Posts

උගන්ඩාව ගැන පනිරෙන්ඩාවේ කුඩු අමින් ලියූ කවිය

Image
(පනිරෙන්ඩාවේ කුඩු අමීන් විසිනි) උගන්ඩාව අපි ඔබට ආදරෙයි අපේ ජනපතිත් ඔබට ආදරෙයි ඔබ ඔහු කැන්දූ හන්දා කැන්දා  පිළිගත් හන්දා බෝට්ටුවෙන් අපි ගියත් රටින් රට අපේ මැතිඳු ඒ ලෙස කොහි යන්නද උගන්ඩාව ඔබ හින්දා රට සවාරියක් ලැබුණා අනේ අපට හරි සතුටුයි අපට මාර ජොලියි ආසියාවෙ අපි ආශ්චර්යයයි අප්‍රිකාවෙ ඔබ ආශ්චර්යයයි ඉන්දියානුවන් පැන්නූ උගන්ඩාව වාගේ අපටත් දවසක  එහෙන් ආ එවුන්  පන්නන්නට පුළුවන් ඉඩි අමින් වගේ වීරයන්  බිහි කරන්න අපි කැමතියි එහෙ වගේ තමයි මෙහෙත් ඉලෙක්ෂන් එතුමා තමයි මුළු රටේ සිලෙක්ෂන් උගන්ඩාව වාගේ ගමක් අපට ඇත්තේ පනිරෙන්ඩාවේ අමීනුයි මේ කවි මේ ලෙස ලිව්වේ  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

'වැට කඩුළු අස්සේ - මල් පිපුණු බිස්සේ' ම සැඟවී යන ආදරයේ උණුසුම

Image
වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්න මගෙ රත්තරං. මං ගාවින්ම උණුහුම නොදී හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ අපි පා වෙමුද තුරුළටම වී ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ සංසාරයම මම නුඹගෙ වී තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං සංසාරයම මම නුඹගෙ වී තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් සංසාරයම මෙය මට නොදී වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං. මං ගාවින්ම උණුහුම නොදී වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං. මං ගාවින්ම උණුහුම නොදී වැට කඩුළු අස්සේ මල් පිපුණු බිස්සේ අපි හැංගෙමුද උණුහුමට වී සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ දැන් මට දෙන්න නුඹ මගෙම වී ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං මං ආවොත්ද නුඹ මට හිමි වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං. මං ගාවින්ම උණුහුම නොදී වස්සානයට අත වනල ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නෙ ඇයි රත්තරං. මං ගාවින්ම උණුහුම නොදී ගායනය - උමාරා සිංහවංශ සංගීතය - අමිල දිල්හාන් ගී පද - එස්. මාධව මම මේ ගීතය රස වි...

අපේ ගෙදර අලුත් විදුලි බිල වැඩි වීම රු. 900යි

මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කර ඇති නව සංශෝධනය අනුව, අපේ ගෙදර විදුලි බිල වැඩි වන ආකාරය අධ්‍යයනය කර බැලීමි. කලින් යෝජනා වූ විදුලි බිල වැඩි වීම අනුව අපේ ගෙදර විදුලි බිල රු. 1000කින් පමණ වැඩි වීමට නියමිත අන්දම මෙම ලිපියෙන් පෙන්වා දුන්නෙමි. අලුත් සංශෝධනය අනුව විදුලි බිල වැඩි වන්නේ මෙසේය: ඒකක 31-60 දක්‌වා ඒකකයක්‌ රුපියල් 4.70 බැගින් ගණනය කරනු ලැබේ. ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 35 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 60.00 ක්‌ද අයකරනු ඇත. ඒකක 61 සිට සංශෝධිත විදුලි ගාස්‌තු අයකරනු ලබන අයුරු මෙසේය. ඒකක 61-90 පළමු ඒකක 60 සඳහා රුපියල් 10.00 බැගින් අයකරනු ලැබේ. සෙසු ඒකක 30 ඒකකයක්‌ රුපියල් 12 බැගින් ගණනය කරනු ඇත. ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 10 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 90.00 ක්‌ද අයකරනු ලැබේ. ඒකක 91-120 පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 දක්‌වා රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 දක්‌වා රුපියල් 26.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ. ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 ක්‌ සහ මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 315 ක්‌ අයකරනු ඇත. ඒකක 121-180 පළමු ඒකක 60 රුපියල...

බ්ලොගර් සමග බ්ලොගිං කරනවානම් සැලකිලිමත් විය යුතු කාරණයක්

Image
මවිසින් පවත්වාගෙන යනු ලබන ඉංග්‍රීසි බ්ලොගයේ ඵළ වූ ලිපියකට එරෙහිව DMCA හෙවත් (Digital Millennium Copyright Act) පැමිණිල්ලක් ලැබී ඇති බව හා ඒ අනුව එම පෝස්ටුව ප්‍රකාශයට පත් කරන ලද (published) තත්වය වෙනස් කොට කෙටුම්පත් (draft) තත්වයට පත් කළ බව මට මෙම බ්ලොග් අඩවිය  පවත්වාගෙන යනු ලබන බ්ලොගර් සමාගම විසින් දැනුම් දී තිබේ. ලිපිය පළ කර ඇත්තේ 2010 මැයි 30දා ය. එහි මාතෘකාව How Sri Lanka President Mahinda Rajapaksa can stop war crime charges keep haunting ය. එහි ලියා ඇත්තේ අමුතු දෙයක් නොව, අප හැමදාමත් කියන දෙයකිත එනම් බටහිර විසින් නඟන යුද අපරාධ චෝදනා යටපත් කිරීමට නම් කළ යුත්තේ දෙමළ ජනයා සමග බලය බෙදා ගනිමින් සංහිඳියාව ඇති කර ගැනීම බවයි. ලිපිය යළි බ් ල ොගර්හි පළ න ො ව ේ. එය ම ග ේ ප ෞද්ගලික හ ොස්ටිං ගිනුමක ඇති බ් ල ොගයකින් මෙතැනින් කියවිය හැකිය. මවිසින් අදාළ උල්ලංඝනය කිරීම් ඉවත් නොකර ලිපිය නැවත පළ කළහොත් එම ලිපිය ඉවත් කරනු ඇති බවද, මා බ්ලොගර් සමග ඇති ගිවිසුම උල්ලංඝනය කළ අයකු ලෙස සලකන බවද, දිගින් දිගටම එසේ උල්ලංඝනය කළහොත් ගිනුම වසා දමනු ඇති බවද මට දැනුම් දී තිබේ. ලිපියේ අඩංගු ප්‍රකාශන හි...

ආණ්ඩුවේ නීතියේ හස්තය විහිදෙන දුර කෙතරම්ද?

අගමැති දි.මු. ජයරත්න විසින් මැයි 08 දින පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරන ලද පරිදි, කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඉන්දියාවේ විකටන් වෙබ් අඩවියට කරන ලද ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය මගින් විග්‍රහ කර ඇති පරිදි වැරදි වන "ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත්කිරීම, වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කිරීම හෝ පන්ති අතර සතුරු වූ ද අසමඟි වූ ද හැඟීම් වැඩිදියුණු කිරිමට තැත්කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම" යන චෝදනා මත ය. (for exact section visit Section 120 of Penal Code of Sri Lanka and the Azath Salley's interview ) මේ චෝදනාව මත තව කීදෙනෙකු නම් අත්අඩංගුවට ගන්නට පුළුවන්ද යන්න වහා විමසා බැලිය යුතුය.  පාලක රෙජිමට කඩේ ගොස්, ලැබුණු වරදාන මදි යයි සිතමින‍් අතෘප්තියට පත්ව සිටි තනි අලියෙකු වූ අසාද් සාලිට තිබුණ ප්‍රශ්නය වන්නේ සිය දේශපාලන අනන්‍යතාව නව මානයකින්  ගොඩනඟා ගැනීමයි. ඒ සඳහා මුස්ලිම් ජාතිවාදය හොඳ පාරක් ලෙස ඔහු දක්න්නට ඇත. දුරදිග බැලීමට තරම් බුද්ධියක් නැතිකමත් මේ තණ්හාව සමග මුසු වන්නට ඇත. අවසානයේදී ඔහු ක...

රිසානාලා වෙනුවෙන් කතා කරන රන්ජන් රාමනායකට අපේ ප්‍රණාමය

Image
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක සිනමා තිරයේදී බොල් වීරයකු හා අදක්ෂ නළුවකු වන මුත්, දීර්ඝ කාලයක සි‍ට මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ හිමිකම් වෙනුවෙන් කරන පෙනී සිටීම නිසා ඔහු සිය දේශපාලන ජීවිත‍යට වටිනාකමක් එකතු කරගෙන තිබේ. දුප්පත්කම නිසා අඩු වයසින් මැදපෙරදිග ගොස් සිටියදී පැටලුණ මිනීමැරුම් චෝදනාවකින් වරදකරු වී එරට රජය විසින් හිස ගසා මරා දමන ලද රිසානා නෆීක්ගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු නොකිරීම ගැන විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති ඩිලාන් පෙරේරාට එරෙහිව ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පරාජය විය. එහෙත් මේ ඝාතනයට ලංකාවේ ආණ්ඩුව ඉතා පැහැදිලිවම වගකිව යුතුය. රිසානාගේ හිස ගසා දැමීමෙන් පසුව පවා සවුදි රජය ඇය එකී වරද කරන විට බාල වයස්කාරියක බව පිළි ගත්තේ නැත. රිසානා ඝාතනයෙන් පසුව නිකුත් කරන ලද නිවේදනයකින් පවා සවුදි රජය කීවේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ගමන් බලපත්‍රය අනුව ඇය බාල වයස්කාරියක නොවූ බවයි. ජනාධිපති දක්වාම මැදිහත් වී පවා මේ කරුණ ඔප්පු කිරීමට රජය අසමත් වීම මේ ඝාතනයට මුල් විය. රිසානාලා වැනි දුප්පත් ගැහැනුන් ර‍ට පටවා මෙරටට ගෙන්වා ගන්නා විදේශ විනිමයෙන් ජොලි කරන්නන් සිටින ...

අන්තර්ජාලයෙන් තුවක්කු බාගත කරගෙන මිනීමැරිය හැකි යුගයක උදාව

Image
ලාභ ලැබීම පරම අරමුණ කරගත් ධනවාදය තුළ විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනය විනාශය ඉලක්ක කරගන්නා ආකාරය පිළිබඳ නිදසුනක් ලෙස ලිබරේටර් තුවක්කුව නම් කළ හැකිය. එය අන්තර්ජාලය හරහා බාගත කරගෙන 3ඩී මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා කර කොටස් වශයෙන් මුද්‍රණය කර, සවි කරගෙන මිනිසකු මැරීම සඳහා භාවිතා කළ හැකි ආකාරයට සංවර්ධනය කරමින් තිබෙන තුවක්කුවකි. 3ඩී මුද්‍රණය හා තුවක්කුවක් මුද්‍රණය කිරීම දක්වා එය වර්ධනය වූ ආකාරය ගැන විස්තර සහිත ලිපියක් මෙතැනින් කියවන්න.   Age of 3D printed guns and how 3D printing evolved මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

යාපනයේ අධි ආරක්ෂක කලාප: මර්දනයෙන් ආරක්ෂාව තහවුරු කළ හැකිද?

Image
යුද්ධය අවසන් වූ පසු යාපනයේ අධි ආරක්ෂක කලාප යාපනය ආරක්‌ෂක සේනා මූලස්‌ථානය විසින් අධිආරක්‌ෂිත කලාප ලෙස නම් කර දශක ගණනාවක සිට ජනතාවගේ පෞද්ගලික ගම්බිම් මත පවත්වාගෙන යන ඉඩම් හෙක්‌ටයාර 6381 ක්‌ වන්දි ගෙවා හමුදා කටයුතු වෙනුවෙන් නැවත 'නීත්‍යානුකූලව' පවරා ගැනීම සඳහා දැනුම් දෙමින් නිවේදන යාපනයේ අධි ආරක්ෂක කලාප ඇති ප්‍රදේශවල ගස් ගල්වල අලවා ඇති බව යාපනයෙන් ලැබෙන වාර්තා පවසයි. "මෙම නිවේදනයට අනුව ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවන්ට තමන්ගේ ඉඩම්වල අයිතිය නීත්‍යනුකූල ලෙස තහවුරු කිරීමෙන් පසු අධිආරක්‌ෂිත කලාපය තුළට පිවිස තමන්ගේ ඉඩම් කොටස හඳුනා ගැනීමටත්, මායිම් ලකුණු කොට ඉඩමට අයත් ප්‍රමාණය වෙන්කර ගැනීමටත් හැකිවේ," යි මේ පිළිබඳව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ජනමාධ්‍යවලට පවසයි. ඉන්පසු රජය විසින් ඉඩම්වල හිමිකරුවන්ට වන්දි ගෙවා එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු යොදා ඇති බවද මේ සඳහා රුපියල් මිලියන 400ක මුදලක්‌ රජය දැනටමත් වෙන්කර ඇතැයි ද ඇමතිවරයා පවසයි. මේ අතර උතුරු පළාතේ ඉඩම් අත්පත් කර ගැනීම හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා නොව එම පළාතේ සිවිල් ජනතාවගේ සුබසිද්ධිය හා සංවර...

සාලි හිරේ - සාදු ගෙදර

Image
අසාද් සාලි අසාද් සාලි අත්අඩංගුවේය. මුස්ලිම් තරුණයන් අවි අත‍ට ගත යුතු බව කී බව ඔහුට ඇති චෝදනාවයි.  දැන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ ඔහු මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් සමග සම්බන්ධ ද කියායි. ඔහු 'ඔව්' කියන තෙක් ප්‍රශ්න කළ යුතුය. 'ඔව්' කිව්වත්, නැතත්, ඔහු හිරේ යා යුතුය. මන්ද, ඔහු රාජපක්ෂව සිට රාජ ‍විපක්ෂ වූ අයෙකි. රාජ විපක්ෂ වන්නට ඉන්න සෙසු අය බියපත් කර එයින් වළක්වා ගැනීමට නම් අසාද් සාලි වැනි අය අනිවාර්යයෙන් හිරේ යැවිය යුතුය.   හිරේ යාම අසාද් සාලි‍ටද හොඳ වන්නට පුළුවන. මන්ද, මුස්ලිම් කොංග්‍රසයට පිටින් සි‍ටිමින් මුස්ලිම් ජනතාවගේ ගැලවුම්කරුවකු ලෙස අනන්‍යතාව ගොඩනඟා ගැනීමට ඔහුට ද උවමනා කර තිබේ. ඒ අනන්‍යතාව කේවෙල් කර ඔහුට මුස්ලිම් කොංග්‍රසයට, ආණ්ඩුවට හෝ එජාපය‍ට හෝ ලොකු තැනකින් යන්නට පුළුවන.  මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව මැයි 7දා රැස්වෙයි. ඒ රැස්වන්නේ ආණ්ඩුවෙන් යනවාද, ඉන්නවාද යන්න තීරණය කරන්නට බව ජනමාධ්‍ය වාර්තා කරයි. ඇත්තම කියනවා නම් මේ උත්තරීතර සභාව විසින් තීරණය කළ යුතුව තිබෙන්නේ තමන් රෙදි අඳිනවාද නැද්ද යන්නයි. සිය ජාතිවාදී දඩ බල්ලන් ලිහා දමමින් මුස්ලිම් ජ...

ජනාධිපතිතුමා විදුලි බිල අඩු කළ සේක. ඒත් මගේ බිල රු. 1000කින් පමණ වැඩි වී තිබේ.

Image
දැන් හරියට  ආණ්ඩුව කතා කරන්නේ විදුලි බිල අඩු කළා‍ වගේය. ජනතා විමුක්ති පෙරමු ණ ේ අනුර කුමාර දිසානායක කී පරිදි ආණ්ඩුව ජනතාවට බි ය ේ අඩියක් පස ්සට ගෙන ති බ ේ. ජනතාව සටන් කරන වා නම් ඉල්ලීම් ද ිනා ගන්නට පුළුවන . එ හෙනම් විදුලි බිල වැඩි කරලා නැති විය යුතුය. ආණ්ඩුවත් හරියට සමහර වෙළෙන්දන් වගේය. මිළ රු. 100කින් වැඩි කර රු. 10ක වට්ටමක් දෙයි. ඒත්, මිළ රු. 90කින් වැඩි කරලාය. විදුලි බිල වැඩිකිරීම සිදු වූයේ මෙසේය: දැන් වැඩි කළවිදුලි ගාස්තු අඩු කිරීම සිදු වන්නේ මෙසේය: ඒකක 66 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයිනට ඒකකයකට රුපියල් 4.70 කට පැවති මිල ගණන් යටතේ විදුලි බිල ගණනය කිරීමට විදුලිබල මණ්‌ඩලය තීරණය කර ඇත.ඒ වැඩි කළ විදුලි ගාස්‌තුවලට අනුව ඒකකයක්‌ රුපියල් 6 ලෙස ඉහළ දමා තිබිණි. ඒකක 90 සීමාව අනූහය දක්‌වා වැඩිකර එම ඒකකයක්‌ රුපියල් 8.50 යටතේ විදුලි ගාස්‌තු ගණනය කිරීමට තීරණය කර ඇත. ඒකකයේ වැඩි කළ මිළ අඩු කර නැත. නව සංශෝධනය යටතේ විදුලි ඒකක 120 සීමාව ඒකක 126 දක්‌වා දීර්ඝ කර ඇත. ඒ අනුව විදුලි ඒකක 126 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල ගණනය කරනු ලබන්නේ ඒකක 120 දක්‌වා අය කර...

අදත් වැඩ කරන මිනිහකුගේ මැයි දින පණිවුඩය: තල තෙලට වේලේ - මී බෙටි කුමට වේලේ?

Image
කැලැන්ඩර‍යේ මැය 01 දිනය උදා වී තිබේ. කැලැන්ඩර් දේශපාලනයට මැයි 01 දිනය තවත් සංදර්ශනයකට නිමිත්තක් සපයයි. අපි මැයි පළමු දින මෙසේ සංදර්ශන පවත්වන්නේ ඇයි? යුරෝපා රටවල දුර අතීතයේ සිටම සමරනු ලැබූ මැයි දිනයක් තිබේ. එය ඔවුන්ගේ සංස්කෘතිකාංගයකි. එහෙත්, අප අද සමරන්නේ ඒ මැයි දිනය නොව ජාත්‍යන්තර ශ්‍රම දිනයයි. මෙයට ජාත්‍යන්තර කම්කරු දිනය කියාද කියනු ලැබේ. පැය අටේ වැඩ දිනයක් වෙනුවෙන් ඇමරිකානු කම්කරුවන් කළ අරගළයෙන් මතු වූ ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවට සිය අයිතිවාසිකම් වෙනුවෙන් ස‍ටන් කිරීමේ වැදගත්කම සිහිපත් කරන දිනයකි. එහෙත්, ඇත්ත තත්වය ගත්තොත් අද වන විට අපේ රටේ නම් ඇතැම් කම්කරුවෝ තමන් කම්කරුවන් යයි හැඳින්වීමට පවා මැලි වෙති. බුද්ධිමය ශ්‍රමය වගුරන සුදු කරපටි රැකියා කරන අය පමණක් නොව තාක්ෂණික ශ්‍රේණිවල නිල්කරපටිකරුවෝ පවා කම්කරුභාවයෙන් දුරස්ථ අනන්‍යතා සොයති. පසුගිය කාලයේ ලංකාවේ වෛද්‍ය රසායනික කාර්මික ශිල්පීහු ‍හෙවත් කවුරුත් දන්නා සිංහලෙන් එම්.එල්.ටී.ලා සිය සේවා නාමයට විද්‍යාඥ කෑල්ලක් එක් කර ගත්හ. ලිපිකරුවෝ කළමනාකාර සහායක ලෙස තම සේවා නාමය වෙනස් කරගත්හ. දුම්රිය රියදුරන්ට හෙවත් එන්ජින් ඩ්‍රයිව...