Posts

පෙනුමින් සරළ අරුතින් ගැඹුරු තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර්

Image
After a Death Once there was a shock that left behind a long, shimmering comet tail. It keeps us inside. It makes the TV pictures snowy. It settles in cold drops on the telephone wires. One can still go slowly on skis in the winter sun through brush where a few leaves hang on. They resemble pages torn from old telephone directories. Names swallowed by the cold. It is still beautiful to hear the heart beat but often the shadow seems more real than the body. The samurai looks insignificant beside his armor of black dragon scales. මරණයෙන් පසු වතාවක් එහි විය කම්පනයක් දිගු , දිලිසෙන ධූමකේතු වලිගයක් ඉතිරි කර ගිය එය අප ගෙයි රඳවයි. රෑපවාහිනී පිංතූරය හිමසහිත වෙයි සීතල බිංදුවලින් එය තැන්පත් වෙයි දුරකථන කම්බිවල. අයෙකුට තවමත් සෙමින් ලිස්සා යා හැක හිම මත හේමන්ත හිරු තුළ පින්සල් අතරින් පත්‍ර කීපයක් එල්ලෙන. ඒවා පැරණි දුරකථන නාමාවලිවලින් ඉරූ කොළ වැනිය. සීතල විසින් නම් ගිලගෙනය.   හදගැස්ම ඇසීම තවමත් සුන්දරය.  නිතරම සෙවැණැල්ල සිරුරට වඩා සැබෑ ස...

අපට එරෙහිව අපි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සැසිවාරය එක්ක නැවතත් සිංහල ජාතියට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතාකෙරෙන්න පටන් අරන්. අපට ඕනෑනම් මුළු ලෝකයම ඉන්නේ අපට කෙළවන්නය කියා සිතාගෙන ඉන්න පුළුවන්. ඒත්, ලෝකයට එතරම් අමාරුවක් තිබෙන්නේ ඇයිද කියා ගැඹුරින් සිතුවොත් එම සිතුවිල්ලේ හිස්කම පෙනේවි. ලෝකයේ වැඩිදෙනෙක් ඇත්තම කීවොත් ලංකාව කියා රටක් තිබෙනවාද කියාවත් දන්නේ නැහැ. දැන් නිකම් හිතන්නකෝ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ගැන. සමහරු හිතනවා මේ එක් රටක්ය කියා. අපි වැඩිදෙනෙක් දන්නේ නැහැ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ තිබෙන රාජ්‍ය මොනවාද කියා. ලංකාව ගැන ලෝකයේ දැනුමත් ඔය වගේ තමයි. අපේ රටේ මිනිස්සු වැඩිදෙනෙක් මේ කරදිය වළල්ල තරණය කරලා නැහැනේ. ඒ නිසා හරි ලේසියි හිතන්න මේ රටේ මාර දේවල් තිබෙනවා, ලෝකෙම මේක කන්න බලා ඉන්නේ ඒ නිසා කියලා. ලංකාව හොඳ රටක් බව ඇත්ත. ඒත් ඉතින් හොඳම රට වෙන්නනම් තව බොහෝ දේ අවශ්‍යයිනේ. ඒ වුණාට අපි ඉතින් අපේ රටට ආදරය කිරීමේත් වරදක් නැහැ. අපි පුංචි රටක්. සිංහලයෝ ප්‍රමාණාත්මකව පුංචි ජන කොට්ඨාසයක්. නූතන ලෝකය කියන්නේ සෑහෙන්න එකට බැඳුණු තැනක්. එහි හුදකලා වෙන්න අමාරුයි. අපි නම් වසර දහස් ගණනක ස...

දහම් සිරිසේන සිද්ධිය පසුපස ඇති මාධ්‍ය දහං ගැට

Image
සිද්ධියක් පුවතක් බවට පත් කරන්නේ ජනමාධ්‍ය විසිනි. ජනමාධ්‍ය විසින් පුවත් බවට පත් කරනු නොලබන සිද්ධි ඕනෑතරම් තිබේ. එසේම විකෘති පුවත් බවට පත් කරනු ලබන සිද්ධිද තිබේ.  පොල් සිද්ධිය පිළිබඳ අපේ විශ්ලේෂණය අපි ඉදිරිපත් කළේ ඒ සිද්ධිය සිදු වූ අලුතමය. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙ සිද්ධිය භාවාතිශය ලෙස ඉදිරිපත් කරමින් විකෘති ප්‍රවෘත්තියක් නිර්මානය ‍කළහ. ලංකාවේ වැඩිදෙනෙකු කැමති බාල ජනප්‍රියත්වයට ප්‍රිය කරන ජනාධිපතිවරයා පවා මෙම සිද්ධිය පසුපස එල්ලුණේය.  මේ දිනවල තවත් සුවිශේෂ ජනමාධ්‍ය මෙහෙයුමක් දැකගත හැකිය. ඒ ඇමති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතකුට පහරදීම හා සම්බන්ධ සිද්ධියයි.  දහම් සිරිසේන පොලිස් පුතාට පහර දුන්නේ 'මම අනාගත අගමැතිගේ පුතා'ය කියමින් බව ජනමාධ්‍ය වාර්තා කරයි.  මීට කලකට ඉහතදී ඇමති ඩිලාන් පෙරේරා උතුරුමැද පළාත් සභා මැතිවරණ රැළියකදී ඇමති මෛත්‍රීපාල සිරිසේනව අනාගත අගමැතිවරයා ලෙස හඳුන්වා ආපසු කොළඹට එනවිට ඔහු දරමින් සිටි එක් නියෝජ්‍ය ඇමති තනතුරක් අහිමි වී තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන යනු රා...

ගොයම් කපන්නට ඉන්දියාවෙන් එන කම්කරුවන් පොලිසියට අල්ලා දෙමින් ලංකාවේ කම්කරුවන් යුරෝපයට යාම ගැන

Image
ලංකාවේ උතුරු, නැගෙනහිර, උතුරුමැද ආදී පළාත්වල මේ දිනවල ගොයම් කැපීම ආරම්භ වී තිබේ. මේ කාලයට මේ ප්‍රදේශවල දැඩි ශ්‍රම හිඟයක් ඇති වේ. ශ්‍රම හිඟය කෙතරම්ද යත් දකුණු ඉන්දියාවෙන් පවා ශ්‍රමිකයෝ මේ කාලයට ලංකාවට එති.  ඒ එන්නේ සංචාරක වීසා රැගෙනයි. නැව් සේවාව තිබුණානම් ඔවුන්ට අඩු වියදමකින් එයින් එන්නට තිබිණි. නමුත්, ලොකු සද්දයක් දා තූත්තුකුඩිය හා කොළඹ අතර දියත් කළ නැව් සේවාව නැවතී දැන් බොහෝ කල්ය. සමාන්‍ය ඉන්දීය හා ලාංකික මිනිසුන්ට මේ නැව් සේවාව අවශ්‍ය වන්නේ තලෙයිමන්නාරම හා රාමේශ්වරම් අතරය. කෙසේ වෙතත්, ඒ නිසා දැන් ඔවුන් එන්නේ දකුණු ඉන්දියාවේ ගුවන් තොටවලින් ගුවන් මගිනි. මේ කාර්යයට ඔවුන්ට උදව් කරන ලාංකිකයෝ සිටිති. මේ මිනිස්සු අතරින් සමහරු මුස්ලිම් ජාතිකයෝය. සරොං අඳින, ලාංකික පෙනුමැති මේ මිනිස්සු දෙමළ කතා කරති. ඔවුන් වැඩිපුර යොමුවන්නේ දෙමළ කතා කරන මුස්ලිම් මිනිසුන් වෙසෙන නැගෙනහිර පළාතටයි. මීට වසර ගණනාවකට ඉහතදී දෑකැත්ත මල්ලේ දමාගෙන මේ මිනිස්සු රැකියාව පිණිස තැනින් තැනට යන ආකාරය මේ ලියන්නා (writer) දැක තිබේ. මේ මිනිස්සු හොඳ ශ්‍රමිකයෝය. ලංකාවේ සිටින මුළු කාලය තුළම අවම පහසුකම් ඇතිව ලැගුම් ගනිමින...

සමාවෙන්න!

අප විසින් මෙම බ්ලොග් අඩවියෙහි පළ කරන ලද හලාල් ප්‍රශ්නය: දේශපාලන සායනික ප්‍රතිකාර අවශ්‍ය දේශපාලන උමතු නම් ලිපිය ජනරළ පුවත්පත විසින් අපගේ නිසි අවසරය ඇතිව එම පුවත්පතේ මේ සතියේ කලාපයෙහි පළ කර තිබේ.  ඔවුන් විසින් එම ලිපිය පළ කිරීමේදී අපගේ මාතෘකාව වෙනුවට 'හලාල්' නම් මාතෘකාව යොදා ඇති අතර අප විසින් ය ො දන ලද මාතෘකාව වැරදීමකින් ලිපියේ මුලට එක් වී තිබේ.  එමගින් ලිපියේ පළමු වාක්‍යයේ අර්ථය වෙනස් වී තිබේ. එයින් අප කීමට අදහස් නොකළ දෙයක් චම්පික රණවක ඇමතිවරයා පිළිබඳ කියැවී තිබෙන බැවින් අපි ඒ පිළිබඳ සමාව අයදිමු.  අජිත් පැරකුම් ජයසිංහ - සංස්කාරක W3Lanka මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

බොදු බල සේනාව බඩු මිළ අඩු කරයි

Image
හලාල් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජමියතුල් උලමා සංවිධානය කර තිබෙන අලුත් යෝජනාව සාකච්ඡාවට භාජනය කළ යුතුය. හලාල් සහතිකය ලබාගත් භාණ්ඩ මුස්ලිම් පාරිභෝගිකයන්ට පමණක් විකුණන්නැයි ජමියතුල් උ ල මා සංවිධානය ඉල්ලා සිටියි.  දැන් බෝලය ඇත්තේ නිෂ්පාදකයන් අතේය. නිෂ්පාදන හලාල් කිරීම සඳහා ගිය වියදම හලාල් ලකුණ සහිත නිෂ්පාදනවලට එකතු කළ හැකිය. මෙතෙක් ඒ වියදම සියලු භාණ්ඩ අතර බෙදී ගිය නිසා දැන් හලාල් සහතිකය නැති භාණ්ඩ අනිවාර්යයෙන්ම මිළ අඩු විය යුතුය.  මේ ලාභය මුස්ලිම් නොවන පාරිභෝගිකයන්ට ලැබෙන්නේ බොදු බල සේනා සංවිධානයට පිං සිදු වන්නටය.  බොදු බල සේනාවට බඩු මිළ අඩු කිරීමේ පුණ්‍යකර්මය දිගටම කරගෙන යාම සඳහා තවත් යෝජනාවක් ඉදිරිපත් කරමු. දැන් මේ ඇතැම් භාණ්ඩවල මිළට වෙළඳ ප්‍රචාරණය සඳහා ගිය වියදම්ද ඇතුළත්ය. බොහෝ බෞද්ධයෝ වෙළඳ දැන්වීම් බලන්නට කැමති නැත. එහෙත් ඔවුන් මතද මේ වෙළඳ දැන්වීම්වල පිරිවැය පටවා තිබේ. දැන් බොදු බල සේනාවට පුළුවන්නම් මේ වෙළඳ දැන්වීම් සඳහා යන වියදම ඒවා බලන අය මත පමණක් පැටවෙන ක්‍රමයක් හදන්නට ඒවා නොබලන අයට අඩු මිළට භාණ්ඩ දෙන්නට පුළුවන. ඒ කියන්නේ වෙළඳ දැන්වීම් බලන අය මිළ දී ගන්නා භාණ්ඩවලට...

විස්කෝතු කන ළමයා

Image
ළමයෙක් සිටියි පිංතූරයක බියපත් මුවපොව් දෑසින් බලමින් විස්කෝතු කන ප්ලාස්ටික් ජෝගුවෙන් දිය බොන ළමයා සිටියි පිංතූරයක බිය නැති දුක නැති අඩවන් දෑසින් නිදන ජීවිතේ සියලු බර  වාරු නොම දී  මහ‍ පොළවටම දී පුංචිම සිදුරු කීපයක් විනිවිද තිබේ හදවත ළමයා නිදයි සුවපත්ය ඔහු සියලු දුකින් නිදහස්ය ඔහු  අපෙන් එහෙත් ළමයා සිටියි පිංතූරවල විස්කෝතු කමින් නිදමින්  අපේ නෙත් අබියස ඇසේ කටුවක් වෙමින් හදවතේ ඇනුණු  පාපී ඉතිහාසයක් වෙමින්  ළමයා නිදයි අපට නින්ද නොයයි -අජිත් පැරකුම් ජයසිංහ  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

බාලචන්ද්‍රන්

Image
ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් මරා දමන්නට මොහොතකට පෙර ගත් බව කියැවෙන තවත් ඡායාරූප කීපයක් මාධ්‍යයට නිකුත් වී තිබේ. බාලචන්ද්‍රන් බාල දරුවෙකි. අත්අඩංගුවට ගෙන ඔහු මරා දැමුවානම් එය පැහැදිලිවම යුද අපරාධයකි.  කොටි සංවිධානය යුද අපරාධවල නියැලුණ බව කවුරුත් දනිති. කොටින් විසින් කපා කොටා මරා දමන ලද දරුවන්ගේ සිරුරු මේ ලේඛකයා පදවියේදී හා හේරත්හල්මිල්ලෑවේදී සියැසින් දැක තිබේ. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් යොදාගත් බවද සත්‍යයකි.  කොටි සංවිධානයේ නායකයා මේ යුද අපරාධවලට වගකිව යුතුය. එසේම, තවමත් ජීවතුන් අතර සිටින කරුණා අම්මාන්, කේ.පී. හා වෙනත් විදෙස්ගත කොටි නායකයන් මෙම යුද අපරාධ ච ෝදනාවලට වලට පිළිතුරු දිය යුතුය.  එහෙත්, ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ බාලචන්ද්‍රන් බාල දරුවෙකි. ඔහු අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දැමීම යුද නීති, මානව හිමිකම් නීති පමණක් නොව සාමාන්‍ය මිනිස් ගුණධර්මවලටද පටහැනි තුච්ඡ ක්‍රියාවක් බව කිව යුතු නොවේ.  මේ පිළිබඳ කතා කිරීමේදී ප්‍රභාකරන් අච්චර මැරුවා, මෙච්චර මැරුවා ආදී වශයෙන් කීම තේරුමක් නැත. මන්ද බාලචන්ද්‍රන් බාල දරුවෙකි. එ ක් අපරාධයක් විසින් ඇති කරනු ලබන සමා...

බුර්කාව: අනුන්ගේ රෙද්ද හා අපේ රෙද්ද

Image
"ඉස්ලාම් ආගමින් මුස්ලිම් ජාතික කාන්තාවන්ට මුදාහැර තිබෙන (ලංකාවේ නව ප්‍රවනතාවක් ලෙස) පීඩනය ගැන යමක් කියන්නේ නැත්තේ ඇයි?" මේ අප කලින් ලියූ ජාතිවාදය ග්‍රස්ථි වීම නම් සටහනේ පළ වූ කමෙන්ටුවකි. දැඩි ලෙස පුරුෂාධිපත්‍යවාදී මුස්ලිම් සමාජය තුළ කාන්තාවට සමතැන් අහිමි වීම පිළිබඳ මට ගැටලුවක් ති බ ේ. එහෙත් ඒ හා සම්බන්ධ ආගමික චින්තනය සමග මගේ සම්බන්ධයක් නැත. කොටින්ම කීවොත් එය මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයකි. මම මුස්ලිම් ජාතිකයෙක් නොවෙමි. මේ සීමාවන්ට එරෙහිව කිසියම් මුස්ලිම්වරයකු සටන් කරන්නේ නම් මට ඔහුට හෝ ඇයට සහාය දෙන්නට පුළුවන.මට ම ේ ඇඳුම් ගලවා දමා නිදහස ප්‍රකාශ කරන්නට පැරිය. මන්ද මම ඒ ඇඳුම් න ොඅඳින බැ විනි. මා අකැමැති වූ පලියට අනුන් ග ේ ඇඳුම් ගලවන්නට මට කිසිදු අයිතියක් නැත. මුස්ලිම් ගැහැනුන්ගේ ඇඳුම් ගලවන්නට ඉදිරිපත් වී සිටින බොදු බල සේනා ස ං විධානයට කීමට තිබෙන්නේ මෙයයි. ඇඳුම් අඳිනා එකම සතා මිනිසාය. මිනිස ් සමාජයේ ඇඳුම් න ො ඇඳ සිටීම අශිෂ්ට ක්‍රියාවක් ලෙස දැන් පිළිගැනේ. සාමාන්‍යයෙන් යෝනිය, ශිශ්නය හා කාන්තා පියයුරු වර්තමාන සමාජයේ බහුතරයක් දෙනා තුළ ලිංගික ආවේග ඇතිකරන ශරීරාංග බැවින් ඒවා ආවර...

ජාතිවාදය ග්‍රස්ථි වීම

ලංකාවේ දැන් ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ දෙස බලනවිට ඒවා හරියට මහා ජාතිය වන සිංහලයන්ට එරෙහි බලවේගවලට එරෙහි උද්ඝෝෂණ යයි සිතෙන තරමට සුළුතර ජාතීන්ගේ හඬ යටපත් කර දමා තිබේ. මෙය කුල අසාධාරණකම් සම්බන්ධව සලකන්නේ නම් හරියට ගොවිගම කුලයට එරෙහි අසාධාරණකම්වලට එරෙහි සටනක් සේ පෙනෙන තරමට පීඩිත කුලවල හඬ යටපත් කර තිබේ. අධිපති සමාජ ප්‍රජාවකට තමන් විසින් ඇති කරනු ලබන පීඩනය හඳුනා ගත ‍නොහැකි තරමට එකී පීඩනය සාමාන්‍යකරණය වීම සුවිශේෂ තත්වයකි. එමෙන්ම එය අතිශය භයානකය. පුරුෂාධිපත්‍යය සාමාන්‍යකරණය වී ඇති ලෝකයක පිරිමියා ස්ත්‍රිය කෙරෙහි ඇතිකරණ පීඩනය පිරිමියාට නොපෙනෙයි. බොහෝවිට ස්ත්‍රියටද තමන්ට සිදුවන අසාධාරණය නොපෙනෙයි. සම හිමිකම සාධාරණ නැතැයි ගැහැනිය සිතන තත්වයක් ඇති‍ වේ. එතැනින් ඔබ්බට ඒ සමාජයේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදයක්, සමානාත්මතාවක් පැවතිය නොහැකිය. මෙම තත්වය ලංකාවේ ජාතීන් සම්බන්ධයෙන් සලකා බැලූ කල තමන් දෙමළ බස කතාකරන ජනතාව මේ රටේ දෙවන පෙළේ පුරවැසියන් පිරිසක් බවට පත් කර ඇති බව සිංහලයන්ට නොපෙනේ. මන්ද එය එතරම් සාමාන්‍යකරණය වී ඇති බැවිනි. නිදසුනක් ලෙස දිවයින පුවත්පතේ පළ වූ පහත සඳහන් ප්‍රවෘත්තිය විශ්ලේෂණය කර බලන්න....

රතු සෝගම් ලියූ මෝ යැංගේ හදවත

Image
චීන ජාතික මෝ යැංගේ රතු සෝගම් නවකතාව චූලානන්ද සමරනායක විසින් සිංහලට නඟා තිබෙනවා.  මේ මෝ යැංට පසුගිය වසරේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් තෑග්ග හිමිවුණා.  ඔහු වෙනුවෙන් කියැවුණු ප්‍රණාමයේ සඳහන් වූ පරිදි ඔහුට නොබෙල් තෑග්ග හිමි වුණේ ඔහු අතිශයෝක්තිය, උපහාසය හා ජනකතා හා මිථ්‍යා ඇසුරින් ලත් ආභාසය හරහා කොමියුනිස්ට්වාදී ප්‍රචාරාත්මක ඉතිහාසය වෙනුවට පනස් වසරක අතීතය අවබෝධාත්මක හා විවේචනාත්මක අයුරින් විවරණය කළ නිසායි.    මේ කියමනත් සමග නොබෙල් සාහිත්‍ය තෑග්ග පිළිබඳ ජනප්‍රිය වාම අදහසක් වන මේ වනාහි ධනවාදී හා සමාජවාද විරෝධී සාහිත්‍ය ප්‍රවර්ධනයක්ය කියන මතය නැවත ඉස්මතු කරගන්න පුළුවන්. ඒත්, සමාජවාදී හෝ ධනවාදී හෝ ප්‍රචාරාත්මක සාහිත්‍යය ගුණයෙන් දුබලයි කියන අදහස එයින් යටපත් කරන්න බැහැ. සාහිත්‍යයෙන් දේශපාලන මතවාදයක් ප්‍රවර්ධනය කරන්න පුළුවන්ද කියන එක සාකච්ඡා කළයුතු කාරණයක්. අපට යම්, යම් චරිත වීරත්වයට නඟන්න පුළුවන්. සිද්ධි අර්ථකථනය කරන්න පුළුවන්. ඒත්, සාහිත්‍යය කියන්නේ කර්තෘගේ පමණක් නොවෙයි, පාඨකයාගේත් කාර්යයක්. එතකොට කර්තෘ කුමන අර්ථ ජනනය කරන්න උත්සාහ කළත් වැදගත් වන්නේ ඒ ඔස්සේ පාඨකයා සමග ඇති වන...