ලබන අවුරුද්දේ ට්‍රම්පච්චි ගෙදර යයි ද?
December 30, 2019 admin International අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 ලංකා පුවත්පතේ පළ විය එක්සත් ජනපදයේ 45වන ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක්කර තිබෙනවා. එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ හෙවත් කොංග්රස් සභාවේ මණ්ඩල දෙකක් තිබෙනවා. ඒ අතරින් නියෝජිත සභාවේ ඡන්ද විමසීම් දෙකකට පසුව ඔහු දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවා. එම ඡන්ද දෙකේදී ට්‍රම්ප් බලය අපහරණය කළ බවට වූ වගන්තිය 237-197 ලෙස හා කොංග්‍රසයට බාධා කළ බවට වූ අනෙක් වගන්තිය ඡන්ද දෙකේදී 229-198 ලෙස ඡන්ද ලැබ සම්මත වුණා. ට්‍රම්ප් මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. නියෝජිත සභාවේ බහුතර බලය තිබෙන්නේ ඩිමොක්රටික් පක්ෂයටයි. ට්‍රම්ප් අයත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. ඊළඟ අදියරේදී කොංග්‍රසයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාවේ සහාය ලැබුණොත් ඔහු ධුරයෙන් ඉවත් කරනු ඇති. රාජ්‍ය ද්‍රෝහීත්වය, අල්ලස හා බරපතල අපරාධ හා වැරදි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක්කර දණ්ඩනයට ලක් කළ හැකි බව එක්සත් ජනපද ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහෙත්, මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය අපරාධ විමර්ශනයකට වඩා දේශපාලන ක්‍රියාවලියක් බවට පත් වී තිබෙ...