Posts

පඬියකු සමග ආතල් හීනයක්

Image
හීනය දැක්කේ ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසිනි ඊයේ රාත්‍රීයේ හීනෙන් අපේ කාලයේ දාර්ශනයෙකු සමග බුද්ධිමය සංවාදයක් සිදුකිරීමෙන් පසු පහත සඳහන් නිගමනවලට එළඹීමට හැකිවුණු බව ලියා දන්වමි. * ලෝකයේ රටවල් කිහිපයක නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා සිදුකරන සිසු අරගල කිහිපයක් ඇති බැවින් එය 'ගෝලීය අරගලයක්' වන අතර ලෝකයේ රටවල් කිහිපයක ඉස්ලාම් අන්තවාදී කැරලි පවතින නමුත් ඒවා 'ගෝලීය අරගල' නොවේ.( එසේම තිරසාර සංවර්ධනය,සමලිංගික අයිතිය ආදිය ඉල්ලා රටවල් කිහිපයක අරගල කිරීම කිසිසේත්ම 'ගෝලීය'නොවේ.) *නායකයින්ගේ ප්‍රතිරූපය ගොඩනැංවීම වෙනුවෙන් හා අරගලයට ජනතා අවධානය දිනා ගැනීම පිණිස සිසු ජීවිත බිලිදීම ඕනෑම සිසු අරගලයක සිදුවිය හැකි බැවින් එය ඉතාම සාධාරණ වන අතර ඊට එරෙහිව වචනයකින් හෝ එරෙහිවීම පවතින රාජ්‍ය දෘෂ්ටිවාදය සමග බද්ධවී පාලකයින්ට සේවය කිරීමකි.(සැ.යු මෙහි ජනතා අවධානය යනු ජනමාධ්‍ය ආයතනවල අවධානය වන අතර රාජ්‍ය දෘෂ්ටිවාදය යනු තමන්ගේ මතයට එකඟ නොවන ඕනෑම අයෙකු ගොදුරු විය හැකි භයානක රෝගයකි.) *රාජ්‍ය පාසල් හා විශ්වවිද්‍යාල වලින් නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතු අතර එක විභාගයක් අසමත් වුවහොත් ඉන් ඉදිරියට...

සෝභිත හාමුදුරුවෝ

Image
මා සෝභිත හිමි දකින්නේ ආගමික, දේශපාලන, සමාජ නායකයකු ලෙස නොව ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිකයකු ලෙසයි.  සෝභිත හිමියන් බොහෝ විට ජනප්‍රිය සමාජ මතවාදයන්හි හා ක්‍රියාකාරිත්වයන්හි ඉදිරි පෙළේ සිටියේ ය.  ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වෙනුවෙන් සෝභිත හිමි කළ දීර්ඝ කාලීන අරගලය කැපී පෙනෙන එකකි.  1987 සමයේ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි දේශප්‍රේමී (ජාතිවාදී) අරගලයේ ද සෝභිත හිමි ඉදිරියෙන් ම සිටියේ ය.  එහෙත්, 2004 සිට ඉදිරියට ගිය යුදවාදී, ජාතිවාදී, සෝබනකාර අසපු ගනින්නාන්සේලාගේ ජාතික හෙළ උරුම දේශපාලනය තුළ සෝභිත හිමි දක්නට නො ලැබිණි. ඒ උන්නතිකාමී දේශපාලන රැල්ලෙන් ගැලවී සිටීමට ඔහුට ආත්ම ශක්තිය තිබිණි. එබැවින් ඒ රැල්ලේ ගනින්නාන්සේලා බහුතරයක් අහෝසි වී යන විට ද සෝභිත හිමි සමාජයේ ගෞරවනීය ක්‍රියාකාරිකයකු ලෙස සම්භාවනාවට ලක් වූයේ ය. 1994, 2015 දේශපාලන හා සමාජ විපර්යාස නිර්මානය කිරීමේදී සෝභිත හිමි ඉතා වැදගත් කාරකයකු වූ බව නිසැක ය.  සෝභිත හිමියන්ගේ අපවත් වීම දෙස ද ප්‍රීතියෙන් බලන කුහකයන් පිරිසක් සමාජයේ සිටින්නේ එ් නිසා ය.  ඔවුන්ගේ ප්‍රීතිය ගැන කියන්නට තිබෙන්නේ එක දෙයකි. එක් තනි පුද...

තිලකයා මාරපන් ගියා වගේ

Image
“තිලකො තෝ හෙට පාරලිමේන්තු යන්න ඕනැ," යි ඇවන් ගාඩ් මහත්තයා හැන්දෑවේ කීවේ ය.  පසුදා ඇවන් ගාඩ් මහත්තයා තිලකයා කොයිදැයි හොයා බලන විට ඌ පේන්න හිටියේ නැත.  මෙන්න තිලකයා හැන්දෑකොරේ ප්‍රාදුරුබූත වෙනවා ය.  “තෝව මං අද පාර්ලිමේන්තු යවන්නනෙ බොල හිටියෙ. තෝ කොහෙද චුත වුණේ?" ඇවන් ගාඩ් මහත්තයා ඇසුවේ ය.  “මං පාරලිමේන්තු ගිහින් ආවෙ ආයිබොවන්ඩ," තිලකයා කීවේ ය.  “ඉතින් තෝ මගෙ පණිවිඩේ අහගෙනයැ ගියේ?" “අහන්න දෙයක් යැ රාළාමි, මං එතන ගිහින් රීලා ම ආවා," තිලකයා කීවේ ය.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක ව...

ලංකාවේ දේශපාලනය සුපුරුදු මුග්ධත්වයේ ගිලී යයි ද?

Image
අද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට විරෝධතා පාගමනින් එද්දී තවත් සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත ගියේය. ඒ අද දින ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබුණු බැවිනි. පොලීසියට එම උද්ඝෝෂණ ව්‍යාපාරයට අදාළව රාජකාරි කටයුතු ඇති බව කොමිසමට දන්වා අවසර ගෙන පිටත්ව ඒම නිසා ප්‍රකාශ සටහන් කර ගැනීම 8 වන දින දක්වා කල් තැබිණි.කොමිසම අසළට පැමිණි සිසුන් සමග මේ සුහද කතා බහක නිරතවන්නේ නව සිහළ උරුමයේ නායක(පක්ෂයේ සිටින්නේ ඔහුම පමණකි) සරත් මනමේන්ද්‍ර ය. ඇතැම්විට 'අතරමගදී අහම්බයෙන්' හමුවුණු සිසුන්ගෙන් ඔහු සුවදුක් විමසනවා විය හැකිය. -ප්‍රියාන් විජේබංඩාරගේ සටහනකිනි ලංකාවේ දේශපාලන සමාජය ජාති, ආගම්, මතවාද හා පක්ෂ වශයෙන් බෙදී විසිරී සිටින්නේ කෙටි කලක සිට නො වේ. මෙම බෙදීම් ඉතා ගැඹුරු වන අතර ඒවා පිරිද්දීම අතිශය සංකීර්ණ කාර්යයකි. බිඳී, විසිරී ගිය ජාතියකට නායකත්වය දීමට තරම් පුළුල් දැක්මක් හා හැකියාවක් ඇති නායකත්වයක් රටට නැත. එවැනි විභවයක් තිබෙන නායකයෙක් කිසිදු දේශපාලන පක්ෂයක ඉදිරි මට්ටමක දකින්නට ද නැත. එසේම, රටේ පවතින දේශපාලන පක්ෂ හා ව්‍යාපාර සියල්ල ද ප්...

කුමාර් ගුනරත්නම්ට නැවත ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා දෙනු

Image
ප්‍රේමකුමාර් ගුනරත්නම් අත්අඩංගුවට ගත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආණ්ඩුවට එරෙහිව ශිෂ්‍ය හා වෙනත් අරගල ඇවිලවීමෙන් පසුව බව පැහැදිලි ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර පහළ මධ්‍යම පංතික ජනතාව අතරේ බලය පිහිටුවා ගැනීම සඳහා ඇති වී තිබෛන අරගලය නිසා කුමාර්ගේ අත්අඩංගුවට ගැනීම පිටුපස ජවිපෙ සිටින බවක් මතු කරන්නට ද ඇතැමෙක් උත්සාහ කරති. කෙසේ වෙතත්, පසුගිය ජනවාරි 01දා ලංකාවට පැමිණීමෙන් පසු පුරා මාස නවයකට වඩා කාලයක් වීසා නොමැතිව ලංකාවේ සිටින්නට ඉඩ දුන් ඕස්ට්‍රේලියානු පුරවැසි කුමාර් ගුනරත්නම් හිටි හැටියේ අත්අඩංගුවට ගැනීම දේශපාලන අරමුණකින් යුතුව කළ දෙයක් බව පැහැදිලි ය. කුමාර්ට ලංකාවට එන්නට මහින්දගේ ආණ්ඩුවෙන් වීසා ලැබුණේ ද ජවිපෙට හා මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එරෙහිව ඔහු පාවිච්චි කිරීමට බව සිතිය හැකි ය. ටික දිනකට ඉහතදී විමල් වීරවංශ ද පාස්පෝට් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූයේ ය. ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් ලබාගැනීම හා තත් කාලයේ වලංගුව පවත්නා විදේශ ගමන් බලපත‍්‍ර එකකට වැඩි සංඛ්‍යාවක් භාවිත කිරීම...

අජිත් සජිත් වී සජිත් අජිත් වීම

Image
අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ මන්ත්‍රීවරුන්ට ගිනි අවි පුහුණුවක් ලබා දීම ඉතා හොඳ දෙයක් බවයි.  එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබා තිබියදී තව මොන ගිනි අවි පුහුණුවක්දැයි සජිත් ප්‍රේමදාස අසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුහුණු කරන්නට වෙන දේවල් නැද්දැයි ද ඔහු අසයි.  මම මෙතෙක් සිතා සිටි විදියට නම් මෙවැනි අදහස් තිබිය යුත්තේ අජිත් පී. පෙරේරාට ය. සජිත් ප්‍රේමදාසට නො වේ.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙන නිසා ඔවුන්ට ගිනි අවි පුහුණුවක් ද දිය යුතු බව ඇත්ත ය. පසුගිය කාලයේ සුමනදාස අබේගුණවර්ධන මව්බිම පුවත්පතට කර තිබූ ප්‍රකාශයක් අනුව, අතීතයේ දිනෙක එස්.බී. දිසානායකගේ අත්වැරැද්දකින් ඔහුගේ බිරියට වෙඩි නො වැදී බේරී ඇත්තේ අනූනමයෙනි.  එහෙත්, අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුළ තිබිය යුත්තේ ගිනි අවි ප්‍රතික්ෂේප කරන්නට අවශ්‍ය ආත්ම ශක්තියයි. සජිත්ට එය තිබේ. අපි එය අගය කරමු. අජිත්ට එය නැත. අපි කණගාටු වෙමු.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වෙනත් පුහුණු වීම් රැසක් තිබේ. ඒ ගැන ඔබත් අදහස් දක්වන්න.  තුවක්කු සංස්කෘතිය...

එස්. එෆ්. ලොක්කා එක්ක අපරාධ දිරි ගන්වමු

Image
අනුරාධපුරයේ වසන්ත සොයිසා ඝාතනය කර ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව කුඩු පට්ටම් කර දැමූ පිරිස උත්සාහ කළේ දේශප්‍රේමයට මුවා වන්නට බව අපි කීවෙමු. ඇතැම් අය එය පිළි ගත්තේ නැත. (කියවන්න:  අනුරාධපුරයේ නයිට් ක්ලබ් මිනීමරුවන් මුවා වෙන්නට හැදුවේ දේශප්‍රේමයට ද? ) දැන් මෙම වීඩියෝවේ මිනීමරුවන්ගේ නායකයා කරන ප්‍රකාශයෙන් එය ඔප්පු වෙයි. තමන් උත්සාහ කළේ අනුරාධපුරයට වැඩක් කරන්නට බව ඔහු කියයි. වසන්ත සොයිසා මරා දමන්නට ඔවුන් සැලසුම් කළේ නැති බව ඔහු කියයි. ඇත්තෙන් ම වසන්ත සොයිසා මරා දැමුවේ නැතිනම් මෙය කැරැල්ලක් බව පෙන්වා සිද්ධිය යට ගසා ගන්නට ද මෙම පුද්ගලයන්ට හැකි වනු ඇත. ඔවුන්ට ආධාර පිණිස ජාතිවාදී, ආගම්වාදී පිරිසක් හා ජනමාධ්‍ය ද එකතු වනු ඇත. මෙම පුද්ගලයාට අනුරාධපුරයට වැඩක් කරන්නට මතක් වුණේ ඔහු වසන්ත සොයිසා සමග තරහ වූ පසුවයි. ඔවුන් අනුරාධපුරයට වැඩක් කරන්නට යන්නේ තවත් එවැනි වැඩ කරන තැනකින් සප්පායම් වෙලා ය. මොවුන් වීරයන් කිරීම නැවැත්විය යුතු ය. ඉතිහාසය පුරා ම මෙවැනි අපරාධකරුවන් වීරයන් කර සමාජය බැට කෑ අවස්ථා දක්නට ලැබේ. ඉතාලි අලිතාලියා ගුවන් යානයක් පැහැර ගෙන ප්‍රසිද්ධ වූ පුද්ගලයා 1983දී වැලිකඩ දෙමළ ස...

උදුල් ප්‍රේමරත්න, රාජ්‍ය නොවන සංවිධාන හා නෙත් බැලුම්ගල

Image
මිනිස්සු හොඳ වැඩ කිරීමට සහජයෙන් ම කැමති ය. එය මිනිස් ගතියයි. එහෙත්, මිනිසා තුළ ම වනචාරී තිරිසනා ද ජීවත් වෙයි. යහපත් පරිසරයන්හිදී මිනිසා ද අයහපත් පරිසරයන්හිදී තිරිසනා ද මතු වෙයි. ධනවාදයේ පදනම ලාභයයි. ලාභය සඳහා පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කෙරේ. පරිභෝජනය නරක දෙයක් නො වේ. එහෙත්, පාරිභෝජනවාදය ප්‍රතිගාමී ය. එමගින් පරිභෝජනය අවශ්‍යතා වෙනුවෙන් නොව පරිභෝජනය වෙනුවෙන් ම කළ යුතු යයි ප්‍රවර්ධනය කෙරේ. උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග අත්වැල් බැඳගෙන යන්නකි. ලාංකීය ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන පරමාදර්ශී මිනිසා වනාහි කුඩු විකුණා හෝ මහජන මුදල් ගසා කා හෝ සාධාරණ ක්‍රමයකින් හෝ ධනය රැස් කළ, දැසි දැස්සන් පිරිවරාගෙන තට්ටු ගණන් උස මහ මන්දිරවල ජීවත් වන, අධි සුඛෝපභෝගී යාන වාහනවල එහා මෙහා යන, සංදර්ශනාත්මක මිනිසෙකි. පොදු සමාජය සිතන්නේ ජීවිතයේ අරමුණ එවැනි තත්වයකට යාම ය කියා ය. අධ්‍යාපනය, රැකියා, දේශපාලනය ආදී සියලු කටයුතු නාභිගත කර තිබෙන්නේ එකී අරමුණ වෙනුවෙනි. කවුරුන් හෝ සමාජයට වැඩදායී දෙයක් කරනු දකින විට පොදු සමාජය සාමාන්‍යයෙන් සිතන්නේ එසේ කරන්නේ කුමක් හෝ යටි අරමුණක් ඇතිව ය කියා ය. කොටින් ම මා මේ බ්ලොගය ලි...

සුමිත් චාමින්ද නම් අසහාය විප්ලවවාදියා විච්ඡේදනය කිරීම

Image
සුමිත් චාමින්ද කියන්නේ කවුරුද කියා නො දන්නා අයට ඔහුගේ රූපයක්  සමාජ දේශපාලන කතිකාවට විවිධ පුද්ගලයන් කරන මැදිහත් වීම් දෙස අපි හැමදාමත් බලන්නේ ඉතා ම සුබවාදීවයි. විවිධ මට්ටම්වල අය විවිධාකාරයෙන් මේ කතිකාවට දායක වෙනවා. එතැනදී කාගේත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට කවුරුත් ගරු කළ යුතුයි. අදහසක් ප්‍රකාශ කළාම ඒ අදහස ගැන කතා කරනවා මිසක් ප්‍රකාශය කළ පුද්ගලයා ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. ජැක්සන් ඇන්තනි චිත්‍රපටයක් නිර්මානය කළාම ඒ චිත්‍රපටය ගැන මිස ජැක්සන් ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. ජැක්සන් පසුගිය ආණ්ඩුවට කඩේ ගිය එකෙන් හෝ ප්‍රසන්න විතානගේ ජාතික දෙමළ අරගලයට පක්ෂවාදී වන එකෙන් හෝ ඔවුන්ගේ චිත්‍රපට මනින්න බැහැ. ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරින් දේශපාලන කතිකාවට මැදිහත් වන, වාමාංශික හෝ විප්ලවවාදී හෝ දේශපාලනය කරන බව කියන ඇතැමුන් අතර මාර පණ්ඩිතමානීකමක් තිබෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් ගත් කල පර්යේෂණ පත්‍රිකා හෝ ග්‍රන්ථ පළ කරන්නේ නැහැ. ඒ වුණාට, පුවත්පත් ලිපි, බ්ලොග්, ෆේස්බුක් සටහන් ආදියෙන් ලොකු ප්‍රාඥබවක් බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ දේවල් ම කරන වෙනත් අය ගර්හාවට ලක් කිරීමෙනුත් කැපී පෙනෙන්න...

උතුරෙන් මුස්ලිම් ජනයා සුද්ද කිරීමෙන් වසර 25කට පසු

Image
පානදුර නෝලිමිට් සාප්පුව ගිනි තැබීමට පෙර නෝලිමිට් සාප්පුව ගිනි ගනිමින් - අද වනතුරු ම පරීක්ෂණ වාර්තා නැත.  1990දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් උතුරේ මුස්ලිම් ජනතාව සිය ගම්බිම්වලින් පලවා හැර දමා මේ වසරට අවුරුදු 25ක් සම්පූර්ණ වේ. 75,000ක් පමණ මුස්ලිම් ජනතාව මෙසේ පලවා හරින ලදී. යුද්ධය අවසන් වී වසර හයක් ගත වී තිබේ. එහෙත් මුස්ලිම් අවතැන් වූවන්ගේ ප්‍රශ්නය තවමත් විසඳී නැත. තවමත් මුස්ලිම් අවතැන් වූවෝ විශාල පිරිසක් සරණාගත කඳවුරුවල ජීවත් වෙති. ඔවුන් විල්පත්තු වනාන්තරය අසල ප්‍රදේශවල නැවත පදිංචි කිරීම හේතුවෙන් සිංහල ජාතිවාදීන්ගෙන් මෙන් ම පරිසර සංවිධානවලින් ද විරෝධය එල්ල විය. කෙසේ වෙතත්, උතුරෙන් අවතැන් වූ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්නය තවමත් නො විසඳුණු බරපතල ගැටලුවකි. දෙමළ අවතැන් වූ ජනයාගේ ප්‍රශ්න කෙරෙහි තරම් අවධානයක් එයට යොමු වී නැත. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් උතුරේ මුස්ලිම් ජනතාව පන්නා දැමූ ආකාරය අතිශය නින්දිත ය. මුස්ලිම් ව්‍යාපාරිකයන් පැහැර ගෙන කප්පම් ගනිමින්, විරෝධය පළ කළවුන් මරා දමමින් හා හිංසනයට ලක් කරමින්, ස්ත්‍රීන්ගේ කණ් ඉරා අබරණ මංකොල්ලකමින්, ඇඳි වත හා ත...

ශිෂ්‍ය සටන් හා විසඳුම් සෙවීමේ මහජන ක්‍රියාකාරිත්වයන්

Image
ලංකාදීප ඡායාරූපයකි ලංකාවේ සෑම ජන කොටසකට ම ප්‍ර‍ශ්න කන්දරාවකට මුහුණ දීමට සිදු වී තිබේ. විශ්ව විද්‍යාල සිසුන්ට ද ප්‍ර‍ශ්න රාශියකි.  නිදසුනක් ලෙස, විශ්ව විද්‍යාලවලින් පිට වන උපාධිධාරීන්ට රැකියා නැත. ඔවුහු රජයේ රැකියා ඉල්ලති. රජය මේ වන විටත් අනවශ්‍ය තරම් කලා උපාධිධාරීන් පිරිසකට රැකියා දී තිබේ. ඇතැමෙකුට කරන්නට හරි හමන් වැඩක් නැත. එහෙත්, මහජන මුදලින් ඔවුන්ට වැටුප් ගෙවනු ලැබේ. ඒ බර දරන්නේ මැද පෙරදිග රැකියා කරන ගෘහ සේවිකාවන් ඇතුළු විදේශ ශ්‍ර‍මිකයන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි පිරිස් ය. ඔවුන්ට රජයෙන් ලැබෙන උපකාර අවම ය.  උපාධිධාරීන්ට ප්‍ර‍මාණවත් අන්දමින් රැකියා සපයන්නට තරම් පෞද්ගලික අංශය පුළුල් වී නැත. පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙන් ම ව්‍යවසායකයන්ට ද ගැටලු රැසකි.  විශ්ව විද්‍යාල සිසුන් පාර වසාගෙන උද්ඝෝෂණය කරන විට පාරේ පැය ගණන් කාලකන්නි වෙමින් දුක් විඳින්නේ ද මේ දුක් විඳින ජනතාව ම ය.  සිසුන්ට අමානුෂික ලෙස පහර දුන් පොලිසියේ නිලධාරීහු ද අයත් වන්නේ මේ පීඩිත ජනතාවට ම ය.  ජනතාව මුහුණ දෙන ප්‍ර‍ශ්නවලට ඇති විසඳුම කුමක්දැයි ඇසුවොත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ...