වරකාපොල, කොරෝනා හා පොහොට්ටුව

කොරෝනා දොරට තට්ටු කරමින් සිටියදී, ඒ ගැන කිසිදු තක්සේරුවක් නොකර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීම වැරදි බව අප පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වන්නටත් පෙර ය.
Translations by Creative Content Consultants
එහෙත්, තවමත්, ජනාධිපතිවරයාගේ සිට පහළට ආණ්ඩුවට සම්බන්ධ බලවේග උත්සාහ කරන්නේ මළමිනී කඳු මතින් හෝ ගොස් ඡන්දය පවත්වා තුනෙන් දෙක දිනාගන්නට ය.
පාර්ලිමේන්තු ගිය වියතකු වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොරෝනා ව්‍යාප්තිය මැද ම ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන්නට තරම් මුග්ධ වූවා ය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ලංකාවට ලැබුණු ඓතිහාසික තිලිණයක් වන කතානායක පුටුව පාර්ලිමේන්තු සභාගැබ මැද බිම පෙරළාගෙන පතුරු ගසන්නට පවා උත්සාහ කළ වියතෙකි එතුමිය.
මහ එවුන් හිටගෙන හුලිජ්ජ කරනවිට පොඩිවුන් දුව දුව හුලිජ්ජ කරති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබියදී ඡන්දය වෙනුවෙන් ජනතාව ඒකරාශීකරමින් කුඩා ජනහමු ගණනාවක් පැවැත්වීමට සම්බන්ධ තිබේ. ඔහු මහ මැතිවරණයේ අපේක්ෂකයකු සමීපව ඇසුරු කර තිබේ. ඔවුන් සහභාගි වූ අවස්ථාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් නායකයන් පවා සහභාගි වී තිබේ.
මේ වන විට එම මන්ත්‍රීවරයා අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබේ. එම දේශපාලකයා සමීපව ඇසුරු කළ තවත් ප්‍රාදේශීය දේශපාලකයන් පස්දෙනෙකු සෞඛ්‍ය අංශ මැදිහත් වී තමන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
ස්වයං නිරෝධායනයට යොමු කළ එක් දේශපාලකයකු රැකියාව කර තිබෙන්නේ කොළඹ-නුවර මාර්ගයේ ප්‍රසිද්ධ ඉහළ පෙළේ අවන්හලක මුදල් අයකැමිවරයකු ලෙසයි.
මෙම දේශපාලන උණකාරයන් විසින් වයිරසය කෙතරම් දුරට පතුරුවා හැර තිබේ ද යන්න සොයාගැනීම පවා දුෂ්කර විය හැකි ය.
පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට තවත් මාස හයක් තිබියදී, මෙවැනි අර්බුදකාරී තත්වයක් පෙනි පෙනී හදිසි මැතිවරණයක් පවත්වන්නට තීරණය කිරීම කොයි තරම් අමනෝඥ ක්‍රියාවක් ද යන්න දැන් ඔප්පු වෙමින් තිබේ.
පාලකයන් තවමත් වගකීමකින් යුතුව කටයුතු කරන බවක් නොපෙනේ. මෙවැනි පසුබිමක් තුළ මෙරට පුරවැසියන් වගකීමෙන් යුතුව හැසිරිය යුතු ය.
ඔවුන් මැතිවරණ පවත්වා ගත්තාවේ. මෙතෙක් ඉතිහාසය තුළ පාර්ලිමේන්තුවට පත් වූ කිසිවකුගෙන් මේ රටේ ජනතාවට සෙතක් වී නැත. ඔවුන්ගේ පටු පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර දීම වෙනුවෙන් ඔබ වසංගතවලට ගොදුරු වී මියයන්න එපා. කිසිදු ඡන්ද රැස්වීමකට සහභාගි වෙන්න එපා.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා