යහපාලනය වෙනුවෙන් දැන් ඉතින් කළ යුත්තේ කුමක් ද?

ලංකාවේ දැවැන්ත දේශපාලන අර්බුදයක් නිර්මානය වෙමින් තිබේ. 2015 ජනවාරි 8 විප්ලවයට දායක වූ පුරවැසි හා සිවිල් සමාජ බලවේගය මෙම තත්වයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න උභතෝකෝටිකයක් වී තිබේ.

මෙම අර්බුදය නිර්මානය කිරීම පිළිබඳ වැඩි වගකීමක් පැවරෙන්නේ එහි නායකයන් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයටයි.

මොවුන්ගේ මෝඩ උද්ධච්ඡකම හේතුවෙන් ඔවුන් අතින් වගකීම් සහගත දේශපාලනයක් සිදු වූයේ නැත. තමන් සමග සිටිය යුතු ජන බලවේග අමතක කර දැමූ ඔවුහු අලුත ලැබුණු තත්වයන්ගෙන් උදම්ව ඉතා අහංකාර ලෙස හැසිරුණ හ. එම මනෝභාවය තුළ සිය බලවේගය වේගයෙන් ඔවුන් වෙතින් ගිලිහෙමින් සිටින බව හෝ ඔවුන්ට වැටහුණේ නැත.

ජනයා බලමුළු ගැන්වීම වෙනුවට මාධ්‍ය, ප්‍රචාරණය ආදිය භාවිතා කරමින් ජන විඥානය තමන්ට උවමනා පරිදි හසුරුවා ගත හැකි යයි ඔවුන් විශ්වාස කළ බව පෙනේ.

කෙසේ වෙතත්, මේ වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා නියෝජනය කරන පාර්ශ්ව අතර ගැඹුරු බෙදීමක් ඇති වී තිබේ. එය දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගැසී ඇති අතර යහපාලනය අපේක්ෂා කළ පිරිස්වල බලාපොරොත්තු සම්පූර්ණයෙන් ම සුන් වී රට අරාජිකත්වයකට ද ඒකාධිපතිවාදයක මුවවිට ද තල්ලු වන තත්වයක් නිර්මානය වී තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නින්දිත පරාජයක් අත්පත් කර ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂය බලලෝභී ලෙස මේ මොහොතේ පාර්ලිමේන්තුවේ බලවත් ම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණයක් කරමින් සිටියි.

ආණ්ඩු පක්ෂයේ පාර්ශ්ව අතර ගැටුම් ඇති කර රට අරාජිකත්වයක් කරා තල්ලු කිරීමේ රාජපක්ෂවාදීන්ගේ උපායමාර්ගයට ජනාධිපති මෛත්‍රීපාල හසු වී ඇති බව පෙනේ. යහපාලන ආණ්ඩුවේ සමගිය බිඳ දැමීම පිණිස ඔහු පසුගිය සමයේ ක්‍රියාත්මක වූ ආකාරය අතිශය මතභේදාත්මක ය.

මෙම සංදර්භය තුළ සිවිල් සමාජ හා පුරවැසි බලවේග කටයුතු කළ යුතු ආකාරය විමසා බැලිය යුතු ය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මත පදනම් වී අගමැතිවරයා ඉල්ලා අස් විය යුතු බවට කරගෙන යන බල කිරීම ඉතා පැහැදිලිව ම පටු පෞද්ගලික අරමුණු සහිත එකක් බව පෙනේ. ඒ පසුපස මහරාජා ආයතනයේ ව්‍යාපාරික අරමුණු තිබෙන අතර එමගින් විශාල පිරිසක් නටවනු ලබන්නේ මාධ්‍ය ආයතනයක සීමාවන් උල්ලංඝනය කරමිනි.

අගමැතිවරයා ඉල්ලා අස් විය යුතු ද නැද්ද යන කාරණය මැතිවරණ ප්‍රතිඵලයට අදාළ එකක් නො වේ. එය එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයෙන් මතු විය යුතු උද්ඝෝෂණයක් මිස මාධ්‍ය ආයතන හා බාහිර සංවිධාන, පක්ෂ ආදියෙන් මතු විය යුතු එකක් නොවේ. එහි අරමුණ වන්නේ බලතුලනය බිඳ දමා, එජාපය දුර්වල කර, තමන්ට හිතවත් පාර්ශ්වයන් බලවත් කරගෙන පටු පරමාර්ථ ඉටු කර ගැනීම විය හැකි ය. එයට ඉඩ නො දිය යුතු ය.

අගමැති රනිල් වික්‍රමසිංහ යනු ප්‍රබලතා මෙන් ම දුබලතා ද ඇති නායකයෙකි. කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවේත්, එජාපයේත් නායකත්ව මණ්ඩලයේ සිටින පිරිස් අතර ඉදිරියෙන් සිටින්නේ ඔහු ය. ඔහුට සම විය හැකි දෙවෙනියකු නැති අතර, දෙවෙනියන් විය හැකි අය මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු විසින් නටවන තත්වයක් තිබේ නම්, එවැන්නන් කිසි සේත් ම නායකත්වයට සුදුසු නැත.

මෙම සංදර්භය තුළ සිවිල් සමාජ සහ පුරවැසි සංවිධාන ඉතා පැහැදිලි තෝරා ගැනීමක් කළ යුතු ය. එනම්, රටේ දෙවෙනි විශාලතම ඡන්ද පදනම ඇති මෙන් ම වත්මන් ආණ්ඩුවේ බලවත් ම පක්ෂය වන එජාප ආරක්ෂා කළ යුතු ය. එසේ ම, එහි නායකත්ව අර්බුදය විසඳා ගැනීමට පක්ෂයට ශක්තිය දිය යුතු ය. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සමග ඒකරාශී විය යුතු ය.

සිවිල් සමාජ හා පුරවැසි සංවිධාන තව දුරටත් පසුබිමින් සිට බලපෑම් කරන කණ්ඩායම්වල තත්වයේ සිට මෙම අර්බුදය ජය ගත නො හැකි ය. ඉතා පැහැදිලි තෝරා ගැනීම් කරමින් ඔවුන් දේශපාලනයට පිවිසිය යුතු ය. තත්වයන් වෙනස් කිරීම සඳහා බලවත් ලෙස මැදිහත් විය යුතු ය. නිදසුනක් ලෙස අඩු වශයෙන් කොළඹ වැනි කේන්ද්‍රීය ස්ථානවල හෝ සිවිල් සමාජය සිය ජන පදනම් දේශපාලනය තුළ ස්ථාවර කර ගත යුතු ය. ඒ සඳහා ඉදිරි පළාත් සභා මැතිවරණය වැනි අවස්ථා භාවිතා කළ යුතු ය. කෙළින් ම කියනවා නම්, ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සමග සම්මුතියකට යා යුතු ය. ජනප්‍රිය පුරවැසි නායකයන් කිහිපදෙනෙකු හෝ දේශපාලනය තුළ ස්ථාවර වීම මෙම අවස්ථාවේ වැදගත් ය.

මේ අතර, ආණ්ඩු වෙනසක් සිදු වුවහොත් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් ඇති විය හැකි බවට ලකුණු දැනටමත් පහළ වී තිබේ. යහපාලන අරමුණු වෙනුවෙන් කැප වුණු එක් මාධ්‍යයක් හෝ ආණ්ඩු පෙරළියකට පසු ඉතිරි නො වන බව ද අවබෝධ කර ගත යුතු ය. මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. අනෙක් පැත්තෙන්, එජාප පළාත් පාලන මන්ත්‍රීන් හා විශේෂයෙන් ම ඒ අතරින් වැඩි පිරිස වන මන්ත්‍රිනියන් සතු විභවයන් සමාජ වෙනස්කම් ඇති කිරීම සඳහා යොදා ගැනීමට උපකාර කිරීමේ විශේෂ වගකීමක් ද යහපාලන ජන බලවේගයට තිබේ. 

ඉදිරි කාලයේදී රට නැවතත් අඳුරු යුගයකට තල්ලු විය හැකි ස්වභාවයක් දකින්නට ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම්, ජාතික සමානාත්මතාව, කාන්තා අයිතිවාසිකම් වැනි කාරණා දැඩි අභියෝගයකට ලක් විය හැකි අතර දීර්ඝ කාලීන අරගලයකට පුරවැසි බලවේග සූදානම් විය යුතු ය. පළා යාමට ඇති වන පරාජිත නැඹුරුව වෙනුවට එඩිතරව සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ගොනු කර ගත යුතු ය. ඒ වෙනුවෙන් පැරණි වැඩ ශෛලීන් හා යල් පැන ගිය ආකල්ප අතහැර දැමීමේ එඩිතරකම අවශ්‍ය ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙච්චර කාලයක් ලංකාවේ හමුදා කැරැල්ලක් ආව නෑ, තකතීරු හිටං එතනට පාර කපනවා. මේ ලංකාවේ කිසිදිනක මෙවන් අරාජක තත්වයක් නිර්මාණය වුනේ නෑ. ලෝක දේශපාලන ඉතිහාසයෙන් බිඳක් වත් නොදන්නා තකතිරුවෙකුට කතිරයක් ගහන්න සිදුවීම ගැන බොහෝ සෙයින් විඳවනවා.මේ යකා පත්තර කියෝල වැඩිවෙලා ගාන්ධිව අතැරලා ඩුආර්ටේ කෙනෙක්වෙන්න යනවද? ඩොන්කිහොටයෙක් වෙන්න තමයි වෙන්නේ, සිරිපාල සන්චෝට අන්දලා සිරිසෙනයි සිරිපාලයි...

    ReplyDelete
    Replies
    1. මේ බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී කල ඉල්විම අනුව ශක්‍ දෙවි අනින් විෂ්ණු දෙවියන් විසින් රකින රට. රට කැබලි වලට කඩලා දාන ව්‍යවස්ථාව ගෙන එන්නට මින් ඉදිරියට කාටවත් ඉඩක් නැහැ.අනික තමන්ට රකින්න දරුවන් නැති නරුමයන් රැසක් නායකයන් විදියට පත් කර ගන්ත අයට මෙහෙම සිත් තැවුල් වෙලා මදි

      Delete
    2. What? Shaka deviyo? Do "vidudaya mithro" believe these myths?

      Delete
  2. NGO Kakkas seem unsettled that they have never been before. Their Western and Indian God Fathers might be hatching a plan B aimed at acquiring the country's valuable assets such as ports, dividing the country on ethnic lines and fulfilling many other ulterior motives. The local stooges of the Western and Indian patrons must be thrilled by this watershed as the adversaries of our motherland are again ready to pump Euros, Dollars and Crones to achieve their ulterior motives. To do that Don Juan should be protected and retained in power despite the fact that the peoples' mandate is completely against him which amply proves by the recently concluded election.

    ReplyDelete
    Replies
    1. So, licking Rajapaksha ass and helping his close associates to rob the nation is mandate of people?

      Delete
    2. Dividing country is already there. Because of UNP SLFP SLPP JVP ect.......

      Delete
    3. හැබයි මහින්දගෙ කාළෙත් NGO නම් තිබ්බා...

      Delete
  3. The Enemies of the State now Love the Constitution!- https://lankafuture.wordpress.com/2018/02/16/the-enemies-of-the-state-now-love-the-constitution/

    ReplyDelete
  4. සිවිල් සමාජ හා පුරවැසි සංවිධාන වලට 2014 දි වගෙ සල්ලි දෙන්න තානාපති නිලධාරින්. ඔත්තුසේවා එන්නෙ නෑ.... ඒක හින්දා කලින් වගේ ගෝ..එකක් ඇතුව ගේමට බහින්න අමාරුයි.

    ReplyDelete
  5. පැරා,

    //සිවිල් සමාජය සිය ජන පදනම් දේශපාලනය තුළ ස්ථාවර කර ගත යුතු ය.//

    කවුද පැරා සිවිල් සමාජය කියන්නේ මේ ජනරන්ජන කියන http://ravaya.lk/?p=170625 විදේශ රාජ්‍ය නොවන සංවිදාන වල බළල් අත් ද ? ඔවුන් ට අපරටට සාමය ගෙනඒමට තියන උවමනාව මොකද්ද ?

    අද වික්ටර් අයිවන් "සිවිල් සමාජය" කියමින් නටපු තොවිලයේ ප්‍රතිපල අපුරුවට පේනවා.


    //
    ඒ පසුපස මහරාජා ආයතනයේ ව්‍යාපාරික අරමුණු තිබෙන අතර එමගින් විශාල පිරිසක් නටවනු ලබන්නේ මාධ්‍ය ආයතනයක සීමාවන් උල්ලංඝනය කරමිනි.
    //


    අප රටට යහපාලනය ගෙන්න යන මිනිසුන්ටත් ව්‍යාපාරික අරමුණු තියනවා පැරා ඔබල නොකියන්නේ එයයි.

    අද සමාජ මාධ්‍ය බලවත් නිසා මේවා පේනවා නමුත් ඔබල වගේ අය මේ ගැන කිසිවක් නොකියමින් රටේ මිනිසුන් නොමග යවනවා.

    ReplyDelete
    Replies
    1. ඔහේට තියෙන්නේ මිනීමරු මැදමූලනයා එලවපු එකේ අමාරුව... ඔවු ඇමරිකාව, ඉන්දියාව ව්ස්ගේ ශිස්ට ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වනචාරියා එලවන්න උදවු කලා තමා... ඇයි මොකක්ද අවුල, අපි කොහොමත් ඉන්න ඔනෑ චීන්ස, රුසියාව වගේ ඒකාධිපති ගුබ්බෑයම් එක්ක නෙමේ ඇමරිකාව, කැනඩාව, යුරෝපය, ඉන්දියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ක තමා...
      ඔහේට තියෙන ගොබ්බ බටහිර විරෝදයට අපුට කරන්න දෙයක් නෑ... 2015 තිබ්බ මෘග පාලයන මේටෝ එක ඇවිල්ලා එලෙව්වත් මම කැමතියි...

      Delete
  6. Current situation in Sri Lanka is similar to what has happened in Thailand. There is no powerful military so Red shirts going to come back.

    ReplyDelete
  7. පැරා,

    ඔබ මෙතන නියම ප්‍රශ්නය කතාකරලා නෑ, අද වනවිට ශ්‍රීලංකාවට ලෝක බැංකු වෙනුත් අන්තර්ජාතික මුල්‍ය අරමුදලිනුත් ණය ලබාදී ඇති වැඩසටහන් නතරකර ඇති බව ඔබ දන්නවද ? ශ්‍රී ලංකාව ආයෝජනයට භයානක රටක් ලෙස වර්ග වී ඇතිබව ඔබ දන්නවද ? පසුගිය චන්දයෙන් පසු විනිමය අනුපාතිකය වේගයෙන් පිරිහෙන බව ඔබ දන්නවද ? තව ඔබ දන්නවද විදේශ ආයෝජකයෝ ඔවුන්ගේ මුදල් ඉවත්කරගන්න බව, ඔබ දන්නවද තව ඩොලරය රුපියල් 2 කින් පිරිහුනාම ආනයනකරුවන් බහුතරය ආනයනය නවත්වන බව (ඔවුන්ට අදාළ භාණ්ඩය මෙරට ගෙන්වා විකුණා ලාබලබිමට බැරිවන නිසා )

    මේ ප්‍රශ්න තිබියදී මොකද්ද මේ කරන නැටුම ?

    ReplyDelete
    Replies
    1. ඔහේට තියෙන්නේ මිනීමරු මැදමූලනයා එලවපු එකේ අමාරුව... ඔවු ඇමරිකාව, ඉන්දියාව ව්ස්ගේ ශිස්ට ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වනචාරියා එලවන්න උදවු කලා තමා... ඇයි මොකක්ද අවුල, අපි කොහොමත් ඉන්න ඔනෑ චීන්ස, රුසියාව වගේ ඒකාධිපති ගුබ්බෑයම් එක්ක නෙමේ ඇමරිකාව, කැනඩාව, යුරෝපය, ඉන්දියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ක තමා...
      ඔහේට තියෙන ගොබ්බ බටහිර විරෝදයට අපුට කරන්න දෙයක් නෑ... 2015 තිබ්බ මෘග පාලයන NATO එක ඇවිල්ලා එලෙව්වත් මම කැමතියි...

      Delete
    2. එතකොට දැන් මොකද උනේ ලොක්ක ?

      Delete
  8. යූඇන් පියට මේ මොහොතේ රනිල් හැර වෙන විකල්පයක් නැත. දෙවැනි පෙළක් ජේ ආර් ගේ කාලයේ හැර අන් කවර කලක වත් තිබුනේ ද නැත .මේ මොහොතේ රනිල් වෙනුවට සිටිනා සජිත් කරූ වැනි විකල්ප වලට මහින්දට තබා නාමල්ටවත් අභියෝගයක් වන්නට නොහැකි .ඔවුන් ජය ගන්නට නම් සිරා දිනූ පොල් ලෙල්ලක් දැම්මත් දිනන ජාතියේ රැල්ලක් නිර්මාණය විය යුතුය. නමුත් දැන් රැල්ල මහින්දගේ ඉවුරට ගහන තත්වයක් තුල ඒ නම් හීනයකි.එක්කෝ යූඇන් පිය උද්දච්ච මුරණ්ඩු රනිල්ව ආම්බාම් කර ගනිමින් මහින්දට බැටන් එක නොදී සිරාව බැලන්ස් කිරීමේ ගේම ගැසිය යුතුය. නැත්නම් රනිල්ව පන්නා අලුත් තරුණ නායකයෙකු ( එවැන්නකු වේදැයි සැකයකි ) සමග ලෝන්ග් ටර්ම් ගමනකට මුල පිරිය යුතුය.රාජපක්ෂලාට බැටන් එක ගිය පසු නැවත ලබා ගැනීමට නම් කොහොමත් සෑහෙන කාලයක් බලා සිටිය යුතුය. මේ මොන නෙයියාඩ ගම උනත් ලංකාවේ ජහමනයා තේරුම් ගත යුතු එකම දේ නම් ලංකාවේ වර්තමාන දේශපාලනය යනු බලය ලබා ගැනීම සඳහා සහ එය පවත්වා ගැනීම සඳහා ඕනෑම දහජුරාවක් කරන අසික්කිත ගේම් එකක් පමණක් බවයි. මේ එකෙකුටවත් රට ගැන ජනතාව ගැන ඇල් පෙනෙත්තක කැක්කුමක් නැති බව තේරුම් ගැනීමට චන්දයෙන් පසු ගතවූ පසුගිය සතිය හොඳටෝම ඇතිය.රාජපක්ෂට ජනතාව ගැන කැක්කුම නම් අගමැති කම ගෙන ආණ්ඩුවක් පිහිටුවා රට ස්ථාවර කරන්න පුළුවනි නොවේදැයි අසන්නට පොහොට්ටුවට චන්දය දුන් ජහමනයා කල්පනා කල යුතුය.

    ReplyDelete
  9. පැරා/ Lankika Sithuwili

    අගමැති රනිල් වික්‍රමසිංහ වැනි අවංක පරිනත දේශපාලකයෙක් ලංකාවට ගැලපෙන්නේ නෑ. ඇමරිකාවේ සිටිය යුතුයි කිවත් ඇමරිකාවේ පක්ෂ නායකයෙකු ෂක්ෂය එක පරාජයකින් පසු නායක කම වෙනත් අයෙකුට දෙයි. ඒ නිසා ඇමරිකාව රනිල්ට හරි යන්නේ නැත.

    ඒංගලන්තයේ දුම්රියක් පීලි පැන්නත් ඇමති ඉල්ලා අස්වෙන නිසා ඒංගලන්තයද රනිල්ට සුදුසු නැත.

    අප්ප්‍රිකාවේ බොහෝ නායකයන් හමුධා ප්‍රධානින් උවත් කෙලින් සිට ගැනීමට නොහැකි රනිල් අප්ප්‍රිකාවට නොගැලපේ.

    සරම බැනියම නොඅදින, දරුවන් නොමැති, දොහොත්මුදුන්දී බුදුන් නොවදින උඩු රැවුල නොමැති, දරැවන්ට උම්මා නොදෙන, ගැහැනුන්ට අකමැති, රනිල්ට ලංකාවේ අගමැතිකම් කිරීම, ඇමරිකාවේ ඡනාධිපතිවීමට වඩා අමාරු බව ඔබගේ කෘතහස්ථ මොලයට වැටහේවායි පතමි.

    Swan Lake

    ReplyDelete
  10. මමනම් හිතන්නෑ පැරා හිටං රනිල්ව අයින් කරයි කියලා. හිටං දැන් හදන්නෙ දුමියාවයි තව ඇමති 5-6 ක් හරහා නිදහස් පක්ෂයට බලය ලැබෙන එක නවත්වන්න.

    හිටංගෙයි රනිල්ගෙයි තියෙන්නෙ සංකීරණ දේශපාලන බැදීමක්..!

    ReplyDelete
  11. රනිල් ඉවත් විය යුතු නම් සිරිසේනද ඉවත්විය යුතුයි නේද?

    ReplyDelete
  12. පැරා මොකද හිතන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සරත් ෆොන්සේකා ට දෙන්න හදන එක ගැන? ඒක ඇත්තක්ද?

    -Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා