Posts

Showing posts from May, 2017

මෙවැනි ව්‍යසන නැවත සිදු නො වීමට

Image
වාර්තාකරණයේ නිදර්ශනයක් - ශෙහාන් ගුණසේකරගේ කැමරාව  මොරා කුණාටුව ලංකාවෙන් ඈත්ව බංග්ලාදේශය වෙත යොමු වීම ගැන ඔබ ඇතැමෙකු සතුටු වන්නට ඇත. එහෙත්, බංග්ලාදේශයේ සිටින්නේත් ඔබ අප වැනි ම මිනිසුන් බව ඔබට සිහි වුණා ද? ජාති හා ජාතිකවාදයන් විසින් නිර්මානය කර තිබෙන දේශසීමා ඔස්සේ මිනිස් වර්ගයා බෙදීම කෙතරම් මානුෂික ද යන්න සිතන්නට මෙය අවස්ථාවක් කර ගන්න. කෙසේ වෙතත්, අප තරම් ජාතිය ගැන ආඩම්බර නො වන මුත්, බංග්ලාදේශය පවා ලක්ෂ පහක් පමණ ජනතාව අවදානම් ස්ථානවලින් ඉවත් කර ආපදාවෙන් සිදු වන ජීවිත හානි අවම කර ගන්නට උත්සාහ කරනු දක්නට ලැබිණි. ලංකාවට ආපදාව කළමනාකරණය කර ගන්නට බැරි වීම ගැන අදහසක් අගමැතිවරයා ම ප්‍රකාශ කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රත්නපුර ප්‍රදේශයට අධික වැසි ලැබුණු බව අදාළ අංශවලට සන්නිවේදනය කර නැති බව පෙනේ. එසේම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ සම්බන්ධ සිය වගකීම් ඉටු කර නැති බව ද පෙනේ. නිසි සන්නිවේදනයක් සිදු වී නම්, රජයට ක්ෂණිකව ක්‍රියාත්මක වන්නටත්, අඩු තරමේ මිනිසුන් හෝ වහා ඉවත් කර, ගංවතුර නිසා සිදු වූ ජීවිත හානි අවම කර ගන්නට හැකියාව තිබිණි. ඇතැමෙකු අගමැතිගේ ප්‍රකාශය විහිළුවට ගත්තත්, එහ

ගංවතුර කඳවුරේ නයනා

Image
නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි. කාමරයේ අල්මාරිය ඇර බැලූ ඇගේ පපුව හෝස් ගා දැවී ගියේ ය. සාරි, ගවුම්, ළමා ඇඳුම් ආදියෙන් තවමත් දිය බේරේ. ඇය අල්මාරි ලාච්චුව ඇර බැලුවා ය. වටිනා ලියකියවිලි සියල්ල තෙමී ඇත. ඒ අතර රත්තරං බඩු උකස් පත්‍රිකා ද ඇති බව සිහි වී ඇගේ අත නිතැතින් ම ගෙලට ගියේ ය. ඇය ඇඳ මත වාඩි වුණා ය. එසැණින් ම දැනුණ තෙත නිසා වහා නැගිට්ටා ය. ඒ සමග ම ඇඳ පැත්තකට ඇල විණි. බෝඩ්වලින් හදන ලද එය නැවත පාවිච්චි කරන්නට බැරි වනු ඇත. එය දැනටමත් තෙමී, පෙඟී පපඩමක් සේ පිම්බී ඇත. ගෘහ භාණ්ඩ ගන්නට ගත් ණය තවමත් ගෙවා අවසන් වී නැත. දරුවන්ගේ කාමරය පුරා පොත්පත් විසිරී ඇත. ඒවා මත ද තෙත මඩ තට්ටුවකි. කළු පාට කුණු මඩවල නහය කකාරවන ගඳ නිසා ඇය නහය හකුළුවා ගත්තා ය. කිළිටි වී මඩ තැවරී කාමරය මැද වැටී සිටි දුවගේ බෝනික්කකු දුටු විට නයනාට සිහි වූයේ ෆේස්බු

ආපදා හා ශ්‍රී ලාංකික කුහකත්වය

අද උදේ නාගොඩ රෝහලට ගියා ප්‍රවාහන වැඩකට. පාරවල් බ්ලොක්. යන්න ඕනැ රවුම් පාරවල. ප්‍රධාන ගේට්ටුව ළඟ ගංවතුර. රෝහලේ නිලධාරි බරට වැඩ. අලුතෙන් හදපු බිල්ඩිමේ කොටසක් විවෘත කරන්න. අද ඇමති රාජිත උපන් දිනය. ලොකු උත්සවයක් නෙමෙයි. ගංවතුර නිසා රූපවාහිනීවල සිංදු වාදනයත් වැරැදි ය කියන අය ඉන්නවා. එහෙම අයටක්, දේශපාලන විරුද්ධවාදීන්ටත් මේ පොඩි උත්සවය පවා ඇති ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරයකට. මේවා සංවිධානය කරන්නේ නිලධාරි. දේශපාලකයන් තුටු කරන්නට වෙන්න ඇති. හැබැයි හම යන්නෙ දේශපාලකයන්ගෙ. මේ ආණ්ඩුව දේශපාලන ස්නායු අක්‍රීය එකක්. පාලිත තෙවරප්පෙරුම ගංවතුරෙ වැඩ කළේ ⁣⁣පේන්න ය කියන කටවල්වලින් ම කෝ අහවලා කියලා අහනවා. ආපදා හානි ගැන බොරුවට වැළපෙන අය වැස්ස ඇති වීමත් ආණ්ඩුවේ වරදක් ලෙසයි දකින්නේ. ආපදාවට පහුවෙනිදා ම කෝ ආණ්ඩුවට පිටරටින් ආධාර ලැබුණා ද කියා අහන කුහකයන් අපි දුටුවා. මේ අය පසුගිය කාලේ ඉන්දියන් ඇම්බියුලන්ස් විරෝධියෝ. ඇත්තට වැඩ කරන අවංක ස්වෙච්ඡා සහන සේවකයන් අතර වතුර බෝතල ටිකක් එක්ක පිංතූර අරගෙන ප්‍රචාරයට යොදා ගන්න බොරුකාරයන් වැහි වැහැලා. හඳුනා ගන්න ලේසියි. වැඩියෙන් ම සද්

ලංකාවේ ආපදා කළමනාකරණ ආපදාව

Image
ආපදාවෙන් විපතට පත් වූවන් බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ ගුවන් හමුදාවේ වයි.එම්.එස්. යාපාරත්න  ශ්‍රී ලංකාව ආපදා බහුල රටක් බවට පත් වී තිබේ. මිහිතලය උණුසුම් වීමත් සමග ඇති වූ දේශගුණික විපර්යාස මෙන් ම, දේශීයව සිදු වූ භූගෝලීය හා සමාජයීය වෙනස්කම් ද එයට හේතු වී තිබේ. දැවැන්ත රජයක්, වරප්‍රසාදිත විශාල ඇමති මණ්ඩලයක්, නිතර විදේශ පුහුණුවීම් හා තීරු බදු රහිත වාහන වැනි වරප්‍රසාද ලබන ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණය සම්බන්ධ ආයතන පද්ධතියක් තිබුණත්, ආපදාවක් සිදු වී සෑහෙන වෙලාවක් යන තෙක් එම යාන්ත්‍රණය පණ ගන්වා ගැනීම දුෂ්කර ය. එහෙත්, රජයේ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයෝ හැකි ඉක්මණින් ආපදා සිදු වන ස්ථාන වෙත ළඟා වී සේවා සපයති. ආපදා කළමනාකරණයේදී දැවැන්ත ම වැඩකොටස ඉටු කරන්නේ ඔවුන් ය. මෙවර ද ආපදාවට ලක් වූවන් බේරා ගැනීමට ගොස් හෙලිකොප්ටරයේ කේබලය කැඩී යාමෙන් ගුවන් හමුදා නිලධාරියකු මරණයට පත් විය. මේ මිනිසුන්ගේ සේවය කිසිදු කලෙක ලංකාවේ ඇගයීමට ලක් නො වේ. ලංකාවේ මිනිසුන් ඔවුන් ගැන කතා කරන්නේ අටපාස් හමුදාකාරයන් ය කියා ය. මේ මිනිස්සු කිසි දිනෙක තමන් ආපදාවෙහිදී

කඳු පාමුල සිට ලියමි

Image
මේ අපේ ගම් පැත්ත කිසිම කන්දක් කිසිම තැන්නක් කිසිම කිසිවක් නොමැත ස්ථිර අපට දිය දුන් අපට පණ දුන් කන්ද පාමුල නිදමි මම දැන් අදත් ඊයේ වගේ මහ වැසි නොවසින්න යයි කියමි අහසට එහෙත් තව වැසි වසී තවමත් වියළි දිනවල ඔබ සිටින බර නො දැනුණේ ඇයි සිතමි මම දැන් දයාබර කඳු මිතුර ඔබටත් සුබ රැයක්! - අජිත් පැරකුම් ජයසිංහ 2017-05-26 ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ඥානසාර ඔය ඇති දැන්

Image
ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නැවතත් සමාජ පිළලයක් ලෙස ඉස්මතු වෙමින් තිබේ. ඔහු වනාහි හිටි ගමන් උඩ එන යළි හිටි ගමන් යට යන අමුතු මහණෙකි. ඔහුගේ උඩ ඒම, යට යාම තීරණය කරනු ලබන වෙනත් සාධක ඇති බව පැහැදිලි ය. මේ සාධක මොනවා ද? එකක් මුදල් ය. මුදලක් ලැබෙන විට ඥානසාර අවදි වේ. ඥානසාර යනු විදේශ අරමුදල්වලින් නැටවෙන්නෙකු බව හා ඔහුගේ ක්‍රියාකාරිත්වයේ අවසන් අරමුණ සිංහල ජාතිය හා බුද්ධාගම විනාශ කිරීම බව මේ වන විට පැහැදිලි ය. අප සාමාන්‍යයෙන් කිසිදු ආගමක් නො අදහන ජාතිය මූලික සාධකයක් කර නො ගන්නා අය වුවත්, මොහු සිංහල බෞද්ධ ජාතිකවාදයට කරන හානියට එරෙහිව නම් ජාතිකවාදීන් සමග එක් වන්නට අප සූදානම් ය. දෙවන ප්‍ර‍ධාන සාධකය දේශපාලනයයි. ඔහු විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අනුග්‍ර‍හය ලබා ගනිමින් අලුත්ගමදී අවුළුවන ලද මුස්ලිම් විරෝධී ජාතිවාදී ගිනිසිළු අවසානයේදී මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්ද අහිමි වන තැනකට පත් කළේ ය. හිටි හැටියේ යළි මතු වී තිබෙන ඔහුගේ වර්තමාන රංගනය සේවය කරන්නේ කාටද යන්න පැහැදිලි නැත. මහින්ද රාජපක්ෂ නැගී සිටීමට උත්සාහ කරන විට ම ඥානසාර ද යළි මතු වන විට ඥානසාර හසුරුවන්නේ රනිල් විසින් ය කියා ද ම

ලිබර්ටියේ සිට දෙහිවලට පැය දෙකක බස් ගමනක නිම්නයක හුදකලාව

Image
නිම්නයක හුදකලාව අමුතුම චිත්‍රපටයක්.  ඒකෙන් මොකක්වත් දෙයක් ප්‍රකාශ කරන්නෙ නැතුවත් ඇති. එහෙම ප්‍රකාශ කරනවා නම් අවංකව කිව්වොත් මට නම් එ්ක තේරෙන්නෙ නැහැ. කලාකරුවාගේ ප්‍රකාශනය හෘදයෙන් විඳගන්න කෙනාටනේ සහෘදයා කියන්නෙ. හැබැයි ඉතින් ඔය සහෘදභාවයේ ශබ්ද විකාශන යන්ත්‍ර වන විචාරකයන් ඇත්තට ම කලාකරුවාගේ ප්‍රකාශනය විඳගත් අයද? හැබැයි ඉතින් කෘතිය නිර්මානය කළාට පස්සෙ කතුවරයා එතනින් අවසන් වන නිසා කතුවරයා මොන මගුල කියන්නට අදහස් කළත් අප⁣ට මොකද? එතනින් එහාට වැදගත් වන්නේ අප විඳගත් රසය විතරයි. නිම්නයක හුදකලාවේ රසය නිෂ්පාදනය වන්නේ එහි අැති අසම්මත කතාවේ, රූප රාමුවල, ශබ්ද සංකලනවල, සංස්කරණයේ හා රඟපෑම්වල තිබෙන අපූරු නිර්මාන කෞශල්‍යයේ මහිමයෙන්. කතාවක් ගමන් කරන්නේ කාල රේඛාවක. කාල රේඛාවන් කතන්දර ලෝකයේදි වක්‍ර වෙන්නෙ නැහැ. කාලය වක්‍ර වෙන්නෙ කළු කුහර වගේ මිනිස් චින්තනයෙන් විග්‍රහ කරන්න බැරි අවකාශය කියන අදහසත් අතාර්කික වන අවකාශවල. නිම්නයක හුදකලාව කියන්නෙත් ඒ ව⁣ගේ කළු කුහරයක්. ඒක ඇතුළෙ හරි අපූරු දේවල් වෙනවා. කාලය ඉස්සරහට, පස්ස⁣ට, පැත්තෙන් පැත්තට එහෙ මෙහෙත් යනවා. සිදු වෙන්නෙ අතාර්කික දේවල්. නිම්නයක හුදකලාව

ඇමති මාරුව හෙවත් කොට්ට මාරුව

Image
ලංකාවේ ජනමාධ්‍යවලට පුවත් නැති නිසා කාලයක් තිස්සේ පුන පුනා ලියනු ලබන ප්‍ර‍වෘත්ති කීපයක් තිබේ. එකක් කොටි නැගිටීමයි. අනෙක, ඇමතිවරුන් කීපදෙනෙකු ආණ්ඩුවෙන් කඩාගෙන යාමයි. ඊළඟ එක ඇමති මාරුවයි. ඇමති මාරුව ඊයේ සිදු විය. ඒ ගැන එක එක කතා කියනු අසන්නට ලැබේ. එහෙත්, හොඳම ප්‍ර‍ස්ථාව පිරුළ හිසරදයට කොට්ටා මාරු කිරීමයි. එයින් හිසරදය හොඳ වන්නේ නැත. හැබැයි රෝගියාගේ හිත තාවකාලිකව හොඳ වේ. පසුගිය කාලය පුරාම, ලංකාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, ඕපාදූපකාරයන්, විප්ලවවාදීන්, විරුද්ධ පක්ෂය පමණක් නොව, ආණ්ඩුවේ ම ඇමතිවරුන් පවා මුදල් ඇමති රවි කරුණානායකට බැනීම පුරුද්දක් කරගෙන සිටිය හ. රවි කරුණානායක සොරෙකි ය යන කරුණ සියලු දෙනා විසින් පුන පුනා කීවත්, සියලු දේශපාලකයන් සොරුන් වන නිසා ඔහු ද සොරකු විය හැකි මුත්, ඔහු රාජපක්ෂ පවුල වැනි සුවිශේෂ සොරුන් පිරිසක් අයිති වන වර්ගයට දැමිය හැකි ද යන්න මම නො දනිමි. මෙහිදී මා වැරදි විය හැකි ය. ඔහු කළ බව කියන සොරකම් ගැන දන්නා අයට ඒ පිළිබඳ අදාළ ආයතනවලට පැමිණිලි කිරීමට හෝ මෙහි ඒවා සටහන් කිරීමට හෝ හැකි ය. කෙසේ වෙතත්, මගෙ කියවීම වන්නේ ඔහු ඉතා දුෂ්කර අවධියකදී ආර්ථිකය කළමනාකරණය කිරීමට සිය

මේකත් ලෝකයක් ද මර්තේලිස්

Image
මර්තේලිස් සහෝදරය නිර්ධන පංතිය වෙනුවෙන් විප්ලවයක් කරනු පිණිස ධනපති පංතිය වනසමු එ්ක තමයි මේ යුගයේ කාර්යභාරය වන්නේ මරුට සිනාසෙනු තේලිස ඉදිරියට ම යනු තේලිස රට ජාතිය රකිනු පිණිස ගසා දමනු සතුරු සිරස මර්තේලිස් තේරෙනවද පූර්වජ පියා වෙනුවට ශිෂ්ට කරන ලද පියෙකුගෙ ආශාවේ වස්තුවෙ අනෙකා කවුරු ද? විරුද්ධභාෂිතයක් ඔබ ජිජැක් නෙමෙයි ශිශෙක් හරිද? වැලියු චේන් එක ඇතුළේ එක හියුමන් රිසෝසයකි මර්තේලිස් හයරිං ෆයරිං ඩුං ඩුං මර්තේලිස් ප්‍රොජෙක්ට් එකකි ප්‍රෝග්‍ර‍ස් එක තවම මදි ය රේස් එකේ ෆන්ඩ්ස් එවනු මර්තේලිස් සෙක්සි ඔයා මේක සොඳුරු ලෝකයක් ය ශවකාමය වුව කූල් ය එව කව බොව සැපම විඳුව මර්තේලිස් උඹයි මායි අපි එළියට වැටිල වගෙයි භාෂා ලෝකයක් ය මේ ජීවිතයම රාමු කරපු පොඩි කොටු තුළ හුකා ගන්න කියල උන්ට අපි යමු අඩියක් ගහන්න ප.එ.ක.* චිත්‍රපටියකුත් බලමු ද? අජිත් පැරකුම් ජයසිංහ 2017-05-22 *පසුව එකතු කළෙමි

දැවැන්ත නායකයෙක් හැදිලා නැත්නම් ගැඹුරු මුල් ගැන කතා කරන එක විහිළුවක්

Image
උපත මත බොහෝ විට තීරණය වූ ජාතිය, ජන වර්ගය, ආගම, කුලය ආදී අනන්‍යතාවලින් හැකිතාක් මිදුණු තැනැත්තා සැබෑ බෞද්ධයා ලෙස සලකන ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ශ්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධිපතින් වහන්සේ ය. කැලණිය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ද වන උන්වහන්සේ වසර දෙදහස් පන්සියයක ඉතිහාසය මත පදනම් ව අප ගොඩ නඟා ගෙන ඇත්තේ කවර නම් දෙයක්දැයි විමසති. සිංහල ජාතිවාදය එක පැත්තකින් රට අනතුරේ හෙළනවා. දෙමළ ජාතිවාදය තවත් පැත්තකින් ඒ වැඬේම කරනවා. කොයි ආණ්ඩුව ආවත් ඔවුන් මේවා තමන්ගෙ දේශපාලන අනාගතයට පාවිච්චි කරනවා විතරයි. මෙහෙම ගියොත් රටේ අනාගතයට මොකක් වෙයිද ? දෙමළද සිංහලද කියලා වෙනසක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප‍්‍රශ්න බොහෝ දුරට සමානයි. කුඹුරු කරන අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව වගේ පළාත් වල සිංහල මිනිස්සුන්ට තියෙන ප‍්‍රශ්නයි, උතුරේ කුඹුරු කරන අයට තියෙන ප‍්‍රශ්නයි සමානයි. ඒ නිෂ්පාදන වලට හරි මිලක් නෑ. තමන්ගෙ දරුවන් යවාගන්න හො`ද පාසල් නෑ. තියෙන පාසල් වලට හො`ද ගුරුවරු නෑ. තරුණයන්ට රැුකියා නෑ. ඔය වගේ ප‍්‍රශ්න ගණනාවකින් දෙපැත්තෙම මිනිස්සු පීඩිතයි. ඒ වගේම යුද්ධය නිසා මුහුණ දෙන්න වුණු විශේෂ ප‍්‍රශ්න ග

ජාතික ප්‍රශ්නයේදී සිංහල බෞද්ධ හා දෙමළ මාවත් හැර වෙනත් පාරවල් නැද්ද?

Image
ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මැද මාවතක් නැති ය කියන එක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙන්න මෙහෙම ඉදිරිපත් කරනවා. යුද්ධයේ අවසානය පිළිබඳව සිංහල-බෞද්ධ පාර්ශවයෙන් හා දෙමළ පාර්ශවයෙන් ඉදිරිපත් වන කියාපෑම් දිහා බැලූ විට පැහැදිලිවම පේන දේ තමයි දෙපාර්ශවයටම තමන්ගේ කියාපෑම් සඳහා ඉතාම පැහැදිලි හේතු තිබෙන බව. අප වැනි අය පිළිගත්තත් නැතත් මේක මගහැරයා නොහැකි යථාර්ථයක්. හොඳින්ම පෙනෙන දේ තමයි සමාජ දෙක අතර තිබෙන දුර එන්න එන්නම දුරස්ථ වන බව. පිලිප් ශාන්ත කියල තිබුණ වගේ අපි බලන් ඉන්න ඕනෙ දෙමළ සමාජය තුළ වර්ධනය වන නව ගතිකයන්ට සිංහල-බෞද්ධ දේශපාලනය මුහුණ දෙන්නෙ කොහොමද කියල. කොහොම වුනත් මේ ප්‍රතිවිරුද්ධ ජාතිකවාදයක් දෙක අතර තිබෙන දුරස්ථභාවය සමනය කිරීමට දැනට මැද මාවතක් නැති බවනම් පැහැදිලියි. - නිර්මාල් රංජිත් දේවසිරි සමාජ දෙක අතර තිබෙන දුර එන්න එන්නම දුරස්ථ වෙනවා ය කියන තර්කය අනුව ගත්තොත්, ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙකයි තියෙන්නෙ. එකක්, දෙමළ වෙනම රාජ්‍යය. අනෙක, සිංහල මූලික රාජ්‍යය විසින් දෙමළ ජනයා මර්දනය කිරීම. මෙතනදී නිර්මාල්ගේ ගෝටා-2020 ව්‍යාපෘතිය ස්ථානගත වන්නේ මේ දෙවන කාරණය සමග විය යුතුයි. හැබැයි නිර

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)

Image
ඔහුත් මාත් මෙහි නොව කොහේ හෝ තැබෑරුමක හමු වුණි නම් අප වාඩි වී අඩියක් ගසනු ඇත රවුම් ගණනක් ම බොනු ඇත ඒත් අපි හමුදා දෙකක මුහුණට මුහුණ සටනේ මම ඔහුට වෙඩි තැබුවෙමි එතැනම මරා දැමුවෙමි මා ඔහු මරා දැමුවේ ම්.... ඔහු මගේ සතුරා නොවැ ඔව් ඒකනේ, ඔහු මගේ සතුරා තේරුණා නේද, ඔහු මගේ සතුරා මං හිතන්නේ ඔහුත් මං වගෙම වෙන්න ඇති රස්සාවක් නැතුව පිච්චියක් අතේ නැතුව ඒ මදැයි හේතුව බැඳෙන්නට යුද්දෙ හරි අමුතුයි නේ එහිදි ඔබ මරන මිනිහා හමු වුණා නම් තැබෑරුමක අඩියක් ගසා සාක්කුවටත්  කීයක් හෝ  දමනු ඇත -අජිත් පැරකුම් ජයසිංහ 2017 - 05 -18 (තෝමස් හාඩි විසින් ලියන ලද පහත සඳහන් කවියේ අනුවාදයකි) The Man He Killed BY THOMAS HARDY "Had he and I but met By some old ancient inn, We should have sat us down to wet Right many a nipperkin! "But ranged as infantry, And staring face to face, I shot at him as he at me, And killed him in his place. "I shot him dead because — Because he was my foe, Just so: my foe of course he was;