Posts

Showing posts from February, 2023

කඳුළු ගෑස් ප්‍රහාරයකදී ආරක්ෂා වන හැටි

Image
  උද්ඝෝෂණවලින් කළ හැකි දේ අවමය. උද්දේශනයෙන් බොහෝ දේ කළ හැකිය. උද්දේශනය යනු අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින්, සංවාද කරමින්, වෙනස්කම් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි. එවැනි අවකාශ බොහෝ තිබේ. පාර්ලිමේන්තුවට, එහි මන්ත්‍රීවරුන්ට ඍජුව බලධාරීන් සමග එක්ව කටයුතු කළ හැකිය.   උද්ඝෝෂණ අත්‍යවශ්‍ය නැත. වර්තමානයේදී උද්ඝෝෂණ පවත්වන්නේ බලය පෙන්වීමට බව කවුරුත් දනිති. එය බල දේශපාලනයයි. එය වැරදි යයි මම නොකියමි. ඒ වෙනුවෙන් මැදිහත්වීම හෝ පාවිච්චි වීම තමන්ගේ කැමැත්තකි. එහෙත්, තමන්ගේ ආරක්ෂාව ගැන ද සිතීම ඉතා වැදගත්ය. එහෙයින්, කලකට ඉහතදී මාධ්‍ය සංවිධානයක් වෙනුවෙන් කරන ලද පරිවර්තනයකින් උපුටාගත් මෙම කොටස මෙහි පළකරමි. සාමාන්‍යයෙන් කඳුළු ගෑස් විදිනු ලබන්නේ හිස් තුවක්කු පතුරමක් ආධාරයෙන් තුවක්කුවක අගට සවි කරනු ලබන බෝම්බයක ආකාරයටයි. එබැවින් කඳුළු ගෑස් විදින කල ද වෙඩි තබන ශබ්දය ඇසේ. ඔබට වෙඩි වැදුණා යයි වරදවා ‍වටහා නො ගන්න. කලබල වෙන්න එපා. වෙඩි ඇසුණු කල උඩ බලා කඳුළු ගෑස් බෝම්බය එන මාර්ගයෙන් ඉවත් වන්න. කඳුළු ගෑස් බෝම්බ බොහෝ විට ගුවනේදී ම පිපිරේ. දුම් පිට වන ලෝහමය කෑනයක් බිමට වැටේ. මෙම කෑනය ඉතා උණුසුම් විය හැකි ය. එබැවින් එය අල

එයා දැන් බැඳලා අන්තිම විය

Image
  අජිත් පැරකුම් ජයසිංහ එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය මෑත කාලයේදී දේශපාලනික කලාකාමී ප්‍රජාව අතර ජනප්‍රිය විය. ඒ ගැන බොහෝ කතාබහ ද ඇති විය. එයා දැන් බැඳලා ජනප්‍රිය වූයේ එහි සිනමාත්මක රූප රචනය, කතාවේ නැවුම්බව, පරිසරය හා රංගනය නිසාය. රංගනය ගැන බොහෝ අය කතා කළ ද එහි ඇත්තෙන්ම විශිෂ්ට රංගනයක යෙදුණේ සේමිනි ඉද්දමල්ගොඩයි. මහේන්ද්‍ර පෙරේරා ද යම් සාර්ථක රංගනයක් සිදු කළේය. ප්‍රදීප් රාමවික්‍රම නැගී එන තරුවක ලකුණු පෙන්වූ අතර සරත් කොතලාවල කළේ ජනප්‍රිය අධි රංගනයකි. ටෙලි නාට්‍යයේ අවසාන කොටසේ පැවති අප්පච්චි කවුරුදැයි ඇසූ කල ළමයා පිංතූරය පෙන්වන ජවනිකාව රංගනයෙන් අති විශිෂ්ටය. ළමයා හා අප්පච්චි අතර සම්බන්ධය පිංතූරයකට සම්බන්ධ වන හැටි ද, පිංතූරයේ සිටින පුද්ගලයාගේ සැබෑ ස්වරූපය හා ළමයාගේ මනස් රූපය නොපෑහෙන හැටි ද, ළමයාගේ අප්පච්චි කවුද යන ගැටුම නිර්මාණය කරන කේන්ද්‍රීය ප්‍රශ්නය හා අවසානයේදී අප්පච්චි කඩදාසියක තිබෙන රූපයක් පමණක් බවට පත්වීමේ හිස්බව එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ කූටප්‍රාප්තියයි. කෙසේ වෙතත්, මෙම ටෙලි නාට්‍යය අතාර්කික අභව්‍ය සිදුවීම්වලින් ගහණය. විශේෂයෙන්ම නායයාමෙන් පසු දර්ශන ටික ඉතා දුර්වල එකලස් කිරීම් ටිකකි.

ප්‍රබුද්ධ හෝමොෆෝබියාව

Image
මේ ලංකාවේ වම නූතනකරණය කරන්නට ඉවහල් වූ එක්ස් කණ්ඩායමේ ලන්ඩන් සඟරාවේ කර්තෘ, හිටපු ජවිපෙ ක්‍රියාධරයකු වන කල්‍යානන්ද පෙරේරාගෙ පෝස්ට් එකක් මේ. ඔහු දැන් ආපහු ටිපිකල් හෙවත් සංකේතාත්මක වාමාංශිකකයෙක්. මේක හෝමෝෆෝබියාවෙ ප්‍රබුද්ධ ස්වරූපයක්. සාමාන්‍ය ජනප්‍රිය අදහසක්. ඒත් නිවැරදි නැහැ. කිසිදු අධ්‍යයනයකින් ඔය වගේ කරුණක් හෙළිදරව් වෙලාත් නැහැ. ඒ වගේම, කෙනෙකුගේ ජෙන්ඩර් අනන්‍යතාව ප්‍රකාශයට පත්කිරීම ඒ පුද්ගලයාගෙ අයිතියක්. එතනදි වර්තමානයෙදි සලකා බලන ප්‍රධානම සාධකය ඒ පුද්ගලයාගෙ කැමැත්ත. වෙනත් අයට අයිතියක් නැහැ ඒ ගැන තමන්ගෙ අදහස එම පුද්ගලයා පිට පටවන්න. රනිල් පිරිමි කියන ස්ත්‍රී පුරුෂ සමාජ අනන්‍යතාව ප්‍රකාශ කරන කෙනෙක්. ඔහුගේ ලිංගික නැමියාව ඔහුගෙ පෞද්ගලික දෙයක්. ඒ ගැන තොරතුරු පබ්ලික් ඩොමේන් හෙවත් ප්‍රසිද්ධ අවකාශයේ මොනම ස්වරූපයකින්වත් නැහැ. ජීව විද්‍යාත්මකව හෝ නෛතිකව ගැහැණු හෝ පිරිමි කියල සැලකෙන අය වෙනුවෙන් ට්‍රාන්ස්ජෙන්ඩර් කියන අනන්‍යතාව පිළිගත්තෙ ඒ අය ඒකට කැමති වූ නිසා හා එතන ගැටලුවක් තිබෙන නිසා. මුලදී යම්කිසි තත්වයක් මත යම් ලිංගිකභාවයකට අනුව සමාජ අනන්‍යතාව සඳහන් වුණ කෙනෙකුට පසුව ඒ අනන්‍යතාව වෙනස් කරගන්න එක

කොරෝනා හමුවේ 2020 මහ මැතිවරණයේදී තිබුණු ඉවසීම දැන් නැත්තේ ඇයි?

Image
  අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන මොහොත වන විටත් පළාත් පාලන මැතිවරණය උභතෝකොටිකයකි. එම ගැටලුව අධිකරණයට හෝ විසඳිය හැකිද යන්න ගැටලුවකි. අලුත් මැතිවරණ කොමිෂන් සභාවක් පත්කිරීමට ද නියමිතය. ආණ්ඩුව මැතිවරණය කඩාකප්පල් කරන බවට චෝදනා එල්ල වුවද, මැතිවරණය කැඳෙව්වේ ද, දින නියම කළේ ද, එය පවත්වන බව කීවේ ද, දැන් පවත්වන්නට බැරි බව කියන්නේ ද නිමල් පුංචිහේවා සභාපති තනතුර හොබවන මැතිවරණ කොමිෂන් සභාව විසිනි. මැතිවරණයක පිරිවැය පාර්ශ්වය පිළිබඳ රජය සමග සාකච්ඡා කිරීමේ වගකීමක් ඔවුන්ට නැද්ද? ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් යනු රජයක් නොමැතිව පවා කටයුතු කළ හැකි තරම් බලවත් ආයතනයක්ද? මැතිවරණය යනු දැවැන්ත පිරිවැයකි. එසේ නම්, ආර්ථික අර්බුදයක් පවතිද්දී පළාත් පාලන මැතිවරණයක් කැඳවන්නට පෙර ඔවුන් රජය සමග සාකච්ඡා නොකළේ ඇයි? ස්වාධීන කොමිෂන් සභා වූ පළියට එසේ රජයෙන් පරිබාහිරව කටයුතු කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත්කරන ලද එතරම් ස්වාධීන නැති කොමිෂන් සභාවකට බලය තිබේද? පළාත් පාලන මැතිවරණය ජනතාවගේ පරමාධිපත්‍යයට අදාළ කාරණයක් නොවේ. පරමාධිපත්‍යයෙහි අංශ දෙකක් තිබේ. එනම්, බාහිර කටයුතුවලදී රා

උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජනරජ පෙරහැර ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාවෙ ඇතුළෙ මොන ගැටලු තිබුණත්, ලංකාවට සංචාරකයන්, ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය නම් ලංකාව ගැන පුළුවන් තරම් හොඳ චිත්‍රයක් නිර්මාණය කරන්නට ඕනැ. මේක බිස්නස් ගැන දන්න අයට නම් හරි සරල කාරණයක්. වහන්න තියෙන කඩේක බඩු ටික සේල් දැම්මත්, ඒක කරන්න ඕනැ ව්‍යාපාරික විදියට මිසක් හිඟන විදියට නෙමෙයි. නිදහස් දින සැමරුම ගැන නම් කියන්න තියෙන්නෙ, වෙනදා නිදහස් දින සැමරුම්වලට වඩා වෙනසක් එතන තිබුණෙ නැහැ. ඒක පැවැත්වූයේ නැතිනම්, මේ වෙනකොට කියන්නෙ ඔය කතාව නෙමෙයි. 74 අවුරුද්දක් පවත්වපු නිදහස් සමරුවවත් පවත්වන්නට ලංකාවෙ රජයට බැරිවුණාය කියලයි කියන්නෙ. පෙරහැර කියන්නෙ සංචාරක ප්‍රවර්ධනයට ඉතාම හොඳ පිරිවැය අනුව ඵලදායී වැඩක්. දළදා මාළිගාවෙ මුට්ට කාසි නැට්ටුවන් ආදී මිනිසුන් අතට කාන්දු වීම ඉතා ප්‍රගතිශීලීයි. ජවිපෙ රැස්වීම් තියන එක වුණත් එහෙමයි. කොහෙන් හරි ලැබුණු සල්ලි ඔවුන් බස්වලට, ටෙන්ට්වලට, පුටුවලට, සවුන්ඩ්වලට වියදම් කරන එකෙන් තව පිරිසකට වාසියි. සෙනග ඒකරාශී වුණාම ඒ ටවුමෙ බුලත් විටකාරයා දක්වා හැමෝටම වාසියි. පෙරටුගාමීන්ගෙ පෝස්ටර් ගැහිල්ලත් එහෙමයි. ඒවයින් මුද්

අතරමැදි පන්තියේ පොහොට්ටු අන්තය වෙනුවට ජවිපෙ අන්තය

Image
  අජිත් පැරකුම් ජයසිංහ පසුගිය ජනවාරි මාසයේදී වැටුපට එකතු වන අමතර ආදායම් හේතුවෙන් මන්ත්‍රීවරයෙකු රු. 80,000කට වඩා සහ ඇමතිවරයකු රු. 120,000කට වඩා බදු ගෙව්වා. මන්ත්‍රීවරයකුගේ වැටුප රු. 54,000ක් විතර ඇති. එහෙනම්, ඔවුන් මෙතරම් විශාල වැටුපක් ගෙව්වෙ කොහොමද? නිල නිවාස, වාහන, කාර්යාල, දුරකථන ආදී රජයේ වත්කම් පාවිච්චි කරන ප්‍රමාණය මත තමයි ස්ථාවර වැටුපෙන් උපයන විට ගෙවීමේ බද්ද අයකළේ. දැන් මේ බද්ද අඩුකරලා. මූල්‍ය නොවන ප්‍රතිලාභ වෙනුවෙන් බදු අයකරන්නෙ නැහැ. ලබන මාසයේ මන්ත්‍රීවරුන්ගෙන්, ඇමතිවරුන්ගෙන් හා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් අයකරන බද්ද අඩුවෙනවා. පසුගිය මාසයේ ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එහෙම කිව්වා, වැටුප විදියට අතට ලැබුණේ මෙච්චරයි කියලා ඉතා අඩු වටිනාකම්. පසුගිය දවසක මා එක්ක කතා කළ රාජ්‍ය සංස්ථාවක ප්‍රධානියෙකු කිව්වා තමන්ගේ වැටුප රු. 90,000ක් පමණ බවත්, රු. 64,000ක් වැටුපෙන් බදු අයකර තිබුණු බවත්. “ඉතින් කොහොමද ජීවත් වෙන්නෙ?” මං ඇහුවා. ඔහු හඬ නඟා හිනාවුණා. ජනවාරි අග වැටුපෙන් එහෙම කැපුවාට, පෙබරවාරි මුල ඔහු අතට වැටුපට අමතරව ලැබෙන ඉන්ධන, දුරකථන, නිවාස ආදී දීමනා ටික ලැබුණාලු. ඒ අනුව, රු. 250,000කට වඩ

වතු කම්කරු ජනතාව හා ඡන්ද අයිතිය

Image
ටී.කේ. මහින්ද වතුකරයේ ජනතාව අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ලබා දෙන්නාවූ දායකත්වය ඉතා වැදගත් වේ.ඔවුන් අපේ රටට පැමිණ මේ වසරේ සැප්තැම්බර් මාසයට හරියටම වසර දෙසීයකි. ඔවුනගේ ආගමනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විවිධත්වය තුළ සංස්කෘතියේ වෙනමම හැඩතල නිර්මාණය වූයේය. එහෙත්, එදා සිට මේ දක්වා සීමාමායිම් ජයගෙන ජිවිත ජය ගෙන ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණි. බහුතර පිරිසක් තවමත් වතුකරයේ පරම්පරා ගණනාවක් තුළ රටේ ආර්ථිකයට ජීවය ලබා දෙන්නේ සීමිත ක්ෂේත්‍ර ගණනාවක් තුළය. කොටින්ම කියතොත් තේ වතු ආශ්‍රිතවමය. ඔවුන් ලයින් කාමරයක ජිවතය ගෙනයමින් ඇත්තේ ඉතා සිමිත පහසුකම් තුළය. ඇතැම් ස්ථානවල නිවාස ගණනාවකටම ඇත්තේ එක් වැසිකිළියකි. ගවේශණාත්මකව මොවුන්ගේ ගැටලු අධ්‍යයනය කළහොත් මානවයෙකුට ලැබිය යුතු මූලික පහසුකම්වත් ඇතැමෙකු නොලබන බව පෙනී යනු ඇත. ඡන්දය යනු මානවයාගේ මූලික මිනිස් අයිතිවාසි කමකි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය තුළ ඔවුන්ට නියෝජනය ලබාගැනීමට ද, ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස උද්දේශනය කිරීමට ද ඡන්ද අයිතිය භාවිතා කළ හැකිය. එහෙත් එය ද ඇතැමුන්ට කඩවී ඇත්තේය. ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් ආයතනය බදුල්ල, පස්සර

දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා

Image
  අජිත් පැරකුම් ජයසිංහ මේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුව දේශපාලනික ප්‍රචාරණයන් ඔස්සේ පමණක් දේශපාලනය කියැවීම. මේක හැමදාමත් තියෙන ප්‍රශ්නයක්. තමන් යම් දේශපාලනයක් තෝරගෙන කරනකොට ඔවුන් හිතනවා ඒ සමග කියවෙන දෙය තමයි නිවැරදිම එක, හැමෝම කළ යුතුව තියෙන්නෙ ඒකය කියලා. ඔවුන්ට හිතෙනවා වෙනත් අයත් ඔවුන් හිතන විදියටම හිතන්නට ඕනැය කියලා. වෙනස් විදියට හිතන අය වෙනස් කරන්නට ඕනැය, නිවැරදි කරන්නට ඕනැය කියලා. ඔවුන් හිතනවා ඒක ආචාරධාර්මිකයි කියලාත්. උදාහරණයක් විදියට මහින්ද හොරා කියන දේශපාලනික ප්‍රචාරණය ගන්න. මහින්ද හොරකම් කරන්න ඇති. ඒ වගේම, ඒ සම්බන්ධ විශාල ප්‍රචාරණයකුත් තියෙනවා. ඒ සියල්ල ඇත්ත නෙමෙයි. ඒ වගේම හොරකම නිර්මාණය කරන දේශපාලන, සමාජ, පුද්ගල සංදර්භයකුත් තියෙනවා. දයලෙක්තික විදියට මේ කාරණා විග්‍රහ කරන අය ඒ සියල්ල සිතා බලනවා. හැබැයි, ප්‍රචාරණයෙදි එහෙම කරන්නට අවශ්‍ය නැහැ. ප්‍රචාරණය කරන්නෙ බලය ගොඩනගාගැනීම වෙනුවෙන්. ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයන් මේ ප්‍රචාරණය විශ්වාස කරනවා. තමන් හිතන විදියට හිතන පිරිස වැඩි වෙනකොට, ඒක රැල්ලක් වෙනකොට, මේ තත්වය උත්සන්න වෙනවා. දේශපාලන ව්‍යාපාරවලට ශ්‍රමිකයන් අවශ

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන්ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ //ලොක්ක ගසාකන නිසා එය පහළ අය ප්‍රශ්න කරන විට පහළ උන්ටත් ගසාකන්න අවස්ථාව දෙනව// කියන එක තමයි හැමදාම වුණේ. උදාහරණයක් විදියට මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිතව වාහන ආනයනය කරගැනීමේ වරප්‍රසාදය ලබාගත්තා. ඒක රැකගන්නට, එම වරප්‍රසාදය ඉහළ රාජ්‍ය නිලධාරීන්ටත් දුන්නා. රාජ්‍ය නිලධාරීන් මේ විදියට ගත්ත වරප්‍රසාද පිළිබඳ විස්තර මහජනතාවට දැනගන්නට පවා අමාරුයි. වැටුප් විස්තරයක්වත් ලේසියෙන් හෙළිදරව් වෙන්නෙ නැහැ. හැමෝම හවුලෙ ආරක්ෂා කරනවා. පසුගිය දවසක මං මෙතන විවෘතව ඇහුවා ප්‍රශ්නයක්. රජයේ ජ්‍යේෂ්ට නිලධාරීන්ට තමන් පාවිච්චි කළ නිල වාහනය විශ්‍රාම යන විට ගෙදර ගෙන යාමට අවස්ථාව දෙන, දැනට වලංගු චක්‍රලේඛයට ලින්ක් එකක් දෙන්නය කියලා. කිසි කෙනෙකු දෙන්නෙ නැහැ. අංකය නොදැන අදාළ වෙබ් අඩවියෙන් ඒක හොයාගන්න බැහැ. කිසි කෙනෙකු අංකයවත් කියන්නෙ නැහැ. ඒ තරම් ගෝත්‍රිකයි. ඉහළ නිවැරදි කළොත් පහළත් නිවැරදි කරන්නට පුළුවන්ය කියලා ජවිපෙ ගැන විශ්වාසය තියන අය හිතන එකේ අසාධාරණයක් නැහැ. කරලා බලන්න ඕනැ. ජවිපෙ ඉහළත් ඔය දූෂිත ක්‍රමය එක්ක පැටලිලායි තියෙන්නෙ. උදාහරණයක් විදියට අනුර කුමාරගෙ පුතාට මහින්දලා මිහින් ලංකා එකේ රැකියාවක් දෙ

පළාත් පාලනය, අපේක්ෂකයා හා ඡන්දදායකයා

Image
  කුසල් පෙරේරා පළාත් පාලන ආයතන පත් කෙරෙන්නේ විශේෂයෙන් වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ සුව පහසුව වැඩි දියුණු කිරීමේ වගකීම හා කාර්යභාරය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජනයක් ලෙසින් ය. මේ කිසිවකුගේ මැතිවරණ ව්‍යාපාර වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා, ඉල්ලීම් සම්බන්ධ මැතිවරණ ව්‍යාපාර නොවේ. මේ මැතිවරණ ව්‍යාපාර සියල්ලෙහි ඇත්තේ, (1) පවතින ආණ්ඩුවට ජනවරමක් නොමැති බව සනාථ කිරීම (2) මහ මැතිවරණයේ දී ආණ්ඩු බලය ගැනීම (3) දූෂණයෙන් තොර ආණ්ඩු හැදීම සහ (4) අනෙක් හැමෝම අසාර්ථක හෙයින් අපට එක් වරක් ආණ්ඩු බලය දී බලන්න වැනි, පළාත් පාලන මැතිවරණයකට කිසිසේත් අදාළ නොමැති වල් පල් කතා ය. ඒවායේ මහ මැතිවරණයකට අදාළ ජාතික අර්බුද සඳහා ඉදිරිපත් කෙරෙන විසඳුම් හෝ නැත. පළාත් පාලන මැතිවරණයේ මායිම් තීන්දු කෙරෙන්නේ පනත් 03 කින් ය. මහ නගර සභා සඳහා 1947 අංක 29 දරන ආඥා පනතත් නගර සභා සඳහා 1939 අංක 61 දරන ආඥා පනත සහ ප්‍රාදේශීය සභා සඳහා වන 1987 අංක 15 දරන පනතත් ඊට අදාල වන පනත් ය. මේ පනත් මගින් මාර්ග හා කාණු පද්ධති, කසළ ඉවත් කිරීම, ප්‍රජා සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම, උද්‍යාන හා ක්‍රීඩා පිටි ඉදිකිරීම හා නඩත්තු කිරීම, වැසිකි

IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත. එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහෝපකාරී වන ඇප වීමකි. පිළිගැනීමකි. එය පළමුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා අත්‍යවශ්‍යය. ණය ප්‍රතිව්‍යූහගත කර නොගෙන ශ්‍රී ලංකාවට කිසිවක් කළ නොහැකිය. මේ පිළිබඳ ඇමති බන්දුල ගුණවර්ධන සරලව පැහැදිලි කරන්නේ මෙසේය: “කවුරු කැමති වුණත් නැතත් අපි ලෝකයේ වෙනත් රටවලින් ඛනිජ තෙල්, ගෑස්, පොහොර, රසායනික ද්‍රව්‍ය, ආහාර පාන, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර යනාදිය විදේශයන්ගෙන් ආනයනය කළ යුතුමයි. දේශපාලනඥයන් නොදන්නවා වුණාට ලංකාවේ ඉන්න සියලුම ආනයනකරුවන් දන්නවා බඩු පිටරටින් ගෙන්වන්න ණයවර ලිපියක් අවශ්‍ය බව. මේ ණයවර ලිපි ලෝකයේ අනෙක් රටවල් පිළිගන්නෙ නැතිනම් ජාත්‍යන්තරව අපේ රට විශ්වාස කරන්නේ නැත්නම් ඔවුන් කිසිම භාණ්ඩයක් මෙරටට නැව්ගත කරන්නේ නෑ.” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ණය අනුමත කිරීම සඳහා ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ණය සුරක්ෂිතභාවය පිළිබඳ සහතික අපේක්ෂා කරනු ලැබේ. මේ වන විට ඉන්දියාව සහ පැරිස් සමාජය එම සහතික ලබා

වෘත්තීය සමිති වැඩවලට සේවයෙන් නිදහස් වෙන රාජ්‍ය සේවකයෝ

Image
  අජිත් පැරකුම් ජයසිංහ අද කම්කරු දෙපාර්තමේන්තුවේ 2022-12-31ට යාවත්කාලීන කරන ලද සක්‍රිය වෘත්තීය සමිති ලැයිස්තුව බැලුවා. වෘත්තීය සමිති 3,000ක් තියෙනවා. අති බහුතරය රජය හා සම්බන්ධ සේවකයන්ගේ වෘත්තීය සමිති. රජයේ ගුරු වෘත්තීය සමිති විතරක් 60ක් විතර තිබුණා. මගේ පොයින්ට් එක මේකයි. මේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති බහුතරයක වෘත්තීය කටයුතු වෙනුවෙන් පූර්ණ කාලීනව සේවයෙන් නිදහස් වූ අය ඉන්නවා. ඒ අයට වැටුප් හා දීමනා රජයෙන් ගෙවනවා. සමහර වෘත්තීය සමිති හදාගෙන තියෙන්නෙම මේ විදියට සේවයෙන් නිදහස් වෙන්න. උදාහරණයක් විදියට ඉහත දක්වන ලද ගුරු වෘත්තීය සමිති 60කට ආසන්න සංඛ්‍යාවෙන් ඇත්තෙන්ම ක්‍රියාකාරී වෘත්තීය සමිති සංඛ්‍යාව 10කට වඩා අඩුයි. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය වගේ ගුරු සංගම් කීපයක් වෙනුවෙන් පූර්ණ කාලීනව නිලධාරියකු නිදහස් වීම සාධාරණයි. ඒත්, මේ විදියට අටවාගත් ඇතැම් වෘත්තීය සමිතිවල නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සමග එකතු වෙලා වංචනිකව සේවයෙන් නිදහස් කරගන්නවා. ඒ සඳහා ව්‍යාජ සාමාජික ලැයිස්තු පවා ඉදිරිපත් කරන බවට අපි සැක කරනවා. කොහොම වුණත්, මේ වෘත්තීය සමිති නිලධාරීන් අයථා වරප්‍රසාද රැසක් ලබාගන්නවා. වෘත්තීය සමිති න

හොරකමට එරෙහි හොරුන්ගෙත් හොරු

Image
  අජිත් පැරකුම් ජයසිංහ මේ තරම් දරුණු ආර්ථික අර්බුදයක් මැද පවා දිනකට කෝටි ගණනින් මැතිවරණ සඳහා වැය කළ හැකි දේශපාලන පක්ෂ තිබීම විස්මයජනකය. මැතිවරණ ප්‍රචාරක කටයුතු යනු අති විශාල ලෙස කාලය ද විනාශ කරදැමීමකි. ඉතා නොගැඹුරු අදහස්, වහසි බස් හා පොරොන්දු මැතිවරණ වේදිකාවල පුනරුච්චාරණය කරන අතර වේදිකා පහළ සිට හා ජනමාධ්‍ය හරහා ජනයා සරල විනෝදාස්වාදයක් ලබති. මුළු ජීවිතයම මොබ් සමග ඇවිදිමින් කයිවාරු ගැසීම හා නාස්තිකාර දේශපාලන ව්‍යාපාර ගොඩනැගීම හැර වෙනත් කිසිවක් නොකළ දේශපාලකයෝ රට හැදීමට බලය ඉල්ලති. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදය සමස්තයක් ලෙසම අතිශය මිල අධිකය. එහෙත්, අපට ප්‍රජාතන්ත්‍රවාදය අත්හළ නොහැකිය. හේතුව, අප දෙසිය වසකටත් වඩා කාලයකට පෙර රාජත්වය අත්හළ නිසාය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය අත්හළහොත් අපට යාමට සිදුවන්නේ ඒකාධිපතිවාදය දෙසටය. ලංකාවේ මෙතෙක් පැවති පාලනයන් අඩු වැඩි වශයෙන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයන් විය. කෙසේ වෙතත්, ස්ථාවර ලෙස ඒකාධිපතිවාදය වෙත යොමුවීමට කිසිදු පාලකයෙකු නිර්භය වූයේ නැත. රෝහණ විජේවීර හා ප්‍රභාකරන් හැර අන් කිසිදු නායකයකුට පවත්නා ක්‍රමයට එරෙහි කැරැලිවලට එඩිතරක

මැද පන්තිය සුරතල් කරන්නට රනිල් බදු කපයිද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ පවත්නා ක්‍රමය යනු රජයෙන් යැපෙන ඉහළ මැද පංතියේ ආධිපත්‍යයෙන් යුතු ක්‍රමයකි. ක්‍රමයේ ඵල නෙළාගන්නේ ඔවුන්ය. එසේම මේ ක්‍රමය මේ අයුරින්ම පවත්වාගන්නේ ද ඔවුන්ය. එය වෙනස් කිරීමේදී වැඩියෙන්ම රිදෙන්නේ ද ඔවුන්ටය. ඔවුන්ගේ උද්ඝෝෂණ අසාර්ථක විය. එහෙත්, ඔවුන් උද්දේශනයෙන් සාර්ථක වී ඇති බව පෙනේ. ජනාධිපති ලේකම් දක්වා සිටින්නේ මෙම නිලධාරි ගෝත්‍රික පැළැන්තියේ අයයි. ඔවුන් නිකම් ඉන්නේ නැත. බදු දැල ශක්තිමත් කිරීම සඳහා නිලධාරීන් දිරිගැන්වීම වරදක් නැත. එහෙත්, බදු කප්පාදු නොකළ යුතුය. දැනටත්, ආදායම් එකතු කරන ඇතැම් නිලධාරීන්ට අවුරුද්දකට මාස 21ක වැටුප් පවා ගෙවන බව මම අසා ඇත්තෙමි. මේ විස්තර මෙම ගෝත්‍රිකයන් කිසි සේත්ම හෙළිදරව් කරන්නේ නැත. රාජ්‍ය ආයතන විසින් පිනට දෙන දැන්වීම්වලින් යැපෙන, පත්තර විකිණීමවත් හරියට නොකරන ලේක්හවුස් ආයතනය පවා සේවකයන්ට අවුරුද්දකට මාස 16 1/2ක වැටුප් ගෙවයි. මේ බදු කප්පාදුව කිසි සේත්ම මේ මොහොතේ නොකළ යුතුය. මේක කළොත්, විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් වැනි අය ද තමන්ගේ මස් රාත්තල කෙසේ හෝ කපාගනු ඇත. පවත්නා ක්‍රමයේ සීමාවන් එසේය. උපරිම ඔස්ටරිටියකට යාමට නම් ජවිපෙ වැනි පක්ෂයක් බලයට පත්

නිදහස් දා නිදහස් වූ මාතර මන්ත්‍රී

Image
  අජිත් පැරකුම් ජයසිංහ 1948දී ලංකා­වට නිද­හස ලැබීම නිමි­ත්තෙන් 1948 පෙබරවාරි 4දා සිර­ක­රු­වන් 1886 දෙන­කුට නිද­හස හිමි විය. එසේ නිදහස ලද පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද විය. ඒ මාතර මන්ත්‍රී හැරී අබේගුණවර්ධනයි. ඔහු ඒ වන විට අරණායක ගස්නාවේ වත්තේ අරගලය සම්බන්ධ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිර දඬුවම් විඳිමින් වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ සිටියේය. හැරී අබේගුණවර්ධන 1947 පාර්ලිමේන්තු මැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 11,970ක් ලබා වැඩි ඡන්ද 6,691කින් මාතර ආසනයෙන් පළමු පාර්ලිමේන්තුවට තේරී පත් විය. හැරී අබේගුණවර්ධන සටන්කාමී පුද්ගලයකු විය. 2018 අප්‍රේල් 05 ලංකාදීප පුවත්පතට සෝමසිරි වික්‍රමසිංහ විසින් ලියන ලද ලිපියක ඔහු පිළිබඳ මෙසේ සඳහන් වේ: කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රථම මතභේදය ඇති වූයේ 1948 දී ලංකාවට නිදහස ලැබීමෙන් ඉතා ආසන්න වකවානුවකදීය. එවකට මාතර මන්ත්‍රීවරයාව සිටි කොමියුනිස්ට් පක්‍ෂයේ හැරී අබේගුණවර්ධන මහතා ප්‍රමුඛ පිරිසක් එකහෙළාම කියා සිටියේ ලංකාවේ සමාජවාදී විප්ලවය සිදුකිරීමට අවශ්‍ය සියලු සාධකයන් සම්පූර්ණව ඇති බැවින් නොපමාව ආයුධ සන්නද්ධව විප්ලවය ආරම්භ කළ යුතු බවයි. නොපමාව පක්‍ෂයේ තුන්වැ

නිදහස හා වැසිකිළි ප්‍රශ්නය

Image
අජිත් පැරකුම් ජයසිංහ 75වන නිදහස් දිනය සමරනු වස් ප්‍රධාන උත්සවය පැවැත්වෙන ගාලුමුවදොර පරිශ්‍රයේ රාජ්‍ය ප්‍රධානීන්, විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් සකස් කරනු ලබන තාවකාලික වැසිකිළි වෙනුවෙන් යන වියදම ගැන සංවාදයක් ඇති වී තිබේ. 2022දී ගාලු මුවදොර අරගලයට සහභාගී වූ පිරිස් වෙනුවෙන් ද මෙවැනි වැසිකිළි පෞද්ගලික සමාගමක් විසින් සපයා තිබුණු අතර ඒ වෙනුවෙන් වියදම් දැරුවේ කවුරුද යන්න ප්‍රසිද්ධ වූයේ නැත. නිදහසින් 75 වසරක් ගතවන වර්තමාන සමයේදී අප අත්පත් කරගෙන තිබෙන සමාජ සංවර්ධනය ප්‍රකාශයට පත්වන එක් ප්‍රධාන ආකාරයක් වන්නේ සනීපාරක්ෂාවයි. එහිදී අප වැසිකිළි භාවිතා කරන ආකාරයේ සිදුවී තිබෙන වෙනස ඉතා වැදගත්ය. අතීතයේදී මළපහ කිරීමේ ක්‍රියාව සඳහා භාවිතා කළ පදයක් වූයේ එළිබැසීමයි. එයින් අදහස් කරන්නේ එම කාර්යය කරන්නේ එළිමහනක බවයි. ඒ වෙනුවෙන්ම වෙන් කළ බිම් කට්ටි ද එකල තිබිණි. එය නිවසින් බඹ තිහක් ඈතින් තිබුණු නිසා එම භූමිය තිස්බඹේ ලෙස ද හැඳින්විණි. අනුරාධපුර, පොළොන්නරු යුගවලට අයත් නටබුන් අතර අතීතයේ පැවති ඉතා දියුණු වැසිකිළි හා කැසිකිළි හමුවේ. ඒ කෙසේ වෙතත්, 1948දී ලංකාව නිදහස ලබාගන්නා සමය වන විට ලංකාවේ ස

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය

Image
අජිත් පැරකුම් ජයසිංහ ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට ලෑස්ති වී තෙල් ටිකක් හිසේ ගාගැනීමට ඉල්ලූ විට ගම මහගේ කියන්නේ “මොකටද ඔච්චර වටින තෙල මඩට යනකොට ගාගෙන යන්නෙ?” කියාය. නාගෙන හවස ගෙදර එන ගමරාළ “ඔන්න ඔය තෙල් ඩිංගක් දියන් ඔලුවෙ ගාගන්න” කිව්වාම ගම මහගේ කියන්නේ “ඕක දැන් ගෑවොත් වෙන්නෙ පැදුරෙ ගෑවෙන එක විතරයි, දැන් එපා,” යි කියාය. මෙසේ බොහෝ කලක් ගෙවිණි. ගමරාළගේ තට්ටය පෑදුණු අතර ඉතිරි කෙස් ගස් ටික ද සුදු විය. තෙල් කුප්පිය අමතක වී තිබී දිනක් ගම මහගේ ඒ ගැන මතක් කළ විට එය අරගත් ගමරාළ “උදේ මඩට – රෑ කුඹුරට – උඹ පලයන් – කහල ගොඩට” කියා තෙල් කුප්පිය වීසි කර දැම්මේය. මේ තෙල් කුප්පිය 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම වැනිය. තෙල් බෙහෙත දුන් වෙදා ඉන්දියාවයි. ජාතික ප්‍රශ්නය ගමරාළගේ හිස් මුදුන වැනිය. ගම මහගේ අපේ හාමුදුරුගොල්ල වැනිය. මේ තෙල් සාත්තුව නිර්දේශ කරන කාලයේ ගමරාළගේ හිසේ කෙස් තිබිණි. 13වන ආණ්ඩුක්‍රම ව්‍යව