මෙතනින් එහාට මට කරන්නට පුළුවන් දේ

සංගීතයි අනෝමයි මායි 
රනිල් ඡන්ද කරන්නට හිතුවේ සල්ලිවලිනි. දිලිත් ජයවීරගේ කොම්පැනියට රු. කෝටි 15ක් දී දැන්වීම් හදා ගත්තේ ය. ඒවා ලංකාවේ ජනතාවට කිසිදු ආමන්ත්‍රණයක් කරන්නට සමත් වී නැති බව ප්‍රතිඵලයෙන් පැහැදිලි ය. ඒ ඇඩ්වටයිසිං කොම්පැනියෙන් ප්‍රචාරය කරවා ගන්නා කොම්පැනිවලට අබ සරණ ය.

අපේක්ෂකයන්ට එකාට ලක්ෂය බැගින් බෙදා දුන්නේ ය. හුඟක් එවුන් මේ ලක්ෂයෙන් ද ගානක් ගහ ගත්ත හ. ඇත්තට ම මෙම ක්‍රමය යටතේ උන්ට ලක්ෂයකින් කරන්නට දෙයක් තිබුණේ ද නැත. ගම්වල පෝස්ටර් ටිකක් ගහන්නට, හෑන්ඩ්බිල් ටිකක් බෙදන්නට හා රැස්වීමක් දෙකක් තියන්නට එය ඕනෑවටත් වැඩි ය.

රනිල් හා ඔහුගේ ගෝලබාලයන් හිතාගෙන හිටියේ දැන් හරි ය කියා ය. එහෙත්, ඡන්ද කෙරුවාව එහෙම එකක් නො වන බව ජනතාව රනිල්ට කියා දුන්නේ ය.

තනතුරු දී, පඩි දී පත් කර ගත් ඇතැමෙකු ගැන ද කියන්නට තියෙන්නේ එය ම ය. රනිල් සල්ලිවලින් ඡන්ද කරද්දී පත්වීම් ගත් ඇතැමෙක් පඩි අරන්, රට සවාරි යමින්, කමින් බොමින් ෂපාන් එකේ සිටිය හ. 

මේ අන්දමින් ප්‍රංශ මේස චාරිත්‍ර සහිතව භෝජන සංග්‍රහයකට වාඩි වූ මේසයේ අනෙක් පැත්තේ හිටියේ ඌරෙකු බව යූඇන්පීකාරයන්ට අමතක විය.

දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නො හැකි ය. 

මම එජාප සාමාජිකයකු නො වේ. එහි සාමාජිකත්වය ගෙන එහි තනතුරු ගන්නට, ඡන්දවලට ඉදිරිපත් වන්නට මට උවමනාවක් නැත. එහෙත්, අපි 2015 ජනවාරි 8 අරමුණු වෙනුවෙන් විශ්වාසය තැබුවේ මෛත්‍රීපාල මත නො ව එජාප මත ය. අප එජාප සලකන්නේ අපගේ දේශපාලන අරමුණ සමග සමපාත වූ ව්‍යාපාරයක් ලෙස ය. රටේ තිබෙන දේශපාලන පක්ෂ අතරින් සාපේක්ෂව ඉදිරිගාමී ලෙස සමාජ සංවර්ධනයට දායක වීමේ වැඩි හැකියාවක් මෙම මොහොතේ තිබෙන්නේ එජාපට ය. එහෙත් අපි ඒවාට පටහැණි දූෂණ, අක්‍රමිකතා ආදිය දැඩි ලෙස විවේචනය කිරීමෙන් වළකින්නට එය හේතුවක් නො වේ. 

2015 ජනවාරි 8ට පෙරත්, පසුත්, අප සියල්ල කළේ ස්වේච්ඡාවෙනි. අතින් වියදම් කරගෙන ය. එහෙත්, අපේ සතුරන් අපට පහර දුන්නේ අපි සිරිකොතේ මුදලට ලියනවා ය, වැඩ කරනවා ය කියා ය. ඇත්ත එය නො වේ.  

විශේෂයෙන් සමාජ මාධ්‍යවල මතවාදී අරගල කරද්දී ආණ්ඩුවේ දේශපාලකයන් හා ආණ්ඩුවෙන් තනතුරු ගත් මහත්වරුන් වැඩි දෙනෙකු අපට එක වචනයකින් හෝ උපකාර නො කළ හ. 

මේ ආණ්ඩුවෙන් තනතුරු ගත් අය සිතා සිටියේ ඔවුන් අපට ආණ්ඩුවට උදව් කරන්නට චාන්ස් එකක් දී තිබෙකවා ය කියා ය. මේ සියලු කෙණහිලි විඳ දරාගෙන , විශේෂයෙන් ම වාමාංශිකයන්ගෙන් කුණු බැනුම් අසමින් අප සමාජ මාධ්‍ය තුළ දිවා රෑ වෙහෙසුණේ 2015 ජනවාරි 8 සමාජ වෙනස ඉදිරියට ගෙන යාමට දැවැන්ත මතවාදී අරගලයක් අවශ්‍ය නිසා ය. එහෙත් අපට කළ හැකිව තිබුණු දේ කරන්නට අපට අවස්ථාවක් නො ලැබිණි. ආර්ථික සීමා නිසා අප කළ දේ හා අපට කරන්නට පුළුවන්කම තිබුණු දේ අතර විසල් වෙනසක් තිබිණි.

රට වෙනුවෙන් හරි හමන් වැඩක් කරන්නට අවස්ථාවක් නො ලැබීම ගැන මම අදත් දුක් වෙමි. එහෙත්, එක එකා පසුපස බඩ ගෑමේ අවශ්‍යතාවක් ද මට නම් නො තිබිණි. දැන් නම් ඉතින් පස්සෙන් යන්නට තරම් දෙයකුත් මේ ආණ්ඩුවට නැත.

මම තවමත් ප්‍රජාතන්ත්‍රවාදයේ, නිදහසේ, සාධාරණත්වයේ නාමයෙන් 2015 ජනවාරි 8 අප විසින් ඉදිරියට ගෙන ආ අරමුණු රැක ගත යුතු ය කියන තැන ද මේ අත් වූ පරාජය ආපසු හැරවීමට වැඩ කළ යුතු බව ද විශ්වාස කරමි. මෙම ඡන්ද ප්‍ර‍තිඵලය එක්තරා දුරකට ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය ප්‍ර‍තික්ෂේප කිරීමක් ලෙස ද සැලකිය හැකි බැවින් මෙම කාරණා අප ගැඹුරින් සලකා බැලිය යුතු ය. එහෙත්, ජාතික සමානාත්මතාව, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මානව හිමිකම්, නිදහස වැනි කාරණාවලදී කිසි සේත් ම යටත් නො වී සටන් කළ යුතු ය. 

මා පසුපස එන්නැයි මම කවදාවත් කිසිවකුට කියා නැත. එහෙත්, බොහෝ අයට අප ලියූ දේ බලපෑ බව මම සිතමි. අප සැම වෙනුවෙන් මම මෙම තීරණය විවෘතව මෙහි සටහන් කරමි. 

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, නිදහස, සමානාත්මතාව, සාධාරණත්වය වෙනුවෙන් පරාජය වෙමින් තිබෙන වත්මන් ආණ්ඩුව සමග පොදු අරමුණ වෙනුවෙන් ඉදිරියටත් වැඩ කරන්නට මා සූදානම් ය. එය හුදෙක් මාධ්‍යකරණයට පමණක් සීමා නො කරන්නටත්, ඒ වෙනුවෙන් දැනට ගත කරමින් සිටින සුවපහසු තත්වයන් අතහැර දමන්නටත් මා සූදානම් ය. අපට ඇතැම් විට වැඩ කරන්නට සිදු වන්නේ 2020 නොව 2025 වෙනුවෙන් විය හැකි ය. 

මෙය ලියන්නේ විවෘතව ය. මේක කියාගෙන කාගේවත් පස්සෙන් යන්නට මට බැරි ය. මට කරන්නට පුළුවන් දේ මම කීවෙමි. මම පුද්ගලයෙකු පමණි. සමාජය, සංවිධාන, දේශපාලන පක්ෂ ලෙස ඔබට අවශ්‍ය නම් මා ප්‍රයෝජනයට ගත හැකි ය. අරමුණු වෙනුවෙන් වැඩ කර පරාජය වීමේ ඉරණම භාර ගැනීමට මා සූදානම් ය. නැතිනම් මට ද මේ සියල්ල නවතා කවියක්, කතාවක් ලියාගෙන ඉන්නා තැනට යන්නට සිදු වනු ඇත.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දේශපාලන පක්ෂ තුල බිම්මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොපැවතීම ලොකුම ගැටලුවක්, කිසිදු දේශපාලන පක්ෂයක බිම් මට්ටමේ ශාඛා වල නියෝජිතයන් තේරීමට ජන්ද පැවැත්වෙන්නේ නැහැ, ජන්ද ලැයිස්තුවට එකතුවෙන්නට හැක්කේ බලවතුන්ගේ නෑදෑයන්ට සහ බත්බැලයනටම පමණි. මා දන්නා සිය රැකියාවල දී ඉහල සර්ථතකත්වයක් ලබා තිබු මෑතකදී විශ්‍රාම ගිය කිහිප දෙනෙකුම බිම් මට්ටමේ දේශපාලනයට එක්වීමට උත්සහදරුවත් එතැන් වල අරක්ගත් දුෂකයන් ඔවුන්ව කපා දැමුවා. ජවිපෙ එවන් අය පසු පස හම්බා ගියත්, ජවිපෙ නායකයන්ගේ මතයට හිස නොනැමූ පළමු අවස්ථාවේම ඔවුන්ව හලා දමනවා.

    ReplyDelete
  2. Hodatama kalakirila wehesa wela wage inne. dan ithin pinak dahamak karagena elowata yamak kara gatthoth hodai Mame.....

    ReplyDelete
  3. 100% මාද ඉන්නේ ඔබේ ස්ථාවරයේම ය.

    ReplyDelete
  4. එජාපයට බෑ කියලා ඔප්පු කරලා ඉවරයි... එජාපයට වඩා දෙයක් මහින්ද චීනත් එක්ක කළා... මහින්ද උන්නා නම්.. අපි එජාපයෙන් බලාපොරොත්තු වන දේ බොහෝ දුරට ඉටු වෙලා තිබෙන්න තිබුනා... මිනිස්සු ඒක තේරුම් අරගෙන තියෙනවා.. විශේෂයෙන් බිස්නස් කොමියුනිටි එක.. ව්‍යාපාරික ප්‍රජාව..

    ReplyDelete
    Replies
    1. එජාපයට බෑ කියලා ජාතිවාදී මිනීමරුවන් පත්කරගමු.... ඔන්න ලංකාවෙ චන්දදායකයගෙ මොලේ තරම....
      චීනා මහින්දට ඔක්කොම නිකන් දෙන්න ඇති ...
      අවු. 2 ට සන්වර්ධනයක් කරන්න බැරිවෙන්න ප්‍රධාන හේතුව ඔය චීන ණය

      Delete
    2. අම්මපා? චීනා හින්දට නිකම් දුන්නනම් කොහොමද බං ණය තියෙන්නේ? මේ නොදන්නා දේශපාලනේ ගැන "විචාරාකයෙක්" නොවී හිටපං. අපි පැරාට against නමුත් ඌ අපේ දේශපාලනික සතුරෙක් වුනත් අපි උගෙ දේශපාලනික බුද්ධියට ඉහලින්ම ගරුකරනවා. ඌට අවශය උගෙ දේශපාලනික මතවාදය අඩු ගානේ මතවාදීව වත් win කරවන්න. අපිත් එහෙමයි. මේ ඇනෝ රුපියල් අස්සේ අලුක්කාල් නොගහ හිටපං please.

      Delete
    3. එකෝමත් එක රටක හිටපු ගෙම්බෝ ටිකක් උන්ට පාලකයෙක් ඕන කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා. දෙවියෝ උන්ට දර කොටයක් දුන්නා. ගෙම්බො දර කොටේ උඩ නැගලා ඔච්චම් කරා. මොකද උන් හිටපු විදිහටම ඉන්න පුළුවන් වෙච්ච නිසා. ගෙම්බෝ ඒ පාර ඉල්ලුවා මනා පෞරුෂයක් තියෙන නායකයෙක්. දෙවියෝ දුන්නා නයෙක්. ඌට හොඳ පෞරුෂයක් තියෙනවා කියලා ගෙම්බො සතු‍ටු වුනා. ඊට පස්සේ නයා තමන්ගේ සුපුරුදු වැඩේ පටන් ගත්තා.

      Delete
  5. /# අප එජාප සලකන්නේ අපගේ දේශපාලන අරමුණ සමග සමපාත වූ ව්‍යාපාරයක් ලෙස ය #/

    දැන් මෙහෙම සමපාත වුණේ පැරා වෙනස් වුණ නිසාද එහෙම නැත්තං එජාපය වෙනස්වන නිසා ද?

    මට වැටහෙන පරිදි එජාපයේ නම් 2004 ඉන්පසු කිසිදු වෙනසක් සිදු වුණේ නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. හැබැයි අපි රාජ්‍ය මූලික ජාතික ධනවාදය හෙවත් සමාජවාදය උපරිමයෙන් භාවිතා කරපු දශකයක් පහු කරලා ආවා. මහින්ද කියුබාවෙ කස්ත්‍රෝලට, වෙනිසියුලාවෙ චාවේස්ලට වඩා හොඳට ඒ වැඩේ කළා. බොරුවට රතු කොඩි දැම්මෙ නැහැ. ආයෙ ඒකෙ කරන්න ඉතුරු වෙලා තිායන්නෙ ජවිපෙ වගේ වැඩ බැැරි ටාසන්ලා ටිකක් බලයට ගේන එක විතරයි. වර්තමානයේදි සමාජ සංවර්ධනයට ඉවහල් වෙන ප්‍රජාතාන්ත්‍රික සමානාත්මතාවාදී පක්ෂයක් විදියට තියෙන්නෙ යූඑන්පිය. ඒකෙ අනෙක මහින්ද. මැද්දෙ කියෙන්නෙ බොරුව.

      Delete
  6. කළු ලකී කලුතර දිස්ත්‍රික්කයේ ද?
    නන්දන ගුණතිලක නම් කළුතර!!

    ReplyDelete
    Replies
    1. ගොන් කතා අහන් නැතුව ඉඳපන් මෙතන. මං දන්නා තරමින් කළු ලකී කොළඹ. Base එක කොළඹ මහරගම අවට. ඒ කාලේ (1971 වගේ) ආශ්‍රය කළේ "නාවල නිහාල්ලව".

      Delete
  7. අපේක්ෂකයන්ට ලක්ෂය බැගින් දීපු එක හොඳයි. උන් උන් වත් ටික කාලෙකට හරි අතමිට සරුකර ගනීවි. ජයවීර සල්ලි ටික අරගෙන පෝස්ටර් ගහලා දීලා අමුණුගම තාත්තයි දුවයි දෙන්නත් එක්ක එකතුවෙලා තුන්දෙනාම මහින්දට චන්දෙ දාන්න ඇති.

    ReplyDelete
  8. මෙතනින් එහාට මට කරන්නට පුළුවන් දේ... සංගීතයි අනෝමයි මායි... කෝ රෝසි?
    :)

    ReplyDelete
  9. Mahinda changed Sri Lanka's political culture. If Mahinda regains power SL will be similar to Zimbabwe or Uganda in the future. Normally, even corrupt politicians are afraid of the public. That's why CBK denied allegations on Emirates deal. That's why Ranil had to install a commission for the bond case. But during Mahinda's period, he (and his assistants) were not afraid to steal. They did it openly. They tried to silence the opposition and protests, by either bribes or force.
    But just like the rural red-neck rasists that voted for Trump, there is a large group of racists that will vote for Mahinda.

    ReplyDelete

  10. සෝබිතලගෙ ගජ බින්නවලට රැවටිල චන්දෙ දුන්නට පස්සෙ තමයි මිනිස්සුන්ට තෙරුනෙ පිටිපස්සෙ හිටිය එන්ජීඔ නඩයක ඇජෙන්ඩා එකක් තමයි ජහ පාලනේ කියන්නෙ කියල.

    දැන් හොටු පෙරාගන ජනවාරි 8 තාම වලංගුයි කිවුවට ආයි හරවන්න බෑ.

    මොකද මේපාර කාගෙවත් කැම්පේන් නැතුවම මිනිස්සුම ආපස්සට හැරුණ හින්දා.

    ReplyDelete
  11. I agree with Para, at this moment UNP is the only party that carry progressive ideology with relatively better economic policies. However, majority of peoples's wish is not in favour of UNP. If they continue without people's wish, can they be led to election victory against all odds at the end of their term. I believe UNP should give up power at this point and strongly organise the party for 2020 challenge. There is element of risk in this options too ,behaviour of Rajapaksa's during this period.

    ReplyDelete
  12. රනිල් වැඩ බැරි ටාසන් කෙනෙකු බවත්, පැරාලා කොච්චර දත කෑවත් ඒකාට ගස් යන්න උගන්නන බැරි බව අප කීවේ වරක් දෙවරක් නොවේ. තෙවසරක් ඇවෑමෙන් පරාලා නැවතත් පලමු කොටුවට පැමිණ සිටුනු දැකීමෙන් අපට කාලකණ්නි සතුටක් ඇතිවන්නේ නැත. අවම තරමින් හරි හමන් නායකත්වයක්වත් එජාපයට ලැබුනානම් සතුටු වන්නට තිබුණි.
    පැරාලා වැනි තෙම්පරාදු දේශපාලන ක්‍රියාකාරීන්ගේ, 'රනිල්' කියවීම නම් වටහා ගත නොහැක

    ReplyDelete
    Replies
    1. @ Asanga

      වෙනත් පක්ෂ තිබියදී රටේ අති මහත් බහුතරයක් ජනතාව පොහොට්ටුවට කතිරය ගැසුවේ ඇයි? ද්‍රෝහීන් සමග එකතු වීමටද?

      2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ද්‍රෝහි වූ කිසිවකු නැවත පොහොට්ටුව සමග එකතු කරගත හොත් පොහොට්ටු ඡන්ද ලක්ෂ ගණනත් පොහොට්ටුවෙන් ගිලිහී යනු ඇත. ඇමති කටුවට සියල්ල පාවාදුන් ද්‍රෝහීන්ට ඉතිහාසය විසින් නියම තැන හිමිකර දෙනු ඇත.

      වාසි පැත්තට පනිමින් ඇගේ ඉදන් ඇග කන උන් පොහොට්ටුවට ගත හොත් පොහොට්ටුවටත් සොරිම තමා.

      මෛත්‍රී ඔහුගේ ලක්ෂ 62ට ද්‍රෝහි වුණා මෙන් පොහොට්ටුවට කතිරය ගැසූ ඡන්ද දායකයන්ට පොහොට්ටු නායකයන් ද්‍රෝහි වනු ඇතැයි සිතිය නොහැකිය. නමුත් දේශපාලනය යනු ආප්ප න්‍යායයි. අද ඉන්න එකා හෙට අනික් පැත්තට යයි. පොහොට්ටුවත් ඒ ආකාරයට අම්බලමක් වුවහොත් පොහොට්ටුවටත් දෙවියන්ගේ පිහිටය.

      එදා 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජිතයන් පාර්ලිමේන්තු යවා ඇමති කටු සූප්පු කරන්න දීමට ඊනියා ජාතික ආණ්ඩුවක් අටව ගත්තා සේ පොහොට්ටුවට කතිරය ගැසූ අහිංසක ඡන්ද දායකයන්ට කොකා පෙන්වීමට පොහොට්ටු නායකයන් ක්‍රියා කළහොත් මෛත්‍රී වැටුන කුණු ගොඩට වඩා අන්ත කුණු ගොඩකට පෙහොට්ටු නායකයන් වැටෙනු ඇත.

      පොහොට්ටු නායකයන්ට කළගුණ මතකද? යන්නත් ඉතිහාසය මතකද යන්නත් අපි බලා සිටිමු…..!

      Delete
  13. ඔහොම යං පැරා...කොහොම හරි unpයෙන් චන්දෙ ඉල්ලන්නත් බලමු

    ReplyDelete
  14. dan ithin Mathalana wage wena aththak alla ganin...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා