Posts

Showing posts from September, 2017

ජාතිවාදය යනු කුමක්ද ?

Image
ජාතිවාදය කියන්නේ මොකක්ද කියලා සංවාදයක් මේ දවස්වල සමාජ මාධ්‍යවල සිදු වෙනවා. මේ ඒකට මගේ සත පහ. මේක අනුභූතික ද, මේ අදහස්වල මූලාශ්‍ර හෙවත් මේවා කියපු තද පොරවල් කවුද ආදී රෙද්දවල් මට වැදගත් නැහැ. මම ඇකඩමික් බුවෙක් නෙමෙයි. ඒ නිසා මට ඒ ඇකඩමික් සම්ප්‍රදායන් වැදගත් නැහැ. මම සහතික නො ලත් සාමාන්‍ය දේශපාලන ක්‍රියාකාරිකයෙකු මිසක් සහතික ගන්නට හෝ ගත් සහතික නඩත්තු කරන්නට හෝ ලියන කෙනෙක් නෙමෙයි. මා වනාහි මට ඕනැ මගුලක් ලියන කෙනෙක්. හැබැයි, මා උත්සාහ කරනවා මා ලියන ඒවායින් සමාජයේ චර්යාත්මක වෙනස්කම් ඇති වන නිල අල්ලන්න. මං දේශපාලනය කරන්නෙ එහෙමයි. මා කරන දේශපාලනයටත්, මා ලියන දේවල්වලටත් මා වගකියනවා. ජාතිවාදය මිසක් ජාතිකවාදය කියලා අමුතු එකක් තිබේ යයි මා නම් පිළි ගන්නේ නැහැ. ලංකාවෙ ජාතීන් වගයක් තියෙනවා, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, වැදි ආදී වශයෙන්. ඒවා ඔක්කොම එක සමාන ජාතීන්. වෙනස්කම් තිබෙන්නේ බලය අතින් විතරයි. එම ජාතීන් කිසිවකට ඔවුන්ට ම පමණක් සුවිශේෂ වූ කිසිදු සුවිශේෂ අනන්‍යතාවක් නැහැ. යම් යම් අනන්‍ය සංස්කෘතික ලක්ෂණ තියෙනවා. භාෂාවේ සිට අඳින ඇඳුම දක්වා අනෙක් සියල්ලම සෙසු සංස්කෘතීන් සමග සම්මිශ්‍රණය වූ දේවල්. ඔ

කාමරංගා අර්බුදය

Image
ලංකාවේ කලින් කලට එන විවිධ ආහාර විරෝධී රැලි තිබේ. මෙම රැළි හමුවේ කලින් කල පොල්තෙල්, බිත්තර, ජපන් බටු හෙවත් සිංගප්පූරු, කතුරු මුරුංගා, නෙළුම් අල ආදිය විෂ යයි ප්‍රචාරය විය.  ලං කාව වනාහි ගර්හිත දේශීය වෙදකම් නිසා විකාර වී සිටින රටකි. මේ රටේ මානසික රෝගවලින් පෙළෙන රෝගීහු බොහෝ දෙනෙක් තමන් වෙද්දු යයි සිතති. එසේම, ඇතැම් කපටි කෛරාටිකයෝ ද පහසුවෙන් ධනවත් වීම සඳහා දේශීය වෙද්දු වෙති. ඔවුන් බොහෝ දෙනෙකු රටේ වෙද්දු ය. කෙසේ වෙතත්, කාමරංගා භීතිකාව නිර්මානය වූයේ මෙවැනි හොර වෙදුන් නිසා නොවේ. එහි සත්‍ය පසුබිමක් තිබේ. එහෙත්, එය සන්නිවේදනය කළ ආකාරය නිවැරදි යයි අපි නො සිතමු.  ඕනෑම ආහාරයක්, කිසියම් අයෙකුට විෂ විය හැකි ය. ජලය පවා අසාත්මික අය ලෝකයේ සිටිති. මහදැනමුත්තා ළඟ සිටි වෙද ගෝලයා වූ පොල්බෑමූණා ගමනක් යන අතර රෑට කන්නට කෑම ගෙන එන්නට ගොස් වා, පිත්, සෙම්වලට අකැප ආහාර බැහැර කර අවසානයේදී කන්නට ගෙනාවේ ඉඟුරු පමණකි.  වකුගඩු ආශ්‍රිත ආබාධ ඇති අයට කාමරංගා අගුණ වන පළියට එය කාටත් අගුණ ද? Averrhoa carambola යන විද්‍යාත්මක නමින් හඳුන්වන කාමරංගා අයිති වන්නේ  Oxalidaceae   පවුලටයි. එය නිවර්තන කලාපීය පලතුරක්.

ගල්කිස්සේ රෝගින්යා සරණාගත පිරිස හා අපි

Image
පසුගිය අප්‍රේල් මාසයේදී නාවික හමුදාව විසින්  මුහුදේදී බේරා ගන්නා ලද රෝගින්යා සරණාගතයන් පිරිස ඔවුන් ලංකාවට පැමිණි ආකාරය මෙම වාර්තාවෙන් කියවන්න.   මියන්මාර් සරණාගතයින්ගේ සත්‍ය කතාව මැයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කර තිබෙන නිවේදනය මේ සමග පළ කරමි.  මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත. දෙන්නට නීතියක් ද නැත. මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය. ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි. ලංකාවට බුරුමයෙන් මුලින්ම සරණාගතයින් පැමිණියේ 2012 වසරේ ය. ඒ පිරිස 100 කට වැඩිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී ඒ පිරිස ඇමරිකාවේ සහ කැනඩාවේ සරණාගත තත්වය ලබාදී ඔවුන් ලංකාවෙන් පිටත් වී ගොස් ජාත්‍යන්තර නීතිය හා පහසුකම් සහිතව නව ජීවිත අරඹා ඇත. 1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත‘ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ PR යැයි කියන තත්වය ලබාදීමට

පෙසප කේතලය ජවිපෙ මුට්ටියට ‘තෝ කළු යැ' කියා අවමන් කිරීම

Image
ලාංකීය රැඩිකල් වම මේ වන විට ආණ්ඩුව හා ඒකාබද්ධ විපක්ෂය අතර ඉතා සරල ලෙස බෙදී යමින් තිබේ. ඒ වගත් මෙසේ ය: ජවිපෙ ආණ්ඩුව පැත්තට ඇදී යද්දී, ජවිපෙ තරගකරුවා වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වේගයෙන් පොදු ජන පෙරමුණ හරහා රාජපක්ෂ පවුල් මූලික ප්‍රතිගාමිත්වය වෙත ඇදී යමින් තිබේ. මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් එකිනෙකාට එල්ල කර ගනු ලබන චෝදනා කිසිවක් මඩ හෝ අවලාද හෝ නො වේ. ඇත්ත ය. මේ නාටකය සමාන වන්නේ කේතලය මුට්ටියට ‘තෝ කළු යැ' කියා අවමන් කළ විගඩමට ය. ජවිපෙත්, පෙසපත් යන දෙක ම එක හා සමාන ලෙස කළු ය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් මෙම බලවේග දෙක ඉතා පැහැදිලිව ම ලංකාවේ දේශපාලනයේ අධිපති බලවේග සමග නො නිල වශයෙන් සන්ධාන ගත වී හමාර ය. මෙයින් ඒ ඒ බලවේගවලට දිවි කැප කර සිටින, ඒ පක්ෂ විසින් සමාජවාදය උදා කර දෙනු ඇතැයි රැවටී සිටින ඇදහිලිවන්තයන්ට දුක හිතෙන්නට හා කෙසේ හෝ එය එසේ නොවේ යයි හිත හදා ගන්නට උත්සාහ කරන්නට ඉඩ තිබේ. එහෙත්, අප නම් මෙම ප්‍රවණතාවේ කිසිදු වරදක් දකින්නේ නැත. ලංකාවේ වම යනු රජයෙන් යැපෙන මධ්‍යම පංතියේ පහළ ස්ථරයේ දේශපාලන බලවේගයි. ඊට අමතරව, රජයෙන් වතුර, පොහොර, බිත්තර වී පමණක් නොව අස්වනු මිළ දී ගැනීම

W3Lanka බ්ලොගයේ පනස් ලක්ෂයේ කඩඉම

Image
ලිලී ගිමාරා ජීරසිංහ, යක්කලමුල්ල  හේතුවෙන් නැන්දම්මාගෙ මළගම හිටියෙ මම ගෙදරින් බොහෝ දුර සතියෙ මැද මා වැඩට ආවත් හිටියෙ කන්තෝරුවෙ නෙමෙයි මම එහෙත් ජංගම දුරකථනයෙන් බ්ලොග් එකත් අප්ඩේට් කෙරුවා ඒකෙ ජංගම ස්වරූපය තුළ අනේ හිට් කවුන්ටරය නැතුවා හිට් කවුන්ටර් එකේ මිලියන පහක් සලකුණු වන්න තිබුණා ගෙදර ඇවිදින් අද බලන විට එය පසුව හත් දහක් ගෙවිලා හිතා හිටියත් ඒ නිමිත්තෙන් අලුත් කලඑළියක් ගෙනෙන්නට නික්ම ගිය හදිසියේ අම්මේ අපට මොන සතුටක් ද සිත් තුළ බ්ලොග් නො ලිව්වත් නොම කියෙව්වත් පරිගණකයක් අත නො ගෑවත් නැන්දම්මෙ ඔබ, ඔබේ දුව දුන් ආදරෙන් මගෙ අකුරු හැඩ විය ඒ නිසා මේ පනස් ලක්ෂයෙ කඩඉමේ මේ බ්ලොගය අද දින ඔබෙ නමින් පුද දෙනු හැරෙන්නට වෙනත් යහපත් දෙයක් මට නැත අජිත් පැරකුම් ජයසිංහ ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලද

හදවත ඉල්ලා

❤ මෙම සටහන උපුටා ගනු ලැබුවේ දිවයින පුවත්පතෙනි. මහනුවර රෝහලේදී හදවත් බද්ධයකට සූදානම් වෙමින් සිටියදී වෛද්‍යවරුන් අතර ඇති වූ කඹ ඇදීමක් නිසා බද්ධයට ගෙන ආ හදවත මිය යාමේ සිද්ධියට එම පුවත සම්බන්ධයි. //නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති පෙරේරා මහත්මිය මෙසේ කීවාය. "හදවතක්‌ බද්ධ කරද්දී පිළිවෙළක්‌ තියෙනවා. මේ සමහර වෛද්‍යවරු පළවැනි හදවත් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයෙන් පස්‌සේ තනි තනියම තමන්ව වර්ණනා කර ගන්න උත්සාහ කළා. මාධ්‍ය වලින් දැකපු අය මටත් කිව්වා. මේ සැරේ මේ ශල්‍යකර්මය කරන්න ලෑස්‌ති වෙනවා කියලා මට කිව්වේ නැහැ. මම සඳුදා රෝහලේ හිටියා. ඒත් මට කවුරුවත් මේ බව කිව්වේ නැහැ. ගිය පාර ශල්‍යකර්මය වෙලාවේ වෛද්‍ය ඥානකාන්තන් බොහොම මහන්සි වුණා. එයා ගැන කවුරුවත් කතා කළේ නැහැ. ශල්‍යකර්මයට පස්‌සේ ඒ ලෙඩාගේ ජීවිතේ රැකගන්න මායි මගේ කණ්‌ඩායමයි බොහොම වෙහෙසක්‌ ගත්තා. ඒවා කවුරුත් දන්නේ නැහැ. මේ සිස්‌ටම් එක හඳුන්වලා දුන්නේ වෛද්‍ය අනිල්. මේක ටීම් වර්ක්‌ එකක්‌. සාමූහිකව ම හැමෝම මේකට මහන්සි වෙන්න ඕනි. ඒක දන්නැතුවද මන්දා තනි තනියම තීරණ ගන්නවා. "මම හවස කොළඹ ගියා. මගේ බබාගේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගයක්‌ තිබුණා. මම එයා

රෙද්ද උස්සා වාර්තා තැබූ මෝඩ මනමාල ජෝඩුවක්

Image
ලංකාවේ මිනිසුන්ට ලෝකයේ හෝ ආසියාවේ හෝ දකුණු ආසියාවේ හෝ බැරිනම් ලංකාවේ හෝ පළමු, ලොකුම, දිගම, උසම මෙව්වා එක වෙන්නට තිබෙන්නේ මාර ම උනන්දුවකි. එහෙත්, ලෝකයේ හොඳම මිනිස් නිර්මාන කිසිවක් ලංකාවේ දැන් හැදෙන්නේ ද යන්න සැක සහිත ය. ලංකාවේ මිනිසුන් ගුණය අහිමි කර ගනිමින් ප්‍රමාණය විශාල කර ගන්නට දරන උත්සාහය විසින් වත්මන් ලංකාවේ සංස්කෘතික හරය ම ප්‍රකාශයට පත් වේ. ආගම් අනුව ජීවත් වෙනවා වෙනුවට සිදු වන්නේ මල් කෝටියක්, පහන් අසූ හාරදාහක්, චෛත්‍ය වටා ඔතන සිවුරක්, මළුව වැසෙන තරම් පලතුරු ආදිය පිදීම, කටු ගොඩක් ඇ‍ඟේ ගසා ගැනීම, ඇපල්වලින් තොරන් ගැසීම වැනි විකාර ය. මෙම මානසිකත්වයේ නවතම ප්‍රකාශනය වන්නේ ලොව දිගම ඔසරිපොට නාඩගමයි. ඒ පිළිබඳ ලංකාදීප පුවත්පතෙහි පළ වී තිබිණි . ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරින ලද මීටර් 3200ක රෙද්දක් උස්සාගෙන සිටීමේ මෙම විකට ජවනිකාවට ප්‍රවාහනයට බාධා කරමින් මහාමාර්ගය යොදාගෙන ඇති අතර, පාසල් දැරියන් 250කගේ අධ්‍යාපනය කඩාකප්පල් කර රෙද්ද ඉස්සීම සඳහා ඔවුන් යොදවා තිබේ. ඒ සඳහා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක ද රෙද්ද ඉස්සිල්ලට සහභාගි වී ඇත. මානසික රෝගීන්ගේ ලෙඩ නිසා කර

ඔය ළමයා තාත්තට හෙට ඉස්කෝලෙට එන්න කියන්න. උඹත් තාත්තට එන්න කියපන්

Image
මෑත වකවානුවේදී පළමු වතාවට තමයි දින පහකට පසුව බ්ලොග් සටහනක් තබන්නෙ. බ්ලොගයට එන්නට නො ලැබුණේ මගේ නැන්දම්මාගේ මරණය නිසා ය. ලිලී ගිමාරා ජීරසිංහ 1936 වසරේ අකුරැස්සේ සාමාන්‍ය පවුලක උපන් දියණියක්. ඇගේ පියා ඉහළ නිලධාරියකුට පහර දීම නිසා රස්සාව නැති කරගෙන සුළු ව්‍යාපාරවල යෙදුණු හිටපු පොලිස් නිලධාරියෙක්. ඇගේ මව ඔහුගේ දෙවන කසාදයයි. රජයට අයත් ගොඩපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි මේ දැරියගේ ජීවිතය වෙනස් වුණේ කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ආරම්භ වුණ පහේ ශිෂ්‍යත්ව විභාගයෙනුයි. ඇගේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබුණේ මධ්‍යම පන්තික පවුලක දැරියක හා ඇයයි. විදුහල්පතිනිය ශිෂ්‍යත්වය සමත් වීම ගැන කියා ඇයට පියා කැටුව එන්නට කීවේ මෙහෙමයි: “ඔය ළමයා (අනෙක් දැරිය) තාත්තට හෙට ඉස්කෝලෙට එන්න කියන්න. උඹත් (මගේ නැන්දම්මා) තාත්තට එන්න කියපන්." සිංහල මාධ්‍යයෙන් රජයේ පාසලක ඉගෙන ගනිමින් සිටි ඇයට කන්නන්ගර මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මුල්ම මධ්‍ය මහා විද්‍යාල අතරින් එකක් වූ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ නැවතී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලැබුණේ පහේ ශිෂ්‍යත්වය

අලින් මරනවා ද? මිනිසුන් මරනවා ද? ගහණයන් පාලනය කරනවා ද?

Image
පින්නවල අලි අනාථාගාරය අසලදී දුටු දසුනක්  ස්වාධීන රූපවාහිනියේ 'කවුද ඇත්ත කියන්නෙ?' වැඩසටහනේදි නයනක රන්වැල්ල ඉදිරිපත් කළ අදහස් ඉතා වැදගත්. ( වැඩසටහන මෙතනින් නැරඹිය හැකියි. ) ඒ තුළ සතුන් පිළිබඳ දැනුම සම්භාරයක් අඩංගු වුණා. ඒ බොහොමයක් කරුණුවලට විරුද්ධ වෙන්නට හේතුවක් මධ්‍යස්ථ මතධාරියෙකුට නැහැ. හේතුව, සොබාදහමේ තුලනය, ගහකොළ, සතා සීපාවාට සහ පරිසරයට ආදරය කිරීම වැනි දේ ඉතා හොඳ ආකල්ප. ඒ වුණාට පරිසරවාදීන්ගේ මූලික ගැටලුවත් නයනක රන්වැල්ල මෙම සාකච්ඡාවේදී පෙන්නුවා. ඒ තමයි පරිසරය සම්බන්ධයෙන් අනම්‍ය වීම හා මිනිසා පරිසරයේ ම කොටසක් ලෙස නො තැකීම. මිනිසා කියන්නෙත් සතෙක්. මේ සතා වෙනත් සතුන්ගෙන් වෙනස් වන්නේ ඔහුගේ අති විශිෂ්ට බුද්ධිය නිසා. ඔහු කොතරම් බුද්ධිමත් සතෙකු ද යත්, මිනිසා දන්නවා තමන් මිහිපිට බිහි වී තිබෙන්නේ පරිණාමීය කාලයන් අනුව දිගු කාලීන පැවැත්මකට නො වන බව. එහෙම බැලුවා ම තමන් නියත වශයෙන් ම විනාශ වීමට නියමිත බව දැනගෙන මිහි පිට ජීවත් වන එකම සත්වයාත් මිනිසා ම තමයි. කැරපොත්තාට, ඉබ්බාට, කිඹුලාට පසුව පරිණාමය වූ මේ අපූරු සතා ඒ සතුන්ට පෙර වඳ වී යාමත් සිදු විය හැකියි. විනාශ වීමට පෙර මිනිසා සම

කොරේ පිටට මරේ හෙවත් සංවර්ධන නිලධාරි හා පළාත් පාලන මන්ත්‍රීන්

Image
තවත් සංවර්ධන නිලධාරීන් 20,000ක් බඳවා ගන්නට නියමිත බව ආණ්ඩුව පවසයි. රජයේ රැකියා බලාගෙන උපාධි සහතික ලබා ගත්, වෙනත් රැකියාවක් කිරීමට සුදුසුකම්, කුසලතා නැති, එහෙම නැතිනම් ඵලදායී වැඩක් කිරීමට උවමනාවක් නැති තවත් පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගාල් වනු ඇත.  මහින්දගේ කාලයේ මෙවැනි පත්වීම් 80,000ක් දෙන ලදී. එම ඊනියා සංවර්ධන නිලධාරීන් සංවර්ධනයට දේශපාලකයන් තරමට ම කොඩිවිනයක් විය. මේ අතර සිටින ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස හැඳින්වෙන පිරිස අතරින් වැඩිදෙනෙකුට වැඩක් ඇත්තේ ම නැත. ඇතැම් උපාධිධාරී සංවර්ධන නිලධාරි මහතුන් කළේ බැසිල්ගේ දිවි නැගුමෙහි ඇට පැකට් බෙදීම වැනි පොඩි පොඩි අතානාත්තු ය.  හැබැයි, මේ කාටත් ලංකාවේ ආර්ථිකය උසුලාගෙන සිටින සැබෑ වැඩ කරන ජනයා අතරින් වැඩි දෙනෙකු ලබන වැටුපට වඩා වැටුප් පමණක් නොව, මහජන මුදලින් මෝටර් සයිකල් ද ලැබිණි.  තවත් සංවර්ධන නිලධාරීන් 20,000කට රැකියා දෙන එක නරක යයි අපි නො කියමු. හැබැයි මේ සංවර්ධන නිලධාරීන් ලක්ෂයම දැන්වත් හරිහමන් විදියකට වැඩට යෙදවිය යුතු ය. සෑම ගමකට ම සේවය සැලසීම සඳහා බලතල සහිත නිලධාරීන් 35ක් පමණ සිටින රටක ගමේ මිනිහාට යම් තරමකට පහසුවෙන් සොයා ගත හැක්කේ ග්‍

හිරේ යන එක මාර ෆන් ද? (රජයේ නිලධාරීන්ගේ විශේෂ අවධානයට)

Image
කට කණේ ගෑවෙන තරමට පනාව දාගෙන අත් උස්සාගෙන හිරේ යන දේශපාලකයන් කෙළින්ම යන්නේ බන්ධනාගාර රෝහලට ය. ගෙවන වාට්ටුවලට යන අයත් සිටිති. හිරේ යන එක ෆන් වැඩක් නො වන බව එයින් ම පෙනෙනවා ය. හිරේ ජීවිතය ගැන හිතාගන්නට උවමනා නම් බැඳලා හදන බල්ලකුගේ ජීවිතය හිතින් මවා ගන්න. එය ඉතා කටුක ය. විශේෂයෙන් ම, වියපත් මිනිසුන්ට එය ඉතා දුෂ්කර ය. ප්‍රියයන්ගෙන් වෙන් වී ජීවත් වන්නට සිදු වීම එහි ඉතාම කටුක තත්වයයි. සිරදඬුවමකට ලක්ව බන්ධනාගාරගත වූවෙකුට සිය පවුලේ අය පමණක් මසකට වරක් හමු විය හැකි ය. ආහාර පාන කිසිවක් පිටතින් ගෙන්වා ගැනීමට බැරි ය. බිරියන්ගෙන්, සැමියන්ගෙන්, දරුවන්ගෙන් හිටි හැටියේ එසේ වෙන් වීම පහසු නැත. එය දුරකථන ඇමතුම්, ස්කයිප් කෝල් සහිතව පිටරට චාරිකාවකට ගියා සේ නොවේ. ලංකාවේ සිරගෙවල්වල සාමාන්‍යයෙන් ඇඳන් නැත. මදුරු දැල් නැත. මා සිතන පරිදි මදුරු කොයිල් පවා තහනම් ය. විදුලි පංකා නැත. සාමාන්‍ය වාට්ටුවල නම් විවිධ රෝගාබාධ ඇති, අපිරිසිදු, කුඩුකාර, කොලුකාර, ඒඩ්ස්කාර, මදාවි, පිස්සු ආදී විවිධාකාර ඩයල් සමග එකට වැටී සිටිය යුතු ය. දළයන්ගේ හෙවත් බලවත් හිරකාරයන්ගේ උදහසට ලක් වුණොත් නිදාගන්නට සිදු වන්නේ ඩස්බින් එක හෝ කක

රාජ්‍ය නිලධාරීන් කණ් කෙටි දෙකෙන් අල්ලා උස්සා දෙපයින් සිටුවන නඩු තීන්දුවක්

Image
ලලිත් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු නිසා තත්වයේ බරපතලකම දනියි. ඔහුගේ මුහුණින් පෙනෙන්නේ එයයි. අනුෂ පැල්පිට මෑත වකවානුවේදී දේශපාලනයෙන් ඉදිරියට පැමිණි නිලධාරියෙකි. ඔහුට බරක්පතලක් නැත.  ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහජන මුදල් වංචා කර, මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි බෙදූ බව ඔප්පු වී තිබේ. ඡන්ද ලබා ගැනීම සඳහා මේ අල්ලස් දීම මෙහෙයවූ පිරිස් නිරුපද්‍රිතව සිටියදී නෛතික වගකීමට උර දුන් රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් විඳින්නට සිදු වීම ඉතා වැදගත් ය. මේ වනාහි රාජ්‍ය නිලධාරීන් කණ් කෙටි දෙකෙන් අල්ලා උස්සා දෙපයින් සිටුවන නඩු තීන්දුවකි. කවුරුන් වුණත් සිරගත වීම හොඳ දෙයක් නො වේ. ලලිත් වීරතුංග වැනි ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකුට මෙසේ වීම ඉතා අවාසනාවන්ත ය. එහෙත් කරන්නට දෙයක් නැත. ඔවුන් මේ පක්කලිකම් කළේ මීයක් කඩා අත ලෙවකන්නට ම නො වේ. මේ අය රාජපක්ෂලාට සේවය කර පස්සා පැත්තේ අත් පිසදා ගත් අය ද යන්න ඔවුන්ගේ පවුල්වල දේපල සම්බන්ධයෙන් විමර්ශනයක් කළොත් හෙළිදරව් කර ගත හැකි ය. කෙසේ වෙතත්, ඔවුන් සිරගත වන්නේ සමස්ත රාජ්‍ය සේවයම නඟා සිටුවීම වෙනුවෙනි. ඔවුන් දෙන පණිවුඩය වන්නේ රාජ්‍ය නිලධා

පරණවිතානගේ අලුත් සංකල්පය හෙවත් සුභද්‍රගේ අභද්‍ර වචනය

Image
ලංකාවට අලින් වැඩි බවට කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශය වැරදි සභාවකට කළ නිර්භීත ලෙස ඇත්ත කීමකි. මෙතරම් අලි-මිනිස් ගැටුමක් ඇත්තේ ද දෙපාර්ශ්වයේ ම මරණ වාර්තා වන්නේ ද අලින් වැඩි නිසා ය. අලින් වැඩි බව බොරුවක් නම් ඉතා පැහැදිලිව ම මිනිසුන් වැඩි ය. මිනිස් ගහණය පාලනය කළ යුතු ය. එය ද නිසි පරිදි සිදු වන්නේ නැත. අලි ගහණය පාලනය කරනවාට විරුද්ධ අය ජනගහනය පාලනය කරනවාටත් විරුද්ධ ය. අලි ගහණය පාලනය කරනවාට විරුද්ධ ඇතැම් අය ඔවුන් අල්ලා, ජීවිත කාලයට ම බැඳ තබාගෙන, වධ දෙමින් පෙරහරේ ගෙන යනවාට පක්ෂ ය. මේකත් ලෝකයක් ද මර්තේලිස්.  ජනගහණ වර්ධනය සම්බන්ධයෙන් වැදගත් සාධකයක් වන්නේ සමස්ත සාඵල්‍යතා අනුපාතිකයයි. සාමාන්‍යයෙන් මෙයින් අදහස් වන්නේ ප්‍රජනන වියේ සිටින කාන්තාවන් සාමාන්‍යයෙන් ලබන දරුවන් සංඛ්‍යාවයි. බොහෝ රටවල් සම්බන්ධයෙන් ගත් කල, 2.1ක සමස්ත සාඵල්‍යතා අනුපාතිකය ජනගහණය තිබෙන මට්ටමෙන් පවත්වා ගැනීමට ඉවහල් වේ. එයට ප්‍රත්‍යාදේශන සාඵල්‍යතා අනුපාතිකය යයි කියනු ලැබේ. වසර 2011දී කරන ලද ජන සංගණනය අනුව ලංකාවේ සමස්ත සාඵල්‍යතා අනුපාතිකය 2.4කි. එය බංග්ලාදේශයේ තත්වයටත් වඩා නරක අගයකි. කලින් මිලියන 22ක පම

රේඩියෝ සංස්ථාවේ වෙළඳ දැන්වීම් සේවයේ නම වෙනස් කිරීම

Image
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ නම ටිකක් පරණ තාලෙ එකක්. හැබැයි, ඒ නම පත්තියම් වුණ එකක්. ඒ නිසා එය වෙනස් කළ යුතු ද කියන ප්‍රශ්නය ඇසූ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධනට ලැබෙන්නට ඇති පිළිතුර සිතා ගත හැකියි. රින්සෝ කියන සෝදන කුඩු වර්ගයේ නම ලංකාවෙ සමාජයට කොයි තරම් පත්තියම් වුණාද කියනවා නම් අද පවා වෙනත් සෝදන කුඩු වර්ගයක් භාවිතා කරද්දි පවා මිනිස්සු රින්සො දානවා ය කියනවා. මේ වටිනාකම් ගැන අවබෝධයක් නො තිබුණු ඒ සමාගමේ ලොක්කෝ ජාත්‍යන්තර වෙන්න රින්සෝ රින් කළා. අපේ මිනිස්සු තාමත් සියලු පීවීසී බටවලට කියන්නෙ එස්ලෝන් බට කියලා. සියලු රබර් සෙරෙප්පුවලට බාටා කියන අයත්, සෑම උපත් පාලන කොපුවකට ම ප්‍රීති කොපු යයි කියන අයත් මේ රටේ ඉන්නවා. හැබැයි, හැම රේඩියෝ චැනලයකට ම වෙළඳ සේවය කියන තත්වයක් රටේ නැහැ. ඇත්තම කියනවා නම්, වෙළඳ සේවය ඒ තරම් නවීන රේඩියෝ චැනලයක් ලෙස සැලකෙන්නේත් නැහැ. වෙළඳ සේවය කියන නම වැටෙන්නට ඇත්තෙ Commercial Service කියන එකේ පරිවර්තනයක් ලෙස වෙන්නට ඇති. මෙතන කොමර්ෂල් කියන වචනයෙන් වෙළඳ කියන අදහසට වඩා එන්නෙ වෙළඳ ප්‍රචාරණ කියන අදහසයි. කොමර්ෂල් කියන වචනය රේඩියෝ හෝ රූපව