එජාපට කළ හැකි දේ

පවත්නා දේශපාලන සංදර්භය තුළ දේශපාලන බලවේග ඇත්තේ දෙකක් පමණි. එකක් පොහොට්ටුව ය . අනෙක අලියා ය. වෙනත් වචනවලින් කිව්වොත් පොදු ජන පෙරමුණ හා එජාප ය. අතරමැද ඇතැයි කියන සියල්ල බොරු ය. එහෙයින් සියලු දෙනා දෙකෙන් එකක් තෝරා ගත යුතු ය. අතරමැදි අය නැත. ඉන්නේ එකී බලවේග දෙකෙන් එකකට පාවිච්චි වෙන අය පමණි.

අපි මෙම අභියෝගය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම්, සමානාත්මතාව හා සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තෝරා ගන්නෙමු. එහි සෙම නැත. සෙවල නැත. පැරදුණත් කමක් නැත.

එජාප මේ සිදු වූ දෙයින් පාඩමක් ඉගෙන ගන්නවා ද නැද්ද යන්න අපට දකින්නට ලැබෙන්නේ ඉදිරි ක්‍රියාකාරකම් සමග ය. තවම නම් මැතිවරණය ගැන ස්වයං වින්දන විශ්ලේෂණ සපයනවාට වඩා වෙනත් දෙයක් සිදු වී නැත. ඇත්තෙන් ම එජාපට කුමක් කළ හැකි ද?

කුමක් කරන්නට ගියත් කකුලේ පැටලෙන ෂොපිං බෑග් එකක් ද තිබේ. ඒ අර එලොවටත්, මෙලොවටත් නැති මෛත්‍රීපාල සිරිසේන ය. මොනවා වුණත් ඒ හාදයාවත් කළමනාකරණය කර ගත යුතු ය. හැබැයි ලෙහෙසි නැත.

මෛත්‍රීපාල සිරිසේන යනු හරියට පාලනයෙන් ගිලිහුණු අබලන් චන්ද්‍රිකාවක් වැනි ය. යළි පාලනයට ගැනීමට උත්සාහ කළ යුතු ය. එහෙත්, පාලනය කරනවා ය කියන්නේ වෙන කිසිවක් නොව අනතුරක් සිදු නො වෙන පරිදි ඈත ගැඹුරු මුහුදකට හෝ කාන්තාරයකට කඩා වැටෙන්නට සලස්වන එකට වන්නටත් පුළුවන.

කෙසේ වෙතත්, එජාපට මේ මොහොතේ පහත සඳහන් දේ කළ හැකි යයි අපි සිතමු.

හොරු ඇල්ලීම මෛත්‍රීපාලට ම භාර දිය හැකි ය. නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට පියවර ගන්නට ඔහුට උදව් කළ යුතු ය. එහෙත්, නීතිමය පටිපාටියෙන් බැහැරව කිසිවක් නො කළ යුතු ය. මහජන දේපල සොරුන්ට එරෙහි නඩුවලදී ශක්තිමත් ලෙස පෙනී සිටිය යුතු ය. විනිසුරුවරුන්ට නීත්‍යානුකූලව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු ය.

අධිකරණ අමාත්‍යාංශය මැනැවින් පාලනය කළ යුතු ය. වංගු ගහන විනිසුරුවරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් අනුකම්පා විරහිතව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු ය.

දෙමළ ජාතික සන්ධානයට උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා පූර්ණ බලතල සහිත අමාත්‍යාංශ ලබා දී ඔවුන් ආණ්ඩුවට ගත යුතු ය.

මහින්ද රාජපක්ෂට විපක්ෂ නායකකම දිය යුතු ය. ඔහු පාර්ලිමේන්තුවට කැඳවා ගත යුතු ය. නටන නැටුම් එතන නටන්නට සැලැස්විය යුතු ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පුළුල් මහජන සාකච්ඡාවකට බඳුන් කළ යුතු ය. එයින් කට්ටි පනින්නට කිසිවෙකුට ඉඩ නො දිය යුතු ය.

එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම සඳහා අනවශ්‍ය පරිදි කඩිනම් නො විය යුතු ය. එය 2019 අවසන් කාර්තුව දක්වා කල් දැමිය යුතු ය.

රජයේ සමස්ත අවධානය ම වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් යොමු කළ යුතු ය. විදේශ ආයෝජනවලට පහසුකම් සලස්වා දිය යුතු ය. දේශීය ආයෝජකයන් තවත් දිරි ගැන්විය යුතු ය. විදේශගත ලාංකිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ නම් ඔවුන්ට බදු සහන ලබා දිය යුතු ය.

අගමැති හා සෙසු ඇමතිවරුන් ෆන් ගනිමින් රට සවාරි ගහන එක දැන් නැවැත්විය යුතු ය. ඔවුන් තම ආසනවලට යා යුතු ය. එහි කරන සංවිධාන හා සංවර්ධන වැඩ මොනිටර් කළ යුතු ය. සංවිධාන කාර්යක්ෂමතාව නංවා ගැනීමට ඉලක්ක දිය යුතු ය. පක්ෂ බල මණ්ඩල පිහිටුවිය යුතු ය. ඒවා නිතිපතා රැස් කළ යුතු ය.

පොහොර සහනාධාර, දිළිඳු සහනාධාර ආදිය කප්පාදු නො කළ යුතු ය. ඒවා ලබා දෙන ආකාරය විධිමත් කළ යුතු ය.

ග්‍රාමීය දිළිඳුකම නැති කිරීමට විශේෂ පියවර ගත යුතු ය. ග්‍රාමීය දිළිඳුකමට වැඩිපුර හේතු වන අලසකම, බේබදුකම, හොර වෙදුන්, කට්ටඩියන් හා ගිනි පොළීකාරයන් වැනි සාධක මර්දනය කළ යුතු ය. ග්‍රාමීය සුළු ව්‍යවසායන්, ස්වයං රැකියා ආදිය වෙනුවෙන් සහන ණය ලබා දිය යුතු ය.

ගැමි ගොවි ජනයාට කෘෂි ඵලදායිතාව නංවා ගැනීමට උපකාර කිරීමට රාජ්‍ය නිලධාරීන් යොමු කළ යුතු ය. ධීවර ජනයා කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව නැංවීමට අවශ්‍ය පියවර ගත යුතු ය. විශේෂයෙන් ම සංවර්ධන නිලධාරීන් ග්‍රාමීය සංවර්ධනය සඳහා විධිමත් ලෙස සේවයේ යෙදවිය යුතු ය. හොර බොරු කරන රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතු ය. වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ඇගයිය යුතු අතර ඔවුන්ගේ වරප්‍රසාද කිසිවක් කපා නො දැමිය යුතු ය. 

රජයේ සේවකයන්ගේ අසාධාරණ වර්ජනවලට ඉඩ නො දිය යුතු ය. අසාධාරණ වර්ජනවලට එරෙහිව නීති මගින් තදින් ක්‍රියා කළ යුතු ය. සයිටම් එක වසා දැමිය යුතු ය. පෞද්ගලික අධ්‍යාපනය දැන් සිදු වන පරිදි සිදු වන්නට ඉඩ හැරිය යුතු ය. විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය දේශීයව මෙහෙයවන ආයතන දිරි ගැන්විය යුතු ය. අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන් වෙනුවෙන් මව්පියන්ට සහන ණය ලබා දිය යුතු ය.

සිවිල් සංවිධාන නායකයන් ඇතුළු ප්‍රගතිශීලීන්ට එජාප පළාත් සභා අපේක්ෂකත්වය ලබා දෙමින් ඔවුන්ට ඍජු දේශපාලනයට කැඳවා ගත යුතු ය. එක්සත් ජාතික පක්ෂය පොදු මහජන පක්ෂයක් වන අන්දමින් පුළුල් කළ යුතු ය. පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා පියවර ගත යුතු ය. 

පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් කඩිනම් පුහුණු වැඩපිළිවෙලක් දියත් කළ යුතු ය. ඔවුන් සංවර්ධන කටයුතු සඳහා නිසි පරිදි යොමු කරමින් ඔවුන්ගේ නායකත්ව පෞරුෂයන් ගොඩනැගිය යුතු ය.

පළාත් පාලන ආයතනවලට වැඩි කාන්තාවන් ප්‍රමාණයක් නම් කරන්නට සිදු වන්නේ එජාපටයි. ඒ සම්බන්ධයෙන් මතභේද ඇති කර නො ගෙන, පත් වන කාන්තාවන් පක්ෂයට බලයක් කර ගත යුතු ය. ඔවුන්ට අමතර පුහුණුවක් ද ලබා දෙමින්, කාන්තාවන්ට සමීපව වැඩ කිරීම සඳහා ඔවුන්ට මග පෙන්වීම හා අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු ය. කාන්තාවන් යනු මේ රටේ ඡන්දදායකයන්ගෙන් අඩකට වැඩි පිරිසක් බැවින් පක්ෂයට ලැබෙන කාන්තා නියෝජනය ඔවුන්ගේ ඡන්ද ආමන්ත්‍රණය කිරීම සඳහා ආයෝජනය කළ යුතු ය.

මේ අතරවාරයේ හමුදා විනය ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය. කිසිදු විනය විරෝධී ක්‍රියාවකට ඉඩ නො දිය යුතු ය.

නිසි මාධ්‍ය මෙහෙයවීමක් සිදු කළ යුතු ය. රාජ්‍ය මාධ්‍ය ජනප්‍රිය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු ය. ඒවායේ මාධ්‍යකරුවන් රජයට (ආණ්ඩුවට නොව) පක්ෂව කටයුතු කරන පිරිසක් බවට පත් කළ යුතු ය. එහෙම බැරි අයට දෙරණට, හිරුට හෝ සිරසට පාර පෙන්විය යුතු ය. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය වෙන ම ශක්තිමත් කළ යුතු ය. එමගින් පොහොට්ටු අභියෝගයට එඩිතරව හා විධිමත්ව මුහුණ දිය යුතු ය.

දැන් ඉන්ටර්වල් එක ඉවර බව සියලු දෙනාට නිතිපතා බෙල් එකක් ගසා මතක් කර දිය යුතු ය. ඒ නිසා සෙල්ලං කිරීම නවත්වා වැඩ කළ යුතු බව අවධාරණය කළ යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අරලිය ගහේ තවමත් සාකච්ඡා යන්නේ
    පැරදුන පසුය විශ්ලේෂණ ගෙන එන්නේ
    කවදද ඉතින් අලියට මෙය තේරෙන්නේ
    අසු ගිය පසුද ඉස්තාලය වහ ගන්නේ

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම මුල බෝනික්කා
      කියලා බනිනව ලොකු අක්කා

      සිරිසේන කියන්නෙ, මහින්දව එලවන්න ඕන වුන නිසා ගෙනාපු හාල් කෑල්ලක්. දැන් එතකොට මේ ඔක්කොම උනේ උන්දෑ නිසා ද?

      රනිල් කරපු එක ටැන්ජිබල් වැඩක් කියනවද? ලංකාවෙ දේශපාලනය බුරුව කුට්ටමක් නං , රනිල් තමා ජෝකර්. රනිල් එජාපයත්, රටත් දෙකම නැතිකරනවා. ලංකාවෙ දූෂණය, භීෂණය නව මානයකට ගෙනිච්ච අර නීලකාස හොරා තව හොඳයි කියන්න තරම් අපි අවාසනාවන්ත වුනේ ඇයි කියලද හිතන්නෙ?

      මේ බයිල කිය, කිය කටින් බතල හිටවමින් හිටිය වගේ, ඉස්සරහටත් මුකුත් වෙන්නෙ නෑ. ඕන්නං චන්දෙ කිට්‍ටු කරල, චන්ද ගුංඩුවක් අරීවි. එච්චරයි.

      Delete
  2. සිරිසේන අද ජාතිය අමතපුවාම රනිල් ආයේ ඉරිදා වගේ ජාතිය අමතනවා.ඊට පස්සේ ආයෙත් මෙයා ජාතිය අමතනවා.මුන් දෙන්නා දෙමාරුවට අපිට අමත අමත ඉන්නවා රටම හොලමන්. සංහිදියාව කොරන්නයි, හොරු අල්ලනයි විතරක් නෙවේ ආණ්ඩු තියෙන්නේ.පරිපාලන හැකියාව තියෙන්නත් ඕනා.

    හන්ස නඩේ මෙවර පලාත් පාලන චන්දෙ ඉල්ලුවෙ වෙන වෙනම. අාණ්ඩුව දූෂිතයි කියල ජනාධිපති කිව්වා. දූෂිතයො එක්ක අාණ්ඩු කරන්නෙ නැහැ කිව්වා. ජවිපෙත් ඒ කතාවම කියල සීනුවට චන්දෙ ඉල්ලුවා. ජනාධිපති ට ලැබුනෙ 13.3%ය්. ජවිපෙට 8.9%ය්. එජාපට 33% ය්. ඉතින් ඔය කාටවත් රෙදි අැඳ ගෙන අායිත් රනිල් එක්ක ජාතික අාණ්ඩු කොරන්න බැහැ. බහුතර ජන ප්‍රසාදය තියෙන්නෙ මහින්දටය.

    ReplyDelete
    Replies
    1. මිනිසුන් කැමති දුෂිතයින්ට ය.
      ඒ බහුතරයක් මිනිසුන් ද දැනටමත් දුෂීතයන් ද, දුෂණයේ යෙදෙන්නට තවමත් අවස්ථාවක් නොලද අය ද වන නිසා ය.
      එවන් ජනතාවක් නියෝජනය කළ යුත්තේ දුෂිතයන් ය. පාලනය කරන්නට බාර දිය යුත්තේ ද දුෂිතයන්ට ම පමණි!

      Delete
    2. ඔබ දුෂිතයෙක් වුනා කියා හැමෝටම එම ලේබලය අලවන්නට එපා

      Delete
  3. අම්මෝ..... එන්ජීඕ කාරයො බලන දවල් හීන

    ReplyDelete
  4. කෘෂිකරුමය කිසියම්ම හැකියාවක් මෙතෙක් පෙන්වා නැති පොඩි බර්ටියගෙන් සහ හිටන්ගෙන් මුදවාගෙන ගොවීන්ට පොහොර, ග්ලයිපොසෙට් සැපයිය හැකි සොලිඩ් ඇමතියෙකුට බාරදිය යුතුය, එහෙව් එකෙක් පාර්ලිමේන්තුවේ නැති නිසා කොහෙන් හෝ ඉම්පෝර්ට් කළයුතුව ඇත, නවින් ඒ සඳහා සලක බැලිය හැක.

    ReplyDelete
    Replies
    1. //කෘෂිකරුමය කිසියම්ම හැකියාවක් මෙතෙක් පෙන්වා නැති පොඩි බර්ටියගෙන් සහ හිටන්ගෙන් මුදවාගෙන ගොවීන්ට පොහොර, ග්ලයිපොසෙට් සැපයිය හැකි සොලිඩ් ඇමතියෙකුට බාරදිය යුතුය// එකෙන්ම...පෝර ටික නැතුව ගොවියෝ මැරෙන මැරිල්ල ඇස දෙකෙන් දකින්නම ඕනෑ.

      Delete
  5. "...එක්සත් ජාතික පක්ෂය තෝරා ගන්නෙමු. එහි සෙම නැත. සෙවල නැත. පැරදුණත් කමක් නැත. ..."

    ඉස්පොල්ලේ ගියා ඔයි මේටික කියවල. තවටික දවසකින් මේකා කියයිද දන්නේනෑ UNP මිනිමරා නැත, සොරකම් කර නැත, පවුල් පාලනය නැත කියලා.

    හැබැයි පැරදුනාට නම් කමක් නැහැ මොකද රනිල්ට විපක්ෂ නායක කමේ හරි හිටියහැකි කියලා.

    ReplyDelete
    Replies
    1. හරි. දැන් ඔයා කියන්නෙ අපට පොහොට්ටුව තෝර ගන්න කියලද?නැතිනම් කියන්න තෝර ගන්නට ඉන්නෙ කවුරුද කියලා.

      Delete
    2. පැරා, අලියට කඩේ ගියාට බොරු කියන්නේ එපා බන්.

      Delete
  6. ‍‍ඩොලර් වලට කහින එක එච්චර හොද දෙයක් නෙමේ ලොක්ක‍‍ා.. උඹලට කෙළ උන දවසට ඔය ‍ඩොලර් දෙන ඈ‍යෝ පැත්තක් බලන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. දැන් දෙන්න කියපන්. එතකොට මං බලා ගන්නම් කෙළ වෙනකොට ගානක් ඉතුරු කරලා තියාගන්න. කොහෙද බං අැත්තට ඔය ඩොලර් දෙන එවුන් ඉන්නෙ? ඇයි අපට විතරක් උන් හමු වෙන්නෙ නැත්තෙ?

      Delete
  7. රට ආයිත් රාජපක්ෂ වනචාරීන් ගේ ග්‍රහනයට නතු නොවීමටනම් 2020 දී එජාප අගමැතිවරයෙක් සහ එජාප රජයක් පිහිටුවාගත යුතුයි

    ReplyDelete
  8. ලංකාවට පාටි දෙකයි දෙකම හොරු
    දැන දැන චන්දෙ දී ඇත ජනතාව ගරු
    ඩිමොක්‍රසිය එහෙමය නොකරනු නිගරු
    ගොඩයනු බොරුය මෙකපෙදී ලක් මවුනි ගරු

    ReplyDelete
  9. ඔක්කෝටම මුල බෝනික්කා
    කියලා බනිනව ලොකු අක්කා

    සිරිසේන කියන්නෙ, මහින්දව එලවන්න ඕන වුන නිසා ගෙනාපු හාල් කෑල්ලක්. දැන් එතකොට මේ ඔක්කොම උනේ උන්දෑ නිසා ද?

    රනිල් කරපු එක ටැන්ජිබල් වැඩක් කියනවද? ලංකාවෙ දේශපාලනය බුරුව කුට්ටමක් නං , රනිල් තමා ජෝකර්. රනිල් එජාපයත්, රටත් දෙකම නැතිකරනවා. ලංකාවෙ දූෂණය, භීෂණය නව මානයකට ගෙනිච්ච අර නීලකාස හොරා තව හොඳයි කියන්න තරම් අපි අවාසනාවන්ත වුනේ ඇයි කියලද හිතන්නෙ?

    මේ බයිල කිය, කිය කටින් බතල හිටවමින් හිටිය වගේ, ඉස්සරහටත් මුකුත් වෙන්නෙ නෑ. ඕන්නං චන්දෙ කිට්‍ටු කරල, චන්ද ගුංඩුවක් අරීවි. එච්චරයි.

    ReplyDelete
  10. "සිවිල් සංවිධාන නායකයන් ඇතුළු ප්‍රගතිශීලීන්ට එජාප පළාත් සභා අපේක්ෂකත්වය ලබා දෙමින් ඔවුන්ට ඍජු දේශපාලනයට කැඳවා ගත යුතු ය. "
    ඒ කියන්නෙ පැරාත් චාන්ස් එකක් දුන්නොත් ගන්නවද ?

    ReplyDelete
    Replies
    1. මං සිවිල් සංවිධාන නායකයෙකු නෙමෙයි. මං තනියා.

      Delete
  11. /* පවත්නා දේශපාලන සංදර්භය තුළ දේශපාලන බලවේග ඇත්තේ දෙකක් පමණි. එකක් පොහොට්ටුව ය . අනෙක අලියා ය. */

    අලියා පොහොට්ටුවක් හොඬවැලෙන් අරං ලංකාමාතාගේ දකුණු පැත්තෙන් ඇතුල්වුණොත් බබා ලැබෙන්න කොච්චර කල් යාවි ද?

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රේලියාවට මේ දවස් වල පසලොස්වකද?

      Delete
  12. /* දැන් ඉන්ටර්වල් එක ඉවර බව සියලු දෙනාට නිතිපතා බෙල් එකක් ගසා මතක් කර දිය යුතු ය. */

    මට මතක් වුනේ අපායේ ඉන්ටවල් එක ගැන 2015 February දී විමලවංශ කියපු කතාව!
    https://rasikalogy.blogspot.com.au/2015/02/politician-in-hell.html

    !!!

    ReplyDelete
  13. ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?
    (අද කාලෙ කොල්ලන්ගෙ ගණන් පාඩම්)

    පස්වන වසරේ ඉගෙනුම ලබන තම පුත්‍රයා මධ්‍ය වාර්ෂික පරීක්ෂණයෙන් ගණිතය විෂය සඳහා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ඇතිබව දැකීමෙන් වික්‍රමසූරිය මහතා අතිශයින් කෝපයට පත්විය. වහා තම පුතා කැඳවූ...
    වික්‍රමසූරිය මහතා -

    උඹට කිව්ව් නේද අර සිරිවර්ධනලගේ කොලුව එක්ක දඟල දඟල ඉන්නකොට ඔය ටික වෙයි කියල.
    බලපන් අර රාජසූරියගේ පුතා ගණන් වලට 100 න් 80 ක් අරන්ලු. බලපන් උඹට කීයද ?

    පොඩි වික්‍රමසූරිය -

    100 න් 45 යි.

    වික්‍රමසූරිය මහතා -

    හඃ, කියන අපූරුව. එතකොට සිරිවර්ධනලගෙ කොලුවට කීයද?

    පොඩි වික්‍රමසූරිය -

    100 න් 40යි.

    වික්‍රමසූරිය මහතා -

    හඃ, බලපන් උඹල දෙන්න කරගෙන තියන විනාසෙ?

    පොඩි වික්‍රමසූරිය -

    මොන විනාසයක්ද ?

    වික්‍රමසූරිය මහතා -

    ඇයි මිනිහො දඟල දඟල ඉඳල ගණන් වලට උඹල දෙන්නම අඩු ලකුණු ගන්න එක විනාසයක් නෙමෙයිද? බලපන් හොඳට වැඩ කරපු පොඩි රාජසූරියට 80 යි.

    පොඩි වික්‍රමසූරිය -

    හඃ හඃ හඃ. තාත්ත මේ පිස්සු කතාකරනව. මට 45යි . පොඩි සිරිවර්ධනට 40. අපි දෙන්නටම 85යි.
    ඉතින් වැඩ කරපු පොඩි රාජසූරියට වඩා දඟල දඟල හිටිය අපේ ලකුණු වැඩි නැද්ද ?

    ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?

    මෙයට වික්‍රමසූරිය මහතාගේ ප්‍රතිචාරය කුමක් වන්නට ඇද්ද?

    ReplyDelete
  14. ඔලිම්පික් පදක්කම් ගැන වඩාත් ගැඹුරු ගණිතමය විශ්ලේෂණයක්

    මීළඟ ඔලිම්පික් උළෙලේ මීටර් 100 දිවීමේ ප්‍රථම ස්ථානය ලබන රුසියාව රන් පදක්කම හිමිකර ගන්නා අතර දෙවන ස්ථානය ලබන ඇමෙරිකාව රිදී පදක්කමද තුන්වන ස්ථානය ලබන එංගලන්තය ලෝකඩ පදක්කමද හිමිකරගන්නේ යයි අපි උපකල්පනය කරමු.

    නිරීක්ෂණ -

    01.ඇමෙරිකාව සහ එංගලන්තය යන රටවල් දෙකම නේටෝ සංවිධානයට අයත් රටවල්ය. එනිසා රුසියාව එක පදක්කමක් ලබද්දී නේටෝ සංවිධානය පදක්කම් දෙකක් ලබයි. එකට වඩා දෙක යනු විශාල සංඛ්‍යාවකි.

    02.රුසියාව ලද පදක්කමේ බරට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම් වල බර එකට එකතුකළ විට ලැබෙන අගය වැඩිය.

    03.රුසියාව ලද පදක්කමේ විශ්කම්භයට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි විෂ්කම්භයන්ගේ එකතුව විශාලය.

    04. රුසියාව ලද පදක්කමේ පරිධියට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි පරිධීන්ගේ ගේ එකතුව විශාලය.

    05. රුසියාව ලද පදක්කමේ වර්ගපලයට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි වර්ගපලයන්ගේ එකතුව විශාලය.

    06.රුසියාව ලද පදක්කමේ ඝනකමට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම් එකමත එක තැබූ විට ලැබෙන්නේ වැඩි ඝනකමකි.

    නිගමනය -

    ඔලිම්පික් උළෙලේ මීටර් 100 දිවීමේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ රුසියාව නොව නේටෝ සංවිධානයයි

    ReplyDelete
  15. //"ඒකාධිපති බලවේග ඉතා පහසුවෙන් හිස ඔසවයි. ජනතාවට ලෙහෙසියෙන්ම අතීතය අමතක වේ. මේ ලෝකයේ බොහෝ ඒකාධිපතියන්ට නොනැසෙන ‘ජනකාන්ත බව‘ක් ලැබීමේ රහස කුමක් වුවත් එය මුගාබේ සම්බන්ධයෙන් ද ‘වැඩ‘ කළේය. ඇතැම්විට මුගාබේගේ ඒකාධිපතිත්වයට රට වැසියන් රහසින් ප්‍රිය කළා වන්නට ඇත. 2014 වසරේදී මුගාබේ නැවත බලය ඇල්ලුවේය. රටකට හිමිවන්නේ එයට හිමිවිය යුතු නායකයන් ය. බොහෝ විට ඒ රටේ ජනතාවගේ හැටි, ඔවුන් විසින් තෝරාපත් කර ගන්නා නායකයන්ගෙන් පෙනේ. "//

    උපුටා ගැනීම
    සිම්බාබ්වේ රාජ්‍යයේ අවසන් බලාපොරොත්තුව - මෝගන් චැන්ගිරායි මරණය අබියස
    ලංකා නිව්ස් වෙබ්
    ක්‍රිෂාන්ති රාජපක්ෂ

    ලංකාවේ එහෙම වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. එකනේ රනිල් කොච්චර පැරදුනත් UNP නායකකම දාලා නොයන්නේ. මිනිහා දන්නවා ලංකාවේ මිනිස්සුන්ට ඉක්මනට අතීතය අමතක වෙනවා කියලා. දැන් බලපන්, 88/89 UNP ආණ්ඩුවෙන් වැඩ විදලා යන්තම් නොමැරී බේරුණු පැරා කියන්නේ "..එහි සෙම නැත. සෙවල නැත...".

      Delete
  16. මම බුද්ධාගමේනෙ,
    ඒ නිසා පොහොට්ටුවට කතිරේ ගැහුවා

    ReplyDelete
  17. only 80/300 and think 80/100 ???

    ReplyDelete
  18. රජරට ගමරාළ සහ කුඹුරු අස්වැද්දීම

    අතීතයේ සිට රජරට ගමරාළලාට මෙන්ම වෙදරාළටද ප්‍රසිද්ධය. ගමරාළ යනු අතීතයේ සිටි ගම් ප්‍රධානියෙකි. අද පවතින ග්‍රාමසේවක තනතුර ගමරාළට සමානද යන්න පිලිබඳ විෂේශඥ මතයක් ප්‍රකාශ කිරීම අප වැනි දුහුනන් විසින් නොව පිළිගත් ඉතිහාසඥයන් සහ සමාජ විද්‍යාඥයන් විසින් කළ යුත්තකි.කෙසේ වෙතත් අතීත ගමරාළ කෙනෙකු නූතන ග්‍රාමසේවකවරයකු වීම ඉදිරිගාමී වන අතර නූතන ග්‍රාමසේවකවරයකු අතීත ගමරාළ කෙනෙකු වීම පසුගාමී බව නම් පැවසිය යුතුමය.

    ඇතැම් අතීත ගමරාළලා දක්ෂ වෙදරාළලාද වූ අතර ඇතැමුන් පවසන පරිදි සමහර වර්තමාන ගමරාළලා රටේ වෙදරාළලාය. “හදිස්සියට මතෙ අප්පුත් වෙදරාළ” යැයි කතාවක් ඇතත් “හදිස්සියට ගමරාළත් වෙදරාළ” යැයි කතාවක් අප නම් අසා නැත. නමුත් සුළු අසනීපයකට ප්‍රතිකාර සඳහා ගමරාළ වෙදරාළ වීමේ කිසිදු වරදක් නැති නමුත් එවන් ගමරාළ කෙනෙකු තමුන් අටානූවක් රෝග සහ නවානූවක් ව්‍යාධි සුවකිරීමේ අති සමත් ජීවකයකු යයි සිතා බරපතල රෝගයකට ප්‍රතිකාර කළොත් ලෙඩාටද වෙදාටද තෙරුවන් සරණය.
    මේ කතාවත් ගමරාළ කෙනෙකු ගැනය.සාමාන්‍යයෙන් ගමරාළලා හොඳ ගොවියෝය. ගොවිතැන යනු ක්‍රියාවකි. වැඩිමනත් ලෙස සත් ක්‍රියාවකි. මේ ගමරාල ක්‍රියාවට කෙසේ වෙතත් කතාවට - කවියට අති දක්ෂය.

    ගමරාළගේ අසල්වැසි ලඳක් විය. ඕතොමෝ රූබරය. සැමියා අකලට මියගිය බැවින් වැන්දඹුය. එහෙයින්ම ඈ සතු කෙතද පුරන්විය.
    දිනක් මේ ගමරාළ පුරන්වූ කුඹුර අසලින් යද්දී ඒ අසල රුකක් යට හුන් මේ ලිය දක්නට ලැබිණි. කව් සිත පහලවූ ගමරාළ මෙසේ ගැයීය.

    අකලට පුරන්වූ කුඹුරක් දකින විට
    කිති කැවෙනා හිතක් ඇත හොඳ ගොවියෙකුට
    ආවෙමි කුඹුර අස්වද්දන සිහිය පිට
    සින්නකර කුඹුරු දැන්නම් නොමැත මට

    මේ ලඳ ද කවියෙහි දක්ෂය. එබැවින් මෙලෙස කවට කවෙන්ම පිළිතුරු ලැබිණි.


    අකලට පුරන්වුව කළ කම් නියම පිට
    කුඹුරේ ඉඩක් නැත මගෙ අඳ ගොවියකුට
    ට්‍රැක්ටරයකින් යල මහ දෙක කරපු මට
    හද්දා කසිකබල් නගුලක් දැන් කුමට

    ලජ්ජා ඇති ගමරාළ ඉන්පසු ඒ පැත්ත පළාතක පස් පෑගුවේ නැත.

    මෙය අප උපමා කතාවක් ලෙස ගනිමු. කුඹුර යනු පක්ෂයකි. කාන්තාව නම් ඒ පාක්ෂිකයාය. මුල් කවිය යනු පාක්ෂිකයා වෙතින් චන්ද අයැදීමයි.පිළිතුරු කවිය යනු පාක්ෂිකයාගේ චන්දයයි. එසේ නම් මේ ගමරාළ කවරෙක්ද ?

    සංවාදය සඳහා ඉඩහරිමි. අවැසි කෙනෙකුට පෝස්ටුවක් ලෙස නැවත පළ කළ හැකිය.

    - නැවතත් මයුරවිල මි.

    ReplyDelete
  19. Saitm den kohomath wahala iwarai. Eke inna daruwanta sadaranaya itu karanna kiyanna.

    ReplyDelete
  20. Due credit should be given to present gvt for conducting very peaceful election.
    This is like in a western country and I was fortunate to witness in this country.
    Although this may be boring to some without a body count,I think this is way forward in right direction of Democracy.
    Unfortunately we are yet again going to lose a golden opportunity to resurrect Srilanka.
    Remember gvt did not use state property and media this time around that itself is credible acheivement

    ReplyDelete
  21. අල්ලපු හොරෙක් නැත උන් සුවසේ වෙසෙති
    කාසි පනම් රිසිසේ වියදම් කරති
    වික්‍රමසිංහ උඩඟුය සැකයක් නොමැති
    අයියෝ සිරිසේන දැන් අයියෝ කියති

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා