ජුරාසික් පාක් කතාව ඇත්ත විය හැකි ද? ඩයිනෝසර පැටවකු ඉපදුණා ද?

අන්තර්ජාලයේ ක‍්‍රියාපදයක් තිබෙනවා ‘වයිරල් වෙනවා’ කියලා. යම් කතාවක්, වාර්තාවක්, ඡායාරූපයක්, වීඩියෝවක්, වයිරසයක් පැතිරෙන්නාක් සේ වේගයෙන් පැතිරී යාම හඳුන්වන්නේ වයිරල් වීමක් ලෙසයි. එහිදී එය පැතිරවීම සඳහා පාඨකයෝ විශාල දායකත්වයක් සපයනවා. ඔවුන් තමයි එය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බෙදා ගනිමින් පතුරුවා හරින්නේ.

ලෝක ප‍්‍රකට ජුරාසික් පාක් චිත‍්‍රපටයේ කතාවට අනුව විද්‍යාඥයෝ ශාඛමය කොටස් තුළ පොසිල බවට පත් වූ මදුරුවන්ගේ රුධිරයෙන් ඩයිනෝසර ජාන ලබාගෙන ක්ලෝනකරණයෙන් ඩයිනෝසරයන් බිහි කරනවා.

ක්ලෝනකරණය කියන්නේ ඡුායා පිටපත් ලබා ගැනීම වැනි දෙයක්. හැබැයි මෙහිදී සිදු වන්නේ ඞී.එන්.එ්.වල පිටපත් ලබා ගැනීමයි. මෙය විද්‍යාගාරවල කෘත‍්‍රිමව සිදු කිරීම ඔස්සේ ජීවීන්ගේ ක්ලෝන පිටපත් ලබා ගැනීම පිළිබඳ පර්යේෂණ සිදු වෙනවා. එ් පිළිබඳ මතභේද හා ගැටලූ රැසක් තිබෙනවා.

ජුරාසික් පාක් චිත‍්‍රපටයේ කතාව ඇත්ත කරමින් එංගලන්තයේ ලිවර්පූල්හි ජෝන් මුවර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් ක්ලෝනකරණයෙන් ඇපටොසෝරස් නම් ඩයිනොසෝර වර්ගයට අයත් පැටවකු නිර්මානය කර ඇති බවටත්, ඌ ‘ස්පොට්‘ ලෙස නම් කර ඇති බවටත් වාර්තාවක් ඡායාරූපයකුත් එක්ක පසුගිය සතියේ වයිරල් වුණා.

එවැනි සිද්ධියක් ඇත්තෙන් ම සිදු වුණා නම්, එය ලෝක ඉතිහාසයේ සන්ධිස්ථානයක් වෙනවා පමණක් නොවෙයි, එමගින් සොබා දහමට ඇති වන බලපෑමත් අති විශාලයි.

වාර්තාවේ කියැවුණ විදියට ඩයිනෝසර් පොසිලවලින් ලබා ගන්නා ලද ජාන පැස්බරියකට එන්නත් කිරීමෙන් තමයි මෙම පැටවා ලබාගෙන තිබුණේ.

එහෙත් විද්‍යාඥයෝ මේ වාර්තාව ප‍්‍රතික්ෂේප කළා. විද්‍යාත්මක පරීක්ෂණ මගින් මේ වන විට තහවුරු කර තිබෙන ආකාරයට පොසිල හරහා ඩයිනෝසරයන්ගේ ඞී.එන්.එ්. ලබා ගැනීම කළ නොහැක්කක්. එයට හේතුව තමයි ඞී.එන්.එ්.වල ජීව ගුණයේ කල් පැවැත්මේ හැකියාව අවම වීම. ඞී.එන්.එ්.වල අර්ධ ජීව කාලය අවුරුදු 521ක් බව ගණනය කර තිබෙනවා. ඞී.එන්.එ්.වල අර්ධ ජීව කාලය කියන්නේ එ්වායේ ගුණය අඩකින් අඩු වෙන්න ගත වන කාලයයි. තව අවුරුදු 521ක් යන විට ඉතිරි වී තිබෙන බන්ධනත් බිඳ වැටී ජීව ගුණය තවත් අඩකින් පිරිහෙනවා. තව අවුරුදු 521කින් තවත් අඩක් පිරිහෙනවා. මේ විදියට ගිහින් උපරිම අවුරුදු මිලියන 6.8ක් ගත වන විට සියලූ බන්ධන බිඳ වැටී ඞී.එන්.එ්.වල ජීව ගුණය සම්පූර්ණයෙන් ම නැති වී යන බව විද්‍යාඥයෝ තහවුරු කර තිබෙනවා. මේ කාලය පවතින්නේත් ඉතාම හොඳ පාරිසරික තත්වයක් තුළ පොසිල පැවතුණොත් විතරයි. හැබැයි, වසර මිලියන 1.5ක් පසු වන විට විට ඞී.එන්.එ්. හඳුනා ගන්න බැරි තරමට පිරිහිලා. එහි ඉතිරි වී තිබෙන දෙයින් විස්තර ලබා ගැනීම කරන්න බැහැ.

වසර මිලියන 6.8ක් ගත්තත්, එය කිසි සේත් ම ඩයිනෝසරයන් ජීවත් වූ යුගයට ආසන්න වන්නේ නැහැ. සොයාගෙන තිබෙන පැරණි ම ඩයිනෝසර පොසිලත් වසර මිලියට 65ක් විතර පරණයි. එ් නිසා ජුරාසික් පාක් කතාව සැබෑ වීමේ කිසිදු හැකියාවක් නැති බව මේ වන විට විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.

මෙම පුවත පළ කර තිබුණු නිව්ස් හවුන්ඞ් නම් වෙබ් අඩවිය මෙවැනි ප‍්‍රබන්ධ පළ කිරීම සඳහා ප‍්‍රසිද්ධ වෙබ් අඩවියක්. මෙවැනි ප‍්‍රවෘත්ති පළ කිරීමේ අරමුණ මුදල් ඉපැයීමයි. මෙම පුවත් වයිරල් වීමත් සමග එම වෙබ් අඩවි වෙත දැවැන්ත පාඨක සංඛ්‍යාවක් පිවිසෙනවා. දැන්වීම් හා වෙනත් වෙළඳ උපායන් මගින් ඔවුන් සුවිසල් මුදලක් උපයා ගන්නවා. 

මෙම පුවත සමග ප‍්‍රචාරය කර තිබුණු ඡායාරූපය කැන්ගරු වැනි සතකුගේ අලූත උපන් පැටවකුගේ එකක් බව ජීව විද්‍යාඥයෝ පවසනවා.

ඔබ මෙවැනි පුවත් බෙදා ගන්නා ඇතැම් සමාජ ජාල පිටුවලට පිවිසෙන විට ම ඔබගේ සමාජ ජාල පිටුව භාවිතා කරමින් ඔවුන් එම පුවත ඔබගේ මිතුරන් අතරත් පතුරුවා හමාරයි. අවසානයේදී සිදු වන්නේ ඔබත් පිළි නො ගන්නා දෙයක් ඔබගේ සමාජ ජාල පිටුව භාවිතා කරමින් ඔබ විසින් පතුරුවා හැරීමයි.

පසුගිය සතියේ අප සාකච්ඡා කළ අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳවත් කුමන්ත‍්‍රණ න්‍යාය අන්තර්ජාලය හරහා වයිරල් වෙන ආකාරය දකින්නට ලැබුණා. එවැනි එක් වාර්තාවකින් කියැවුණේ මේ ගුවන් යානය ඇමරිකාව විසින් පැහැරගෙන ගොස් මුහුදට කඩා වැටෙන්නට සලස්වා ඇති බවයි. එහෙත්, මෙම තර්කය ඔප්පු කිරීම සඳහා සාධක වාර්තාවේ නැහැ. මිනිසුන් තුළ සාමාන්‍යයෙන් ම මෙවැනි කුමන්ත‍්‍රණ න්‍යායවලට ඇල්මක් තිබෙනවා. ජාවාරම්කරුවන් එ්වා භාවිතා කරමින් මුදල් උපයන ආකාරය දකින්නට ලැබෙනවා. 

(ජනරළ 2014 - 04 - 06) 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මොනවා කරන්නද?බොරුවක් හරි කියලා තමන් ජනප්‍රිය වෙන්න හදන අය ඕන තරම් ඉන්නවනේ.කට්ටියක් අර කතරගම දිව්වේ දෙවියෝ වඩිනවා කියලා.ඊට පස්සෙ ඔය වගේ මොකක් හරි දූසමාන ආරංචියක් ආපු ගමන් කට්ටිය ඒක බෙදා හරිනවා.මොකද මිනිස්සුන්ට මොන දේ දුන්නත් විචාර බුද්ධිය කියන දේ දෙන්න බෑනේ.

    ReplyDelete
  2. අන්තර්ජාලය භාවිතයෙන් නිකං දෙනවා වගේ පේන දෙයකින් වියාපාරික ආයතන අති විශාල ප්‍රමාණයක් මුදල් උපයා ගන්න ආකාරය මට වඩා 10 ගුණයක් බුද්ධිමත් වයිදයවරයෙකුට පැහැදිලිකරලා ක්ලියර් කරලා දෙන්න පැයක් වගේ කාලයක් මිඩංගු කරන්න සිද්ද උනා. පොදු ජහමනයා ගැන කවර කතාද ?

    ඒක මිනිස්සුන්ගේ වැරැද්දට වඩා මේ විෂය සම්බන්ධ නොදැනුවත්කම

    ම.සෝ.පි

    ReplyDelete
    Replies
    1. උකුණු පුකක් තරම්වත් මොළයක් තිබුනනම් උබ කොමෙන්ට් කොටයිද මේකෙ...

      Delete
  3. මං හිතුවෙ පැරා දන්නෙ වාංශික බෙටි ගැන විතරමයි කියල. දැන්නෙ දන්නෙ මේ පැරාගේ දැනුමේ තරමමමමමමමමමමමමමමමමම. බැලින්නම් පැරාගේ ඇග හැමතැනම මොලේ නොවෑ... ඉංජෙක්සොං එකක් ගහන්නවත් තැනක් නැහැ.

    දැන් එතකොට ඩයිනෝසොසර්ර්ර්ර්ර්ර් ධනවාදීද? වාමාංශිකද? :D

    ReplyDelete
  4. ජොපමාල අම්මේ.... පරාගේ ලිපි 2019308 කියෝල.. ලිපියක් රුපියලක් වුනානම් පැරා අද ලස්සපතියෙක්... රුපියල් 5ක් වුනානම් පැරා අද කෝටිපතියෙක්...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් හාමිනේට ඉදිරිපත් කරපු මොක් බිස්නස් ප්ලෑන් එක 2009 දී බ්ලොගේ අරඹන්න කලින්!

      Delete
  5. ඔය ගොසිප් වෙබ් අඩවි කියවනවාට වැඩිය හොඳයි අර පැරා ගේ ප්‍ර්‍රියතම දිණමින පත්තරේ කියවන එක.

    ReplyDelete
    Replies
    1. ඇයි තමුසෙගෙ කක්කා පඩ චූ ජංගි විකුණන අමු කුණුහරප ටොයිලට් අඩවිය.

      Delete
  6. Pada Ganda Witharai..ko..Guoooo nene..?

    ReplyDelete
  7. Para....23 da 24 da..loku..???

    ReplyDelete
  8. අනේ මුගෙ දැනුමෙ තරම තමයි.මූ ලෝකෙම තියෙන දේවල් දන්නවද දන්නවලු . ඒ කොහොමද දන්නවද මිනිස්සු එක්ක දේශපාලනය කරලලු. ඒ කියන්නෙ හැම එකාම ආස්සරේ කරල ඉගෙන ගන්නව කියල. අවුරුදු කෝටි ගනන් පරණ මදුරු ඩී එන් ඒ ත් හොයාගෙන. එකට ජේවීපී කරපු විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් ඉන්න ඇති බයෝ කරල ඇන ගත්ත එකෙක්. උගෙන් අහල මූ පෝස්ට් එකක් දාල. බැරි සිල් නොගනින් අබරෝ කියන්නෙ ඕකයි.

    තව කියවපන් මොට්ටපාල .උබ ඉංගිරිසිත් දන්න මනුස්සය නේද?

    ReplyDelete
    Replies
    1. හොඳමයි පඬිතුමනි

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා