ජනමතය විකෘති වෙලාද?


 August 22, 2022 Politics

අජිත් පැරකුම් ජයසිංහ

2004දි ජවිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ක එකතුවෙලා මැතිවරණයෙදි ආසන 39ක් දිනාගෙන ආණ්ඩුවක් පිහිටෙව්වා. ඇමතිකම් එහෙමත් ගත්තා කෙටි කාලෙකින් ජවිපෙ ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂයට ගියා. කරු ජයසූරිය ඇතුළු එජාප පිරිසක් ආණ්ඩුවට එකතු වුණා.

හැබැයි, ජනමතය විකෘති වුණාය කියලා ජවිපෙ කිව්වෙ නැහැ. වහා මැතිවරණයක් පවත්වන්නය කියල කිව්වෙත් නැහැ. පළාත් සභාවලත් මේක වුණා. හැබැයි, ජවිපෙ පළාත් සභාවලදිවත් කිව්වෙ නැහැ දැන් ජනමතය විකෘතියි ඡන්දයක් පවත්වන්නය කියලා. 2010දි තමයි ඊළඟ මහ මැතිවරණය පැවැත්වුවේ. ඊට කලින් ජවිපෙ තුනට කැඩුණා. පොදු ජන වරම විතරක් නෙමෙයි ජවිපෙට ලැබුණු ජන වරමත් විකෘති වෙලා තිබුණෙ. ඒ වුණාට ජවිපෙ මැතිවරණ ඉල්ලුවෙ නැහැ.

ජනතාව පාර්ලිමේන්තුවට දීපු බලය ඔය කියන විදියෙ විකෘති වීමකට ලක් නොවුණු පාර්ලිමේන්තු කාලයක් ඉතිහාසයේ කවදාහරි තිබුණා නම් කියන්න බලන්න. ඒ විකෘති වුණ හැම අවස්ථාවකදීම මැතිවරණ තිබ්බා නම් දැන් මේ වෙනකොට මැතිවරණ කීයක් විතර පවත්වලා තියෙන්න ඕනැද?

මැතිවරණ කියන්නෙ මහජන මුදල් හා මහජනතාවගෙ මුදල්. හැමදාම මැතිවරණ තියන්න තරම් අපි ධනවත් රටක් නෙමෙයි. මැතිවරණ පවත්වන්නට ඕනැ නිසි කලට. ජනමතය විකෘති වුණාය කිය කිය මැතිවරණ පවත්වන්නටත්, ඒ කාලයේ රට අඩපණ වෙන්නටත් ඉඩහැරිය යුතු නැහැ. මේ අවස්ථාවේ නම්, කොහොමවත් ඒක කරන්න දෙන්නට බැහැ. හේතුව, අපි ඉන්නෙ දරුණු ආර්ථික අර්බුදයක.

මැතිවරණ ඕනැ කරල තියෙන්නෙ කාටද? මීට වඩා ආසන ගණනක් දිනාගත හැකියි කියලා ජවිපෙ හිතනවා. තමන්ටත් පාර්ලිමේන්තු නියෝජනයක් දිනාගත හැකියි කියලා පෙසපත් හිතනවා. අරගලය එක්ක සයිඩ් එකෙන් හිටපු නිසා කාගෙ හරි කරේ නැගලා අරගලේ විකුණගෙන පාර්ලිමේන්තු යන්න පුළුවන්ය කියලා හිතන පිරිසකුත් ඉන්නවා. සමගි ජන බලවේගයත් අර අතේ තියෙන කඩල ටික බිම දාලා බිම වැටුණු එක කඩල ඇටේ අල්ලගන්න අත්තෙන් බිමට පැන්න වඳුරා වගේ මැතිවරණෙකට ගියොත් වැඩි ආසන ගානක් ලැබෙයි කියලා හිතනවා. ඒකත් අවංක සිතුවිල්ලක් නෙමෙයි, ඡන්දෙන් පැරදිලා ගෙදර ඉන්න අයගෙ පෙළඹීම මත සිතන බව පෙන්නන ව්‍යාජත්වයක්.

අරගලේට සෙට්වුණ පිරිසත් අනෙක් ඔක්කොම දේවල් කළා වගේ රැල්ලට ඡන්දයකුත් ඉල්ලනවා. උන් දන්නෙ නැහැ, උන් උස්සන් යන්නෙ කාගෙ ඉල්ලීමක්ද කියලවත්. උන් එකෙකුටවත් ඔය පක්ෂවලින් නොමිනේෂන් ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම, මහින්ද දේශප්‍රියලා වගේ අය මුල්වෙලා හදාගෙන තියෙන රෙගුලාසි නිසා පක්ෂයක් ලියාපදිංචි කරගන්නත් බැහැ. කළත්, ඡන්ද කරන්න ලක්ෂ පනහවල් දැන් එකවුන්ට්වලට වැටෙයිද කියන එක ෂුවරුත් නැහැ.

මහජනතාව ඕවා මොකුත් දන්නෙ නැහැ. ඕවා ගැන උනන්දුවකුත් නැහැ. සිරසෙනුයි, දෙරණෙනුයි, හිරු එකෙනුයි ඡන්දයක් ඕනැද කියල ඇහුවොත්, ඔව් ඡන්දයක් නැතිනම් ඉර පායන්නෙ නැහැ, ගස්වල මල් පිපෙන්නෙ නැහැ, කුරුල්ලෝ ගී ගයන්නෙ නැහැ, අපට කෙළින් වෙන්නෙ නැහැ කියනවා.

මේ ඡන්ද පෙරේතයන්ට හැකි ඉක්මණින් ඡන්දයක් දිය යුතුයි. හැබැයි, ඊට කලින් 19 සම්මත කරගනිල්ලා බං. පුළුවන් නම් මැතිවරණ ක්‍රමය හරි වෙනස් කරගනිල්ලා. නැතිනම්, සල්ලි තියෙන එවුන්ට විතරයි ඡන්ද දිනන්න පුළුවන්. සල්ලි වියදම් කරලා ඡන්ද දිනන එවුන්ට වියදම් කරපු ගානයි, ඊළඟ ඡන්දෙ ගානයි හොයාගන්න දූෂණයේ යෙදෙන්නම වෙනවා.

ජවිපෙ ආපහු ෆයිල් අරන් හොරා පොලිස් සෙල්ලම කරන්න කතා කරයි. උඹලා පැනලා ජනාධිපති මන්දිරේ පූල් එකේ නාලා හිරේ යයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා