මැතිවරණ අපේක්ෂකයන් සූරාකෑමට ලක්වන හැටි

උදෙන්ම ලෑන්ඩ් ෆෝන් එක රිං වුණා. දේශපාලන දැන්වීමක්. අහන් හිටියා. රාජිතගෙ කටහඬ. නම කියන්නත් කලින් නෑසී ගියා. අන්තිමට ‘මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි’ කියලා ඉවර වුණා. මුන් සල්ලිත් අරන් දැන්වීම්වලට ගේමුත් දෙනවා වෙන්න පුළුවන්.

ඇත්තටම දේශපාලකයන් කියන්නෙ මේ දිනවල දැවැන්ත සූරාකෑමකට ලක්වන පිරිසක්. ඇඩ්වටයිසිං කොම්පැනි, රූපවාහිනී චැනල්, රේඩියෝ, පත්තර, යූටියුබ් චැනල්, ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා, ස්ටේජ් හා පුටු ආදිය සපයන අය, සවුන්ඩ් සිස්ටම් සපයන අය, මුද්‍රණාල, රැස්වීම් සංවිධායකයො, කුලියට කොල බෙදන අය ආදී හැමෝම දේශපාලකයන්ට ගේම් ගහනවා. අච්චර ප්‍රචාරයක්, මෙච්චර ප්‍රචාරයක්, අච්චර ඡන්ද, මෙච්චර ඡන්ද ගැන අපේක්ෂකයන් තුළ බලාපොරොත්තු ඇති කරමින් මුදල් ගසාකනවා.

Translations by Creative Content Consultants

දේශපාලකයන් මේ දවස්වල ඉන්නෙ පස්ස කැඩිච්ච කඩි වගේ. උන්ට මේ හැම එකක් ම හොයා බලන්නට වෙලාවක් නැහැ. උන් ළඟ එහෙම සංවිධිතභාවයකුත් නැහැ. උදාහරණෙකට කොල බෙදන එක ගන්න. කුලියට කොල බෙදන එවුන්ගේ සිට පක්ෂ හිතවතුන් දක්වා අයගෙ ගෙවල්වල මේ වෙනකොට අපේක්ෂකයන්ගෙ ප්‍රචාරණ පත්‍රිකා ගොඩගහලා.

මේව බෙදුවා ය කියලාත් ඇති වැඩක් නැහැ. කවුරුද මේවා කියවන්නෙ? ඒ වුණාට අපේක්ෂකයන්ට මේ හැම ප්‍රචාරණයක් ම කරන්නට වෙලා තිබෙනවා. මොකද, තිබෙන තරගකාරිත්වය ඇතුළෙ ඔවුන් ඉන්නෙ දැඩි පීඩනයක.

රූපවාහිනී දැන්වීමේ සිට කුලියට දෙන පුටුව දක්වා හැම සේවාවක ම ගණන් උස්සලායි තියෙන්නෙ. මැතිවරණ කාලෙ කියන්නෙ ඇතැම් ව්‍යාපාරවලට වල ඉහගත හැකි කාලයක්. කෑෂ්වලට තමයි වැඩ කරන්නෙ. මොකද, හැමෝම දන්නවා දෙන්නං කාසි හම්බ වෙන්නෙ නැති ය කියන එක. දේශපාලකයන්ගෙ බජට් හසුරුවන අය, විවිධ සම්බන්ධීකරණ කටයුතු කරන අය හැම දේකින්ම තමන්ගෙ කට් එක අරගන්නවා. සේවා සපයන අයත් උන් හරහා තමන්ගෙ ගාන අරගෙන උන්ට හොර බිල් නිකුත් කරනවා.

නොමිලෙ පොඩි පොඩි වැඩ කරන එවුන් පවා ඡන්දෙන් පස්සෙ අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් පඩි ගන්න පුළුවන්, මැරෙනකල් පෙන්ෂන් ලැබෙන රජයේ රස්සා වගේ ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා.

දේශපාලකයන්ට තරමක ලොකු උදව් කරන අය ඡන්දෙ දිනුවයින් පස්සෙ ලොකු ලොකු කොන්ත්‍රාත් බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ට වරදින්නෙ නැහැ. හේතුව, ඒගොල්ලන් මේ වන විට දිනන්න පුළුවන් හැම එකාට ම ඒ වගේ සේවා සපයලා තියෙන්නෙ.

මේ අය ජවිපෙට එහෙමත් සාපේක්ෂව පොඩි පොඩි උදව් කරනවා. ජවිපෙ පහළ සාමාජිකයන් හිතනවා ඒගොල්ලන් ප්‍රගතිශීලී අදහස් තියෙන ධනපතීන් ය කියලා. ඒක තමයි ඔවුන් ජවිපෙට උදව් කිරීමෙන් ලබන ලාභය. ඒක මිළ කරන්නට බැරි සමාජ ප්‍රාග්ධනයක්.

‍දේශපාලකයන්ට මේ කාරණා තේරෙන්නෙ නැති වෙන්න බැහැ. උන් මෙහෙම හිතනවා ඇති. “ඔහොම හිටපියව්කො. ඡන්දෙන් දිනුවයින් පස්සෙ දෙන්නංකො ඇරියසුත් එක්ක.”

අපි හැමෝම හොරු. හැබැයි අපට ඕනැ හොරු නැති පාර්ලිමේන්තුවක්. පිස්සු නැත්තං ෂෝක් පුතා!

Adapted from praja.lk

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)