එක එක ජාතියේ සේපාල ඒකනායකලාගේ ලංකාවේ දුමින්ද සිල්වා
ලංකාවේ මිනිසුන්ට නීතියේ ආධිපත්‍යය ඇත්තෙන් ම අවශ්‍ය ද යන ප්‍රශ්නය මේ දිනවල සාකච්ඡා වන අදහස් සමග මතු වේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වාම නායිකාවක හා කාන්තා ක්‍රියාකාරිනියක වූ විවියන් ගුණවර්ධනට පහර දුන් පොලිස් නිලධාරීන් වරදකරුවන් කළ ශ්‍රේ්ෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ නිවෙස් ඉදිරිපිට මැරයන් යොදවා හූ කියවූ අතර, වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් උසස් කිරීමට කටයුතු කළේ ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් සරත් එන්. සිල්වා වැනි දූෂිත පුද්ගලයෙකු අග්‍ර විනිශ්චයකාර තනතුරට පත් කළා ය. අධිකරණයට දේශපාලනය ඇඟිලි ගැසීමෙහි දිගු ඉතිහාසයක් මෙරට තිබුණු අතර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය උච්ච තලයකට ගෙන ගියේ ය. මහින්ද රාජපක්ෂ විසින් නීතිය වක්‍ර කළ අවස්ථා ඕනෑ තරම් තිබේ. එහි කූටප්‍රාප්තිය අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයයි. ඒ අතරතුර ඔහු විසින් කරන ලද සෙසු වික්‍රමයන් කීපයක් මෙසේ ය: ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ පෙම්වතියක හා ඇගේ සේවිකාව මරා දමා වරදකාරිය වූ මිල්රෝයි ප්‍රනාන්දුගේ නීත්‍යානුකූල බිරිය විශේෂ ජනාධිපති සමාවක් දී නිදහස් කිරීම චන්දන කත්‍රිආරච්චිට එරෙහි මිනී මැරුම් චෝදනා නීතිපතිවරයා ...