Posts

නයින්ගේ අපේ ප්‍රශ්න හෙවත් ජනාධිපතිතුමාගේ හා අපේ ප්‍රශ්න

Image
උතුරේ ප්‍රශ්නය මගේ හෝ රජයේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ නොවන බවත් එයට විසඳුමක්‌ සෙවීම විපක්‍ෂය, ජනමාධ්‍ය හා සියලු බුද්ධිමතුන් ඇතුළු විවිධ සමාජ ක්‍රියාකාරීන් දායක විය යුතු බවත් ජනාධිපතිතුමා ඊයේ පැවැති විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය අනුව, එතුමා කට්ටියට එකතු වී විසඳුම් හොයාපල්ලා යයි කියන ප්‍රශ්න හැර අනෙක් සියලු ම ප්‍රශ්න එතුමාගේ ප්‍රශ්න ය. රටේ ආර්ථිකය සම්බන්ධ වැදගත් තීරණ ගන්නා විට මේ අන්දමින් සියලු දෙනාගේ දායකත්වයේ අවශ්‍යතාවක් එතුමාට ඇති බවක් අපි දැක නැත. එසේ නම් රටේ ආර්ථිකය එතුමාගේ ප්‍රශ්නයක් වන්නට ඇත. 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සීමා කරන විට වෙනත් අයගේ අදහස් එතුමාට වැදගත් වූයේ ම නැත. ඒ කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් එතුමාගේ ප්‍රශ්නයකි. ගෙන එන්නට ගොස් තදබල සේවක විරෝධය නිසා හකුලා ගත් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත සම්බන්ධයෙන් ද වෙන අයගේ දායකත්වය අවශ්‍ය වූයේ නැත. එසේ නම්, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල, භාරකාර අරමුදල ආදිය එතුමාගේ ප්‍රශ්න ය. පෞද්ගලික අංශයේ සමාගම් රජයට පවරා ග...

මාධ්‍යකරුවන්ට වචන දෙක තුනක් සොලවා කළ හැකි හරඹ

කවුරුත් කතා නො කරන තහනම් විෂයන් තිබේ.  කොටි සැකකරුවන් යනු එවැනි එක් විෂයකි. කොටි සංවිධානය මර්දනය කර දැන් වසර දෙකහමාර ඉක්මවා තිබේ. එහෙත්, විවිධ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ යයි සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෝ විශාල පිරිසක් තවමත් බන්ධනාගාරවල සිටිති.  වසර බොහෝ ගණනක් තිස්සේ සිර ගෙවල්වල සිටින අය ද ඒ අතර වෙති. ඔවුන්ගෙන් ඇතැමෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.  ඔවුන් කර ඇති වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු ය. සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට අවස්ථාව ලබා දිය යුතු ය. නැතිනම් ඔවුන් නිදහස් කළ යුතු ය.  කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකයා වූ කේ.පී.ට හා කලක් නැගෙනහිර පළාතේ කොටි අණ දෙන නිලධාරියා වූ කරුණා අම්මාන්ට එරෙහිව ද නඩු පැවරිය යුතු ය. ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගන්නේ නම් කොටි සංවිධානයේ පසුපෙළ සාමාජිකයන්ට කරන දඬුවම් යුක්ති සහගත වන්නේ නැත.  දීර්ඝ කාලීනව රඳවා තබා ගන්නවා වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට පියවර ගත යුතු ය.  අපට මෙම සටහන තබන්නට සිත් වුණේ පහත සඳහන් වන දිනමිණේ පළ වූ පුවත නිසා ය.  ...

කට බොරු කීවත් දිව බොරු නො කියන දිනමිණ

Image
කට බොරු කීවත් දිව බොරු නො කියන්නේ යයි කියමනක් තිබේ. දිනමිණ පුවත්පතේ රාමන්ගේ දේශපාලන විග්‍රහය මේ කියමන ඔප්පු කරයි. එහි එක් තැනක මෙසේ සඳහන් වේ. සිසු සටන් සම්බන්ධයෙන් නම් සමහර බලධාරීන්ගේ දඩම්බර ක්‍රියා කලාපයන් හේතු වී තිබෙන බව පෙනෙනවා. ඔවුන් ගේ අධිකාරිවාදී ස්වරූපය සමහර තැනක ආණ්ඩුවේ පිළිවෙතට පටහැනි වගෙයි. ඒකාධිපතිවරයාට නම්‍යශීලී විය හැකි නමුත් අදාල සමහර බලධාරීන් නම්‍යශීලි නැහැ. වෘත්තීය සටන් සම්බන්ධයෙන් ද දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයක්. අතැම් ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ඵලදායී හා නම්‍යශීලි සාකච්ඡාවක් නැහැ වගෙයි. මේ නිසා අවසානයේ ප්‍රශ්නය විසඳීමට සිදු වී තිබෙන්නේ ජනාධිපතිවරයාට, සමහර තැනක එක් නිලධාරියෙක් හෝ බලධාරියෙක් හෝ ඒ ගනයේ දෙතුන් දෙනෙක් නිසා මේ විදියට අපහසුතාවකට ලක් වූ ආණ්ඩුවක් නැති තරම්. ජනාධිපතිවරයා ජනපි‍්‍රය නොවන්නට ප්‍රශ්නය මීටත් වඩා දුර දිග යන්න තිබුණා. සමහර විට පාරට පැමිණි අය මැද පෙරදිග මෙන් පාරෙන් ඉවත් නොවන්නටත් ඉඩ තිබුණා. එහෙත් මෙහෙම ගියොත් එම දවස ඉදිරියේ උදාවෙන්නත් බැරි නැහැ. අපට එරෙහිව අවි අමෝරා ගෙන සිටින බටහිර ජාත්‍යන්තරයට අවශ්‍ය වී තිබෙන්නේ එම දවස උදාකර ගැනීමට වගෙයි. ඊට...

කුඩුකාරයෝ ද, සිරකරුවෝ ද මිනිස්සු ය

Image
මැගසින් බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල ගැන විවිධ අදහස් ප්‍රකාශ වේ. සාමාන්‍යයෙන් කියැවෙන්නේ එය කුඩුකාරයන්ගේ කැරැල්ලක් ය කියා ය. කුඩුකාරයන් ය කියූ විට සාමාන්‍යයෙන් ඔවුන්ට සමාජ අනුකම්පාවක් නො ලැබීම අපේක්ෂා කෙරේ. ඒ නිසා, කවුරුවත් මැගසින් බන්ධනාගාරයේ කැරැලි ගැසූ මිනිසුන්ගේ හඬට ඉඩක් දෙන්නේ නැත.  මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයකුට හිටිහැටියේ මත්ද්‍රව්‍ය නො ලැබී යාම හේතුවෙන් ඔහු අධික වේදනාකාරී අසනීප තත්වයට පත් වෙයි. මත්දුව්‍ය භාවිතා කරන්නන්ට ඒවා නො ලැබී යාම හේතුවෙන් ඔවුන් අධික අසහනයට පත් වෙති. එබැවින් බන්ධනාගාරවල සමබරතාව පවත්වාගෙන යන්නට ඇතුළට‍ කුඩු යාම අවශ්‍ය තත්වයක් ඇති වී තිබේ. පොදු සමාජයේ ද තත්වය එයයි. මත් උවදුරට හිටි හැ‍ටියේ තිත තබන්නට බැරි ඒ නිසා ය.   කුඩුකාරයන් ලෙස සාමාන්‍යයෙන් හංවඩු ගැසෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන සමාජයේ ආර්ථික මට්ටමෙන් පහළ තීරුවේ ජනයා ය. මත්ද්‍රව්‍ය භාවිතා කරන සමාජයේ ඉහළ මට්ටමේ අය නීතියේ බලපෑමට එතරම් ලක් නො වෙති. නිදසුනක් ලෙස ලංකාවේ සංගීතකාරයෝ විශාල පිරිසක් ගංජා උරති. ගංජා ගසා කාටවත් කරදරයක් නො කර ආතල් එකේ සිංදුවක් කියා අනෙක් අයට ද ආතල් බෙදන ඔව...

නොරොච්චෝලේ - චීන ලංකා වත්මන් සබඳතාවල යථාර්ථය නිරූපණය කරන සංකේතය

Image
ජනතා විරෝධය නො තකා හරිමින් ඉදි කරන ලද නොරොච්චෝලෛ ගල් අඟුරු බලාගාරය ආයෙමත් කැඩිලා ය. එය කවදා හදන්නට පුළුවන් වේදැයි නිලධාරීහු හරියට නො දනිති. ලාබෙට විදුලිය නිපදවීමට යයි කියා ඩොලර් මිලියන 450ක් චීනයෙන් පොලියට ගෙන, චීනයට ම ඉදි කරන්නට දුන් මේ ගල් අඟුරු බලාගාරය හැදූ දවසේ සිට ම කඩෙනවා ය. ඒ කැඩෙන හැම දිනකට ම පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නට රුත මිලියන 80ක් වැය වෙනවා ය. පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නා විට නිලධාරීන්ට අත යටින් කැපිලි තිබීම මේ රටේ සාමාන්‍ය තත්වයකි. නොරොච්චෝලෛ බලාගාරය මීට පෙර ද සතියක කාලයක් නවතා දමා තිබී යළි විදුලි ජනනය ආරම්භ කළේ මේ මාසයේ මුල ය. විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහායක යූ. ආර්. ඒ සේනාරත්න චෝදනා කරන පරිදි බලාගාරය නිතර, නිතර බිඳ වැටීම පිටුපස ඇත්තේ චීන කුමන්ත්‍රණයකි. ඔහු පවසන පරිදි මෙම ගල් අඟුරු බලාගාරය නඩත්තු කිරීමේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමේ උවමනාවක් එය ඉදි කළ චීන රජයට අයත් China Machinery Engineering Corporation සමාගමට තිබේ. එම කොන්ත්‍රාත්තුව මාස හයකට ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය ...

අබ්දූල් කලාම් අපට කියා දුන් පාඩම / Lesson taught to Lanka by Abdul Kalam

Image
මේ දිනවල ලංකාවේ චාරිකාවක නියැලී සිටින හිටපු ඉන්දීය ජනාධිපති අබ්දූල් කලාම් The Island පුවත්පතට වැදගත් ප්‍රකාශයක් කර තිබේ. පුවත්පත පහත සඳහන් ප්‍රශ්නය අසයි. Question: What will be your advice to Sri Lanka’s majority Sinhalese and minority Tamils and Muslims to live together without ethnic tensions? Kalam: My nation, India, with its population of multi-culture, multi-religion, multi-language has a very important tool of living together for more than 60 years. That is: democracy, democracy and democracy. Democracy gives equal rights to every citizen to prosper and live peacefully. Since Sri Lanka and India are close friends, let the people of our two countries enjoy together the fruits of democracy. වාර්ගික ආතතියකින් තොරව එකට ජීවත් වීම පිණිස ශ්‍රී ලාංකික බහුතර සිංහලයන්ටත්, සුළුතර දෙමළ මුස්ලිම් ජනතාවන්ටත් දෙන අවවාදය කුමක්දැයි ඇසූ කල ඔහු පවසන්නේ බහු වාර්ගික, බහු ආගමික, බහු භාෂාමය  ජනගහණයක් ජීවත් වන ජාතියක් වන ඉන්දියාවේ සාමූහික ජීවනය සඳහා වැදගත් වූ උපකරණ වන්නේ ප්‍රජාතන්ත්‍රවා...

ඔබේ දරුවාට පාසලේ උගන්වන්නේ සිඟන්නෙක් වැනි අන්ත දිළින්දෙක් බව ඔබ දන්නවා ද?

Image
පරිජත් සහා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ පදිංචි පාසල් ගුරුවරයෙකි. ඉන්දියන් රුපියල් 10,000ක පමණ මුදලක් තිබිය යුතු ඔහුගේ බැංකු ගිනුමේ ඉන්දියන් රුපියල් බිලියන 9.8ක මුදලක් තැන්පත්ව ඇති බව පසුගිය දිනෙක නිරීක්ෂණය කළ හේ ඒ බව බැංකුවට දැනුම් දී ඇත. මේ මුදල ඉන්දියාවේ මධ්‍යම රජයේ වාර්ෂික අධ්‍යාපන පිරිවැයට කිට්ටු අගයකි. බැංකුව ඉන්දීය රජයට අයත් State Bank of India (SBI) ය. එහි ආදර්ශ පාඨය වන්නේ Safe Banking with SBI යන්න ය. මෙතරම් විශාල මුදලක් මෙම පුද්ගලයාගේ ගිනුමේ ඇති බව සටහන් වුණ වරද සොයා ගැනීමට බැංකුව තවමත් අසමත් වී තිබේ. මෙම සිද්ධිය පිළිබඳ පළ වූ බී.බී.සී. වාර්තාව කියවූ ලේඛකයාගේ අවධානය වැඩිපුර ම යොමු වූයේ පහත සඳහන් කරුණටයි. Mr Saha's monthly salary as a school teacher in the eastern state of West Bengal is 35,000 rupees ($700; £450). ඒ අනුව, පාසල් ගුරුවරයකු ලෙස පරිජත් සහාගේ මාසික වැටුප ඉන්දියන් රුපියල් 35,000කි. ඉන්දියන් රුපියලක් මේ වන විට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2.22කට වැඩි ය. ඒ අනුව පරිජත් සහාගේ වැටුප ලංකාවේ මුදලින් රුපියල් 77,863ක් හෙවත් රු. 78,000කට ආසන්න වේ. ලංකාවේ පාසල් ...

ආසයි බයයි නො වී ජනාධිපතිතුමනි ගමනේ යා!

අප විසින් ලියන ලද පසුගිය ලිපියකට ප්‍රතිචාර දැක්වූ පාඨකයෙක් මෙසේ කීවේ ය.  " ..........අද පැන නැඟිය හැකි සන්නද්ධ අරගල වනාහි කලින් පැවති ආකාරයේ භූමිය අත්පත් කරගෙන සටන් කරන ආකාරයේ ඒවා නො වේ. අතිශය ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී ප්‍රවණතා ය............... ඇයි උඹ සිංහලයා බය කරලද දෙමළට දෙන්න කියන්නේ උන්ගේ ප්‍රචන්ඩත්වය උපට වගේම උන්ටත් ඊට වැඩි ගුණයකින් අත් විදින්න වෙන බව උන් වගේම උබත් තාම ඉගෙන නැත්නම් මොනව කරන්නද ....  " සිංහල, දෙමළ සමාජයන් දෙකේ ම ප්‍රචණ්ඩත්වයට ලොල් කරන මෙවැනි අන්තවාදී කොටස් සිටින බව රහසක් නො වේ. ඔවුන් හැම විට ම කැමති ප්‍රශ්න සමාදානයෙන් විසඳා ගැනීමට නො වේ. ඒ වෙනුවට ඔවුන් සැම විට ම සොයන්නේ ගැටුම් සඳහා නිමිති ය.  අප විසින් පෙන්වා දෙනු ලැබුවේ  ජාතික සංහිඳියාව ඇති කිරීම පිණිස පියවර නො ගැනීමෙන් ඇති විය හැකි ආදීනවයි.  එසේ කටයුතු නො කිරීම ඇත්තෙන් ම වාසිදායක වන්නේ සිංහල හා දෙමළ ජාතිවාදීන්ටයි. අනෙක් ජාතිය කෙරෙහි වෛරය පතුරුවා සිය දේශපාලන අභිලාෂයන් ඉෂ්ට කර ගැනීමේ ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීමට ගැටුම්කාරී තත්වය මෝරා යාම මහඟු අවස්ථාවකි.  එහෙත්, රජයට මෙහි ඇත...

නිදහස් සහ විවෘත අන්තර්ජාලය අවුරන නීති පැනවීමේ උත්සාහයට එරෙහිව විකිපීඩියා විරෝධය

තොරතුරු දැන ගැනීමේ මහජන අයිතිය වෙනුවෙන් ඇමරිකන් රජයේ නිදහස් සහ විවෘත අන්තර්ජාලය අවුරන නීති පැනවීමේ උත්සාහයට එරෙහිව  විකිපීඩියා වෙබ් අඩවිය පැය 24ක විරරෝධතාවක් දියත් කර තිබේ. නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් වෙනුවෙන් ඔබේ හඬ ද සලකුණු කරන්න. Imagine a World Without Free Knowledge For over a decade, we have spent millions of hours building the largest encyclopedia in human history. Right now, the U.S. Congress is considering legislation that could fatally damage the free and open Internet. For 24 hours, to raise awareness, we are blacking out Wikipedia. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉදිරියට යන බව ජනාධිපති ඉන්දීය විදේශ ඇමතිට කීවේ ඇත්තටම ද?

'ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාර්ථක සාකච්ඡාවක නිරතවූ බව සඳහන් කළ ක්‍රිෂ්ණා මහතා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉදිරියට ගිය සංශෝධනයක් වෙනුවෙන් අදහස් පළ කළ බවද කීවේය,' යි දිනමිණ පුවත්පත ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය විදේශ ඇමති එස්. එම්. ක්‍රිෂ්ණා අතර සාකච්ඡාවලින් පසු ඉන්දීය විදේශ ඇමතිවරයා පළ කළ අදහස් වාර්තා කළේ ය. ජනවාර්ගික ගැටලුව සඳහා විසඳුමක්‌ ලබාදීමට 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් වෙත පැවසූ බව මෙරට නිල සංචාරයක නිරතවන ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ පැවසූ බව දිවයින පුවත්පත ද වාර්තා කළේ ය. වාර්තා අනුව පෙනෙන පරිදි 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙවත් පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව පෙනේ. එසේ නම් පසුගිය දිනවල දෙමළ ජාතික සන්ධානය රජය සමග සාකච්ඡාවලදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලැබිය යුතු ඉඩම් හා පොලිස් බලතල ඉල්ලුවා යයි ආණ්ඩුව කළ කලබැගෑනියට හා දෙන්නේ ම නැතැයි කළ ශපථ කිරීම්වල...

දෙමළ ජාතිකවාදය කෙරෙහි සානුකම්පිත ආස්ථානයක සිටි සංවිධාන හා සිංහල ජාතිවාදයට ආවඩමින් සිට මෑතදී වෙනස් වූ සංවිධාන එක්ව යාපනයට ගිය දැනුවත් කිරීමේ ගමන

පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම්වලට එරෙහිව යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ කිහිපයක පත්‍රිකා බෙදාහැර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස යාපනයට යමින් සිටියදී පොලිසිය හා හමුදාව විසින් නවත්වනු ලැබූ පිරිස අයත් වන සංවිධාන නාම ලේඛනය දේශපාලනික වශයෙන් වැදගත් එකකි. ජන අරගල ව්‍යාපාරය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, මාවෝවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම, සමාජවාදී පක්ෂය, සමාජවාදී සංධානය, ප්‍රැක්සිස් එකමුතුව, පීපල්ස් මාර්ච් සංවිධානය, අපි ශ්‍රී ලාංකිකයෝ, ජනතා නීතීඥ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතීඥයෝ සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය, මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය, අන්තර් සමාගම් සේවක සංගමය, සමස්ත ලංකා ටෙලිකොම් සේවා සංගමය, සමස්ත ලංකා සුවසේවා සංගමය ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන 17ක නියෝජිතයන් විරෝධතාවට එක්ව සිටින බව ලංකා වීව්ස් වෙබ් අඩවිය පවසයි. රතු පාටින් දක්වන ලද සංවිධාන ජාතික ප්‍රශ්නය විෂයෙහි දෙමළ ජාතිකවාදය කෙරෙහි සානුකම්පිත ආස්ථානයක සිටි ඒවා වන අතර සෙසු ඒවා ජවිපෙ සම්‍ග සම්බන්ධව සිංහල ජාතිවාදයට ආවඩමින් සිට මෑ...