා නො හැකි සිරවීමකට ලක් විය.

එහෙත්, ධනේශ්වර චින්තකයකු වන ජේ.ආර්. ජයවර්ධන පවා මූලික ක්‍ර‍මය වෙනස් නො කළ අතර ඔහු ලංකාව ශ්‍රී ලංකා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවාදී ජනරජය ලෙස යළි නාමකරණ කිරීමක් ද කළේ ය. ඔහු යටතේ ආරම්භ වුණේ සමාන අවස්ථා පිරිනමමින් පෞද්ගලික අංශය දිරි ගන්වන හා රාජ්‍ය අංශයේ පාඩු අවම කර ගන්නා ක්‍ර‍මයකි.

2001 - 2004 සමයේ බලයේ සිටි රනිල් වික්‍ර‍මසිංහ ආණ්ඩුව විසින් පෞද්ගලික අංශය ආර්ථිකයේ එන්ජිම බවට පත් කිරීමටත්, රාජ්‍ය අංශය හකුළුවන්නටත් පියවර ගත් මුත් එයට වැඩි ආයුෂක් තිබුණේ නැත.

2005 - 20014 මහින්ද රාජපක්ෂ දශකයේදී රාජ්‍යය පුපුරන්නට කිට්ටු තරමට ප්‍ර‍සාරණය විය. එසේම, එහි අකාර්යක්ෂමතාව ද වර්ධනය විය.

වර්තමානය වන විට රනිල් වික්‍ර‍මසිංහ ද මධ්‍යම පංතිය විසින් මෙල්ල කර ගන්නා ලද පාලකයෙකි. 

ලංකාවේ වැඩ කරන ජනතාවට හා ව්‍යවසායකයන්ට මුහුණ දීමට තිබෙන ප්‍ර‍ශ්න විසඳීම පිණිස කටයුතු කරනවා වෙනුවට වත්මන් රජයට ද දෛනිකව මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ මධ්‍යම පංතික මජර ඉල්ලීමි හා සම්බන්ධ ගැටලුවලට ය. 

එහිදී ඔවුන් ද කටයුතු කරන්නේ මේ ආත්මාර්ථකාමී සමාජ තීරුව සතුටු කරන්නට ය. එයට මූලික හේතුව අන් කිසිවක් නොව ඔවුන් ද අයත් වන්නේ එයට  ම වීමයි. ආණ්ඩුව මහජන මුදල් ගසා කයි. ඉහළ වැටුප්, බදු සහන, නාල නිවාස, යාන වාහන ආදී වරප්‍ර‍සාද රැසක් ඔවුහු මහජන මුදලින් පැහැර ගනිති. රජය මත පදනම් වන මධ්‍යම පංතිය ඉල්ලා පොළවේ හැපෙන්නේ මහජන මුදලින් ඔවුන්ගේ පංගුවයි. 

ලංකාවේ සත්‍ය දේශපාලන ගැටලුව වන්නේ, තමන්ට අවම සේවාවක් පමණක් සපයන, මේ දැවැන්ත අකාර්යක්ෂම ආණ්ඩුව හා රජය උසුලාගෙන සිටීමට මහජනතාවට දරන්නට සිදු වී තිබෙන බරයි. 

මෙයට විසඳුම ආණ්ඩු මාරු කිරීම නො වේ. එහෙත්, අවුරුදු පහෙන් පහට හෝ ආණ්ඩු මාරු කිරීම නරක දෙයක් නො වේ. ඒ ඔස්සේ මෙකී රාජ්‍ය ක්‍ර‍මය වෙනස් කිරීම සඳහා යම් පියවර ගැනීමට ආණ්ඩු මත පීඩනය හෝ පවත්වාගෙන යා හැකි ය. 

මහජනතාවට සහනයක් ලැබෙන්නේ මූලික වශයෙන් නියාමනය සිදු කරන, ප්‍ර‍මාණයෙන් කුඩා නිසා මහජනතාව පිට පැටවෙන බරින් අඩු, මීට වඩා කාර්යක්ෂම රජයක් බිහි කර ගැනීමෙනි. ඒ වෙනුවෙන් ආණ්ඩුව මත පීඩනය පවත්වාගෙන යා යුතු ය. ඒ හැර ආණ්ඩුව මෙන් ම රජය ද දූෂණයෙන් තොර එකක් වනු ඇතැයි සිතීම මුළාවකි. දූෂණය ඒවායේ ඓන්ද්‍රිය ලක්ෂණයකි. 

ආණ්ඩුව හා රජය සම්බන්ධයෙන් අපට ඇති ගැටලුව එය අසූචි කන්දක් බවට පත් වී තිබීමයි. එය බලු බෙට්ටක් තරමට කුඩා කර ගන්නවා නම් අපට නහය වසාගෙන අයින් වෙලා පයින් යා හැකි ය. 

ආණ්ඩුවටත්, එහි ආධිපත්‍යය හිමි මධ්‍යම පංතියටත් ඒ බලු බෙට්ටට කැමති දෙයක් කර ගන්නැයි කියන්නට අපට පුළුවන්. 

ව්‍යවසායකයන්ටත්, වැඩ කරන ජනතාවටත් ආණ්ඩුවෙන් හෝ රජයෙන් ඇති ලොකු සෙතක් නැත. අප වැඩ කළොත් අප කනවා ය. රජය නිසා වී තිබෙන්නේ අපට හම්බ කරන තුට්ටු දෙක නිකමුන් පිරිසක් නඩත්තු කිරීමට වැය කරන්නට සිදු වී තිබීමයි.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* ලංකාවේ දේශපාලනය (චොකලට් හැඩය ගත්) බලු බෙට්ටකි. */

    ගොම්බෙටටෙන් නම් ප්‍රයෝජන තියෙනවා, ඒත් බලු බෙට්ටේ ගඳ විතරයි!

    ReplyDelete
    Replies
    1. Yeah but some blogs written by some kind of "__logists" could also similar to some Dog shits, no use.

      Delete
    2. ඔබ වැනි නිලමැස්සන් නම් ඉතා කැමතියි නේද?

      Delete
  2. ශෝක් බෙට්ට

    ReplyDelete
  3. එකඟයි, අවුරුදු 10කට එහා යන කතන්දරයක්, මහින්ද සෝබනේට පටන්ගත්ත මහින්දෝදය තාක්ෂණික විද්යපිට වැඩසටහන ඉදිරියට අරගෙන ඒවාට විදේශ පුහුනුකරුවන් ගෙන්න වෙනවා පලක් ඇති මිනිස්සු බිහිකරන්න.

    ReplyDelete
  4. ලංකාවෙ බහුතරයක් ඡන්ද දායකයො කියන්නෙ ගූ බෙට්ටොනෙ මේ ගූ බෙටි වලින් ගූ කඳු හැදෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්න බැහැ. මේ ගූ බෙට්ටන්ගෙ ගූ ඕන එපා කං ඉෂ්ඨ කරගන්න තමයි ගූ වෙක්වම පත් කරගන්නෙ. ගූ රස්සාවක් හොයා ගන්න. ගූ ඉස්කෝලෙකට ගූ ලමයෙක්ව දාගන්න. පාරට ගූ ටිකක් දා ගන්න. ගූ වැඩක් කරල පොලිසියෙන් අල්ල ගත්තහම ගූ වෙකුට කියල කෝල් එකක් දීල ගූ ගාගන්නෙ නැතුව නිදහස් වෙන්න. නීතිය ගූ කරන්න. කෙටියෙන්ම කියනවනම් ගූ ම ගූ වැඩ කරන්න.

    ReplyDelete
  5. අපිට අර පොඩි බෙට්ට තෝර ගන්න වෙයි...

    ReplyDelete
  6. පැරාල ජෙප්පො එක්ක එකතු වෙලා 2004 රනිල්ගෙ ආන්ඩුව පෙරලපු එකේ මෝඩකම කියල දැන් තේරෙනවද?

    ReplyDelete
    Replies
    1. කිසි සේත්ම නැත. ඒ ආණ්ඩුව පෙරළීම නිසා සමාජයට ලැබුණු සාධනීය ප්‍රතිඵල මොනවාද යන්න අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන්නේ කුහකකම නැති කර ගැනීම පමණි.

      වර්තමාන ආණ්ඩුව ද යළි මහින්ද ආණ්ඩුවේ තත්වයට ම පත් කර ගැනීමට ලංකාවේ වාමාංශිකයන්, රජයේ සේවකයන් සහ මධ්‍යම පංතිකයන් සෑහෙන උත්සාහයක් දරමින් සිටිති.

      Delete
    2. සාධනීය ප්‍රටිපල කියන්නෙ උතුරෙ දෙමලු 40000 විතර කෙලවෙච්ච එකද?
      දකුනෙ උන්ට සුදුවෑන් වල යන්න වුනු එකද?
      ජාතිවාදෙ රාජ්‍ය මතය වෙලා ඔඩුදුවපු එකද?
      දකුනු ආසියාවෙ වැඩිම ණයබර ඇති රට බවට පත්වෙච්ච එකද?

      Delete
    3. උතුරෙ දෙමළුන් 40,000කට විතර කෙළෙව්වේ මහින්ද හා ප්‍රභාකරන් මිස වර්තමාන ආණ්ඩුව නොවේ.

      ඔය කොහොම කිව්වත්, ඊයේ පෙරේදා ඇති වූ සිද්ධිය හැර පසුගිය වසර දෙකහමාරක කාලය තුළ සිදු වූ සෙසු පැහැර ගැනීම් මොනවා ද යන්න කුහක නැතුව විමසා බැලුවොත් ඇත්ත වටහා ගැනීමට සිදු වනු ඇත.

      ඒ නිසා කරුණාකර එසේ නො කර, මෙවැනි බොරු දිගටම කියමින් සිටින්න.

      Delete
    4. උඩ බුවා අහල තියෙන්නේ 2004 රනිල් ගේ ආණ්ඩුව පෙරලපු එක ගැන නේද ?

      හැබැයි පැරකුම් උත්තර දීල තියෙන්නේ 2015 පෙරලපු එක ගැන වගේ.

      Delete
    5. ඒක ඇත්ත. මෙතන මට පටලැවිල්ල් වෙලා තියෙනවා. 2004 හරියට දැක්කෙ නැහැ. අනෙක අපි 2004දී ජෙප්පන් එක්ක එකතු වෙලා රනිල්ගෙ ආණ්ඩුව පෙරළුව කතාවක් මේ ඇහුවමයි.

      2004දි අපි ඒ වැඩේ වළක්වන්නට වැඩ කළේ නැති එක නම් ඇත්ත. හැබැයි අපි ජවිපෙ එක්කවත්, ඒ කාලෙ රැල්ලෙ හිටපු වෙන කා එක්කවත් එකතු වුණේ නැහැ. අපි හිටියෙ යුද විරෝධී සාම ව්‍යාපායේ.

      රනිල්ගේ නව ලිබරල්වාදී වැඩසටහනට විරුද්ධව නම් අපි වැඩ කළා.

      Delete
  7. මුලු දියවන්නා අම්බලමම පිරී ඇත්තේ ගූ ගොඩවල් වලිනි. එනිසා මේ ඉන්න නන්නපෝල් නායකයන්ට විකල්ප නායකයන් වශයෙන් දියවනාවෙන් තෝරා ගන්නවානම් ඒත් අනිවාර්යෙන්ම ගු ගොඩකි.

    දැන් පෝට් සිටි, මත්තල ගුවන් තොට, මාගම්පුර වරාය, ඉන්න ගු බෙට්ටන්ට හරිහමන් විධියට පාලනය කරගත නොහැකි විදුලි බලාගාර හා වෙනත් එවැනි දැවැන්ත අසාර්ථක ව්‍යාපෘති චීනයට හා වෙනත් මනා ශක්‍යතාවයන් ඇති රට වලට පැවරීමට සැලසුම් කරගෙන යනවාට වඩා ,

    මේ අසාර්ථක දැවැන්ත ගු ගොඩක් වූ 'මුලු ආණ්ඩුවම' අසාර්ථක ව්‍යාපෘතියක් සේ නම්කර සාර්ථක විදේශයකට තාවකාලිකව හෝ (BOT ව්‍යාපෘතියක් වශයෙන් හෝ) පැවරීම තමයි විකල්ප විසදුම.

    එහෙම නැතුව ලෝකල් විකල්පයක් නම් ඉතින් තවත් ගු ගොඩක්ම තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා