Posts

Showing posts from May, 2020

දේශපාලකයන්ගේ නැහැදිච්චකම හා නිරෝධායන නීති

Image
May 31, 2020   admin   Cartoon   Politics ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව, ඔහුගේ අන්තේවාසික සෙසු දේශපාලකයන් ද සිතන්නේ තමන් සුවිශේෂ පුද්ගලයන් ය කියා ය. ඇඳිරි නීති පැනවූ මුල් කාලේ පටන් ම ඔවුන්ට කොරෝනා නිරෝධායන නීති අදාළ නැති බවක් ඔවුන් පෙන්වන්නේ එහෙයිනි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවිධ ආගමික වතාවත් සඳහා පන්සල් ගානේ රාජ්‍ය සංචාරවල යෙදෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යාම හා සංචාරය සෙසු සියලු පුරවැසියන්ට තහනම් කර තිබියදී ඒවා පයිසෙකට මායිම් නොකර, තමා පුරවැසියන් නොව, ඊට වඩා ලොක්කන් බව ප්‍රකාශයට පත් කරමිනි. මෙම දේශපාලක උද්ධච්ඡකමේ උච්චතම අවස්ථාව වන්නේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ මළගමයි. එය කෙතරම් පාලනයෙන් තොර තත්වයකට පත් වී ද යත්, රාජ්‍ය ගෞරව සහිතව තොන්ඩමන්ගේ අවමංගල්‍යය පවත්වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඒ වෙනුවෙන් ම පනවන ලද විශේෂ ඇඳිරි නීතියක් සමග ය. සීමාන්තික නිරෝධායන නීතිවල ප්‍රායෝගික නොවන ස්වරූපය හා අතිධාවනකාරී විකාරරූපී ලක්ෂණ අප සියලු දෙනා පිළිගන්නෙමු. උදාහරණයක් ලෙස, සියලු දෙනා අනිවාර්යයෙන් මාස්ක් දැමීම හා ග්ලවුස් දැමීමත් එසේ නොකරන අයට එරෙහිව පොලිසිය නී

නිරෝධායන නීති කැඩූ දහසක් අත්අඩංගුවේ; දේශපාලකයන්ට වෙන නීතියක්

Image
May 30, 2020   admin   Health   Politics හිටපු ඇමති හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ අවමංගල්‍යය මේ රටේ ලොකු ලොක්කන් විසින් රජයේ සියලු නිරෝධායන නීති විහිළුවට ලක් කළ අවස්ථාවකි. තමන්ගේ ආණ්ඩුව විසින් ම පනවන ලද නිරෝධායන නීති කෙතරම් ප්‍රායෝගික ද යන්න මෙවැනි සිදුවීම්වලින් ආණ්ඩුවේ නායකයන්ට වැටහෙනු ඇත. එහෙත්, තමන් විසින් පනවනු ලබන නීතිවලට තමන් පළමුව අනුගත වීම ආදර්ශවත් නායකයන්ගේ ලක්ෂණයකි. ලංකාවට එවැනි ආදර්ශවත් නායකයන් ඉන්නවා යයි අප නම් කිසි සේත් ම විශ්වාස කර නොමැති නිසා සිදු වන දේ සම්බන්ධයෙන් අපට විස්මයක් නැත. පසුගිය මැයි 26දා සිට 29දා රාත්‍රී 10 වන තෙක් පොලිසිය විසින් නිරෝධායන නීති උල්ලංඝනය කළ සාමාන්‍ය වැසියන් 912ක් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිස් මාධ්‍ය ඒකකය ආඩම්බරෙන් පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම්වලට හේතුව මුව ආවරණ නොපැළඳීම, මීටරේ පරතරය පවත්වා නොගැනීම වැනි සරල හේතු ය. තොන්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ මෙම නිරෝධායන නීති මත පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා නම් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු තව දහස් ගණනක පිරිසක් අත්අඩංගුවට ගන්නට හේතු තිබිණි. ලොක්කන් නිරෝ

ගෝඨාභය ආණ්ඩුවටත් දෙනුන් ආනයනයෙන් කිරි උතුරයි

Image
May 30, 2020   admin   Agriculture කිරිදෙනුන් ආනයනය යනු ලංකාවේ දේශපාලකයන්ට හා නිලධාරීන්ට කිරි උතුරන වැඩකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද කොරෝනා ආර්ථික අර්බුදය පැත්තක තිබියදී ඕස්ට්‍රේලියාවෙන් කිරිදෙනුන් 2,500ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත. කිරිදෙනුන් ආනයනයෙන් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු දේශපාලකයන්ට හා නිලධාරීන්ට 2014 පටන් ම කිරි ඉතිරුවේ ය. කිරි දෙනුන් 20,000ක් ආනයනය ආරම්භ කරන ලද අතර එසේ ආනයනය කරන ලද සතුන් අතරින් ඇතැමෙකු මන්දපෝෂණයෙන් පෙළුණ හ. තවත් සතුන් ලෙඩරෝග හැදී මියගිය හ. ඇතැම් සතුන් ගැබ්ගත්තේ නැත. නීරෝගී සතුන්ගෙන් ද රජය විසින් ප්‍රවර්ධනය කරන ලද කිරි ප්‍රමාණය ලබාගැනීමට බැරි වූ බව ගොවිපළ හිමියෝ පැමිණිලි කළ හ. එම කිරි හරකුන් වෙනුවෙන් ආයෝජනය කළ ගොවීන් අමාරුවේ වැටිණි. මේ සම්බන්ධයෙන් එම වකවානුවේදී මහත් ආන්දෝලනයක් ඇති විය. යහපාලන ආණ්ඩු සමයේ ද කිරිදෙනුන් ආනයනය ගජරාමෙට සිදු වූයේ එය දේශපාලකයන්ටත්, නිලධාරීන්ටත් කිරි උතුරන මාර්ගයක් නිසා ය. මෙම කිරි ගවයකුගේ මිළ ඩොලර් 3,000කට වැඩි ය. එනම්, රු. ලක්ෂ හයක් පමණ වේ. 2014 සිට මේ දක්වා කිරි හරකුන් ආනයනය වෙනුවෙන් රු. කෝටි සිය ගණන

SOME INTERESTING TRAITS OF MARTIN WICKRAMASINGHE

Image
May 29, 2020   admin   Art   English   Life   Literature Ajith Perakum Jayasinghe Martin Wickramasinghe is one of the best, most read and highly acclaimed Sinhala writers of Sri Lanka. May 29th was his birthday. Martin Wickramasinghe was born in 1890 and died in 1976. Professionally, he was a writer and a journalist. He was the famous editor-in-chief of Silumina newspaper published by Lake House owned by veteran D.R. Wijewardane. The price of the newspaper some time in the mid 20th century was ten cents and the social tagline for Silumina tell the story. People called it the University of Ten Cents. The aim of this article is not writing his biography or analysing his work. He was a master in his trade and also an ordinary citizen with interesting character traits. Martin was a man who had migrated to Colombo from Malalagama, Koggala in Matara district. He lived in Mount Lavinia and Nawala in Colombo city outskirts. He was educated only up to Grade 7 in Bonavista College,

ඔසප් වීම හා විප්ලවය අතර සම්බන්ධය

Image
May 28, 2020   admin   Health   Life අජිත් පැරකුම් ජයසිංහ (මැයි 28 දිනට යෙදෙන ඔසප් ස්වස්ථතා දිනය වෙනුවෙනි) ලොව පුරා කාන්තාවන් මිලියන 300ක් විතර සංඛ්‍යාවක් සෑම දිනකම ඔසප් වෙනවා. කාන්තාවන් තම ජීවිත කාලය අතරතුරදී 2500-3000 අතර දින ගණනක් ඔසප් වෙනවා. එය ඉතාම සාමාන්‍ය ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් වුණත් අප ඒ ගැන කතාකරන්නට අකැමැතියි; ලැජ්ජයි. ඔසප් වෙන එක හරියට වරදක් වගේ තමයි සමාජය සලකන්නෙ. ඒ නිසා ඒ සම්බන්ධ කටයුතු හැංගි හොරා තමයි කරන්නෙ. මගේ දියණියන් දෙදෙනා කුඩා ළමයින් දවස්වල ඔවුන්ගෙ පැමිණිල්ලක් තමයි අම්මට ඒගොල්ලන්ට වගේ ඇඳේ චූ යන නිසා අඳින්න පැම්පර්ස් ජාතියක් ගෙනත් අල්මාරියේ හංගගෙන ඉන්නවා. ඒවා ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න දෙන්නෙ නැහැ කියන එක. ඔසප් වීම පිළිබඳ අපේ දරුවන් එක්ක මං විවෘතව කතා කරලා තියෙනවා. එහෙම කරනකොට ඒක සාමාන්‍ය දෙයක් බව තහවුරු වෙනවා. මං වුණත්, ඔසප් වීම නිසා අපහසුතාවට ලක් වී සිටින මගේ බිරිඳ තේරුම් ගත්තෙ නැහැ ය කියලායි මට හිතෙන්නෙ. ඒ වුණාට මට මතක් වෙන එක සිද්ධියක් තියෙනවා. අනූව දශකයේ අගභාගයේදී මං ඈත පිටිසර පදවියේ බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ වැඩකරන සමයේ දවසක් අපේ විද්‍යා

ලස්සන කොරෝනා ඉලක්කම් කැත කරන බෝම්බ

Image
May 27, 2020   admin   International   Life විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනකි. 2018 වසරේදී ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන හතකට වැඩි ය. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 8%ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ සෑම කුටුම්බ 14කින්ම එකකට විදේශ ශ්‍රමිකයකු විසින් එවනු ලබන මුදල් ලැබේ. එසේ එවනු ලබන සාමාන්‍ය මුදල් ප්‍රමාණය වසරකට රු. 250,000ක් පමණ වේ. විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් රජයේ හා ආණ්ඩුවේ පැවැත්මට මහෝපකාරී වේ. ඒ නිසා ම රජය විදේශ ශ්‍රමිකයන් රට විරුවන් ලෙස මුරුංගා අත්තේ තබන යුගයක් තිබිණි. එහෙත්, කොවිඩ්-19 වසංගත සමග තත්වය වෙනස් වී තිබේ. කුවේට් සිට පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ආපසු එවන ලද ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් පිරිස රජය දැන් හඳුන්වන්නේ බෝම්බයක් ලෙස ය. හේතුව, ඔවුන් විශාල පිරිසක් කොරෝනා වයිරසය ආසාදිත අය වීමයි. කුවේට් සිට පැමිණි එක් කාන්තාවක් නිරෝධායන මධ්‍යස්ථානයකදී ම මිය ගියාය. මෙම රෝගීන් ශ්‍රී ලාංකිකයන් පිරිසක් වුවත්, ලංකාවේ රජය දැන් ඔවුන් සලකන්නේ තමන්ගේ කොවිඩ්-19 මර්දන සංඛ්‍යාලේඛන අවුල් කිරීමට කුවේටය විසින් එවන ලද ඔවුන්ගේ රෝගීන්

ඇල්කොහොල් නැති බියර් ජීවිතේ FALL IN LOVE මොහොත

Image
May 25, 2020   admin   Art   Cinema අජිත් පැරකුම් ජයසිංහ Fall in love කියන ඉංග්‍රීසි ඉඩියම් එක අනුව, ඔබ Fall in love වෙනවා නම්, ඒක වෙන්නෙ එකපාරට. බලාපොරොත්තුවක් නැතුව. හරියට ඔබ පය පැටලිලා හරි, වෙනත් විදියකට හරි, බලාපොරොත්තු නොවූ විදියට වැටෙනවා වගේ. හරියට අශෝක හඳගමගෙ Beer Without Alcohol චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙ නදී කම්මැල්ලවීර වැටෙනවා වගේ. නදීගේ නාට්‍යමය වූ රංගනය මේ වැටීමට අපූරුවට ගැලපෙනවා. ඇය තමයි Fall in love කියන රූඪිමය සංකල්පය මතු කරගන්නෙ. රූඪිවලට ඉඟි වැකි කියලාත් කියනවා. හඳගම මේ චිත්‍රපටයෙ භාෂා හරඹයක් කරනවා. ඒකෙ කතා කරන මූලික භාෂාව සිංහල වුණාට ඒකෙ තේමාව ඉංග්‍රීසි ඉඩියම් එකක්. ඉඩියම් එකක් කියන්නෙ වාක්‍යයේ වචනවලින් දෙන අර්ථය ඉක්මවා ගිහින් වෙනස් අර්ථයක් ජනනය කරන අවස්ථාවක්. ඒ අර්ථය ලැබිලා තියෙන්නෙ භාවිතයෙන්. හඳගම මේ චිත්‍රපටය හරහා Fall in love ඉඩියමයේ නිරුක්තිය ගවේෂණය කරනවා. Beer Without Alcohol චිත්‍රපටයෙ මූලික භාෂාව වන සිංහලයේ අර්ථ පද්ධතිය ඉක්මවා යන එක් තැනකදී චරිතවලට ඉංග්‍රීසියට හැරෙන්නට සිදුවෙනවා. සිංහලය භාෂාවක් විදියට එක තැනකදී Fall in love කියන ඉඩියම් එකේ අර්ථය දෙන්
Image
May 25, 2020   admin   Business   Life මේ දවස්වල ලංකාවේ ජනාධිපතිවරයා සහ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය භාර මේජර් ජනරාල්වරයාත්, සකලවිධ පොහොට්ටු බැතිමතුනුත් ජීවිතය කැප කර තිබෙන බව පෙනෙන්නේ ඩඩ්ලි සිරිසේන හා සිරිපාල ගම්ලත් වැනි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමට ය. මැනිං මාකට් එකේදී මේජර් ජනරාල්වරයා කුඩා වෙළඳුන්ට දැමූ දර්ශනය ම ඩඩ්ලි තම මෝලේදී මේජර් ජනරාල්වරයාට දැම්මේ ය. මැනිං මාකට් එකේ වෙළඳුන් ජාමෙ බේරාගන්නට ඇඹරුණ පරිද්දෙන් ම මේජර් ජනරාල්වරයා ද බන්දු සමරසිංහගේ විකට ජවනිකාවක් රඟදක්වනු දක්නට ලැබිණි. මේ අතර, ධනපතීන් විනාශ කිරීමට කොන්දේසි විරහිතව ඉදිරිපත් වන සත්ගුණවත් ලාංකික විප්ලවවාදීන් හා වාමාංශිකයෝ ද ජනාධිපති ගෝඨාභයගේ පසුපසින් ගාටමින් දෙන්න ඕනැ ඕකට කියමින් කුණු තක්කාලි එකතු කරනු ද දක්නට ලැබිණි. මා නම් ඩඩ්ලි පමණක් නොව, ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, නන්දන ලොකුවිතාන පමණක් නොව, නාමල් රාජපක්ෂ වැනි ජාවාරම්කාරයන් පවා විනාශ කරන එකට විරුද්ධ ය. මේ ව්‍යාපාරිකයන්ගේ චරිතය හොඳ නැති බව ඇතැමෙක් කියති. චරිත හොඳ යයි පෙන්වා දෙන හින්නි අප්පුහාමිලා වළ දැමූ තැන්වල ගස් ද පැළ වී තිබේ. ලංකාවේ දැන් දශක

THE STORY OF MY WIFE IN THE US AMIDST COVID-19

Image
May 24, 2020   admin   English   Health   International Rajendra Wijesinghe “Raj, I emailed you the copies of all my legal documents. Take copies and keep them in a file” was the message from my wife, appeared on my mobile at the outbreak of COVID-19 in the United States. There, she works as the Case Manager at an assisted care living facility, which offers food, lodging, medical coordination and recreation for around four hundred residents irrespective of particular age group. What she meant was crystal clear to me. I was beginning to feel the gravity. “We are born to die. But my wife to die alone in isolation without human touch.” Usha was well aware that there were positive cases inside the facility. Hospitals do not accept such cases unless their conditions become critical. Soon after the outbreak, her immediate boss, the Director – Case Management started work from home, and subsequently, she vacated the post. My wife had two options either to abandon the job and app

ආණ්ඩුවේ අලුත් යුද උන්මාදය හා ඉදිරි අභියෝග

Image
May 23, 2020   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ යුද සමරුවත් සමග ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට අලුත් යුද උන්මාදයක් වැළඳී තිබෙනු දක්නට ලැබිණි. රණ විරු ගුණ ගායනා, යුද සමරු උත්සව ආදිය උච්චතම තලයට ගෙන එමින් රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අබියස මැයි 19දා පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසී ය. යුද්ධයෙන් වසර 11කට පසුව ආණ්ඩුවට අලුතෙන් හැදී තිබෙන යුද උන්මාදය කුමක්දැයි විග්‍රහ කරගත යුතු ය. මේ වන විටත්, ආණ්ඩුව සම්පූර්ණයෙන් ම පාහේ මිලිටරි ඒකාධිපතිවාදයකි. කොරෝනා වයිරසය දොරට තට්ටු කරමින් තිබියදී, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි බව පෙනි පෙනී ම ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මෙම කුමන්ත්‍රණයේ පළමු පියවර ලෙසයි. මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු මැතිවරණය දිගින් දිගට ම කල් දමන්නේ හා එය පැවැත්වීමට අවශ්‍ය පියවර නොගන්නේ ඇත්තට ම විපක්ෂයේ උවමනාවට නොව ජනාධ

ගුවන් තොටුපළ ඇරියොත් මොකක් වෙයි ද?

Image
May 22, 2020   admin   Governance   International ශ්‍රී ලංකාවේ ද කොවිඩ්-19 රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් සිදු වී තිබේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධිකාරීන්ට අනුව, රට තුළ කොවිඩ්-19 සමාජමය වශයෙන් පැතිරීමක් තවමත් සිදු වී නැත. මේ වන විට රෝගය වැළඳුණු පිරිසගෙන් අති බහුතරය නාවික හමුදා සෙබළු වෙති. මේ අතර, ගුවන් සේවා නැවත ආරම්භ කිරීමේ අරමුණින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් රජයට යෝජනාවලියක් භාර දී තිබේ. ඒ අතර පහත දැක්වෙන යෝජනා තිබේ. (උපුටාගැනීම දිනමිණ පුවත්පතෙනි) කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් මගියකු රටට ගොඩබැසීමට පෙර නිශ්කාශන ක්‍රමයක් හඳුන්වා දීම යම් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම්, ගුවන්ගත වී පැය භාගයක් ඇතුළත මගීන්ගේ නාම ලේඛනයක් ගුවන් තොටුපළ බලධාරීන්ට ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසීම සෑම මගියකු ම පැමිණීමේදී විෂබීජහරණ කුටියක් ඔස්සේ යාමට සැලැස්වීම පැමිණෙන සෑම මගියකු ම කොවිඩ්-19 පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම ගුවන් මගීන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ සිදුකිරීම මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීම ගුවන් යානා සහ ගුවන් තොටුපළ වරින් වර ව

කොවිඩ්-19 හා සමාජවාදය සඳහා අරගළය

Image
May 20, 2020   admin   Life අජිත් පැරකුම් ජයසිංහ එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන් ලක්ෂ 15ක් හඳුනාගැනීමට ලැබීම රටේ කරන ලද පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳ ප්‍රකාශ කිරීමක් වන හෙයින් එය ගෞරවයක් බව එරට ජනාධිපති ට්‍රම්ප් කර තිබෙන ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ වන විට එක්සත් ජනපද වැසියන් 91,000කට වඩා කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ. එක්සත් ජනපද රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට සිදුකර තිබෙන පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 11.3කට වැඩි ය. සාමාන්‍යයෙන් සෑම පරීක්ෂණ 7.8කට ම වරක් එරට රෝගියකු හමුවේ. එය වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ අගයකි. එක්සත් ජනපදය මිලියන 328කට වැඩි ජනගහනයක් ඇති රටකි. කෙතරම් අපවාදයට ලක් වුණත්, එක්සත් ජනපද ජනාධිපතිවරයා හා රජය මෙන් ම, එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් ද කොවිඩ්-19 වසංගතයට මුහුණ දෙන අප්‍රකාශිත සාකල්‍ය මූලෝපාය අවධානය යොමු විය යුතු කරුණකි. රෝගීන් සංඛ්‍යාව බිංදුව කිරීමේ, සියලු ආකාරයේ මරණ වළක්වාගැනීමේ බොළඳ අදහස් ජනාධිපති ට්‍රම්ප්ට තිබුණේ නැත. සිදු විය හැකි මරණ සංඛ්‍යාව පිළිබඳ තිත්ත දත්ත කල් තබා පුරෝකථනය කිරීමට පවා ඔහු එඩිතර විය. මිනිස් ඉතිහාසයේ