Posts

එක එක ජාතියේ සේපාල ඒකනායකලාගේ ලංකාවේ දුමින්ද සිල්වා

Image
ලංකාවේ මිනිසුන්ට නීතියේ ආධිපත්‍යය ඇත්තෙන් ම අවශ්‍ය ද යන ප්‍රශ්නය මේ දිනවල සාකච්ඡා වන අදහස් සමග මතු වේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වාම නායිකාවක හා කාන්තා ක්‍රියාකාරිනියක වූ විවියන් ගුණවර්ධනට පහර දුන් පොලිස් නිලධාරීන් වරදකරුවන් කළ ශ්‍රේ්ෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ නිවෙස් ඉදිරිපිට මැරයන් යොදවා හූ කියවූ අතර, වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් උසස් කිරීමට කටයුතු කළේ ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් සරත් එන්. සිල්වා වැනි දූෂිත පුද්ගලයෙකු අග්‍ර විනිශ්චයකාර තනතුරට පත් කළා ය. අධිකරණයට දේශපාලනය ඇඟිලි ගැසීමෙහි දිගු ඉතිහාසයක් මෙරට තිබුණු අතර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය උච්ච තලයකට ගෙන ගියේ ය. මහින්ද රාජපක්ෂ විසින් නීතිය වක්‍ර කළ අවස්ථා ඕනෑ තරම් තිබේ. එහි කූටප්‍රාප්තිය අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයයි. ඒ අතරතුර ඔහු විසින් කරන ලද සෙසු වික්‍රමයන් කීපයක් මෙසේ ය: ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ පෙම්වතියක හා ඇගේ සේවිකාව මරා දමා වරදකාරිය වූ මිල්රෝයි ප්‍රනාන්දුගේ නීත්‍යානුකූල බිරිය විශේෂ ජනාධිපති සමාවක් දී නිදහස් කිරීම චන්දන කත්‍රිආරච්චිට එරෙහි මිනී මැරුම් චෝදනා නීතිපතිවරයා ...

සුදු අලි, කොළ අලි, නිල් අලි හා රතු අලි

Image
අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-09-09 එක්සත් ජාතික පක්ෂය සමග මගේ මුල් ම අභියෝගාත්මක සම්බන්ධය ඇති වුණේ 1986 මුලදීයි. එවකට තහනම් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වූ මම බුලත්සිංහල නගරයේ ජවිපෙ දේශපාලන දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටියදී එවකට ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වූ රොනී ද මැල්ගේ අනුගාමිකයන් පිරිසක් මා අල්ලා පොලිසියට භාර දුන් හ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි නීතිය යටතේ මාස තුනක් විශේෂ සිර මැදිරියක රඳවාගෙන සිට නීතිපති උපදෙස් මත නිදහස් කිරීමෙන් පසු මම අධ්‍යාපනය අතහැර ජවිපෙ සමග පූර්ණකාලීන දේශපාලනයට එක් වුණෙමි. එම සිද්ධියෙන් තිස් වසරකට පසු මා මෙම සටහන තබන්නේ එක්සත් ජාතික පක්ෂයට වසර 70ක් පිරෙමින් තිබියදී ය. මේ වන විට ඇතැමෙක් මේ ලියන මා එජාපයෙන් වැටුප් ලබන්නෙකැයි යන අභූත චෝදනාව එල්ල කරන තරම් දුරට ගොස් තිබේ. වාමාංශික දේශපාලන පසුබිමකින් පැවත එන මම එජාප මෙන් ම වෙනත් පක්ෂ සමගත් සමග යම් දේශපාලන ක්‍රියාවලියක නිමග්න වී සිටිමි. එහෙත් මම එජාප සාමාජිකයෙකු හෝ එය සමග වෘත්තීය සම්බන්ධයක් ඇති අයෙකු හෝ නො වේ. කොම්ප්‍රදෝරු ධනපති පක්ෂයකැයි වාමාංශික සාහිත්‍යය තුළ නිර්වචනය වන එජාප සමග ද...

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

Image
මේ මගේ දුව. පංතිය 2 ශ්‍රේණිය. අකැමැති ම දේ පාසල් යාම. හේතුව ගුරුවරියගේ ටියුෂන් පංතියට නො යෑම නිසා සිදු වන වෙනස්කම්. ටිකක් දිග වැඩියි. හෙමිහිට කියවන්න පළමු කතාව ලියනගේ අමරකීර්තිගේ ලංකාදීප කොලමෙන්: පාසැල්වල ඛාදනය ඉතා අනුවේදනීය වූද උත්ප්‍රාසාත්මක වූද ආඛ්‍යානයකට නගන කෘතියක් මෑතකදී පළ විය. “එය ඉඩක් දෙන්න ඇස් අරින්න” නම් වේ. එය සූරිය පොතකි. යශෝධරා ගුණසේකර එහි කතුවරියයි. ඇය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවකි. ඇගේ පොත අධ්‍යාපන බලධාරීන්ගේත් ගුරුවරුන්ගේත් අවධානයට ලක් විය යුතුය. මේ කෘතිය ළමා කථාවක් සේ රසවිඳින්නටද පුළුවන. ළමා මනසේ ස්වභාවය ගැන ආකර්ෂණීය චිත්‍රයක් එහි මැවේ. එක වසරේ සිට පහේ ශිෂ්‍යත්වය දක්වා පාසැල් දිවිය ගැන ළමා වීර කථාවක් වැනි පොතකි මේ. ශිෂ්‍යත්වය සමත්වූ ආකාරය ගැන ලියවෙන කොටස ගැන පමණක් අවධානයට ගනිමු. පහේ පන්තියේ ගුරුවරිය කතුවරියට මුණ ගැසෙන්නේ ඇය හතරේ පන්තියේ සිටියදීමය. දවසක උදෑසන රැස්වීමේ කතාවක් පවත්වන්නට පහේ පන්තියේ සිසුන් කිසිවෙකු නොවූ නිසා හතරේ පන්තියේ යශෝධරාට ඒ අවස්ථාව ලැබෙයි. ඇයට කතා පැවැත්වීමට දක්ෂය. මේ පොතෙන් කොටසකි: “...මගේ කතාව අවසන් වූ අවසන් වූ...

සිරිල් සී. පෙරේරා වීරයකු වන්නේ කෙසේ ද?

Image
“වරක් ගුණදාස අමරසේකර සහ රෙජී සිරිවර්ධන අතර පුවත්පත් මගින් ඇතිවූ වාදයකදී ගුණදාස අමරසේකර ‘යුද්ධය හා සාමය‘ සිංහල බසට පරිවර්තනය කල නොහැකි බව පැවසූ අතර එය කල හැකි බව රෙජී සිරිවර්ධන කියා සිටියා. ගුණදාස අමරසේකරගේ කතාව මට පෙනුනේ පරිවර්තන කාර්යයෙහි යෙදී සිටින ලේඛකයන්ගේ හැකියාවන් පමණක් නොව සිංහල භාෂාවද අවතක්සේරු කිරීමක් හැටියටයි. අනෙක් අතින් එය සිංහල පරිවර්තකයන්ට එල්ල කල අභියෝගයක්. මා අභියෝගවලට මුහුණදීමට කැමතියි“ - සිරිල් සී. පෙරේරා සමග සංවාදයක් (පහනින් පහන උපහාර ග්‍රන්ථයෙන් - සංවාදය සිරිපාල තිලකසේන) සිරිල් සී. පෙරේරා වෙනුවෙන් තබන මේ සටහන සිරිල් සී පෙරේරා ගැන නො වන බව කරුණාවෙන් සලකන්න. මා කතා කරන්නේ වීරයෙකු වන්නේ කෙසේ ද යන්න ය. මූලිකව ම තමන්ට ගෙවන ලද මිළට හෝ පවරන ලද වගකීමට සරිලන තරමට වැඩ කළ අයෙකු වීරයකු වන්නේ නැත. ඒ නිසා, තමන්ගේ රස්සාව හරියට කළා ය කියා කවුරුවත් වීරයා පදක්කමට අයිතිවාසිකම් කිව යුතු නැත. වැඩේ කියන්නේ මේ රට පිරී තිබෙන්නේ තමන්ගේ රස්සාව හෝ හරියට නො කරන එවුන්ගෙනි. එබැවින් රස්සාව හරියට කරන පුද්ගලයා ද වීරයෙකු සේ දර්ශනය වේ. එහෙත්, ඒ වීරයෙකු නො වේ. වෘත්තිකයෙකි. එසේම යමෙක...

ගුවන් තොටුපළ දෙකක රඟ දැක්වුණ එක ම නාට්‍යයක ජවනිකා දෙකක්

Image
2014දී කොළඹ පැවති සමුළුව විවෘත කරන්නට එන රාජපක්ෂ හා සිරිසේන  ජාතිවාදීහු එකිනෙකාගෙන් යැපෙති. එකෙකුට අසීරු වූ විට අනෙකා වහා පිහිටට පැමිණේ. මතුපිටින් පරම සතුරන් ලෙස පෙනුණත්, ඔවුහු හැම විට ම මනා අවබෝධයකින් ක්‍රියා කරති. මෙය අද ඊයේ සිට සිදු වන්නක් නො වේ.  අපි 2005 ජනාධිපතිවරණය මොහොතකට සලකා බලමු. ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව සිංහල ජාතිවාදී පදනමින් තරග කළ මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද දෙලක්ෂයකට අඩු ගණනකින් ජනාධිපතිවරණය ජය ගත්තේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය දෙමළ ජනතාව ඡන්ද වර්ජනයකට පෙළඹවූ නිසා ය. මතුපිටින් ප්‍රතිපක්ෂ ජාතිවාදීන් මේ අන්දමින් මනා අවබෝධයකින් කටයුතු කර තිබෙන ආකාරයට නිදසුන් ඕනෑ තරම් තිබේ.  මැලේසියාවේ හා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල පැය කීපයක් අතරතුර රඟ දැක්වුණ නාටක දෙක තවත් මෙවැනි මනා අවබෝධයකින් රඟ දක්වන ලද ජවනිකා දෙකකි. සමස්ත මැලේසියානු නාටකය තුළ ම මේ අවබෝධය දක්නට ලැබේ.  මේ අතර කටුනායක ගුවන් තොටුපළේ ජවනිකාව රහසිගත දේශපාලන මෙහෙයුමක ස්වරූපය සහිත ය. මහින්ද රාජපක්ෂට 65වන ශ්‍රීලනිප සමුළුව මගහරින්නට උවමනාව තිබිණි. එසේම, ඔහු සමග මැලේසියා චාරිකාවට සහභාගි වූ අ...

ඔක්කොම ලෙඩ්ඩු ය ඔක්කොම දොස්තරු සමග දර්ශනයට පෙරවදනක්

Image
ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය මාර සංවේදී නිසා එය පමණක් වෙළඳපොළකරණය නො ඉවසා, එය පමණක් රජය විසින් පමණක්, නොමිළේ පමණක් දිය යුතුයි කියන ‘විප්ලවවාදීහු' සිටිති.  පෙර පාසල් අධ්‍යාපනය ද මිනිස් ජීවිතයට වෛද්‍ය විද්‍යාව තරම් ම වැදගත් බව අපි අමතක කරමු. මන්ද, පෙර පාසල් අධ්‍යාපනය ගැන කතා කරන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ධනවත් සමිති නැත. එසේම, පෙර පාසල් ගුරුවරියක වීම සමාජ ලාලසාවක් හෙවත් අත්පත් කර ගැනීමට හූල්ල හූල්ලා බලා සිටින තත්වයක් නො වේ. ඒ නිසා ඒ ගැන කතා කිරීමෙන් අපට දේශපාලන බලය ගොඩනගා ගත නො හැකි ය. දොස්තරලාගේ කූට ජාවාරම් ද ඉවසමු. මන්ද, දොස්තරකම යනු සාමාන්‍ය තවත් එක් වෘත්තියක් පමණක් නො වේ. අර ලාලසාව නිසා දොස්තරකම යනු ආශාවකි. (මේ මා ලියන්නේ මට අහිමි වූ ආශාවේ වස්තුවෙන් අනෙකා ලබන ප්‍රමෝදය කෙරෙහි පසමිතුරුකම නිසා ය කියා ලාංකික ගොන් හුකාන්ලාට කියන්නට පුළුවන. ලකාන්ට බුදු සරණයි!) එහෙත්, වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය සෙසු සියල්ලට වඩා මිනිස් ජීවිතයට සංවේදී ය කියන අය  පහත සඳහන් කාරණය ගැන කිසිවෙක් කතා නො කරන්නේ ඇයි? ලංකාවේ දොස්තරලා තරමට ම හොර දොස්තරලා සිටිති. ඇලොපති වෛද්‍ය විද්‍යාව අනුව හොර ද...

සයිටම් වාමාංශිකයෝ

Image
සරසවි සිසුන් අත වරද නැත. ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ ජීවිත කාලය තුළ ලද දැනුමේ, අත්දැකීම්වල හා ගොඩනැගුණු චින්තන වපසරියේ සීමාව තුළ ය. එහෙත්, වඩා අත්දැකීම් ඇති මිනිසුන් තරුණ ජීවිත සමග මේ අන්දමින් සෙල්ලම් නිර්මානය කිරීම හැමදාමත් සිදු වන ඛෙදවාචකයකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය මේ වන විට සුසමාදර්ශීය වෙනසකට බඳුන් වී තිබේ. මෙය ආරම්භ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය සිසුවෝ ය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යනු ලංකාවේ සෞඛ්‍ය සේවාව වෛද්‍යවරුන්ගේ ග්‍රහණයට යටත් කරගෙන, එම ආධිපත්‍යය තුළ එය දැඩි ලෙස වානිජකරණය කර, එම තත්වය තව දුරටත් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිගාමී වෘත්තික කල්ලියකි. වෛද්‍යවරුන්ට සිත් සේ රෝගීන් සූරාකෑමට නම් දැඩි වෛද්‍ය හිඟයක් අවශ්‍ය ය. තමන්ගේ දින පොතක සේවා කාලය වාර්තාගත කර, මහජන මුදලින් අතිකාල දීමනා පවා ලබා ගැනීමේ වරප්‍රසාද හිමි කරගෙන තිබෙන තවත් වෘත්තියක් ලංකාවේ නැත. දෙවනුව, දේශපාලන වශයෙන් පාරාජිකා වී සිටි වමේ පක්ෂ මෙම අරගලය සම්බන්ධයෙන් කෑදර පිළිවෙතක් අනුගමනය කළ හ. වෛද්‍ය වෘත්තිය ලංකාවේ මිනිසුන්ට සාමාන්‍ය වෘත්තිකභාවයකට වඩා පාරිභෝජනවාදයේ සංකේතාත්තමක වටි...

මෝටර් බයිසිකල් හා තවත් භාණ්ඩ මැද භාණ්ඩ ඉක්මවා ගිය චිත්‍රපටයක්

Image
මෝටර් බයිසිකල් චිත්‍රපටයේ තරුණයා ලාංකික නාගරික හෝ අගනාගරික දිළිඳු තරුණයාගේ හරස්කඩක් ද නැද්ද යන්න මම නො දනිමි. එහෙත් ඒ තරුණයා වැනි තරුණයෝ අපට හමු වෙති. මා ඔහු කියවන්නේ මෙසේ ය. ඔහු නාගරික දිළිඳු සමාජයේ ඉපිද, එම සංස්කෘතියට ඇබ්බැහිව, එයින් මිදී නව ඉසව් සොයා යන්නට ආසා කරන, ඒ සඳහා දිරියෙන් සටන් ද නො කරන තරුණයෙකි. මතක හැටියට රංගන යන නම හිමි මෙම තරුණයා සමාජ හිනිපෙතේ ඉහළ යාමට අවස්ථා උදා කර දෙන උසස් අධ්‍යාපන ලොතරැයිය සඳහා අවස්ථා නො ලද අයෙකි.  කය වෙහෙසන රැකියා කරන්නට අකැමැති අයෙකි. කම්කරුවෙකු වීමට සිතක් ඔහුට නැත. ඔහු ඒ වෙනුවට වෘත්තීය කලාකරුවකු, ගායකයකු වීමට ආසා කරන අයෙකි. තරුණයන් ගායකයන් වන්නට ම පෙරුම් පුරන්නේ ඇයි? සිංදු කියන්නට හැකි අයට පමණක් සුපිරි තරු හා සුපිරි ධනවතුන් වීමට මාවත් තිබෙන නිසා ය.  එම තරුණයා රැඩිකල් සංගීත ශෛලීන් ඇසුරු කරන්නෙකි. එහෙත්, ඔවුන්ගේ ගීත සාහිත්‍යයේ ඇත්තේ බොල්, නිසරු අදහස් ය. සංගීතය ද ගැඹුරක් නැති විරෝධාකල්පයක් පමණි. ඔහුගේ උන්නතිකාමය වන්නේ රියැලිටි වැඩසටහනක් ඔස්සේ සුපිරි තරුවක් වීමයි. එහෙත්, ගිටාරයක් වාදනය කරමින් සිංදු කියනවා හැරෙන්නට සංගීතය ගැඹුරින් හැ...

ෆේස්බුක් මනෝ වෛද්‍යවරු

Image
මනෝජ් සමරසිංහ හේවගේ සිය ප්‍රොෆයිල් පිංතූරය ලෙස භාවිතා කරන්නේ මේ රූපයයි මෙහි සිටින්නේ හෘදය සාක්ෂියේ සංකේතයක් ලෙස සැලකිය හැකි මිනිසෙකි  ෆේස්බුක් යනු අපූරු අවකාශයකි. මට එහිදී අපූරු මනෝ වෛද්‍යවරයකු හමු විය. මෙවැනි අපූරු මිතුරන් හමු වන ලොව එක ම තැන ෆේස්බුක් ය.  මම ඔහු චැනල් කළේ නැත. ඔහු මා සොයා පැමිණ පහත දැක්වෙන මනෝ වෛද්‍ය උපදෙස් ටික දී එයින් මහත් උද්දාමයට පත් වී සිටියි.  මේ හා සම්බන්ධ වන්නේ මා විසින් පළ කරන ලද මෙම අදහසයි.  “ මගේ මිතුරු ලැයිස්තුවේ මිතුරන් 4500කට ආසන්න ප්‍රමාණයක් සිටිති. ඒ අතරින් මා මිතුරු ඉල්ලීම් යවා තිබෙන්නේ 100ක්, 200ක් පමණ පිරිසකට පමණි. සෙසු සියල්ල ම මා විසින් භාර ගන්නා ලද මිතුරු ඉල්ලීම් ය. ඒවා ප්‍රතික්ෂේප කරන්නට මට විශේෂ හේතුවක් නො තිබිණි. තවත් දහස් ගණනක් භාර නො ගත්තේ ඒ මෙම ජාලයේ සෙසු අය සමග තිබෙන සම්බන්ධකම් අඩු නිසා ය. මේ මොහොතේත්, තවම භාර නො ගත් මිතුරු ඉල්ලීම් 688ක් තිබේ. එසේම, කරදරකාරී ලෙස කටයුතු කරන අය හැර මා වෙනත් අය අන්ෆ්‍රෙන්ඩ් කරන්නේ නැත. මේ බව මතක් කරන්නේ මෙන්න මේ හේතුව නිසා ය. මා සමග බද්ධ වෛරයක් ඇති අයට ඉතා සරළ ලෙස මා අන්ෆ්‍රෙන්ඩ...