රනිල්ගේ ඩින් ඩියම් කතාව ගැන මට හිතෙන හැටි



අජිත් පැරකුම් ජයසිංහ

ඩින් ඩියම් ලංකාවට අදාළ වන විදිය තේරුම් ගන්න ඕනැ නම් විපක්ෂ සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ සිට කාදිනල් කුරේ, හකීම්, ශානක්‍යන්, ඕමල්පේ සෝභිත, කුමාර් ගුනරත්නම්, වසන්ත මුදලිගේ වැනි අය හරහා නිර්මාල් රංජිත් දේවසිරි දක්වා අයගේ සිංහල-බෞද්ධ-ගොවිගම ප්‍රභූ විරෝධය තේරුම්ගන්න.

එතන තියෙන්නෙ ප්‍රභූත්වයක් විතරක් නෙමෙයි. ඒ තමයි ලංකාවේ ප්‍රධාන හා බහුතර දේශපාලන බලවේගය. ඒ බලවේගය තමයි ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ගොඩනගලා පවත්වාගෙන යන ප්‍රධාන බලය. ඒකෙ අඩුපාඩු ඕනැ තරම් තියෙනවා. උවමනාවට වඩා සංරක්ෂණවාදීකම එකක්. සිංහල ජාතිවාදය පැත්තට යොමුව තියෙන්නෙ ඒ නිසායි. හැබැයි, ලංකාවේ ජනගහනයෙන් 55%කට වඩා අයිති වන්නෙ සිංහල-බෞද්ධ-ගොවිගම ප්‍රජාවට.

මේ ප්‍රජාව සියල්ලන් ඇතුළත් කරගැනීමට කැමති විවෘත බලවේගයක්. උදාහරණයක් විදියට ඔවුන් එක් වතාවකට වඩා වාර ගණනකදී රාජ්‍ය නායකත්වය ඔවුන්ගේ ප්‍රජාවෙන් පිටත අයට ලබාදී තිබෙනවා.

මේ ප්‍රජාවේ අධිපති බලයට එරෙහිව සන්ධාන ගොඩනැගීම පසුපස ඇමරිකා එක්සත් ජනපදය වැනි රාජ්‍ය තියෙනවා. ඔවුන් එසේ කිරීමට හේතුව ඒ රාජ්‍යවල ඡන්දදායකයන් බවට පවා පත්වී තිබෙන දෙමළ ඩයස්පෝරාව.

ඩින් ඩියම් මෙතැනදී අදාළ වන්නේ කතෝලිකයකු වන ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ඇතුව දකුණු වියට්නාමයේ අගමැති වෙමින් බහුතර බෞද්ධ බලවේගයට එරෙහිව සිදුකළ මර්දනය නිසායි.

ඩින් ඩියම් කතාව මා විග්‍රහ කරන්නේ එලෙසයි. මා සිතන පරිදි රනිල් කියන්නේ ලංකාවේ සිංහල-බෞද්ධ-ගොවිගම ප්‍රභූ බලයට එරෙහි කැරැල්ලකට ඔහු ඉඩ නොදෙන බවයි. මෙය රනිල්-රාජපක්ෂ සන්ධානයේ අප්‍රකාශිත පදනමක්.

Adapted from praja.lk

 

Popular posts from this blog

සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 23ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු