ජවිපෙ ආණ්ඩුවක් යටතේ වෘත්තීය සමිති ප්‍රශ්නයට විසඳුම් යෝජනාවක්

 

ජවිපෙ ආණ්ඩුවක් පිහිටවූ පසුව ද ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ප්‍රමාද වී හෝ සිදු වේ. ප්‍රමාද වන තරමට ඒවා වඩාත් කෘර වේ. එවිට ද වෘත්තීය සමිතිවලින් මෙවැනිම ප්‍රතිචාර එල්ල වනු ඇත. ඒ නිසා ඔවුන්ට ද මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට සිදුවනු ඇත.

ලංකාවේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති ප්‍රශ්නයට ඉතා මානුෂික විසඳුමක් ඇත. එනම්, අත්‍යවශ්‍ය සේවාවන්ගේ වර්ජකයන් නීත්‍යානුකූලව සේවයෙන් පහකිරීමයි. එසේ අස්කළ අයට පොදු සමාවක් යටතේ නැවත සේවයට වාර්තා කිරීමට යම් සමා කාලයක් දිය යුතු අතර, පැමිණෙන අය නැවත පරිවාස කාලයක් වැනි ලිහිල් දණ්ඩනයකට යටත් කළ හැකිය.

නොඑන අයට ද සමාවක් ලබාදී අනිවාර්ය විශ්‍රාම යැවිය යුතු අතර, එම දිනයට යටත්ව වරප්‍රසාද ලබාදිය යුතුය. එය මානුෂිකය.

දැන් කාර්ය මණ්ඩල නැවත ප්‍රතිව්‍යූහගත කළ යුතුය. එයට එකඟ නොවන අය පරිවාස කාලය තුළ වෙනත් රැකියා සොයාගත යුතුය. පුරප්පාඩුවලට අලුත් තරුණ පුහුණුවන්නන් බඳවාගත යුතුය. සම්පූර්ණයෙන්ම වෙනස් වෘත්තීය පසුබිමක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කළ යුතුය.

මෙවැනි විසඳුමක් ලංකාවේ ධනේශ්වර පක්ෂවලින් අපේක්ෂා කළ නොහැකිය. උන් මානුෂික වැඩිය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election