රට ගැන මධ්‍යම පංතිය වග වීම වැදගත්


අජිත් පැරකුම් ජයසිංහ (2016-04-24 සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපියකි.)

මැයි මාසයේ සිට වැට් බද්ද හෙවත් වටිනාකම එකතු කිරීමේ බද්ද 15% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. එසේම, බදු පනවන ක්ෂේත්‍ර ද පුළුල් කර තිබේ. කලින් වැට් වැට් බද්දෙන් නිදහස් වූ අංශවලින් පවා වැට් බද්ද අය කරනු ලැබේ. එසේම, වැට් බදු අය කරන ආදායම් මට්ටම අඩු කර තිබේ. මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක් ඇති ව්‍යාපාරවලින් ද වැට් බදු අය කිරීමට තීරණය කර ඇත.

ඊට අමතරව, 2%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද ද මාසයකට රුපියල් මිලියනයක පිරිවැටුමක් ඇති ව්‍යාපාරවලින් පවා අය කරනු ඇත. භාණ්ඩ හා සේවා රැසක මිළ විශාල වශයෙන් ඉහළ යනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එයින් වැඩි ම පීඩනයකට ලක් වන්නේ කම්කරු පංතියයි. රජයේ සේවකයන්ට ලැබුණු වැටුප් වැඩි වීමට වැඩි මුදලක් අලුත් වියදම් ලෙස එකතු වනු ඇත.

වැට් බද්ද වැඩි කිරීමේ තීරණය දැනුම් දුන් දිනවල ම කැබිනට් මණ්ඩලය විසින් තවත් තීරණයක් ගන්නා ලදී. ඒ වනාහි රජයේ සේවකයන්ට නව රජය විසින් වැඩි කළ රු. 10,000 දීමනාව කොටස් වශයෙන් වැටුපට එකතු කිරීමයි. රජය එසේ කරන්නට තීරණය කරන්නට ඇත්තේ ලංකාවේ ආණ්ඩුවල පැවැත්ම සඳහා මධ්‍යම පංතියේ ඇති වැදගත්කම නිසායි. නැතිනම්, ඇත්ත වශයෙන් ම ගතහොත් ලංකාවේ රජයට මෙසේ බදු ඉහළ නංවන්නට සිදු වී තිබෙන්නේ ද මෙම මධ්‍යම පංතිය නඩත්තු කරන්නට යන අධික වියදම නිසායි.

ලංකාවේ මධ්‍යම පංතිය තේරුම් ගැනීම වර්තමාන දේශපාලන මොහොත තේරුම් ගැනීමෙහිදී ඉතා වැදගත් වෙනවා. නිෂ්පාදනයට ඍජුව සම්බන්ධ වන ධනපති ආයෝජකයන් හා කම්කරුවන් අතර ස්ථර මධ්‍යම පංතිය ලෙස සැලකිය හැකියි. එහෙත්, එය වනාහි විග්‍රහ කිරීම අතිශය දුෂ්කර විවිධත්වයකින් යුත් සමාජ ස්ථරයකි. පංති අරගලය පිළිබඳ න්‍යාය පදනම් වන්නේ මාක්ස්වාදය මතයි. එහෙත්, 19වන සියවසේ යුරෝපයේ කම්කරු අරගල නිමිති කරගෙන කරන ලද පංති විග්‍රහය නූතන සංදර්භයන්ට ගැලපෙන අන්දමින් සැකසීමට ලොව පුරා ගතානුගතික මාක්ස්වාදීන් අසමත් වී තිබෙනවා. ලංකාව සම්බන්ධයෙන් නම් දැකිය හැක්කේ ආගමික ස්වරූපයකින් මාක්ස්වාදී ශුද්ධ වූ ග්‍රන්ථවල පාඨ දේශනා කිරීමෙන් ඔබ්බට නො ගිය තත්වයක්.

කම්කරු පංතිය හා මධ්‍යම පංතිය වෙන් කර ගන්නට ගියාම මේ අර්බුදය තවත් තීව්‍ර වෙනවා. රජයේ සේවයේ කම්කරුවන් ලෙස හැඳින්වෙන කොටස කොයි තරම් කම්කරු පංතික ද කියන ප්‍රශ්නය උදාහරණයක්. ඒ නිසා අප විසින් කරනු ලබන මේ සංක්ෂිප්ත අදහස් දැක්වීම මේ පිළිබඳ සංවාදයේ පුංචි කොටසක් පමණක් වෙන්න පුළුවන්.

අපේ මූලික අදහස මේකයි. ලංකාවේ මධ්‍යම පංතිය අති විශාල හා ඉතා බලවත් එකක්. විශේෂයෙන් ම දේශපාලනයේදී එය ඉතා වැදගත්. ආණ්ඩු හදන්නේ, පෙරළන්නේ මධ්‍යම පංතියයි. ලංකාවේ පවතින්නේ ධනේශ්වර ක්‍ර‍මයක් ය කියා කීවාට එහි ධනේශ්වර පංතියට වඩා බලයක් මධ්‍යම පංතියට ඇති බවයි අපේ ප්‍ර‍වාදය වන්නේ. ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ල ම පාහේ අඩු වැඩි වශයෙන් මධ්‍යම පංතිකයි. එක්සත් ජාතික පක්ෂය යම් දුරකට ධනපති පංතිය නියෝජනය කරන්නට උත්සාහ කළත්, මේ වන විට එම පක්ෂය ද දැඩි ලෙස මධ්‍යම පංතියේ බලපෑමට නතු වී හමාර බව මෑත කාලීන තීරණ, තීන්දුවලින් පෙනෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පැහැදිලිව ම මධ්‍යම පංතික පක්ෂයක්. ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ ඇත්තෙන් ම කම්කරු හෝ නිර්ධන හෝ පංතික පක්ෂ නෙමෙයි. මේවා පදනම් වන්නේ මධ්‍යම පංතියේ පහළ ස්ථරය මතයි.

ගොවි ජනතාව අයත් වන්නේ කුමන පංතියකට ද කියන ප්‍රශ්නයත් මෙහිදී වැදගත්. ඇත්තෙන් ම අද වන විට ගොවි ජනතාව කියා හැඳින්වෙන සමාජ තීරය තුළ ප්‍රධාන තල කීපයක් දකින්නට ලැබෙනවා. එයින් විශාල කොටසක් ඇත්තෙන් ම ග්‍රාමීය දිළින්දෝයි. ඔවුන් කිසියම් යැපුම් ගොවිතැනක යෙදෙනවා. ඒ වගේ ම, වෙනත් රැකියා කරන මධ්‍යම පංතිකයන් විශාල පිරිසක් ද ගොවිතැනෙහි යෙදී සිටිනවා. වෘත්තීය මට්ටමෙන් ගොවිතැනෙහි යෙදී සිටින ප්‍රතිශතය අප සිතන තරම් සුවිසල් එකක් නෙමෙයි. ඒ වගේ ම ඉඩම් හිමිකම නැති හෝ තමන්ගේ යැපීම සඳහා ප්‍රමාණවත් නො වන කුඩා ඉඩමක් හිමි කෘෂි කම්කරුවන් විශාල පිරිසක් ද ගොවීන් ලෙස හැඳින්වෙනවා. ගොවියා කීවා ම මූලිකව ම අපේ සිතට නැගෙන්නේ වී ගොවියා වුණත්, තේ, රබර්, කුරුඳු, එළවළු හා වෙනත් භෝග රැසක් වවන ගොවියෝ ඉන්නවා.

මේ සියලු දෙනා අතරින් ඉතා වැදගත් මධ්‍යම පංතික සමාජ තීරයක් ඉන්නවා. ඒ තමයි ලක්ෂ 14ක් වන රජයේ සේවකයන් / නිලධාරීන්, පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව දක්වා දේශපාලකයන් හා අනාගතයේ ඔවුන් සමග එක් වීම අරමුණු කර ගත් විශ්වවිද්‍යාල සිසුන්, රජයේ කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් ආදීන්ගෙන් සමන්විත සමාජ තීරය. මෙය තමයි ලංකාවේ දේශපාලන වශයෙන් බලසම්පන්න ම පිරිස. සියලු දේශපාලන පක්ෂවල ක්‍රියාකාරී තලය නිර්මානය වන්නේ මෙම බලවේගයෙන්. ඒ නිසා ලංකාවේ දේශපාලන තීරණ, තීන්දු ගැනීමේදී මෙම බලවේගය ඉතා වැදගත්.

ඔවුන් යැපෙන්නේ රජයෙන්. රජය කියන්නේත් එක්තරා ආකාරයක සමාගමක්. රජය සමාගමක් ලෙස වර්ධනය වීම ආරම්භ වන්නේ 1956දී බලයට පත් වූ රජය විසින් පෞද්ගලික ව්‍යවසාය රජයට පවරා ගැනීමත් සමගයි. වරාය, බස්, ඉන්ධන බෙදාහැරීම, පාසල් ආදිය ක්‍රමානුකූලව රජයට පවරා ගැනුණා. රජය අලුතෙන් ව්‍යාපාරත් ආරම්භ කළා. රජය නම් සමාගමේ උච්චත ම අවධිය වන 1976 වන විට රජය සපත්තු මැහීම, උළු ගඩොල් නිෂ්පාදනය වැනි ව්‍යාපාර පවා කළා.

1977න් පසු රජය නම් සමාගම වෙනුවට පෞද්ගලික අංශය ශක්තිමත් කරන ප්‍ර‍තිපත්තියක් ක්‍රියාත්මක කළා. එහෙත් 2005 සිට 2015 දක්වා රාජපක්ෂ දශකය තුළ රජය නැවතත් ශක්තිමත් වුණා. එහෙම වුණේ ඉතාම විනාශකාරී සංදර්භයක් තුළයි. රජය ණය ගත්තා. බදු අය කළා. රජයේ සේවය පුළුල් කළා. රජයෙන් යැපෙන පිරිස වැඩි කළා. එමගින් දැවැන්ත මධ්‍යම පංතියක් නිර්මානය කළා. රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් හිමි වෙනවා. රජයේ සේවයට පුද්ගලයන් ආකර්ශනය වෙන්න ප්‍ර‍ධාන හේතුවත් එයයි. විශ්‍රාමිකයන් ලක්ෂ පහමාරකට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය වසරකට වැය කරන මුදල රු. බිලියන 196ක් බව හා එය රටේ දළ ජාතික ආදායමෙන් 3%ක් බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

රජයේ වියදම්වලින් අතිවිශාල පංගුවක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් ආදිය වෙනුවෙන්. නව රජය විසින් කරන ලද වැටුප් වැඩි කිරීම නිසා රජයේ වියදම් 25%කින් ඉහළ ගියා. ඇමති මණ්ඩලය ඉහළ යාම නිසා මැති ඇමතිවරුන් නඩත්තු කරන්නත් මාසයකට රුපියල් බිලියනයක් විතර යන බව වාර්තා වෙනවා. නමුත් ප්‍ර‍ශ්නය ඇත්තේ රජයේ කාර්යක්ෂමතාව කෙතරම් ඉහළ ගියා ද යන කාරණය තුළයි. දැන් මේ වෙනුවෙන් බරපැණ දරන්නට වන්නේ කාට ද? ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන බලවේගය වන්නේ මැද පෙරදිග ශ්‍ර‍මිකයෝයි. ඒ අතරිනුත් බහුතරය ඉතා දිළිඳු පවුල්වලට අයත් කාන්තාවන්. ඔවුන් 2014 වසරේ ලංකාවට රුපියල් බිලියන 800ක් විතර එව්වා. විදේශ විනිමය නිපදවන සෙසු ප්‍ර‍ධාන බලවේග වන්නේ ඇගලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි පිරිස්. ඔවුන්ට රජයෙන් ලැබෙන කිසිදු විශේෂ වරප්‍ර‍සාදයක් නැහැ.

පසුගිය කාලයේ රජය ලබා ගත් ණයවලින් වැඩි ප්‍ර‍මාණයක් ද වැය කර තිබෙන්නේ මේ මධ්‍යම පංතිය නඩත්තු කරන්නටයි. රජයේ සංවර්ධන ව්‍යාපෘති කොන්ත්‍රාත්වලින් ද සැලකිය යුතු ප්‍ර‍මාණයක් මෙම පංතිය විසින් කොන්ත්‍රාත්, දූෂණ ආදිය හරහා ගරා ගත්තා. 2016 වසරේදී ගෙවීමට තිබෙන දේශීය හා විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 300කට ආසන්න මුදලකි. ණය වෙනුවෙන් පොළී හා වාරික ගෙවන්නවත් රජයේ ආදායම ප්‍ර‍මාණවත් නැති තත්වයකට ඇවිල්ලා.

ලංකාව සිර වී සිටින්නේ එසේ මෙසේ ණය උගුලක නො වේ. ආර්ථිකය බේරා ගැනීම සඳහා ණය ගන්නට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යන්නට සිදු වී තිබෙන්නේ එහෙමයි. මේ අන්දමින් වියදම් කරන්නට ණය දෙන්නට ඉදිරිපත් වන්නේ කවුරුද? ණය සමග රාජ්‍ය මුල්‍ය ප්‍ර‍තිසංස්කරණ පැමිණෙන්නේ ඒ අනුවයි. රජය බදු ආදායම් ඉහළ නංවා ගන්නට උත්සාහ කරන්නේ අය වැය පරතරය වැඩි වීම පාලනය කර ගන්නටයි. එසේ පාලනය කර ගන්නට නො හැකි වුණොත්, රජයට ණයක්වත් ගන්නට බැරි තත්වයක් උදා වනු ඇති. විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමටත් ආර්ථික ස්ථාවරත්වය ඉතා වැදගත් වෙනවා.

මෙම ලිපියෙන් අප මතු කර දක්වන්නට උත්සාහ කරන්නේ ලංකාවේ මධ්‍යම පංතිය මේ මොහොතේ සිය සමාජ වගකීම් ගැන බැරෑරුම්ව කල්පනා කළ යුතු බවයි. මේ මොහොතේ රට ඉදිරියේ තිබෙන්නේ පක්ෂ අතර බල අරගලවලට වඩා ආර්ථිකය බේරා ගැනීමේ අභියෝගය ප්‍ර‍ධාන විය යුතු සංදර්භයක්. විවේචන කරන්නට හරි ලේසියි. ඒ වගේ ම එක එක මනෝරාජික අදහස් දේශනා කරන්නටත් පුළුවන්. එහෙත්, මේ මොහොත විසින් ඉල්ලා සිටින්නේ ප්‍රායෝගික විසඳුම්. අප සංවාද කළ යුත්තේ ඒ ගැනයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය බෙදීම්වලට යනවට වඩා මධ්‍යම පන්තිය පැහැදිලිව වෙන කර ගන්න පුළුවන්, ආදායම සහ ප්‍රදේශය අනුව ගත්තාම. එහෙම ගත්තාම ලංකාවේ 60% කටත් වඩා නිර්ධන පන්තියේ ඉන්නේ... මේ කොටසට ඔය ම්ධ්‍යම පන්තිය කියන අයත් ඉන්නවා.. ඒත් කියන්න ලැජ්ජයි.. අපේ රටේ ධනේෂ්වර පන්තිය මහින්දගේ කාළේ ප්‍රසාරනය උනා පුදුම විදියට ඒ අය අතරේ ජෙනුවින් බිස්නස් කාරයෝ වගේම කම්බ හොරුත් ඉන්නවා.. බ්ලැක් මනී කාරයෝ ටික තමා වැඩි. අද ලංකාව කියන්නේ ආදායම් විශමතාවය වැඩිම රටක්. ආන්ඩුව කරන්න ඕන දේශීය ආදයමෙන් අති බහුතරය ගිලින අර ධනේශ්වරයෙන් බදු ගහන එක.. ඒත් ඒ කාලකන්නි කරන්නේ 90% විතර හිඟන්නොන්ට බදු ගහන එක. එහෙම ගැහුවාම අර 60% ට වහ කන්න තමයි වෙන්නේ.. මේ කාලකන්නි ටැක්ස් ගහලා නම් ආන්ඩුවේ පඩි ගෙවන්නේ. මේ රෙද්ද වැඩි නොකර උන්නා නම් ඊට වඩා හොඳයිනේ..

    මේ ප්‍රශ්ණය ලේසියෙන් විසඳන්න බෑ නොමිලේ කන කාලකන්නි කන්දරාවක් ඉන්න තුරා... ඔය වී වගාවත් එහෙම විකාරයක් නේ.. පටන් ගන්න තැන ඉඳන් මිළ දී ගැනීම දක්වා සියල්ල ආන්ඩුවෙන්... පාරොභෝගිකයින්ටත් හාල් පොතක් දුන්නා නම් ඉතිරි ටිකත් ෂෙප්.. මෙහම හරක් පාළණය කරන රටකට අබ සරණ මිස වෙන සරණක් නම් නැත.

    ReplyDelete
    Replies
    1. හා හා බ්ලැක් මනී කාරයෝ කියන්න එපා, එයාල ගරු කටයුතු නම්බුනාම තියන ජනතාවට සේවය කිරීම උදෙසාම ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යන ධානපතින්. ඔන්න ඔව්වා අමතක කරලා දාලා එෆ් එම් එකක් ටියුන් කරගන්න.

      Delete
    2. මාත සහ පැරා,

      පොඩ්ඩක් ගොයල බලන්න මෙච්චර කල් ලක්ස්ෂ 5 ක් වසරකට ස්තාවර තැන්පතු පොලි සදහා 5% බද්දක් ගැසුවා. අනෙක් අයට බද්දක් ටිහ්බුනේ නෑ.

      හිතන්න ලක්ෂ 5 ක වාර්ෂික පොලියක් ඇති කෙනෙකුට කොපමණ මුදලක් තියෙන්න ඕනෙද ?

      දැන් සිදුවී ඇති දේ සොයා බලන්න මේ රජය මේ 5% මුදල 2.5% ට අඩුකරා හැබැයි දැන් මේ 2.5% පොලිය සියලුදෙනා තම ස්තාවර ත්න්පතු පොලිය සදහා ගෙවියයුතුයි.

      කොහොමද ටිකිරි මොලේ (Socialism for the rich)
      දැන් සිදුවී ඇත්තේ ධනපතියන්ට වරප්ප්‍රසාද ලබාදී දිළින්දන්ට බදුගසිමයි.

      පොඩ්ඩක් වෙන දේ ගැන හොයන්න පැරා

      Delete
    3. මේ රජය කරන ගොරකම් පෙන්න නෙමෙයි කරන්නේ හැබැයි බිලියන ගණනින් සිදුවන බව කරුණාවෙන් තේරුම් ගන්න, තව එකක් පැරා අලි යන හිල් නොවසා කෘමින් යන ගුල් වැසීම කොච්චර ප්‍රායෝගිකද?

      Delete
    4. අනේ ගොනෝ ඔහෙට එතකොට අවුරුදු 10 තිස්සෙ මෘග, චෞර මරා කරපු අලි හොරකම් පෙනුනෙ නැත්ද? 2020 දී රනිල් මේ රටේ රාජ්‍ය නායකයා වෙනවා, 2030 වෙනකම් ත්ක්යෙන යූඑන්පී ආන්ඩුව මේ රට සුරපුරක් කරනවා..
      එජාප විරෝදී, රනිල් විරෝදී, බටහිර විරෝදී, ඉන්දීය විරෝදී ඔහේ වගේ ගොබ්බයොද රට හදන්න හදන්නෙ...

      Delete
    5. Lankika Sithuwili ---- උඹලට පේපෑල් දෙන්නෙම නෑ.

      Delete
    6. AnonymousApril 23, 2016 at 5:33 PM

      හා හා පෙත්ත ගනින් ඉක්මනටම පිස්සු තදවෙලා

      Delete
    7. AnonymousApril 23, 2016 at 7:56 PM

      ඉතින්? අපිට පුකද?

      Delete
  2. එලඹෙන වැට් බද්ද පැරා තුමා ඇතුලු පවුලේ සැමට සාමය සහ සෞබාග්ය උදා වීමට හේතු වේවා යැයි ස ර ස තුමා සුබ පතයි!

    ReplyDelete
    Replies
    1. තමාට තමාම "තුමා" කියා කියාගන්නා මොංගල් සා ර ස දද්දොත්තර උන්නැහේටත් පවුලේ සැමටත් වැට් බද්ද ඇතුව හෝ නැතුව සතුට සවුබාග්ගය උදා වී තවදුරටත් මොන්ටිසෝරි ටයිප් මෝඩ චූන් ගන්නට හැකිවේවා කියා උන්නැහේගේ අල්ලපු ගෙදර කොන්දොස්තර තුමාගේ බල්ලා වන "බූලා උතුමා" ප්‍රාර්තනා කරන ලදී.

      Delete
    2. තැන්කූ බූලා තුමෝ...

      Delete
    3. මේ යකා ආචාර්ය උපාධි දාරියෙක් ඔයී... නාතදෙවියෝ වගේ ගොන් නමක් හදා ගන්න දඟලන බුවෙක්... තමන්ට තුමා කියා ගන්න කෑල්ල නම් චාටර්....

      Delete
  3. අර හොරකම් කල ට්‍රිලියන ගානෙන් කීයක් හරි ගෙන්න ගත්තනම් බදු ගහන්න ඕන්නෑ. කොහෙද ඉතින්, ඒ සල්ලි හොරකම් කරපු එවුන්මනේ බදු වැඩි කරන්නෙත්.

    ReplyDelete
    Replies
    1. හොරු බාගයක් සිරිසේනගේ රෙද්ද අස්සේ... ඉතිරි ටික බාගන්න පුක ඉරාගෙන ට්‍රයි එක...

      මහ රජ ඔය ගූ ගොඩවල් ඇර වෙන ගූ ගොඩවල් ඇත්තේම නැද්ද...?

      Delete
  4. මේ ප්‍රශන වලට උත්තර දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවාද?

    1.1 මහින්ද රාජපක්ෂ බලයට එන විට මේ රටේ ගෙවීමට ඉතිරිව තිබූ මුළු ණය ප්‍රමාණය කොතරම්ද?

    1.2 මහින්ද රාජපක්ෂ විසින් ලබා ගත් මුළු ණය ප්‍රමාණය කොතරම් ද?

    1.3 එම ණය වලින් ඊට පෙර අරගෙන තිබූ ණය ගෙවීමට වියදම් වුනු මුදල කොපමණද?

    1.4 එම ණය වලින් සංවර්ධනය සඳහා වියදම් වුනු මුදල කොපමණද?

    1.5 එම ණය වලින් හොරකම් කෙරුනු මුදල කොපමණද?

    2.1 මෛත්‍රීපාල සිරිසේන බලයට එන විට මේ රටේ ගෙවීමට ඉතිරිව තිබූ මුළු ණය ප්‍රමාණය කොතරම්ද?

    2.2 මෛත්‍රීපාල සිරිසේන විසින් ලබා ගත් මුළු ණය ප්‍රමාණය කොතරම් ද?

    2.3 එම ණය වලින් ඊට පෙර අරගෙන තිබූ ණය ගෙවීමට වියදම් වුනු මුදල කොපමණද?

    2.4 එම ණය වලින් සංවර්ධනය සඳහා වියදම් වුනු මුදල කොපමණද?

    2.5 එම ණය වලින් හොරකම් කෙරුනු මුදල කොපමණද?

    ReplyDelete
  5. කොම්‍රේඩ් අනුර කුමාර ට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. සරසයා තාම මහින්දගේ ගූ කාලා ඉවර නෑ වගේ.. මේකට මහින්ද ගෙදර යවපු කිසි කෙනෙක් පෙනෙන්න බැහැනේ යකෝ...

      Delete
    2. බොලේ හැබෑට... කොම්‍රේඩ් අනුර මහින්දා ලොක්කත් එක්ක බන්කොක් ද දන්නෙ නැහැ නේ?

      Delete
    3. @ Anonymous April 24, 2016 at 5:40 AM

      සාරසගේ හැසිරීම් රටාව පහසුවෙන්ම විස්තර කරන්න පුළුවන් එයාගේ පවුල් පසුබිම සහ පසුව ලැබූ අධ්‍යාපනය සැළකිල්ලට ගත්තහම. එතකොට ඔබට පෙනෙයි සාරස, මහින්දගේ [...] කෑම එතරම් අරුමයක් නොවෙන වග.

      Delete
    4. //කොම්‍රේඩ් අනුර මහින්දා ලොක්කත් එක්ක බන්කොක් ද දන්නෙ නැහැ නේ?//
      කොම්රේඩ් අනුර බන්කොක් යෑම කෙසේ වෙතත් ඔයාගේ මහින්ද ලොක්කා නම් “බංකොලොත්“ වෙලා වගේ..

      Delete
  6. ඔය විදුලි බල මණ්ඩලයේ ඉන්න මසකට ලක්ෂ හය හත ගන්න අයගෙන් බ බදු ගන්නේ නැද්ද?

    ReplyDelete
  7. අප රටේ විප්ලවය ජනවාරි 8 සිදුවුනු නිසා, විප්ලවය ලෝක මට්ටමින් සිදු කිරීම සඳහා අනුර සහෝදරයා මේ වන විට රටින් රට ට යමින් ඒ ඒ රටවල විප්ලවවාදීන් හමුවී ඔවුන් සමග සකච්ඡා කිරීම සඳහා උත්සාහ කරමින් සිටිනවා. ඒ අස්සේ පංති පහ ද පුළු පුළුවන් මට්ටමින් පැවැත්වීමට ද ප්‍රයත්නයක් දැරෙනවා. එහෙත් පොඩි පරහකට, ඇත්තේ වෙනත් රටවල විප්ලවවාදීන්, අනුර සහෝදරයා එනු දුටු විට බිය වී පලා යාමයි. එම නිසා, ජනවාරි 8 විප්ලවය ලෝකමට්ටමින් සිදු කිරීමේ සුළු ප්‍රමාදයක් තිබිය හැකි නමුත් (චීයා), ඒ ගැන කිසිදු කුකුසක් තබා නොගත යුතු පැලවත්තෙන් දැන ගැනීමට ඇත.

    ReplyDelete
  8. හොරි කහපිය... ගිණි පිඹපිය... හොරි කහපිය.. ගිණි පිඹපිය...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා