Posts

CCTV යුගය, ලොකු අයියා, බාප්පලා හා අපි

Image
ඩිජිටල් අවකාශය තුළ අප සතු තොරතුරු ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ  සංජන හත්තොට්ටුව විසින් කරන ලද ඉතා අපූරු ඉදිරිපත් කිරීමක් සමග සම්බන්ධ වීමට ගිය සතියේ මට අවස්ථාව ලැබිණි.  තොරතුරු අස්ථානගතවීම මගේ ජීවිතයේ සාමාන්‍ය දෙයකි. අවුරුද්දේ මුල් මාස කීපයේ හැර දිනපොතක් දිගට ම ලියන්නට අසමත් මගේ තොරතුරු ඇත්තේ මගේ හිතේ හා මේ බ්ලොගේ පමණි. ඕනෑ දෙයක් ඕනෑ වෙලාවට සොයා ගන්නට බැරිකම මගේ ගෘහස්ථ කාර්යාලයේ ආදර්ශ පාඨයයි.  ඔය එස් පහ ආදී සංකල්පවලින් මොඩ් කරන්නට බැරි අප වැනි අලුගුත්තේරුවන් සිටීමෙන් මට නම් හිතෙන්නේ ලෝකයේ ජෛව විවිධත්වය වැඩි වනවා ය කියා ය. කොහොමත්, දැන් ඉතින් හැදෙන්නට එච්චර කාලයක් ද ඉතිරි වී නැති එකේ ඉතිරි ටිකත් ඔන්න ඔහොම ම ඉඳලා මැරෙන්න අධිෂ්ඨාන කරගෙන තිබේ. ඒත්, පරණ මුද්‍රිත ෆොටෝ දුර්වර්ණ වී යන විට මෙන් ම, පුංචි උන්ගේ පොඩි කාලේ ඩිජිටල් ෆොටෝ හා ලියපු කවි ආදිය අස්ථානගත වී ඇති බව දැන ගත් විට අසීමිත දුකක් හා අපේ අපිළිවෙල ගැන කලකිරීමක් ද ඇති වේ. ඒත් ඉතින් ඒවා ඉතිරි වී තිබුණත් ඉතින් කවුරුවත් අපි ගැන කටුගෙවල් හදන එකක්යැ කියා ගිය ‍දේ ගියාවේ කියා අමතක කර දමන්න ද බැරිකමක් නැත. සමහරු තමන් ල...

බ්ලොග්කරුවන් හත්දෙනෙකුගේ කතාව - චානුක වත්තේගම

Image
පසුගිය දිනෙක පැවැත්වුණු වැඩමුළුවකදී චානුක වත්තේගම ලංකාවේ බ්ලොග් අවකාශය නිර ූ පණය කරන්න බ්ලොග් හතක් තෝරා ගත්තා. මේ ඒ බ්ලොග් හත: indi.ca kathandara.blogspot.com hisahasa.blogspot.com sodurusitha.blogspot.com අපි abdulhalik.wordpress.com www.nadegura.com මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

‍මහජන මුදලින් නඩත්තු වන ‍දිනමිණ කුඩා දරුවන්ට වස කවන කොම්පැනි ආරක්ෂා කරන හැටි

Image
පහත සඳහන් දිනමිණ පුවත බලන්න. පසුගිය දිනවල මානසික ප්‍රශ්නයක් මත කලබල කිරීම නිසා පළමු වරට සැකපිට අත් අඩංගුවට ගන්නා ලද, රෝහණ විජේවීර‍ගේ වැඩිමහල් දියණියගේ සමස්ත පැටිගිරිය ම එළියට ඇද්ද ජනමාධ්‍ය පොදු වැදගත්කමක් ඇති සිද්ධියකදී අදාළ සැකකරුවන්ගේ අනන්‍යතාව හිතා මතා සඟවන ආකාරය බලන්න. දිනමිණ පළ කරන ලේක්හවුස් සමාගම මහජන මුදලින් යැපෙන පොදු සමාගමකි. එහි වැඩිපුර පළ වන්නේ ද මහජන මුදලින් නඩත්තු වන රජයේ දැන්වීම් ය. එහෙත්, දිනමිණ මහජනතාවට සේවය කරන අන්ද මෙන්න. මියගිය හූනකුගේ කොටස් සහිත ළදරු බිස්කට් ආනයනය කොට අලෙවි කරන ලද ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය වහා අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා ඊයේ ( 6) පොලිසියට නියෝග කළේය.ඕමාන් රටේ නිෂ්පාදිත ලාංකීය සමාගමක් මඟින් බෙදාහරින මෙම ළදරු බිස්කට් පැකට්ටුව තුළ මියගිය හූනෙකුගේ ශරීර කොටස් තිබූ බවත් එහි එක් බිස්කට් එකක් අටමස් වියැති සිය දරුවාට කෑමට දීමෙන් පසු දරුවා රෝගී වූ බවට පැමිණිල්ලේ සඳහන් විණි. මෙම පුවතේ අදාළ සමාගමේ නම සඳහන් කිරීම මගහැර තිබෙන ආකාරය බලන්න: කොළඹ 10, විනයාලංකාර මාවතේ පිහිටි පුද්ගලික සමාගමේ අධ්‍යක්...

අපෙන් එකෙකි ඒ (වැලිකඩ වහල මත සිටින) මිනිසා

Image
මම මේ දිනවල සමාජ මාධ්‍ය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වෙමින් සිටිමි. එය පැවැත්වෙන්නේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට නගරෝදය ශාලාවේ ඉහළ මහලක ය. පසුගිය බදාදා සිට මේ මිනිසා වැලිකඩ සිර ගෙයි වහල මත සිටිනු දුටිමි. මුල් දිනයේ මා සිතුවේ ඔහු කිසියම් අලුත්වැඩියා කටයුත්තක් වැනි දෙයක යෙදී සිටිනවා ය කියා ය. එහෙත්, දෙවන දිනයේ ඔහු කිසියම් විරෝධතාවක යෙදී සිටින බව වැඩමුළුවට සහභාගි වූ මහතෙක් පෙන්වා දුන්නේ ය. ඔහු වැලිකඩ බන්ධනාගාරයේ ගේට්ටුව වෙත ගොස් එහි සිටි අයගෙන් මේ පිළිබඳව විමසා තිබුණ මුත් කිසිවෙක් ඒ පිළිබඳ හරි තොරතුරක් සපයා තිබුණේ නැත.  ඊයේ සවස වන විට ඔහු පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා වී තිබිණි.  ඔහු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් වසර 55 ක සිරදඬුවම් නියම වී ඇති රැඳවියෙකු බව ද උපවාසයක් ආරම්භ කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළ බව අද දෙරණ වාර්තා කළේ ය. 2031 වසරේ ඔහුට නිදහස හිමිවීමට නියමිතව තිබී ඇත. නිවාස නිවාඩු ලැබීමේ සහනය යටතේ තමන්ට නිදහස හිමිවිය යුතු බව ද එම රැඳවියා පවසන බව වාර්තා කර තිබිණි.  පහත පළ වන්නේ නිව්ස් ෆස්ට් ඒ පිළිබඳ වාර්තා කළ ආකාරයයි. A prisoner ...

හොරාගේ අම්මාගෙන් ...... ඇසීම

පහත පළ වන්නේ දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකි. එහි රතු පැහැයෙන් දක්වා ඇති කොටස කියවා ත්‍රිරෝද රථයේ හතරවන පුද්ගලයෙක් සිටියා ද නැද්ද කියා හිතන්න. රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකු ජුනි 07 දා දක්‌වා රිමාන්ඩ් භාරයේ තබා එදින හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසට රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාර මහතා ඊයේ (04 දා) නියෝග කළේය. එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ රත්නපුර සමන් පෙදෙස සහ බටුගෙදර පදිංචි තරුණයෙන් තිදෙනෙකි. ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. හෙදියගේ පැමිණිල්ලේ සඳහන් වන අන්දමට ඇය ඉකුත් 2 දා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලවය මිරිකා තිබේ. හෙදිය එය නොතකා ඉදිරියට යද්දී ඇය පසු...

අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ සිටින බවට සාක්කි කෝ?

Image
මේ දරුවන්ගේ පියා 2010 ජනාධිපතිවරණය පැවති ජනවාරි 26 දිනට පැය ගණනකට පෙර සිට දැන් තුන් වසරකට වැඩි කාලයක් ආ ගිය අතක් නැතිව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද දින පාර්ලිමේන්තුවේදී කියා තිබේ.  මෙම ලේඛකයාට ප්‍රගීත් මුණ ගැසී ඇත්තේ එක් වරක් පමණි. කොළඹ පැවති උත්සවයකදී ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර ඔහු මට හඳුන්වා දුන්නේ ය. එදා මම ඔහුට අතට අත දුනිමි. කුමන තත්වයක් තුළ හෝ කිසි යම් දිනෙක යළි ඔහුට එසේ අතට අත දෙන්නට ලැබේවායි අපි පතමු. මම ඔහුගේ ලිපි කියවා ඇත්තෙමි. කාටුන් රස විඳ ඇත්තෙමි.(ඔහුගේ කාටුන් මෙතැනින් බලන්න) ඔහු ස්ථිරව අතුරුදහන් වීමට පෙර කිසියම් පිරිසක් ඔහු පැහැරගෙන ගිය බවට ඔහු විසින් පවසන ලදී. ඔහුව ගෙන ගොස් රඳවා ගබා ගන්නා ලද වධකාගාරයක් පිළිබඳව ද ඔහු විස්තර කර තිබිණි. වධකාගාරයක අවුරුද්දකුත්, මාසයකුත්, දවසක් ජීවත් වී තිබෙන මෙම රචකයාට ඒ විස්තරයේ අභව්‍යකමක් දැනිණි. සිවරාම් හා ලසන්ත වික්‍රමතුංග යන මාධ්‍යවේදීන් මරා දැමීම හා ලලිත්, කුගන් වැනි දේශපාලන ක්‍රියාකාරිකයන් අතුරුදහන් කිරීම ඍජු දේශපාලන හා යුදමය ක්‍රියා ලෙස දකින මෙම...

රාවණා බලය හා සීතා බලය

Image
ජාතික හෙළ උරුමයට පිටින් මතු වූ නව සිංහල ජාතිවාදී හා බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් කරමින් සිටින ක්‍රියාවලිය පසුපස ලංකාවේ ආර්ථිකය බිඳ වැට්ටීමේ හා ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් තවත් හුදකලා කිරීමේ වෑයමක් තිබෙන බව අපේ අදහසයි. ආණ්ඩුව සමග සිටින බව පෙන්වමින්, දෙමළ ඊලාම්වාදී ඩයස්පෝරාවට අවශ්‍ය පරිදි කටයුතු කරන මේ අන්තවාදී සංවිධානවල ක්‍රියාකලාපයන්ගෙන් එක පැත්තකින් සිංහල බෞද්ධයා අපකීර්තියට පත් වන අතර ආණ්ඩුවේ දෙපතුල් යටින් එහි ආර්ථික, දේශපාලන පදනම් සෝදා යමින් තිබේ. රාමායන හින්දු මිථ්‍යා සාහිත්‍යය පදනම් කරගෙන ඉන්දියාවේ හින්දු භක්තිකයන් අතර ලංකාවේ වන්දනා ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලංකාවේ රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වේ. ඉන්දියානු සංචාරකයන් වනාහි එතරම් ඉම්හළ ආදායමක් ලංකාවට ගෙන එන පිරිසක් නො වුණත්, ලංකාවේ සංචාරක සංඛ්‍යාලේඛනවලට අනුව මෙරටට එක් රටකින් පැමිණෙන වැඩි ම සංචාරක පිරිස පැමිණෙන්නේ ඉන්දියාවෙනි. ගිය වසරේ (2012) දී ශ්‍රී ලංකාවට ඉන්දියානු සංචාරකයින් 186,525 ක්‌ පැමිණියහ. වර්ෂ 2016 වන විට ඉන්දියානු සංචාරකයින් ලක්‍ෂ 4 ක්‌ ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ. රාවණා බලය නම් බෞද්ධ අ...

අතුරලියෙන් ඉත්තෑකන්දට යන දේශපාලන භික්ෂුව ගැන රතන හිමිගේ ශෝකය

අතුරලියේ රතන හිමි වනාහි ලංකාවේ නූතන දේශපාලන භික්ෂුවගේ පුරෝගාමියා ය. එහෙත්, ලංකාවේ පළමු භික්ෂු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ එම යුගයේ ම මතු වූ තවත් දේශපාලන භික්ෂුවක් වන බද්දේගම සමිත හිමියෝ ය. මේ හිමිවරු දෙදෙනා එක ම දේශපාලන සන්ධානයක් තුළ දෙමගක ගිය අය වෙති. 2004 සුනාමියෙන් කෙටි කලකට පසු මම හිරු පුවත්පත වෙනුවෙන් බද්දේගම හැඩි දෙමළ කන්දේ විහාරයට ගොස් බද්දේගම සමිත හිමියන් සමග සම්මුඛ සාකච්ඡාවක් කළෙමි. සුනාමියෙන් පීඩාවට පත් වූ මිනිසුන් වෙනුවෙන් එහිමියන් කළ අමිල සමාජ සේවාව එහිමියන්ගේ චරිතයේ කැඩපතකි. ව්‍යසන අරාජිකත්වය තුළ, කුණු වන මළ මිනී දහස් ගණනක් මැද, සන්නිවේදනය, සැපයුම් කපා හරින ලද තත්වයක් තුළ උන් වහන්සේ විසින් දෙන ලද නායකත්වය සැබෑ ‍දේශපාලන නායකත්වය යනු කුමක් ද යන්නට සාක්කියකි. ඒ හිමියන්ගේ සීමාව නිර්මානය වන්නේ ඒ හිමියන් පිළිගත් සමාජවාදී, මානවවාදී දර්ශනය මත පදනම් වූ දේශපාලනය, සිය පැවැත්ම වෙනුවෙන් සුනාමි අරමුදල් පෞද්ගලිකව තමන්ගේ ගිනුමකට දමා ගන්නට සැලසුම් කළ නායකත්වයක් හමුවේ දන නැමීමත් සමග ය. අතුරලියේ රතන හිමි ද එවැනි නායකත්වයක දර්පනය තුළ සිටියත්, එයට යටත් භික්ෂුවක් නො ‍වේ. රතන හිමියන...

දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද? (A comment and and two replies)

දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?     Hammer Blow May 24, 2013 at 1:22 PM මට මතක විදිහට ඕකට නියම උත්තරය දුන්නෙ ආචාර්ය නිර්මාල් රංජිත්. වමා කිව්වෙ දෙමළට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය රටක් නැතිකමය කියල. සිංහල උන්මාදවාදී වර්ගවාදීන්ගේ මෝඩ ප්‍රශ්නයට පොල්ලෙන් ගහන උත්තරයක් එහි අඩංගුය කියල මා හිතනව. ඒ හැරෙන්න කවදාවත් ඔය ප්‍රශ්නයට උත්තරය සිංහල වර්ගවාදීන් තේරුම් ගන්නෙ නෑ. ගිනිසිළුව June 2, 2013 at 2:35 PM //වමා කිව්වෙ දෙමළට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය රටක් නැතිකමය කියල.//සිංහල උන්මාදවාදී වර්ගවාදීන්ගේ මෝඩ ප්‍රශ්නයට පොල්ලෙන් ගහන උත්තරයක් එහි අඩංගුය කියල මා හිතනව// ඉතින් දොරේ ලංකාවේ ඉන්න ලක්ෂ 30ක් වුනු දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නේ රටක් නැතිකම නම් ඉන්දියාවේ ඉන්න කෝටි 7ක් වුනු දෙමල ජනතාවට කොඉතරම් නම් ලොකු ප්‍රශ්නයක් ද ඇත්තේ රටක් නැතුව නේද? මම පදිංචි ප්‍රදේශයට කිට්ටුවෙන් අහිගුණ්ටික ජනාවාසයක් තියෙනවා. එයාල නිතරම කියන්නේ එයාල ගැන කිසිම රජයකින් හොයා බලන්නේ නෑ කියලා . ඔයාගේ බුද්ධිමත් වමා ගේ නිර්වචනයට අනුව මට දැන් තමයි මොලේ පෑදෙන්නේ. එයාලගේ ප...

සිංහල සංගීතයේ කන්ඩක්ටර්ලා හා ඩ්‍රයිවර්ලා

Image
ලංකාවේ ජනප්‍රිය සංගීත කලාව අද වන විට මෙහෙයවන්නේ කවුරුදැයි කියා ද ඔබ සිතන්නේ?  සිංදු ලියා මියුසික් වීඩියෝ හදා දී රේඩියෝ, රෑපවාහිනී චැනල්වලට පගා ද දී සිංදු හිට් කර දීමේ කොන්ත්‍රාත් කරන මියු 'සික්' මාෆියාවක් රටේ ඇත.  එහෙත්, ලංකාවේ ජනප්‍රිය සංගීතය බිම් මට්ටමේදී මෙහෙයවන්නේ පෞද්ගලික බස්වල රියැදුරන් හා ත්‍රිරෝද රියැදුරන් විසින් බව මගේ අදහසයි. බස් රියැදුරන්ට නම් සංගීතය අවශ්‍ය ප්‍රධාන වශයෙන් ම නින්ද යාම වළක්වා ගන්නට ය. ජගත් වික්‍රමසිංහ, ලක්ෂ්මන් හේවාවිතාරණ වැනි 'ජනප්‍රිය' නින්ද යන සිංදු කියන්නන්ගේ ගීත බස්වලදී වැඩිපුර නො ඇසෙන්නට හේතුව එය විය හැකි ය. මන්ද, සිංහල සංගීතය හෙවත් සිංදු සඳහා ඉල්ලුම නිර්මානය කරන්නේ ඔවුන් විසිනි. වැඩට යන මිනිස්සු බස්වලින් සිංදු අසා ඉන් පසු ඒ සිංදු ගෙදර ගෙන යති. සිංදු සංගීතයේ ප්‍රධාන කාර්යයක් වන්නේ බස්වල, ත්‍රිරෝද රියවල ගොරහැඩි හඬ යටපත් වන පරිදි හඬ මතු කර ගැනීමයි. ඒ සඳහා ලෝකයේ කොහේවත් සංගීතයකදී ප්‍රමුඛස්ථානය නො දෙන ඔක්ටපෑඩ් යයි හැඳින්වෙන විද්‍යුත් තාල වාද්‍ය භාණ්ඩයකට ප්‍රමුඛතාව දී තිබේ. එයින් ද මතු කර ගන්නේ ටිංකර් වැඩපලවල යකඩ තලන, හූරන හඬ වැනි ශබ්ද...

දහසක් මල් පිපෙන සුන්දර බ්ලොග් අවකාශය හා රාවයේ හෙවත් අභාවයාගේ අභාවය

Image
රාවය පුවත්පත වැටෙන්නට යනවා ය, ඒ නිසා කොහොම හරි එය ජැක් ගසා කෙළින් කළ යුතු ය කියා මහා හා හූවක් දැන් ලංකාවේ 'ප්‍රගතිශීලීන්' හා 'වාමාංශිකයන්' අතර තිබේ.  2004, 2005 වසරවල අපි හිරු පුවත්පත නැවත පටන් ගත්තේ අරමුණු කීපයක් පෙරදැරි කරගෙන ය. ලංකාවේ දෙමළ ජනයා හා ඔවුන්ගේ ජාතික විමුක්ති අරගළය පිළිබඳ සිංහල සමාජය තුළ පවත්නා තොරතුරු ඌනතාව මගහැරවීම ඒ අතරින් ප්‍රධාන අරමුණකි. අනෙක මාක්ස්වාදී පදනමින් අප විසින් මූලධාර්මිකව පිළි ගන්නා ලද දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංවාදයක් සමාජයේ ඇති කිරීමයි. 2004 මහ මැතිවරණයෙන් දකුණේ මෙන් ම උතුරේත් ජාතිවාදීන් සැලකිය යුතු බලයක් දිනා‍‍ගෙන සිටි මෙසමයේ මහත් අභියෝගාත්මක කාර්යයක් වූ හිරු පුවත්පත පළ කිරීම ආරම්භයේ සිට ම අති දුෂ්කර විය. හිරු පුවත්පත බිඳ වැටීමට හිරු කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් ද හේතු වන්නට ඇත.  එහෙත්, හිරු බිඳ වැටුණු යුගය වනාහි ලංකාවේ සාම රාජ්‍ය නො වන සංවිධාන ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම වෙනුවෙන් දැවැන්ත සල්ලියක් අතපතගාමින් සිටි කාලයකි. හිරු පුවත්පත රැක ගන්නට අප දන්නා තරමින් නම් ලංකාවේ දකුණේ ප්‍රසිද්ධ ප්‍රගතිශීලීන් කිසිවෙක් ඉදිරිපත...