මිරිජ්ජවිල තෙල් පිරිපහදුවක් හැදීමට සමාගම් හතක් කැමැත්ත පළකරති


 හම්බන්තොට මිරිජ්ජවිල සංවර්ධනය කිරීමට නියමිත යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් (07) කැමැත්ත ප්‍රකාශ (EOI) ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් EOIs ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනා සඳහා ඉල්ලීම (RFP) නිකුත් කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

අපනයනය ඉලක්ක කරගත් තෙල් පිරිපහදුවක් හම්බන්තොට පිහිටුවීම සඳහා කැමැත්ත ප්රකාශ කිරීමට බලශක්ති අමාත්යාංශයට කැබිනට් මණ්ඩලය 2023 ජනවාරි මාසයේදී, අවසර දුන්නේය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා