Posts

රෝගීන් හැටදාහක් විතර රෝහල්වල මැරෙනවා

Image
  2019 වසරේත් රජයේ රෝහල්වලමරණ 58,976ක් වුණා. හැබැයි, ඇතුළු වූ ලක්ෂ 75ක් (7,418,884ක්) පණ පිටින් ගෙදර ගියා. හැම අවුරුද්දකම මේ වගේ. 2019දි රෝහල්වල සිදුවුණ මරණ 59,000ට ආසන්න සංඛ්‍යාවෙන් ඉතා සුළු පිරිසක් ඖෂධ වැරදිලාත්, වෛද්‍ය නොසැලකිල්ල නිසාත් මැරෙනවා ඇති. ඒත් දැනගන්න කොයි තරම් පිරිසක් සුව වෙනවාද කියලා. ලංකාවේ වසරකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය හදිසි අනතුරු ලක්ෂ 30-40 වෙනවා. 10,000-12,000ක් මැරෙනවා. එහෙම බැලුවත් මැරෙන්නෙ සුළු පිරිසයි. ඒ අතරත් බේරාගන්නට හැකියාව තිබුණු සුළු පිරිසක් මැරෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ අවුරුද්දකට මරණ 150,000කට වඩා සිදුවෙනවා. මේ අතරින් තුනෙන් පංගුවකටත් අඩුවෙන් තමයි රජයේ රෝහල්වලදී මැරෙන්නෙ. නිවාසවලදී සිදුවන මරණ, හදිසි අනතුරු හා රිය අනතුරු මරණ, මිනීමැරුම්, සියදිවි නසාගැනීම් ආදී වශයෙනුත් මරණ සිදුවෙනවා. ලංකාවෙ රජය ඕනැම ආයතනයක කරන ප්‍රසම්පාදන නීතිමය සීමාව ඇතුළෙ පවා ගැටලු සහගතයි. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලි ඇතුළෙ තියෙන ගතිකත්වයන් නිසායි එහෙම වෙන්නෙ. හදිසි අවස්ථාවලදී ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය වංචනික නිලධාරින් අවභාවිතා කරනවා. දේශපාලකයිනුත් ඒවාට සම්බන්ධයි. මේ මොහොතේ රෝහල්වල සිදු...

මං විප්ලවීය දේශපාලනය අතහැරලා නැහැ.

Image
  අජිත් පැරකුම් ජයසිංහ මගේ කතාව ඉතා සරලයි. ලංකාව ඉදිරියේ පාරවල් තුනක් තියෙනවා. 1. සමාජවාදය 2. ධනේශ්වර ක්‍රමය ප්‍රතිව්‍යූහගත කිරීම 3. අරාජිකවාදය 2022 අර්බුදය හමුවෙ සමාජවාදී විකල්පයේ අභියෝගය භාරගත්තෙ කවුරුද? අපි ඒක පාර්ශ්විකව ණය ගෙවීම කල් දානවා, පුළුවන් කාලෙක ගෙවනවා, එතකල් අපි පුළුවන් විදියට ආර්ථිකය ගොඩනගමු, අරපිරිමැස්මෙන් කටයුතු කරමු, සමාජවාදී ක්‍රමයකට හැරෙමු කියලා ජනතාවට කියන්නට කාටවත් ධෛර්යය තිබුණද? නැහැ. ජවිපෙ පවා කතා කරන්නෙ ධනවාදය ප්‍රතිව්‍යූහගත කරන ආකාරය ගැනම තමයි. හැබැයි, ඔවුන් ඇත්තෙන්ම පෙනී ඉන්නෙ තියෙන තත්වය රැකගන්න. ඒක කරන්න බැහැ. හොරුන් නොවන පිරිසක්ය කියා තමන් හඳුන්වා ගන්නා පිරිසක් අතට බලය ගත්තාය කියලා ආදායම් වියදම් තුලනය කරගන්නෙ නැතුව රජයවත්, රටේ ආර්ථිකයවත් පවත්වාගෙන යන්න බැහැ. ඔවුන් හිතන තරම් සරල ප්‍රශ්නයක් නෙමෙයි ආර්ථිකයෙ තියෙන්නෙ. රනිල් කළේ ධනේශ්වර ක්‍රමය ප්‍රතිව්‍යූහගත කරන්නට අවශ්‍ය පියවර ගැනීම. ඒවා කරන විදිය ලස්සනද කැතද කියන එක එච්චර වැදගත් නැහැ. මොකද, කළේ නැතිනම් මේ රටට පැවැත්මක් නැහැ. නොකළොත් වෙන්න පුළුවන් දේ අපි 2022දී දැක්කා. කාටද ආපහු ඒ තත්වය ඕනැ. ඒ නිසා මං ආණ්ඩු...

පේරාදෙනිය රෝහලේදී මොකක් වෙන්න ඇතිද?

Image
  ඊෂා කප්පරගේ ඕනෑම බෙහෙතකට අධිසංවේදී ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. ඒ රෝගීන් බේරා ගෙනත් තියෙනවා. ඒවාට ප්‍රතිකාර කරන්න සුදුසු ටීම් එකකුත් ඕන වාට්ටුවක ඉන්නවා. බෙහෙතුත් තියෙනවා. ඒවාට අවශ්‍ය උපකරණත් තියෙනවා. මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීමට කලින් සකසා ගත් වෙනම emergency tray කියලා එකක් ඕනැම වාට්ටුවක තියෙනවා. එහි තියෙන ඕෂධ කල් ඉකුත් වෙලාදවල සියලුම උපකරණ තියෙනවද කියලා හැමදාම උදේට හෙදියක් චෙක් කරනවා. මේවා ගැන වැරදි ප්‍රකාශ කරන එක වැරදියි. මෙතන මොකක්ද සිද්ද වුනේ කියලා හරියට හොයාගන්න ඕනැ. (රෝගියා ඇඳෙන් නැගිටලා දුවලා තියෙනවා) මේක වැරදීමකින් වුණාද, ඇත්තටම අධිසංවේදී ප්‍රතික්‍රියාවක් නිසා වුණාද කියලා හොයා බලන්නැතුව ඊට අදාළ පුද්ගලයන්ට බනින එක සාහසිකයි. වෘත්තිය නිසා චෝදනාවන්ට ලක්වන පුද්ගලයන් මානසික අවපීඩනයකට පත් කරනවා. ඔවුන් රෝහල්වල සේවය කරන්න ඕනැ. මෙහෙම දේවල් වෙනවා කියලා සේවය අතහැර යන්න බැහැ. සමාජයම එකතුවෙලා ගහනකොට ඒ සේවකයන්ට මොකද වෙන්නේ? මේවා පිළිබඳ අවබෝධයක් මිනිස්සුන්ට දෙන්න ඕනැ. මෙහෙම සිදුවීමක් වුණ හැටියෙ සමාජ මාධ්‍ය ඉතා කැත විදියට චෝදනා කරනවා. ඉතා වැරදි අවබෝධයක් මිනිස්සුන්ට ...

ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයෝ

Image
  ආර්ථික මධ්‍යස්ථාන අයිති කෘෂිකර්ම අමාත්‍යාංශයට. ඒවායේ කඩ දීලා තියෙන්නෙ බද්දට. ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයන් කියා පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ගොවියාත්, වෙළෙන්දාත් අතර මැද ඉඳගෙන මිල තීරණය කරන්නෙ. ඔවුන් අධික ලාභයක් ලබනවා. නාඩිකාරයන් නිසා එළවළු හා පලතුරු මිල ඉහළ යන බව වාර්තා වෙනවා. නාඩිකාරයන් ගොවීන්ට ඍජුවම වෙළෙන්දන්ට නිෂ්පාදන අලෙවිකරන්නට දෙන්නේ නැහැ. නාඩිකාරයන්ට දේශපාලන අනුග්‍රහය ලැබෙන බව කියනවා. ගොවීන්ට කෙළින්ම එළවළු හා පලතුරු වෙළෙන්දන්ට විකිණීමට අවස්ථාව ලබාදෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසනවා. කෙළින්ම ගොවීන්ගේ නිෂ්පාදන මිල දී නොගන්නා කඩ හිමියන්ගේ බදු ගිවිසුම් අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා. Adapted from praja.lk

කුණුහරුප කියන සාදු, ICCPR පනත සහ වෛරී ප්‍රකාශ කිරීමේ වල් බූරු නිදහස

Image
පසුගියදා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විසින් නතාෂා පෙරේරාට ඇප ලබාදීමේ නියෝගය සමග සිදුකරන ලද පැහැදිලි කිරීම අතිශය වැදගත්ය. දැන් දැන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති (ICCPR) පනත සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවල යහපත් සංවර්ධනයක් දක්නට ලැබේ. රාජාංගනයේ සද්ධාතිස්ස හිමිට ඊයේ ඇප ලැබුණි. එහිදී කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා පැවසුවේ එම භික්ෂුව විසින් කරන ලද වරද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරිය යුතු වරදක් නොවන බවයි. අසභ්‍ය වචන භාවිතා කරමින් සැකකාර භික්ෂුව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති ප්‍රකාශ තුළින් ආගම් හා ජාතීන් අතර සංහිදියාව බිඳී යාමක් සිදු නොවන බවත් බැණ තර්ජනය කිරීම් පමණක් සිදු කර ඇති බවට නිරීක්ෂණය වන බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියා. ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංක...

මේ පඬු කරඳ ගස හැර වෙනත් පඬු කරඳ ගස් තිබේද?

Image
“මේ වන විට අපි Crudia zeylanica ගස් වෙනත් ස්ථාන හයකින් සොයාගෙන ඇති අතර සමහර ගස් පළමු ඒවාට වඩා පැරණි බව පෙනේ” යනුවෙන් රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අචල අත්තනායක 2021දී මොන්ගාබේ ජාත්‍යන්තර පරිසර වෙබ් අඩවිය වෙත පැවසීය. මේවායින් සමහරක් ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සොයා ගත් අතර අනෙක් ඒවා ආධුනික උද්භිද විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු මගින් සොයා ගත් බව අත්තනායක පැවසීය. එක් Crudia zeylanica නිදර්ශකයක් දාරළුව ගසේ සිට කිලෝමීටර් 30ක් (සැතපුම් 17ක්) පමණ දුරින් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ ගං ඉවුරේ වැඩෙයි. පේරාදෙනිය උද්භිද උද්‍යානයේ විද්‍යාඥයින් විසින් විශේෂ ප්‍රතිසාධන සැලැස්මක කොටසක් ලෙස මෙම ශාකය වගා කිරීමට උත්සාහ කිරීම සඳහා දාරළුව ගසෙන් බීජ ලබාගෙන ඇත. “බීජ වලින් 70-80%ක් සාර්ථකව ප්‍රරෝහණය වී තිබීම දිරිගන්වන සුළුයි,” යි අත්තනායක 2021දී පැවසීය. පළමු පිංතූරයේ ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා කපා දමන ලද දාරලුවේ පඬු කරඳ ගසයි. දෙවෙනි පිංතූරයේ ඇත්තේ 2021 පැළයි. සංවර්ධනයේදී පරිසරයට හානි සිදු වේ. ලංකාව ව...

ආර්ථික යුක්තිය ඉටු කරන්නේ කෙසේද?

Image
  ආර්ථික යුක්තිය ඉටු කළ හැකි මූලික පදනමක් දැනටමත් රජය විසින් ගෙනැවිත් තිබෙන දූෂණ මර්දන පනතෙහි තිබෙනවා. එමගින් තත්වය අල්ලස හා දූෂණය පිළිබඳ තත්වය වෙනස් කරන්නට පුළුවන්. අතීතයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් විමර්ශන කර නීති මගින් කටයුතු කිරීමට කිසිවෙකු විරුද්ධ ඇතැයි මා සිතන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියන පරිදි අතීතයට බලපාන නීති හදන්නට හැකියාවක් විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය (UDHR) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අනුව නැහැ. ආර්ථික යුක්තිය පිළිබඳ කාරණේදි බොහෝ අය තමන්ගේ වගකීමෙන් බැහැරව තමයි යුක්තිය හොයන්නෙ. මං මේක පොඩි උදාහරණයකින් පෙන්නන්නම්. අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තයත් යැපුණෙ රාජ්‍ය සේවය වගේම රජයෙන්. ඒ කියන්නෙ රජය එක්ක කොන්ත්‍රාත් කිරීමෙන්. මේ කොන්ත්‍රාත්වලදි දේශපාලකයන් කොමිස්, නිලධාරීන් අල්ලස්, ලොකු කොන්ත්‍රාත්කරුවන් විශාල ලාභ, උප කොන්ත්‍රාත්කරුවන් වංචා ආදී වශයෙන් බාස්ලා, අත්වැඩකාරයන් දක්වා ගසා කෑවා. මේ ගසා කෑවේ මොනවද? විදේශ හා දේශීය ණය. හැබැයි, අන්තිමට හැමෝම සුදනො වෙලා දේශපාලකයගෙන් විතරක් ආර්ථික යුක්තිය ඉල්ලනවා. ගත්ත ණයවලට මොකක්ද වුණේ අහනවා. ප්‍රශ්නයක් ...

පොදු ප්‍රවාහනය වෙනස් කිරීම සමාජ පරිවර්තනය සඳහා අත්‍යවශ්‍යය

Image
  අජිත් පැරකුම් ජයසිංහ බොහෝ බස් හිමියන් කරන්නේ බස් රිය කොන්දොස්තරවරයකුට කොන්ත්‍රාත් දීමයි. එම කොන්දොස්තරවරයා හා රියදුරා කටයුතු කරන්නේ දඩයමේ යන්නන් පරිදිය. හතර වටේට කෝල් කරමින් බස් එන හැටි අසමින් රියදුරා අධි වේගයෙන් අපරීක්ෂාකාරීව රිය පදවයි. අනතුරක් වළක්වා ගැනීමේ හැකියාව ඔවුන්ට නැත. රේස් යති. මාර්ග නීති නොතකති. පාර මැද්දේ නවත්තා සෙනග ගනිති. රණ්ඩු වෙති. තදින් බ්‍රේක් ගසති. හෝන් ගසති. බසය තුළ විවිධ ලයිට්ය. සංගීත සංදර්ශනය. සයිලන්සරයට ද හෝන් සවි කර ඇත. රියදුරාට පාර නොපෙනෙන තරම් බුදු පිළිම, ඇත් දළ, මල් වට්ටි, දේව පිළිම, මල් වැල්, ටසල්, කොඩි, බෝනික්කන්, ප්ලාස්ටික් පලතුරු, ස්ටිකර් ආදිය ඉදිරි වීදුරුවල ඇත. හැම තැනම සුදු යකඩ පොලුය. මේ බස් නිසා සෙසු රියදුරන්ගේ අවධානයට හා දෘෂ්ටියට බාධා සිදු වේ. ඒ ඒවායේ ඇති විවිධ ලයිට් වර්ග, රූප, හෝන් ආදිය නිසාය. කොහොමත් මේ බස් නිසා මගීන්ගේ මෙන්ම පාරේ යන වෙනත් වාහන හා පදිකයන්ගේ පමණක් නොව පාර දෙපස නිවෙස්වල වැසියන්ගේ ජීවිත ද අනතුරේය. ඇතැම් කොන්දොස්තරලාගේ වැඩේ කොතරම් සෙනග හිටියත් සෙනග පීරාගෙන ඉස්සරහ සිට පස්සට නිතර ගමන් කිරීමයි. සිටගෙන සිටින පිරිස අතර කාන්තාවන් වැඩි ...

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ

Image
  අද දින මහජන බලය හමුවේ රටින් පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ 2019දී බලයට පත්වුණේ 69 ලක්ෂයක ඡන්දවලිනි. සිංහල ඡන්දවලින් පමණක් වුව ජනාධිපතිවරණය ජය ගත හැකි බව ඔහු ඔප්පු කළේය. ඔහු සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ ජනාධිපතිවරයකු නොවේ. ඔහු එක්තරා අන්දමකින් පොදු අපේක්ෂකයෙකි. ඔහු බලයට පත් කළ ජාතික අපේක්ෂාවක් තිබිණි. ඒ කුමක්ද? 2019 වන විට ලංකාව ආර්ථික, දේශපාලනික මෙන්ම ආරක්ෂාව පැත්තෙන් පවා අරාජිකවාදයකට ගොදුරු වෙමින් තිබිණි. මෙම අර්ධ අරාජිකවාදය හමුවේ ගෝඨාභය දිනවූ ජාතික අපේක්ෂාව වුණේ අරාජිකවාදය අවසන් කිරීම, ආර්ථික, දේශපාලනික හා සමාජ විනය, රාජ්‍ය කාර්යක්ෂමතාව හා රාජ්‍ය මූලිකභාවය රැකගනිමින් නිදහස් වෙළඳපොළ ශක්තිමත් කිරීමයි. එහෙත් සිදු වූයේ එහි අනෙක් පැත්තයි. ඔහු ආ හැටියේ බදු ලිහිල් කරමින් රාජ්‍ය ආදායම බිඳ දැමුවේය. එයින් ඔහු ව්‍යවසායකත්වය දිරිගන්වන්නට බලාපොරොත්තු වන්නට ඇත. එහෙත්, මාස කීපයකින් කොවිඩ් අධි වසංගතය පැමිණියේය. ඔහු වටා සිටි සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත ඔහු අනවශ්‍ය තරම් රට වසා තැබුවේය. එයින් ආර්ථිකයට වන දීර්ඝ කාලීන හානිය තැකුවේ නැත. එසේම, රාජ්‍ය අරමුදල...

බෑ කියන හැටි

Image
ලිංගිකව හැසිරෙන්නට කෙනෙකුට ආරාධනා කරන්නෙ කොහොමද? මේ ප්‍ර‍ශ්නය ඔබටත් ඇති. හැබැයි ඉතින් මේ ගැන හරි අවබෝධයක් නැති අය හේතුවෙන් බොහෝ විට සිදු වන්නේ වඩා අධිපති බලවේගය වන පිරිමින්ගේ පැත්තෙන් ලිංගිකව එක් වීම සඳහා ස්ත්‍රීන්ට බලපෑම් සිදු වීමයි. ඒ වගේ ම, අනෙක් පැත්තටත් එය සිදු වෙන්නට පුළුවන්. කැමැත්තෙන් තොරව සිදු වන ලිංගික ක්‍රියා ලිංගික හිංසනයන් ලෙස සලකන්නට පුළුවන්.  විවාහකව සිටින අයෙකු සම්බන්ධව ගත්තත් එය ලිංගික හිංසනයක්. ඇතැම් අවස්ථාවලදී ලිංගික හැසිරීම සඳහා වෙනත් පාර්ශ්වවලින් දැඩි පීඩනයක් එල්ල වෙනවා. බොහෝ විට මිතුරුකම පවත්වා ගැනීමට මෙන්ම සහකරුවන් / සහකාරියන් සතුටු කිරීම සඳහා ද මෙසේ ලිංගිකව හැසිරීමට සිදු වෙනවා. එහෙත්, ලිංගිකව හැසිරීම හෝ එසේ නො කිරීම තනිකර ම අදාළ පාර්ශ්වයන්ගේ කැමැත්ත මත පමණක් ම සිදු විය යුතු දෙයක්. තීරණය ඔබ අතේයි. ඔබ අකැමැති නම් බෑ කියන්නට ඔබට අයිතිය තිබෙනවා. ඒ බෑ කීම විනීත විදියට කරන එකත් වඩා හොඳයි. කලබැගෑනියක් ඇති කර ගැනීමෙන් අනෙක් පාර්ශ්වය පමණක් නො ව, ඔබත් අපහසුතාවට පත් වන්නට පුළුවන්. එසේම, බලහත්කාරයක් නො වන අවස්ථාවලදී අනෙක් පාර්ශ්වයේ පෞද්ගලිකත්වයට...

පොලිසිය අයිසීසීපීආර් පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක්

Image
  2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ අංක 3 දරන ඡේදය අනුව, යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි ගැන්වීමක් හෝ අන් ආකාරයක සැලකීමක්, එකිනෙකාට විරුද්ධත්වයක් දැක්වීමක් හෝ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව දක්වා තිබේ. එසේ කරන හෝ එසේ කිීරීමට ප‍්‍රයත්නයක් දරන හෝ එවැනි ක‍්‍රියාවකට අනුබල දීමක් කරන හෝ එවැනි ක‍්‍රියාවක් කරන බවට තර්ජනය කරන  ඕනෑම කෙනෙකු එම වරදට වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව අවුරුදු 10ට නොවැඩි හිර දඩුවමක් නියම කළ හැකි බවත් එවැනි අයෙකුට ඇප දීම කළ හැක්කේ මහාධිකරණයකදී පමණක් බවත් ප‍්‍රකාශයට පත් කොට ඇත. ලංකාවේ සිදුවන  ඕනෑම අපරාධයක් පිළිබඳව පරීක්ෂණ කිරීමේ බලය ඇත්තේ අපරාධ නඩු විධිවිධාන පනතේ එන විධික‍්‍රමයන් යටතේ පමණි. එම විධික‍්‍රමය යටතේ යම් අපරාධයක් කිරීම පිළිබඳව පැමිණිල්ලක් පොලිසියකට ලැබුනහොත් ඒ ගැන පරීක්ෂණය කරන ආකාරය අපරාධ නඩු විධිවිධාන පනත යටතේ ඉතා පැහැදිලිව ප‍්‍රකාශයට පත් කොට ඇත. පළමුවෙ...