හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල අසලදී එජාප මන්ත්‍රීන්ට පහර දුන්නේ කවුරුද?

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් පිරිසක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල බලන්නට ගිය අවස්ථාවේ එහි සිටි ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත හා සංවර්ධනය නමින් කරන මංකොල්ල‍යේ ස්වභාවය කදිමට රටට හෙළි කළේ ය.

එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් ගන්නා ලද මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ ඉහත ඡායාරූපයේ තිබෙන හිස් පසුබිම මත්තල ගුවන් තොටුපලේ යථාර්ථයට දෙස් දෙයි. මන්ත්‍රීවරුන්ට අඩන්තේට්ටම් කිරීමට පැමිණෙන එක් පුද්ගලයෙක් කියන්නේ අද ගුවන් තොටුපලට ගුවන් යානා තුනක් බැස්සවූ බවයි. ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හා ගුවන් යානා තුනක්! මේක නේ ද ආශ්චර්යය, හසන්ත මහත්තයෝ!

මෙම ප්‍රහාරය අනිවාර්යයෙන් ම ආණ්ඩුවේ මහ තැනක් විසින් මෙහෙයවන ලද බව පෙනේ. තමන් එහිි ගියේ නාමල් රාජපක්ෂගේ උපදෙස් මත යැයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පවසා තිබේ. ඔහු කලබලය මැද පිස්තෝලයක් අතින්‍ ගෙන දිව එන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස අතර සිටි එක් අයෙක් කියන්නේ තමන් හම්බකරගෙන කන්නේ මෙම 'සංවර්ධන' ව්‍යාපෘතිවලින් බවයි. ඇත්තෙන් ම මේ පිරිසට මෙම ව්‍යාපෘති ලොතරැයි දිනුම් වැනි ය. රාජපක්ෂ පවුලට හා ආණ්ඩුවට කඩේ යාමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මහ එවුන් විසින් මහජන මුදලින් කා ඉවත ලන ලද දිව්‍ය භෝජනයේ කටු සූප්පු කිරීමේ අවස්ථාව ලැබී තිබේ. නිකම් සිට මහජන මුදලින් ගානක් කපා ගැනීමට මග පාදා තිබෙන මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘති රැක ගැනීමට කුණු බිත්තර, ගල් මුල් හා ගිනි අවි රැගෙන ඔවුන් රැස් වන්නේ එහෙයිනි.

ඇත්තෙන් ම මේ වනාහි කුපිත වූ මහජනතාව තමා ය. ආණ්ඩුවට ඡන්දේ දෙන මහජනතාව මොවුහු වෙති. ඔවුන්ගේ බඩ වියත පවතින්නේ දේශපාලුවන් විසින් ඔවුන්ට විසි කර දී තිබෙන මේ ඉඳුල් මත ය. ඇත්තෙන් ම මොවුහු ද මහ දේශපාලුන් වැනි ම පරපෝෂිතයෝ ය. දූෂිතයෝ ය. එහෙම නැතිව සමහර සමාජවාදීන් සිතා සිටින ආකාරයේ නොමග ගිය අහිංසක ජනතාව නොවේ.

රාජපක්ෂ පාලනයේ පැවැත්ම සුරක්ෂා වන එක් රහසක් මෙයයි. එනම්, දූෂණය බෙදා ගැනීමයි. මට්ටම් කීපයක් ඔස්සේ බෙදා ගනු ලබන දූෂණයේ පහළම මට්ටම අපට මත්තලදීත්, හම්බන්තොටදීත් දක්නට ලැබිණි. මොවුහු ඔබගේ නිවස වටේමත් සිටිති. සමහරවිට ඔබ ද ඔවුන්ගෙන් කෙනෙකු විය හැකි ය. ඔබ ජීවත් වන්නේ ද දූෂණයෙන් සූරා ගන්නා ලද මහජන මුදලින් විය හැකි ය. 

එය විවිධ ආකාරයෙන් සිදු විය හැකි ය. නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර පඩි ගන්නා රැකියා, බදුවලින් නිදහස් වාහන, මහජන මුදලින් නඩත්තු වන වාහන, දරුවකු ජනප්‍රිය පාසලකට දමා ගැනීමේ දේශපාලන අනුග්‍රහය ආදිය උදාහරණ කීපයකි. 

අප මේ දූෂිත ක්‍රමයට එරෙහිව සටන් කරන්නේ නම් එය අපෙන් පටන් ගත යුතු ය. මේ දූෂණය භුක්ති විඳින ගමන් එයට එරෙහි සටන්වලට නායකත්වය දෙන්නට බැරි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ඉහත ඡායාරූපය මට සිහි කළේ යූඇම්පීයේ මුල් කාලයේ රජකළ බයිසිකල් චේන් හමුදාවයි.

    වෙනස නම් මෙදා පිස්තෝල තිබීමත් එදා digital camera සහ Internet නොතිබීම ය.

    ReplyDelete
    Replies
    1. පැරා, කකා,

      මෙදා පොටේ මීමුරේ මාමට නත්තල්. මොකද මෙදා සැරේ සයිබර් අවුරුදු උළෙලේ කඹ ඇදීමේ තරඟයේ ජයග්‍රාහකයින් වෙනුවෙන් මීමුරේ හොලිඩේ රිසෝට් වෙතින් 50% ක වට්ටමක් සහිතව මීමුරේ සුන්දර ගම්මානයේ දින දෙකක් ගත කරන්න අවස්ථාව ලබාදෙන්න සූදානමින් ඉන්නේ. කව්ද කැමති තමන්ගේ ශක්තිය උරගා බලන්න?

      පැරා කැමති නැද්ද මීමුරේ රැයක් ගත කරන්න? පැරා,කකා සයිබර් අවුරුදු උත්සවේට එන්නවද? ෆෝම් එක පුරවන්න පැරා.

      අනික තව දෙයක් පැරා, මම කැමතියි දවසක පැරා එක්ක එකතු වෙලා හීනියට අඩියක් ගහන ගමන් දේශපාලනේ ගැන කතා කරන්න. මම එන්නම් මතුගමට. පැරා කැමතියිද?

      අපි දන්නවා පැරා ටැබ් එකකින් හරි ඇවිත් මේකේ කොමෙන්ට් බලනවා කියලා. ඒ හින්දා මෙ කොමෙන්ට් එක දැක්කේ නෑ වගේ බොරුවට ඉන්නේ නැතිව රිප්ලයි එකක් දාන්න.

      Delete
    2. දැන් හැබැටම ඔය කියනා කඹ ඇදීමේ තරඟයෙන් ඉන්දික උපශාන්ත දින්නොත් මොනවා වෙයිද? පොර මීමුරේ මාමා එක්ක රැයක් ගත කරන්න මීමුරේ යයිද?
      ඔබේ පිළිතුර කතන්දර@ගුමේල්.කොම් වෙත ඒවා වටිනා සුරුට්ටු,කැමරා,ලැප්ටොප් සහ තෙල් බේත් දිනා ගන්න.

      සැනසිලි තෑගී ලෙස මෝඩයා ලවා කේන්දරය පරික්ෂා කර දෙනු ලැබේ.

      Delete
    3. කවුරු දින්නත් දෙයියන්ගෙ නාමෙට මීමුරේ යනව නම් ගෑනු උදවිය ගෙදර තියලා පුකට ඉන්ෂුවරන්ස් එකකුත් අරගෙන පලයල්ලා......

      මීමුරේ යනකොට ගේ පරිස්සම් කරගන්න... නැත්නම් මීමුරේ උන් ගෙදර

      Delete
    4. ඔන්න පැරා අවුරුදු උත්සවේට ගියාට කමක් නෑ. කඹ අදින්න නං යන්න එපා. මොකද වැරදිලා වත් දින්නොත් පැරාට මීමුරේ ටුවර් එකක් යන්න වෙනවනේ.

      මීමුරේ ගියා කියන්නේ බඩුම තමයි. පැරා සහ පවුලේ කට්ටිය මීමුරේ රැය ගතකරන අතරතුරේ මීමුරේ උන් මතුගම ඇවිත් පැරාගේ ගෙට වැඩේ දෙයි. පැරාගේ කබල් කොම්පීතරේත් උස්සන් යයි. ආයේ අපිට බලන්න බ්ලොග් ලියන්න වෙන එකකුත් නෑ.

      ඒ විතරක් යෑ, පුකත් (පුක යනු කුණුහරුපයක් නොවේ-කතන්දරකාරයා) නැතිව තමයි මීමුරේ රැය ගතකරලා අපහු එන්න වෙන්නේ.

      ..

      ඉහත පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙනි.

      ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ, ඔස්ට්‍රේලියාවේ එන්න එපා. අවොත් තලනවා ඇට ඇට කිව්වේ මී ඇට. බෙහෙතට ගන්නවනේ.

      Delete
    5. ඇනෝ මචං..මේ කමෙන්ට් එක නං සිරාවටම පට්ටයි බං !!!

      Delete
    6. බ්ලොග් අවකාශේ බෙටි වලට වාහන අලුත්ම නිල මැස්සා "පත්තර මල්ලි".

      අපි මිමුරයත් එක්ක එක බලා ගන්නම් උඹ උබේ වැඩක් බලා ගනින්

      Delete
    7. ඒයි පත්තරේ අයි බන් උඹ කුණුවල ඔච්චර කැමති ??

      Delete
    8. :D කමක් නැද්ද මචං ?? බෙටි වලට වාහන නෙමෙයි මචං "වහන" ,
      ඉස්සෙල්ල 1 වසරට ගිහිං අකුරු ඉගනගනින්..ඊට පස්සෙ වරෙන්... හරි !! දැන් පලයන් .

      Delete
    9. ඔයා ගොඩක් කල් එක වසරේ ඉන්න ඇති නේද ? වරද්දන වරද්දන වචනෙට 1 වසරට යන්න වුනාම ගොඩක් කල් යනවනේ.

      Delete
  2. Democracy kiyana dey wedagathma kaella andu pakshaya nevei wipakshaya. Wipakshayak nethi ratak prajatantrawadi naha wagema wipakshayak tiyenna denne nethi ratakuth prajatantriya naha.

    lankawe deshapalanaya tiyenne tawama balansha mattame. minissu chanden hemadama pathkaraganne Nari. E nari tamanwa kanakota wath terenne na kanawa kiyala ilanga parath e narima api pathkaragannawa balayata.

    me ratata hari yanne na minissu wenas wenakan.

    ReplyDelete
  3. //රාජපක්ෂ පාලනයේ පැවැත්ම සුරක්ෂා වන එක් රහසක් මෙයයි. එනම්, දූෂණය බෙදා ගැනීමයි//
    එකගයි,
    නමුත් ආණ්ඩුව ප්‍රදාන ආර්ථිකයට අමතරව 'කළු' ආර්ථිකයක් දැනුවත්ව මේන්ටේන් කරනවා නේද? මේ කඩු, පොලු, චෙන් හමුදාවන් අයත් වෙන්නේ ඉහත කියූ 'කළු' ආර්ථිකයට නේද ?මෙතෙන වෙන්නේ දූෂණය බෙදා ගැනීමට වඩා කළු ආර්ථිකයේ කොටස් කරුවන් විම නේද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය කළු ආර්ථිකය තව දුරටත් ස්ථාපිත වෙයි ආණ්ඩුවේ කැසිනෝ සිහිණය සැබෑවුන දවසට. අදවෙන කොට රටේ බොහෝ දේ මෙහෙයවන්නේ ඇනෝ කියන කළුපටි ආර්ථිකයෙන් කියලා තමයි මමත් හිතන්නේ.

      Delete
    2. ආර්ථිකයෙන් වැඩි කොටස කළු ආර්ථිකය. ඒ ගැන හොඳ සටහනක් ගියා රාවයේ ප්‍රභාෂ්වරගේ ආර්ථික කොළමේ..

      Delete
    3. //ප.ලි. - මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ අනුග්‍රාහකත්වය දරන Oceanic Games ආයතනය එදින සහභාගීවන්නන්ගේ වියදම් වලින් කොටසක් ද ආවරණය කිරීමට කටයුතු යොදා ඇති බැවින් ඇතුලත්වීමේ ගාස්තුව රු 200/= ලෙස සංශෝධනය කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කලා.
      http://cyberfestival.blogspot.com/2014/04/blog-post.html //
      ha haaaaaaa !!!!!

      Delete
    4. ආසියාවේ ආශ්චර්යය.

      Delete
    5. ආසියාවේ ආශ්චර්යය.

      Delete
  4. ආසියාවේ ආශ්චර්යය.

    ReplyDelete
  5. කොහොම නමුත් ආංඩුවේ ඉන්න ඉස්ස්තරං මොළ කාරයින්ගේ කාතා වලින්ම මහින්දගේ ආච්ඩුවේ සංවර්ධන වැඩ පිලිවෙල තේරුණා මේ වැඩෙන්.කළුතර රත්තරං මහත්තයා කියනවා මේ සංවර්ධන වැඩ නිසාවෙන්ලු ඒ ප්‍රදේශයේ ජනතාව බත් පැකට් එකක්,තඹිලි ගෙඩියක් විකුණාගෙන ජිවත් වෙන්නේ,ඉතිං ඒක කඩාකප්පල් කිරිමට ගිය යු.ඇන්.පි මන්ත්‍රීලාව දැක්කම ප්‍රදේශයේ ජනතාවට මල පැනලා උන්ට හතර අතේ නෙලන්න ගත්ත එක රෝහිත අබේගූනවරධන නොහොත් රත්තරං ලාට බැරිලු.යකෝ මෙහෙම සංවර්ධනයක් කරලාත් ඒ පැත්තේ ජහමනයා බත් පැකට්,තැඹිලි ද විකුනන්නේ.හරිනං හම්බන්තොට තියෙන්න එපායෑ ලංඩන්,පැරිස්,නිව්යෝක් වගේ,මේ මොන බඩ මාලුවක්ද.

    ReplyDelete
    Replies
    1. හම්බන්තොට තියෙන්නේ ඉතින් ලොවෙත් නැති සන්වර්දන්නේ. හම්බන්තොට සංවර්දනය වගේ එක මින්ස්සුන්ගේ ඔලු උඩින් යනෙකක් කියන එක නම් රහසක් නෙවෙයි. නමුත් අනාගත සන්වර්දනයකට අවශ්‍ය අඩිතාලම ( යටිතල පහසුකම් සංවර්දනය හරහා ) දාල තියනවා කියලයි මට හිතෙන්නේ. මේක මිනිස්සුන්ට අදරේකට කල එකක් කියනවටත් වඩා දීර්ග කාලින චන්දපදනම බලාපොරොත්තුව කල දෙයක් වගෙයි පෙන්නේ. (මහින්ද දන්නවා සිංහල මිනිස්සු ඕනෑවටත් වඩා කෘතඤ පුර්වක ජාතියක් බව, චන්දෙදි වඩාත්ම බලවත් සිතුවිල්ල !). නමුත් මහින්ද අමතක කරනවා ධනපති සංවර්දනය හරහා උවත් මිනිස්සු යම් මට්ටමක දැනුවත්වෙන බව ( දැනුවත් කෙසේ වෙතත් අපි කියමු තොරතුරු ලැබෙන බව). රැවටිල්ල හැමදාම කරන්න බෑ නේ. හම්බන්තොටින් කොළඹ චන්ද ප්‍රතිපලය එන එකනම් වැඩි අතක නෙමෙයි.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා