පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දිය යුත්තේ මෙන්න මේ ඉලක්කම් නිසායි

අවුරුද්දකට සිසුන් 300,000ක් රජයේ පාසල්වලට ඇතුළු වෙනවා.

ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නවා සිසුන් 500,000ක් විතර.

සෑම වසරකම 160,000ක් පමණ දේශීය උසස් පෙළ සමත් වෙනවා.

රජයේ විශ්වවිද්‍යාලවලට ගන්නේ අවුරුද්දකට සිසුන් 30,000ක් පමණ.

පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා 55,000ක් විතර.

වසරකට ශ්‍රී ලාංකික සිසුන් 12,000ක් පමණ පිටරට විශ්වවිද්‍යාලවලට යනවා.

එක් සිසුවෙකු වෙනුවෙන් වසරකට රු. ලක්ෂ පහක් මේ රටින් පිටරටට ගියත් එතන රු. 6,000,000,000ක් හෙවත් බිලියන හයක් තියෙනවා.

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා බඳවා ගන්නේ ඒ සඳහා සුදුසුකම් ලබන අයගෙන් 17%ක් පමණයි.

මහ බැංකුවේ 2012 සංඛ්‍යාති අනුව,

ලංකාවේ වෛද්‍යවරුන් සංඛ්‍යාව 17,000කට පොඩ්ඩක් වැඩියි.

වෛද්‍යවරයකු ඉන්නේ මහජනතාවගෙන් 1200කට විතර එක්කෙනයි.

ලංකාවේ වෛද්‍යවරුන් හිඟයි. ඒ නිසා ඉන්න වෛද්‍යවරුන්ට වැඩ වැඩියි.

හැබැයි ඉතින් ලෙඩ්ඩු කියන්නෙ සල්ලි නිසා සල්ලි පස්සෙන් යන දොස්තරලා කැමතියි වෛද්‍යවරුන් ගණන වැඩි නො වී රෝගීන් ගණන වැඩි වෙනවා නම්. (මේ කියන්නෙ හැමෝ ම ගැන නෙමෙයි නිසා තොප්පිය හරි අය විතරක් දාගන්න.)

මේ වෛද්‍ය හිඟය නැති කරන්න වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රමාණයට බිහි කළ යුතුයි. හැබැයි, රජයෙන් නොමිළේ අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් තව තවත් බදු ගෙවන්නට මහජනතාවට හැකියාවක් නැහැ. නොමිළේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විතරක් මේ රටේ සෑම පුරවැසියෙකු ම දැනටත් අවුරුද්දකට රු. 16,000ක් බදු ගෙවනවා. හැබැයි, ඒ බදු ගෙවන ජනතාවට ලැබෙන සේවාවන් ගැන කවුරුවත් තෘප්තිමත් බවක් පෙනෙන්නෙ නැහැ.

වැඩිපුර වෛද්‍යවරුන් බිහි කරන්නට නම් මුදල් ගෙවා හෝ වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට කැමති අයට ඒ සඳහා රට තුළ පහසුකම් සැලසීමේ වරදක් නැහැ.

එහෙම රටක පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන එකේ වරද මොකක් ද?

සයිටම් කියන්නේ එක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විතරයි. ඒ ගැන නිතර නිතර අදහස විමසන අයට පසුගිය දිනෙක මා ෆේස්බුක්හි දුන් පිළිතුරක් මෙසේයි:

1. මට සයිටම් අදාළ නැත. ඒත් ඒක ගැනම අහන නිසා මා සයිටම් එකට පක්ෂ ය කියා ගණන් හදා ගත්තාට කමක් නැත.

2. ලංකාවේ රජයට වඩා ව්‍යවසායකයන් හොඳත් නැත. නරකත් නැත. රජයට සමස්ත ආර්ථිකයම ධාවනය කිරීමේ ධාරිතාව නැත. රජය ව්‍යවසායකත්වයට උපකාර කළ යුතුය. එය මැනැවින් නියාමනය කළ යුතුය.

3. පෙර පාසලේ සිට ම ⁣අධ්‍යාපනයට සම්බන්ධ වන පෞද්ගලික ව්‍යවසායකයන් රජයට වඩා විශේෂ නරකක් ක්ෂේත්‍රයට කර නැත.

4. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති ගැටලුවලට රජය ඉදිරිපත් කර ඇති විසඳුම ක්‍රියාත්මක කළ යුතුය.

5. රාජ්‍ය අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව ගත යුතුය.

6. රාජ්‍ය අධ්‍යාපනයට අනුපූරක (supplementary) ලෙස පෞද්ගලික අධ්‍යාපනය විධිමත් නියාමනයක් සහිතව යොදා ගත යුතුය.

7. දක්ෂ සිසුන්ට රජය නොමිළේ හෙවත් මහජන මුදලින් උසස් අධ්‍යාපනය ලබා දිය යුතුය.

8. මහජන මුදලින් ලබා දෙන අධ්‍යාපනයට අවස්ථා නොලැබෙන සිසුන්ට ණය ක්‍රම ඔස්සේ පෞද්ගලිකව උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථා බහුල කළ යුතුය.

9. අප ප්‍රවර්ධනය කරන ප්‍රශස්තම උසස් අධ්‍යාපන ක්‍රමය වන්නේ රාජ්‍ය නියාමනය සහිත ලාභය අරමුණු කර නොගත් ස්වාධීන විශ්වවිද්‍යාලයි.

10. රජය පමණක්, නොමිළේ පමණක් අධ්‍යාපනය ලබා දිය යුතු බව කියන අය උසස් පෙළ සමත් වී මහජන මුදලින් දෙන අධ්‍යාපනයට අවස්ථා නොලබන 80%ක් සිසුන්ගේ ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුම් යෝජනා කළ යුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. u know!
    my daughter is studies in lyceum - panadura & she had 2A* & 1A in bio Stream
    I knew that she's bright even I went to "sitem" while she's doing her A/L
    but when she passed her A/L "saitem" had some problem & now she's studding her medicine in "manipal - Nepal" & cost is 1.2B LKR for 5 years
    this is the mny lost by SL

    ReplyDelete
  2. ලංකාවේ වෛද්‍යවරුන් හිඟයට මූලික හේතුවක් වන්නේ පිට රටට සංක්‍රමනය වීමයි. රජයේ විශ්ව විද්‍යාලයකින් පිටවන වෛද්‍යවරුන්ගෙන් 40% - 50% පමන අවුරුදු 10ක් වන විට ස්ථිර පදිංචිය සඳහා බටහිර රට වලට පැමිනෙති. පශ්චාත් උපාධි සඳහා විදේශ ගතවන පිරිසෙන් වැඩි ප්‍රමානයක්ද, නැවත නොපැමිනෙති.

    ReplyDelete
  3. පසුගිය වසර කීපය තුල මම දැක්ක දෙයක් නම් නගරබද පාසැල්වල අධ්‍යාපනය ලද යන්තම් උසස් පෙල සමත් මධ්‍යම පාන්තික සිසුන්, මුදල් ගෙවා උපාධි ලබාගෙන තම ඉංග්‍රීසි දැනුම, පාසැල සහ පෞරුෂත්වය මත ඉතා හොඳ රැකියා කරනවා. සමහරු වසර කීපයක් රැකියාවකර පිටරටවල රැකියා සොයා ගන්නව. සමහරු මයිග්‍රේට් වෙනවා. මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක්. නමුත් ගමෙන් එන දිස්ත්‍රික් කෝටා එකෙන් විශ්ව විද්‍යාලෙ යන සිසුන් මේ නිසා බය වෙලා ඉන්නවා. මම මේ කියන්නෙ ඉන්ජිනේරු, පරිගනක සහ තාක්ෂණ රැකියා ගැන. මේකට හේතුව රාජ්‍ය විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය අඩුකම වෙන්න පුළුවන්.
    දැනගන්නට ඇති ආකාරයට සයිටම් එකට ආණ්ඩුවෙ දොස්තරලා බයවෙලා ඉන්නෙ. ඒකෙ ප්‍රමිතිය ගැන හොයන්න ගිය වෙලාවෙ, රජයේ වෛද්‍ය පීඨවල (මතක විධියට යාපනය, රජරට ) වගේ ඒවල ප්‍රමිතිය සයිටම් එකට වඩා හොඳටම අඩුයි. ඒ නිසා දැන් බලන්නෙ සයිටම් වහලා දාන්න.

    ReplyDelete
    Replies
    1. මචං තර්ක කරනවා කියන්නේ ඕපාදූප කිය කියා යන එකනම් උඹේ තර්කෙ මාර සිරා එකක්.නමුත් තර්ක කරන්නේ ඔය විදියට නොවෙයි.ඔය කරුනු දත්ත එක්ක ඉදිරිපත් කරපන් පුලුවන්නම්.උඹට ඒක බැහැ කියලා මට හොදටම ශුවර්.සමහර වෙලාවට උඹට ඔය කට්ටියට අපහාස කරන්න උවමනා නිසා ඔහොම කතා ලියනවා වෙන්න පුලුවන්.ඔය ගමෙන් එන කතා සිරා ඉස්කෝලෙ කතා වගේ ඒවාවල ලොකු වැදගත් කමක් නැහැ.

      Delete
  4. නිදහස් අධ්‍යාපනයෙන් නිකං ඉගෙන ගත්ත එකේ ඇයි වෛද්‍යවරුන්ට බැරි ඉන්න ලෙඩ්ඩුන්ව බලාගන්න..?


    මාත් ෞද්ගලික අධ්‍යාපනයට සීයට සීයක් කැමතියි..ලංකාව විනාස වුනේම පිනට දීල.......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා