ආගමික පොලිසිය හා අනාගමික සාමය

ආගමික ගැටලූ විසඳම සඳහා වන විශේෂ පොලිස් එ්කකය අද පෙරවරුවේ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් බෞද්ධ හා ආගමික කටයුතු පරිශ්‍රයේදී විවෘත කරන ලදී.

එහිදී අදහස් දැක්වූ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් කියා සිටියේ ආගමික කි‍්‍රයාකාරකම් සම්බන්ධ පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම මෙම පොලිස් ඒකකයේ අරමුණ බවයි.

විවෘත කර සුළු වේලාවකින් සිහල රාවය සංවිධානය එහි පැමිණිල්ලක් දැමුවේ බුදු දහමට කරන ලද නිග්‍රහයන් සම්බන්ධ පැමිණිලි තුනක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා නො කරන බවටයි. 

මේ ආගමික පොලිසියට එන පැමිණිලි කුමන අන්දමේ ඒවා වනු ඇද්ද යන්න ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.  සාමාන්‍යයෙන් මේ පැමිණිලි මෙසේ වනු ඇතැයි අනුමාන කළ හැකි ය:
  • ආගමික හරවාගැනීම්වලට එරෙහි පැමිණිලි
  • ආගම් ප්‍රචාරයට එරෙහි පැමිණිලි
  • ආගම්වලට එරෙහි ප්‍රචාරයන්ට එරෙහි පැමිණිලි
  • ආගමික නිදහසට බාධා කිරීමට එරෙහි පැමිණිලි
  • යම් ආගමික නායකයන්ගේ ආගමිකභාවය පිළිබඳ පැමිණිලි
  • ආගමික අයිතිවාසිකම් පිළිබඳ පැමිණිලි
  • දේපල ආරාවුල්
  • ආගමික නායකයන් අතින් සිදු වන අපරාධවලට එරෙහි පැමිණිලි
ආගම් බිහි වුණේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ය. දැන් ආගම්වල හා ආගම් අතර ප්‍රශ්න විසඳීමට  පොලිසි පත් කරන්නට සිදු වී තිබේ. අහෝ ආගම්වලට ගිය කල!

ආගම් අදහන්නන් ආදර්ශයට ගත යුත්තේ අප වැනි ආගම් නො අදහන්නන් ය. මන්ද,  ඉහත කී ආකාරයේ පැමිණිලි කරන්නට අපට නම් කිසිදු උවමනාවක් නැත. 

එහෙත්, මෙහෙම ගියොතින් අපගේ ආගම් නො අදහා සිටීමේ අයිතියට ද බලපෑම් කරන සමයක් උදා වනු ඇද්දැයි කියන්නට බැරි ය. උදාහරණයක් ලෙස මා පෝයට පන්සල් නො ගිය බවට ආගමික පොලිසියට පැමිණිලි කරන සමයක් එයි ද යන්න සැක සහිත ය.

ආගම් අදහන ඔබ ගැන ඇත්තෙන් ම ආගම් නො අදහන අපට කණගාටු ය. ආගම බරකි. එය අත්හැර දැමූ අපි ඉතා සැහැල්ලු ය. අපට ලබන ආත්මයක් හෝ ස්වර්ගයක් හෝ ගැන කල්පනා කරමින් ආතතියට ලක් වන්නට උවමනාවක් නැත. අප කටයුතු කරන්නේ අප විසින් සකසා ගන්නා ලද විනයක් තුළ ය. එහි හරි වැරදි බලා ගන්නේ ද අප ම ය. අපි නිදහස් ය. 

ප.ලි: මාක්ස්වාදය ආගමක් ලෙස අදහන්නන් ද ආගමිකයන් අතරට ඇතුළත් විය යුතු ය. අහවලා අපෙන් කඩාගෙන ගියා, අපට බැන්නා, මාක්ස්ව විවේචනය කළා ආදී වශයෙන් කරන පැමිණිලි ද මේ පොලිසියට ම කරනවා නම් හොඳ ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මේක අපේ නිතිය සහ ක්‍රමයෙ ්තියන අවුලක්. නීතිය කියන එක තුල වෙනස් කොට සැලකීමේ කිසිම අවස්ථාවක් තිබෙන්නට බැහැ. ආගම් වලට බලෙන් හරවා ගැනීම වරදක් කියලා කොහොමද කියන්නෙ/ මිනිහෙක්ට ලක්ෂයක් දෙකක් හම්බෙනවා නම් ඒ මිනිහා ඉරිදට පල්ලියට ගිහින් පැයක් ඉදලා ආවම මොකද වෙන්නෙ?
    නීතිය අනුව ලංකාව තුල මුස්ලිම් අයට එකකුත් උඩරට අයට එකකුත් කසාද නීති දෙක තුනක් තිබෙනවා. නමුත් මේ තරං සංකීර්න නොවී අදට ගැලපෙන විදියට වඩාත් සරල විදියට නීතිමය ප්‍රතිපාදන හදලා ඔය ආගම් කියන ජාති අහෝසිවන විදියටත් ආගමික නායක කාරකාදීන්ට තිබෙන බලය අඩුවෙන විදියටත් ප්‍රතිපාදන ගෙනාවෙ නැතොත් මේක අර මියන්මාරය වගේ බෞද්ධ තලේබාන්ලා ඉස්ලාම් අල්ක්වයිඩාලා පිනුං ගහන මෘග දිවයිනක් බවට පත්වේවි.

    ReplyDelete
  2. ආගම අදහනවට වඩා ධර්මය පිළිපදිනවානං ඔය ප්‍රශ්ණ මොකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් අන්‍යාගමිකයාව මරන්න කියල තියෙන ධර්මය පිලිපැද්දොත්? විසේසයෙන් අර සුද්දවූ යුද්දෙය ළමයි හදන කාලකන්නි?

      Delete
  3. ලිස්ට් එකේ (අඩුම වශයෙන්) එකක් මග හැරිලා.

    - ලමා අපචාර

    ReplyDelete
  4. හැත්තැව දශකයේ අග භාගයේ ධර්මසේන පතිරාජ “බඹරු ඇවිත්“ ෆිල්ම් එක හැදුවා ඒ චිත්‍රපටයේ අවසානයට සාමකාමීව මිනිසුන් වාසය කරපු පොලීසියක් නොතිබූ ගමකට පොලිසියක් එනවා. ඒ ගමේ පොලිසියක් පිහිටවනවා. මුලු ගමම විඳී විසුරුන ගමක්. මම හිතන්නේ පතිරාජගේ ඒදා ඒ දෘෂ්ඨිය අදටත් වලංගුයි. මේ සිදුවන්නෙත් ඒ දේමයි

    ReplyDelete
  5. බලාගෙන පැරාව හත් වෙනි තට්ටුවට ගෙන්නයි...

    ReplyDelete
  6. ඔය අමුඩවලින් මේ අතීසාරය නවත්වන්න බැහැ.
    මේක නානසාර-අතීසාර!!

    ReplyDelete
  7. සුපිරි ලිපියක්.

    ReplyDelete
  8. ආගම් බිහි වුණේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ය. දැන් ආගම්වල හා ආගම් අතර ප්‍රශ්න විසඳීමට පොලිසි පත් කරන්නට සිදු වී තිබේ. අහෝ ආගම්වලට ගිය කල!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා