මීළඟ ජනාධිපතිවරණයේදී කුමක් වෙයිද? මන්ත්‍රාචාර්ය අජිත් පැරකුම් ජයසිංහගේ විග්‍රහය
විශාල කර බැලීමට පිංතූරය මත ක්ලික් කරන්න මම කේන්ද්‍ර තඹ දොයිතුවකට විශ්වාස නො කරමි. ලංකාවේ දේශපාලනයේ ඉහළ තලය මේ වන විට බොහෝ දුරට කේන්ද්‍ර විශ්වාස කරන මිථ්‍යාදෘෂ්ටීන්හි ගැලී සිටින බව පෙනේ. එහෙත්, පසුගිය දිනවල ජ්‍යෝතිෂකරුවන් විසින් ඉදිරි ජනාධිපතිවරණය ගැන පුවත්පත්වල පළ කර තිබූ අනාවැකි කීපයක් මම අධ්‍යයනය කළෙමි. මගේ නිරීක්ෂණය අනුව, මෙම ශිල්පය අනුව, ජ්‍යෝතිෂකරුවාට තමන් ළඟට එන පුද්ගලයාව සතුටු හෝ බියපත් කළ හැකි අන්දමින් සිය විග්‍රහය රෝල් කර ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. මගේ නිරීක්ෂණයට ලක් වූ මව්බිම පුවත්පතේ පළ කර තිබුණු අනාවැකි අනුව, කාගේත් විග්‍රහ පදනම් වන්නේ මූලික කාරණා කීපයක් මතයි. එනම්, ලංකාවේ කේන්දරය අනුව නොවැම්බරයේ සෙනසුරු මාරුවක් තිබේ. ජුනි මාසයේ බ්‍රහස්පති උච්චස්ථානයට පැමිණීමක් ද සිදු වේ. එසේම 2014 කාන්තාවන් බලවත් වන වසරකි. මෙම කරුණු මත පදනම්ව ජ්‍යෝතිෂකරුවන් තම ගනුදෙනුකරුවන්ගේ හිතවත්කම් අනුව තව තව අතුරු කාරණා පටලවා ගනිමින් විග්‍රහය සකසන ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. ජනාධිපති ජ්‍යෝතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්ධන ජනාධිපතිට පක්ෂව අනාවැකිය රෝල් කරද්දී නාත්තන්ඩියේ පී....