Posts

නායකයා දෙවියෙක්ද? රජෙක්ද? මිනිහෙක්ද?

Image
(2009 ජුලි 19) නායකයා දැන් දැන් අපට විවෘතවම හා ලජ්ජා විරහිත අන්දමින් රජෙකි. එහෙත් ඇත්තෙන්ම ඔහු (නායකයා පිරිමියෙකි) හැසිරෙන්නේ දෙවියකු ලෙසයි.  ප්‍රභාකරන් උතුරේ සමාජය හමුවේ දෙවියකු ලෙස පෙනී සිටීමට උත්සාහ කළේය. දැන් මහින්ද රාජපක්ෂ රජකු ලෙස පෙනී සිටියි.  එහෙත් ඔබාමාගේ බලයට පැමිණීමෙන් සංකේතවත් වන සුසමාදර්ශීය වෙනස තුළ බටහිර සමාජයේදී නායකයා වැඩි වැඩියෙන් මිනිසකු බව හුවා දක්වනු ලැබේ.

විමල් මෙට්ටය උඩට; නන්දන "අපි නම් අහුවෙයි"ගොඩට

Image
(2009 ජුලි 19) ජාතික නිදහස් පෙරමුණේ නායක, ජනතා විමුක්ති පෙරමුණෙන් බිදී ආ පැරණි විප්ලවවාදියකු වන විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හා සෙසු සටන්කාමී වාමාංශිකයන් කුපිත වන අන්දමින් ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වේ. ඒ අනුව, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාර බොහොමයකට විමල් වීරවංශ සහභාගි කර ගනු ලබන අතර එම දර්ශනවලට පුළුල් ප්‍රචාරයක් ලබා දෙයි. මේ ඔස්සේ සටන්කාමී නායකයන් තම දෙපා මුල කීකරු බලු කුක්කන් වී සිටින ආකාරය රැඩිකල් තරුණ පරපුරට ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිවරයා අදහස් කරන බව නිරීක්ෂකයෝ පවසති.  ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක, කොටි සංවිධානයෙන් බිඳී ආ කරුණා අම්මාන් වැනි අයද එක් කාලයක මේ අන්දමින් සුරතල් කර ඔවුන්ගේ සටන්කාමී ප්‍රතිරූපය බිඳී ගිය පසු ඈත් කරන ලදී. එහෙත්, මේ අතර, ජාතික නිදහස් පෙරමුණේ සභාපතිවරයා වන, විමල් සමග එතරම් හොඳ හිතක් නැති නව සංචාරක ඇමති නන්දන ගුණතිලකගේ අලුත්ම පෝස්ටරයක ශරීර භාෂාවෙන් වෙනස් අදහසක් ගම්‍ය කිරිමට ඔහු උත්සාහ කර ඇති බව පෙනේ.  පේරාදෙනි සරසවි මිතුරන් විසින් ප්‍රකාශයට පත් කරන ලද බවක් කියැවෙන මෙම ...

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලකගේ සේවය ජුලි 20දා සිට අවසන්

Image
(2009 ජුලි 18) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සටන ජයගැනීම සඳහා සුවච, කීකරු රාජපාක්ෂිකයකු ලෙස දරදිය ඇද්ද පුද්ගලයකු වූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලකගේ සේවය ජුලි 20දා සිට අවසන් කර ඇති බව රජය ඔහුට ෆැක්ස් මගින් දන්වා යවා ඇත.‍ දක්ෂ විද්‍යාර්ථියකු ලෙස හිඳ පසුව රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස රජයේ බටහිර විරෝධී ස්ථාවරය ජයගැනීම සදහා සුවිශාල බුද්ධිමය දායකත්වයක් සැපයූ දයාන් ජයතිලකව නෙරපා හැරීමට හේතුව වන්නේ ඔහු පසුගිය දිනවල 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශක්තිමත් ලෙස කරුණු දැක්වීම බව පැවසේ.  හොඳින් වැඩ ගැනීමෙන් පසු ඔහු මේ අන්දමින් නෙරපා හැරීමට විශේෂයෙන් හේතු වූයේ රජයේ සිටින සිංහල ජාතිවාදීන්ගේ බලපෑම බව වාර්තා වේ.

අධිවේගයේ කොක්කුන්ගේ පාලම් සෙල්ලම් මහජනයාගේ හිස මතට කඩා වැටේ

Image
(2009 ජුලි 17) දකුණු අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්කරුවන් පාලම් සාදා ඇත්තේ නිසි ප්‍රමිතියෙන් තොරව දුර්වල අන්දමින් බව වාර්තා වේ. ඉදි කර තිබෙන පාලම් 73කින් 40%ක් හෙවත් පාලම් 30ක් කඩා දමා නැවත සෑදීමට සිදු වන බව කියන්නේ මෙම ව්‍යාපෘතියේ ජ්‍යේෂ්ඨ කාර්ය භාර නිලධාරි එස්. මහේන්ද්‍රන් ය.  ඔහු මේ බව පැවසුවේ මෙම අපරාධයට වගකිව යුතු ඔහුත්, මහාමාර්ග ඇමති ටී.බී. ඒකනායකත්, තවත් රජයේ නිලධාරීන් රැසකුත් සහභාගි වී සිටි ප්‍රගති සමාලෝචන රැස්වීමකදීයි.  ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දල, නරාවල, කෙහොඹලාදෙනිය ප්‍රදේශයේදී ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලමක් හදිසියේ කඩාවැටීමෙන් පුද්ගලයකු මරුමුවට වැටීමත් සමඟ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම්වල ප්‍රමිතිය පිළිබඳ බරපතල සැක සංකා මතු වී තිබේ.   මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන් හා ඇතැම් දේශපාලකයන් අතර හරස් ගනුදෙනු සිදු වූ බවද, ගොඩනැගිලි ද්‍රව්‍ය සොරකම් කෙරුණේ කන්ටේනර් ගණනින් බව ද  ව්‍යාපෘතියේ සේවයේ නියුතු කම්කරුවෝ පවසති. මෙම මාර්ග සැලසුම හා ඉදි කිරීම් මුල සිටම අක්‍රමවත් විය. මුලදී මෙය සැලසුම් කෙරුණේ මංතීරු දෙකේ මාර්ගයක් ලෙසයි. වේගය පැයට කි...

එක රටක්! එක පාතාලයක්!

Image
(2009 ජුලි 17) ත‍්‍රස්තවාදය සහමුලින් අවසන් කළ රජය මත්කුඩු ජාවාරම්කරුවන්, කප්පම්කරුවන්, මැරවරයන්, මිනීමරුවන් ආදී සෑම අයකුටම එරෙහිව මේ වන විට යුද ප‍්‍රකාශ කර තිබෙන බව අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා මුල්ලේරියාව පොලිසියේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවසීය.  පසුගිය දිනවල පාතාල නායකයන් ගණනාවක් ම අභිරහස් අන්දමින් මිය යාම හා මෙකී ' යුද ප‍්‍රකාශ' කිරීම අතර සම්බන්ධයක් තිබේ යයි අනුමාන කළ හැකිය.  මාළිගාවත්තේ පසුගියදා කරන ලද වැටළීමකදී පාතාල කල්ලි සාමාජිකයන් යයි සැක කෙරෙන 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. එක් පාතාල කල්ලියක නායකයකු බව කියන ෆාජි නමැත්තා රටින් පලා ගිය බවට තොරතුරු ඇති අතර, ඔහුගේ සමීප ගෝලයකු මේ සතියේ කොළඹදී මරා දමා තිබිණි.  ප්‍රතිවාදී පාතාල කල්ලි නායකයකු වන ආනමාලු ඉමිටියාස් ද මෑතදී පැහැරගෙන ගොස් මරා දමන ලදී.  මෙම පාතාල කල්ලි පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී පවා මැද කොළඹ ඇතුලු ප්‍රදේශවල ආණ්ඩු පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ට සහාය දක්වමින් ක්‍රියාත්මක විය.  මේ අතර, රජයේ ප්‍රබල දේශපාලකයකුගේ අනුග්‍රහය ලබන එක් ...

අවුරුදු දෙකක් ඇතුළත පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3900ක් පොලිස් අත්අඩංගුවට

Image
(2009 ජුලි 17) අවුරුදු දෙකක් ඇතුළත පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3900ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ බව ද, ඒවා අත් අඩංගුවට නොගත්තේ නම් එයින් ජීවිත රැසක් විනාශ කිරීමේ හැකියාව ත්‍රස්තවාදීන්ට තිබුණු බව ද පොලිස්පති ජයන්ත වික්‍රමරත්න පවසයි.  ලංකාවේ පොලිස් ස්ථාන 413ක නිලධාරීන් 73,000ක් මේ වෙනුවෙන් කැප වී කටයුතු කළ බව ද පොලිස්පතිතුමා පෙන්වා දෙයි.  මෙසේ සොයා ගන්නා ලද පුපුරන ද්‍රව්‍ය අතරින් අති බහුතරය එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිමි ඒවා වන අතර වැඩි ප්‍රමාණයක් සී-4 වර්ගයේ ප්ලාස්ටික් ඇලවුම් ද්‍රව්‍ය මිශ්‍රිත පුපුරන ද්‍රව්‍ය බව තතු දත් ආරංචි මාර්ග පවසයි. මේවා ඉතා ප්‍රබල පුපුරන ද්‍රව්‍ය වන අතර කිලෝ භාගයක් පමණ ප්‍රමාණයකින් ට්‍රක් රථයක් වුව පුපුරවා හැරිය හැකි බව ද, අඟල් අටක් දිග පළල ඇති වානේ කුළුණක් පහසුවෙන් බිඳ දැමීම සඳහා අවශ්‍ය වන්නේ සී-4 කිලෝ හතරක් පමණ ප්‍රමාණයක් බව ද howstuffworks.com වෙබ් අඩවිය පවසයි.

ලංකාවේ අන්තර්ජාල වාරණය ඉහළ යන ලකුණු

Image
(2009 ජුලි 17) රජයට එරෙහිව 'මඩ ප්‍රහාර එල්ල කරන' වෙබ් අඩවි 'ඉබේම වැසී යන තත්ත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව' ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කී බව අද දිනමිණ පුවත්පතේ ආරක්ෂක තොරතුරු වාර්තාකාරිනී විජයානි එදිරිසිංහ වාර්තා කරයි. නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ රහස් පොලිස් නිලධාරින් කණ්ඩායමක් විවිධ තාක්ෂණික ක‍්‍රම සොයා ගනිමින් මෙකී වෙබ් අඩවි හඳුනා ගැනීමේ පරීක්ෂණවලට ඊයේ සිට යොමු වී ඇති බව ද දිනමිණ පුවත් පවසයි. රජයට එරෙහිව 'මඩ' ප්‍රහාර එල්ල කරන්නේ යයි රජය විසින් චෝදනා කරනු ලබන ලංකා නිව්ස් වෙබ් අඩවිය වෙත පසුගිය 11දා සිට ලංකාවේ පාඨකයන්ට පිවිසීමට නොහැකිය. එහෙත් රජය එවැනි බාධා කිරීමක් කර නොමැති බව ජනමාධ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ටැමිල්නෙට් වෙබ් අඩවිය ද වසර තීපයක සිට මෙසේ බාධා කර ඇතිමුත් රජය ඒ සම්බන්ධ වගකීම ද භාර නොගනියි. ලංකාවේ ප්‍රධානම අන්තර්ජාල සේවා සපයන්නා වන්නේ රජයට 51%ක කොටස් හිමිකාරිත්වයක් ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි.  (ඉහත දැක්වෙන දේශ සීමා නැත...

ජනාධිපති මරණ දඬුවම ලැබූවන්ට සමාව දී නිදහස් කරද්දී අධිකරණ ඇමති එය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරයි

Image
(2009 ජුලි 16) අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙහි ලා උනන්දුවකින් කටයුතු කරන බව වාර්තා‍ වේ.  මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත්, ඒ පිළිබඳ ප්‍රවෘත්තියක් මතු කර ගැනීම ප්‍රවෘත්ති හිඟ මෙම අවධියේදී ඇමතිවරයාට ජනමාධ්‍යවල වැජඹීමට අවස්ථාවක් ලබා දෙයි. මේ වන විට මරණ දඬුවම නියම වූ පුද්ගලයන් 200ක් පමණ බන්ධනාගාරවල සිටිති.  ලංකාවේ සිදු වන අපරාධ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ගෙන් දඬුවම් ලබන්නේ සියයට හතරක් පමණ සුළු පිරිසකි.  පසුගිය කාලයේ සිදු වූ දේශපාලන පසුබිමක් සහිත ඝාතන, පැහැරගෙන යාම්, හිංසන සහ කප්පම් ගැනීම් ආදිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සහ නඩු පවරා ඇත්තේ ඉතාම කලාතුරකිනි. මෙම අපරාධවලට සම්බන්ධ පුද්ගලයෝ නීතියෙන් බේරී නිදහස භුක්ති විඳිති.  ඇතැම් දරුණු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර විවිධ ආකාරයෙන් මරණයට පත් වීමද මේ වන විට සුලබ සිද්ධියකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින්නේ අධිකරණ ඇමති මිලින්ද මොරගොඩගේ ස්ථාවරයට සපුරා වෙනස් ස්ථාවරයක බව පෙනේ. සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ...

සෙබලුන් ඇබ්සන්ට් වෙන්න ප්‍රධාන හේතුව නිවාඩු ප්‍රශ්න - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

(ජුලි 16, 2009) උතුරු-නැඟෙනහිර ප්‍රදේශවල රාජකාරි කරන හමුදා සෙබලුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන්ට නිවාඩු ලබාගැනීම පිළිබඳ ප්‍රශ්න ඇති බවද නොදන්වා සේවයට වාර්තා කිරීම වැඩි වීමට නිවාඩු ලබා ගැනීමට තිබෙන දුෂ්කරතාව එක් හේතුවක් බවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා නව තනතුරේ වැඩ භාරගත් දිනයේ මාධ්‍යවලට පැවසීය. හමුදාව මේ වන විට සිය පිරිස් බලය තවත් 50,000කින් වැඩි කරගැනීම සඳහා කටයුතු කරමින් සිටියි. මේ අතර, මේ වන විට හමුදා සේවය මගහැරීමේ වරදට 1500ක පමණ පිරිසක් බන්ධනාගාරගතව සිටින බව ද, තවත් දස දහස් සංඛ්‍යාත හමුදාවෙන් පැන ආ පිරිසක් සමාජයේ සිටින බවද වාර්තා වේ.

කොටින්ට එරෙහි යුදමය ජයග්‍රහණයේ ආර්ථික ප්‍රතිලාභ: රු. කෝටි 2000කට වැඩි ආයුධ ඇණවුමක් අවලංගුයි

Image
(2009 ජුලි 16) යුද්ධය නිමා වීමත් සමගම ලංකාව චීනයෙන් ඉල්ලා තිබුණු ඩොලර් මිලියන 200ක් හෙවත් රු. කෝටි 2281ක් වටිනා යුදමය දෘඪාංග සහ පතුරම් ඇණවුමක් අවලංගු කිරීමට හැකි වූ බව ඊයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙහි වැඩ භාර ගත් ජනරාල් සරත් ෆොන්සේකා මාධ්‍යවලට පැවසීය.  මෙම ඇණවුම යුද සමයේදී නම් ප්‍රමාණවත් වූයේ මාස 3-5 අතර කාලයක අවශ්‍යතා සඳහා පමණක් බව ද හේ කීවේය. මෙම ඉතිරි කර ගත් මුදලින් කොටසක් හමුදාවල දෛනික වියදම් සඳහා වෙන් කරන බවද ඔහු පැවසීය.

චීන ලයින් එක ගැන ලංකාවේ වාමාංශික පක්ෂයකට පුහුණුවක්

Image
(2009 ජුලි 15) චීනයේ කලාපීය දේශපාලන උපායමාර්ගය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිම සඳහා උපදෙස් ලබාගැනීම පිණිස එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක නායකයන් පිරිසක් දැන් එරට දස දින අධ්‍යයන චාරිකාවක යෙදී සිටින බව වාර්තා වේ. ලංකාවේ රජය චීන කලාපීය දේශපාලන උපාය මාර්ගය තුළ රඳවා ගැනීම සඳහා බලපෑම් කණ්ඩායමක් ලෙස පිටතින් හිඳිමින් කටයුතු කරන්නේ කෙසේද යන්න හා ඉන්දියාවට එරෙහිව මතවාදීමය අරගළයක් ලංකාව තුළ කරන්නේ කෙසේද යන්න පිළිබඳව චීන දේශපාලන බලධාරීන් මොවුන්ට උපදෙස් දෙනු ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.