Posts

2010න් පස්සෙ මාරාන්තික උපවාස

Image
වසර 2200දී සිද්ධියක් You may also like to read our English blog   Lanka Polity

රජයේ සේවකයා කම්කරුවෙක්ද?

Image
(2010 ජුලි 21,  W3Lanka )  පසුගිය දිනෙක අප රජයේ සේවකයන්ගේ රු. 2500 වැටුප් සටන ගැන ලියන ලද  2500 වැටුප් වැඩි වීම, අලුත් බදු, රජයේ සේවක කම්කරුවෝ හා හම්පඩ වෘත්තීය සමිති   නම් ලිපිය පිළිබඳ උරණ වූ වෘත්තීය සමිති නායකයකු විසින් අසන ලද ප්‍රශ්නයක් නම් රජයේ සේවකයන් කම්කරුවන් නො වන්නේ ද යන්නයි.  කම්කරුවා යනු යම් මිළකට ශ්‍රමය විකුණන්නකු ලෙස නිර්වචනය කරන්නේ නම් ලංකාවේ රජයේ සේවකයෝ ද කම්කරුවෝ වෙති. එහෙත්, බොහෝ රජයේ සේවකයන් ශ්‍රමය වගුරුවන්නේ සුළු වශයෙන් වන බැවින් ඔවුන් ශ්‍රමයට ඉහළ මිළක් ලබා ගන්නා කම්කරු පිරිසකි.  ඔවුන්ට මෙසේ සිය ශ්‍රමයට ඉහළ මිළක් ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙන්නේ ඔවුන්ට වැටුප් ගෙවන රජය මහජනයාගෙන් සූරා කන බදු ආදායමින් සැලකිය යුතු පංගුවක් නිර්ලෝභී ලෙස ඔවුන් වෙනුවෙන් විසි කරන නිසා ය. රජය අසාධාරණ අන්දමින් අය කරන බදුවලින් ලබන ආදායමේ කටු ලෙවකන්නන් වන මෙම අතරමැදි පංතික පීඩක සමාජ ස්ථරය ඒ වෙනුවෙන් කටු කන බල්ලන් සේ මේ ධනේශ්වර රාජ්‍යය රැක ගනියි.  නිදසුනක් ලෙස, පසුගිය මැතිවරණවලදී ඒ වෙනුවෙන් සිය ආණ්ඩුවට නිසි ලෙස කළගුණ සැලකුවේ මේ වෘත්තීය සමිති නායකයන්ට කොකා ...

අපි නො දන්න ජගත්? මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ මෙයා

Image
(2010 ජුලි 21,  W3Lanka )  යටිතල පහසුකම් ජාලය පුළුල්කොට සංවර්ධනය කිරීම සඳහා ජගත් මූල්‍ය ආයතනයෙන් රුපියල් කෝටි 11,000ක මුදලක් ලබාගැනීමට රජය සූදානම් වන බව අද දිනම්ණ පුවත්පතේ පළ වී තිබේ. මොකක්ද මේ ජගත් මුල්‍ය ආයතනය? එහෙම එකක් ගැන මීට පෙර අප අසා නැහැ නොවැ? දිනමිණ පුවත මුල සිට අගටත්, අග සිට මුලටත් ආදී වශයෙන් කියවා බැලුවද මේ ජගත් මුල්‍ය ආයතනය කුමක්දැයි ‍දැන ගැනීමට බැරි වුණා.  ඉන් පසු අපි දිනමිණේ සහෝදර පුවත්පත වන ඩේලි නිව්ස් පෙරළා මේ හරුපය කුමක්දැයි සෙව්වෙමු. අපි නො දන්න ජගත්? මේ ඉන්නේ ගෙඩි පිටින්. The government will obtain a loan of one billion US Dollars from the International Monetary Fund (IMF) for development of expressways, ports and airports. පුවත් දෙකම ලියලා තියෙන්නේ එක ම ජයසිරි මුණසිංහ. හානේ ජයසිරි, ඔයා හරිම හොරා. ඔයා මේ කියන ජගත් මුල්‍ය ආයතනය අර අපි හොඳට දන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ. හා, හා, ඔයා අපට කොළේ වහන්න නේද හැදුවෙ? හූ, හූ අපි දන්නවා ඇයි කියලා. ආණ්ඩුව අයවැය හැදුවෙ ඔය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදියටනේ. You may also like t...

“ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” හෙවත් ජනාධිපතිගේ ඉංග්‍රීසි ශාන්තිකර්මය

Image
(2010 ජුලි 20,  W3Lanka )  ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙහෙයවන ලද “ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” වැඩසටහනට වසරක් සපිරීම වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරයක් මේ දිනවල ගෙන යමින් තිබේ. මෙය අපූරු වැඩසටහනකි. ලංකාවේ සිසු දරු දැරියන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පවතින සියලු වැඩසටහන් සහ ආයතන අප්සෙට් බව හිටි ගමන් ජාතියේ ආඩම්බරකාර තාත්තාට හා ඔහුට උපදෙස් දෙන සුනිමල් ප්‍රනාන්දුට අවබෝධ වේ. මෙහි ඇත්තක් ද තිබේ. එහෙත්, ඉංග්‍රීසි භාෂාවට මෙන් ම සිංහල භාෂාවට ද මෙකී කරුණ අදාළ විය යුතු ය. එහෙම නැතිනම්, රටේ බහුතරය වන සිංහල කතා කරන මිනිසුන්ට මීට වඩා හොඳින් තමන්ගේ මව් බස වන සිංහල බස පරිහරණය කිරීමට පුළුවන් විය යුතු ය. ගණිතය ඉගැන්වීම සම්බන්ධයෙන් ද එය එසේ ම ය. නැතිනම්, සාමාන්‍ය පෙළ විභාගයේදී දෙකෙන් පංගුවකට වඩා සිසුන් ඒ විෂය අසමත් වන්නේ නැත. එහෙත්, ඒ කිසිදු විෂයක් වෙනුවෙන් නොමැති කාර්ය සාධක බලකායක් ඉංග්‍රීසි වෙනුවෙන් ඇත. “ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” නම් අලුත් වැඩසටහනක් ද ඇත. ඒ කියන්නේ මෙතෙක් ඉංග්‍රීසි උගන්වා තිබෙන්නේ ජීවන කුසලතාවක් ලෙස නොවේ. ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍ර...

හෝර්ටන් තැන්නේ හීන් උනහපුළුවා | The Horton Plains slender loris

Image
(2010 ජුලි 19,  W3Lanka )  හෝර්ටන් තැන්නේ හීන් උනහපුළුවා ( The Horton Plains slender loris ) නම් වන මෙම ජීවියා වනාන්තර එළිපෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වඳ වී ගියේ යයි වසර 60ක් පුරා සැලකුණ, එහෙත් සියයකට අඩු ගණනක් තවමත් මෙරට ජිවත් වන බැව මෑතදී කරන ලද පර්යේෂණවලින් සොයාගෙන ඇති, ලොව වඳ වී යාමේ තර්ජනයට වැඩි ම තර්ජනයට ලක් වී ඇති ජීවීන් පස්දෙනාගෙන් කෙනෙකි.  2002දී 60 වසරකට පසු මුල් වරට දකින ලද මෙම සත්වයාගේ පළමු ඡායාරූප දැන් ලන්ඩන් සත්ව විද්‍යා සමාජය සතුව ඇත.  මෙම දුලබ ඡායාරූප ලබාගෙන ඇත්තේ රාත්‍රී මුර දහසකට වඩා වනාන්තර ප්‍රදේශ 120ක පමණ නිරීක්ෂණයේ යෙදුණු ශ්‍රී ලාංකික පර්යේෂකයන් විසින් මධ්‍යම කඳුකරයේදී බව බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත් පවසයි.  You may also like to read our English blog   Lanka Polity

අපට දඩ ගසන්න. එවිට අපි නිති රකින්නෙමු

Image
(2010 ජුලි 18,  W3Lanka )  වැරදි තැන්වලින් පාර මාරු වී අසු වූ සියයක් දෙනා මහනුවර පොලිසිය විසින් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රු. 750 බැගින් දඩ නියම කරන ලදී.  අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අඩු තරමේ මිනිසුන්ට පාරේ යන්නට හෝ ඉගැන්වීමට අසමත් වීම අතිශය කණගාටුදායක තත්වයකි.  පදික වේදිකා නැති පාරක පයින් යන විට එසේ කළ යුත්තේ දකුණු පැත්තෙන්  පැත්තෙන් බව ද, එය අන් සියල්ලට ම වඩා තම ආරක්ෂාවට හිතකර බව ද ලංකාවේ බොහෝ දෙනා දන්නේ නැත. පාරේ වැරදි පැත්තෙන් පයින් යන විට වාහනයක් ඇඟ ළඟින් ගියොත් බැන වදින්නේ ඒ නිසා ය.  පාර හරහා යන විට යටි බිම් මගක් හෝ ගුවන් පාලමක් ඇත්නම් එය පාවිච්චි කළ යුතු බව ලාංකිකයන් බොහෝ දෙනෙක් නො තකති. බොහෝ ගැහැනු හා පිරිමි කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් වාහනවල හැප්පි, හැප්පී පාරවල් පනින්නේ හදිස්සියටත් වඩා පාලම නගින්නට ඇති අලසකම නිසා ය.  පිටකොටුව බෝ ගස ඇතුළු තවත් තැන් කීපයක් අසල පාර මාරු වන ස්ථානවලට මාර්ග සංඥා එළි යොදවා තිබේ. එහෙත්, පාර හරහා යන පදිකයෝ වැඩි දෙනෙක් රතු එළි දැල්වී තිබියදීත් පාර පනිමින් වාහන රියදුරන්ට බනිති. කහ ඉර දුටු ගමන...

ණය පොළිය හා තැන්පතු පොළිය අතර පරතරය හා සේවා ආර්ථිකයේ මධ්‍යම පංතිය

Image
(2010 ජුලි 18,  W3Lanka )  මහා භාණ්‌ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර කවුරු වුණත්, ඉඳහිට හොඳ කතා කියයි. බැංකුවල ණය පොලී අනුපාත සහ තැන්පතු පොලී අනුපාත අතර පවතින විශාල පරතරය ඉතාම අකාර්යක්‍ෂම තත්ත්වයක්‌ බව ද, බැංකු විසින් පොලී අනුපාත යම් මට්‌ටමකින් අඩු කර තිබුණත්, ණය පොළිය හා තැන්පතු පොළිය අතර ඉහළ පරතරයක්‌ පවත්වාගෙන යැමෙන් බැංකුවල ලාභය ඉහළ ගොස්‌ තිබීම භයානක තත්ත්වයක්‌ බව ද මහාභාණ්‌ඩාගාර ලේකම්වරයා කියා සිටියේය. මේ පොලී අනුපාත අතර පවතින පරතරය අඩුකර ගැනීමේ යුගයකට අප පිවිස ඇති බව කොළඹ ඇක්‌සස්‌ ටවර්හිදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විවෘත කිරීමෙන් පසු ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ආචාර්ය ජයසුන්දර සිකුරාදා කීවේය. ණය පොළිය හා තැන්පතු පොළිය අතර ඉහළ පරතරයක්‌ පවත්වාගෙන යාමට සිදු වි තිබෙන්නේ බැංකුවල අධික මෙහෙයුම් වියදම් ආවරණය කරගෙන ලාභ ලැබීම සඳහා ය. මෙහෙයුම් වියදම් අධික ම බැංකු වන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු ය.  කලකට ඉහතදී මේවාට අරක් ගෙන සිටියේ දේශපාලන පත්වීම් ලද අයිස්කාරයෝ ය. දැනුත්, මේ බැංකුවලට රිංගා ගන්නේ දේශපාලන අනුග්‍රහය ලත් පිරිස් වනමුත්, කලින්...

බන්දුලගේ සෙනසුරාදා අධ්‍යාපන සංකල්පය

Image
(2010 ජුලි 17,  W3Lanka )   අපේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිකම භාර ගත් දා සිට අධික ලෙස නෑමට බර ය.  පසුගිය දිනෙක අධ්‍යාපන ඇමතිතුමා මාර නිර්මානාත්මක සංකල්පයකැයි සිතාගෙන (දැනටත් ගණිත විෂයට පවතින) ලකුණු 25 සහ 34 අතර ලකුණු සඳහා සාමාර්ථයක් හඳුන්වා දෙන බවට ලොකු ප්‍රචාරයක් ගෙන ගියේ ය. ආණ්ඩුවේ කිලිනොච්චි කැබිනට් රැස්වීමෙහි සිදු වූ වැදගත් ම දෙය වූයේ ජනාධිපතිතුමා ‍මේ මාර සංකල්පයට නෝන්ඩිය දැමීමයි. ළමයින්ගේ බුද්ධි මට්ටම වැඩි දියුණු කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා බන්දුල ඇමතිතුමාට උපදෙස් දුන්නේ මේ වගේ මෝඩ යෝජනා ආයෙ නම් ගේන්න එපා යි නො කියා කියමිනි.  දැන් අධ්‍යාපන ඇමතිතුමාට තවත් නිර්මානාත්මක අදහසක් පහළ වී තිබේ. ඒ වනාහි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුනට සෙනසුරාදා ද පාසල් පැවැත්වීමයි.   ටියුෂන් මුදලාලිලා ව්‍යාපාරික වශයෙන් සාර්ථක වන්නේ අධ්‍යාපන මනෝ විද්‍යාවක්, නිශ්චිත අධ්‍යාපන ක්‍රම විද්‍යාවක් අදාළ නො වන නීච අධ්‍යාපන වෙළඳපොලක් තුළ ය. ළමයින් හාර පන්දාහකට දේශනයක් පවත්වන සන්නස්ගල සාර්ථක ව්‍යාපාරිකයකු මිස හොඳ ගුරුවරයකු නොවේ. මක් නිසා ද යත්, ළමයින...

අසපුව, රතන හිමි හා ඩොලර්

Image
(2010 ජුලි 16,  W3Lanka )  පහත පළ වන්නේ අද දිවයින පුවත්පතින් උපුටා ගත් ප්‍රවෘත්තියකි. අප එය නැවත පළ කරන්නේ සදහම් අසපුව, රතන හිමි හා ඩොලර් යන වචන එකට යෙදෙන විට නොගැලපෙන ගතියක් ඇති වන නිසා ය. නැතිව, සදහම් අසපුව, රතන හිමි හා ඩොලර් ගැන අපේ කිසිම අහිතක් ඇති නිසා නොවේ. අපට මේ නො ගැලපෙන ගතිය දැනෙන්නේ පසුගිය සමයේ උන් වහන්සේලා ම කී කතා නිසා ය.  ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි යන් වැඩ සිටින සඳහම් අසපුවේ උන්වහන්සේගේ පෞද්ගලික සේප්පුවක තැන්පත් කර තිබූ ඇමරිකන් ඩොලර් 1000 ක මුදලක්‌ සොරා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වැලිකඩ පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක්‌ ගොනු කරමින් කියා සිටියේය. රතන හිමියන් විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව මෙකී පරීක්‍ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දන්වා සිටි පොලිසිය සිද්ධියට අදාළව මෙතෙක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව ද පැවසුවේ ය. විදේශීය සංචාරයක නිරතව සිට අසපුවට වැඩම කර ඇති රතන හිමි යන් ඇමරිකානු ඩොලර් 4000 ක්‌ විහාරයේ ...

ආණ්ඩුවේ අලුත් ම මංකොල්ලය දුරකථන අවම ඇමතුම් ගාස්තුව රු. 2 කිරීම

Image
(2010 ජුලි 15,  W3Lanka )  ඊයේ සිට නිකුත් කෙරෙන සියලුම දුරකථන සම්බන්ධතා සදහා රු. 2ක අවම ඇමතුම් ගාස්තුවක් හදුන්වා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති අනූෂ පැල්පිට මහතා පවසයි. ලංකාවේ තිබෙන්නේ අපූරු ආණ්ඩුවකි. වෙළඳපොළේ සමාගම් තරගකාරී ලෙස මිළ අඩු කරන්නට සූදානමින් සිටිද්දී ජනතාව නියෝජනය කරන බව කියන ආණ්ඩුව ඉදිරියට පැන මිළ වැඩි කරයි. ඇයි ඒ? රහස දුරකථන බිලෙන් බලන්න. සෑම රු. 2කට ම ආණ්ඩුව ශත 62ක් ඔබෙන් කෙළින් ම බදු වශයෙන් අය කර ගනියි. අවම ගාස්තුව රුපියල වුණොත් ආණ්ඩුව කෙළින් ම අය කරන බද්ද ශත 31ක් පමණි.  කොහොමද අවම මිළ? You may also like to read our English blog   Lanka Polity

කිලිනොච්චි කැබිනට් රැස්වීම හා දෙමළ ජනයාට දුන් පණිවුඩය

Image
(2010 ජුලි 15,  W3Lanka )  කිලිනොච්චියේ කැබිනට් රැස්වීම ඓතිහාසික එකක් බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. රැස්වීම පැවැත්වීමට යන වියදම ගණන් බැලුවත් එය වැඩි ම වියදම්කාරී කැබිනට් රැස්වීම ලෙස ඉතිහාසගත වනු ඇත.  එය කැබිනට් රැස්වීමකට වඩා සංදර්ශනයකි. බලයේත්, ආධිපත්‍යයේත්, පරාජිත දෙමළ ජාතිකවාදයට එරෙහිව විජයග්‍රාහී සිංහල ස්වෝත්තමවාදයේත් සංදර්ශනයකි.  බඩු මිළ කෙතරම් ඉහළ ගියත්, කිලිනොච්චියේ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට හැකි වීම පිළිබඳව සිංහල ජනයා සතුටු වනු ඇත. රැස්වීම තිබ්බේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මාලදිවයින හරහා වීසා නැතිව ලංකාවට පැමිණ සිය මුහුදු ගුවන් යානය ගොඩ බෑ ඉරනමඩු වැව ඉස්මත්තේ කලක් කොළඹට බියකරු සිහිනයක් ව තිබුණු කොටි ගුවන් හමුදාවේ යානා නතර කර තිබූ තැනට යාබදවයි.  ටකරං තහඩු හා ලී දඬු කීපයක් සමග ජීවිතය යළි ආරම්භ කර සිටින මිනිසුන් පිරිසක් වෙසෙන, එහෙමවත් ජීවිතය ආරම්භ කිරීමට නො ලැබූ ප්‍රදේශවාසීන් 40,000ක් තවමත් අවතැන් කඳවුරුවල හූල්ල හූල්ලා සිටින, මූලික පහසුකම් පවා නැති, විශාල භූමි භාගයක තවමත් බිම් බෝම්බ පවා ඉවත් නො කරන ලද කිලිනොච්චියේ ම මේ කැබිනට් සංදර්ශනය ...