Posts

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම වළක්වලා

(2010 ජනවාරි 26 -W3Lanka) ශ්‍රී ලංකා‍ ටෙලිකොම් ආයතනය තම වෙබ් අඩවිය යාවත්කාලීන කර ඇති බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය පවසයි. අද පෙරවරු 1.20න් පසු තම වෙබ් අඩවිය යාවත්කාලීන නො කළ බව ඔවුහු පවසති. ලංකා ඊ නිවිස් සමග සම්බන්ධව කටයුතු කළ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ද 24දා රාත්‍රියේ සිට අතුරුදහන්ව ඇත.

හැදුනුම්පතක් නැති වික්‍රමබාහු

Image
(2010 ජනවාරි 26 -W3Lanka) වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ ජාතික හැඳුනුම්පත පරණ ය. අපැහැදිලි ය. ඔහු කොම්පඤ්ඤවීදියේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කරන්න ගියේ කලකට ඉහත බස්නාහිර පළාත් සභාවෙන් ඔහු පළාත් සභා මන්ත්‍රි කාලයේ නිකුත් කරන ලද පරණ හැඳුනුම්පතක් රැගෙන ය. පවතින නීති අනුව ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට නො හැකි විය. පසුව බාහු ඡන්දය ප්‍රකාශ කළේ මැතිවරණ කොමසාරිස් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිට දුරකථනයෙන් කතා කර අවසර ලබා දීමෙන් පසු ය. මේ සිද්ධිය ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද?

හෙට වෙනුවෙන් මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන්න

Image
(2010 ජනවාරි 26 -W3Lanka) හෙට උදෑසන වන විට ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබිය හැකි ය. ජනාධිපතිවරණය ඉතා උණුසුම් එකක් බැවින් මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා යන දෙදෙනා අතරින් කවුරුන් ජය ගනු ඇද්දැයි අනාවැකි කීම දුෂ්කර ය.  එහෙත් එකක් පැහැදිලි ය. මෙම ජනාධිපතිවරණයේදී සියලු අපේක්ෂකයන්ට සම අවස්ථා නො ලැබිණි. මහින්ද රාජපක්ෂ නම් අපේක්ෂකයා ජනාධිපති ධුරයේ බලය හා ආණ්ඩු බලය මුළුමනින් ම සිය ප්‍රචාරක ව්‍යාපාරය සදහා භාවිතා කළ අතර ඡන්දය පැවැත්වෙන අතරතුරදී පවා රාජ්‍ය මාධ්‍ය යොදාගෙන විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පහර දෙමින් සිටියි.  මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිරිපත් කරන ලද සරත් ‍කෝන්ගහගේ වැනි ව්‍යාජ අපේක්ෂකයන් හැර වාමාංශික, ස්වාධීන හා වෙනත් අපේක්ෂකයන් කිසිවෙකුට රාජ්‍ය මාධ්‍ය විසින් අවස්ථා ලබා දුන්නේ නැත. මෙම තත්වය තුළ මහින්ද රාජපක්ෂ ඡන්දය දිනිය යුත්තේ අඩු වශයෙන් 60%කවත් ඡන්ද ප්‍රතිශතයකිනි. නැතිනම් එය නියත පරාජයකි.  කවුරු දිනුවත්, පැරදුණත් මෙම ප්‍රතිඵලය පිළි නො ගත යුතු ය. සාධාරණ ජනාධිපතිවරනයක් සඳහා සටන් කළ යුතු ය. මෙවැනි දූෂිත මැතිවරණ ක්‍රම හෙළා දැකිය යුතු ය. දූෂකයන් පිටු දැකිය ය...

කළ ගුණ සලකමු! ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල්වාදයට ඡන්දය දෙමු!

Image
(2010 ජනවාරි 26 -W3Lanka) ලංකාවේ හයවන ජනාධිපතිවරණය අද පැවැත්වේ. දිවයින පුරා මධ්‍යස්ථාන 11098කදී 1,40,88,500ක් ජනයා ඡන්දය දීමට සුදුසුකම් ලැබ සිටිති.  මෙය ඉතිහාසයේ දූෂිත ම ජනාධිපතිවරණයයි. ජනාධිපති මහින්ද‍ රාජපක්ෂගේ ප්‍රචාරණය සදහා සියලු රාජ්‍ය සම්පත් හිරිකිතයකින් භාවිතා කෙරුන අතර මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මේ මොහොතේත් විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පහර ගසනු ලැබේ.  ඊයේ රාත්‍රියේ අලුවන ලද පෝස්ටරයක පිංතූරයක් අද දිනම්ණ මුල පිටේ ඇත.. දේශපාලන සටන් පාඨ නැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තේමාව 'කළ ගුණ සලකනු' යන භාවාතිශය අදේශපාලනික ඉල්ලීමයි. යුද්ධයේ විශාල කාර්යභාරයක් කළ සරත් ෆොන්සේකාට 'කළ ගුණ නො සලකනු' යන අදහස ද එතුළ ගැබ් වේ.  කළ ගුණ සැලකීම උතුම් දෙයකි. ඒ සඳහා නොයෙකුත් ක්‍රම තිබේ. රු. දාහේ නෝට්ටු මූණතේ මූණත්තහඩුව මුද්‍රණය කිර දුන් විට ඉවසා දරා ගැනීම එක් කළ ගුණ සැලකීමකි. පසුගිය කා‍ලයේ උදේ සිට රෑ වන තෙක් 'මහ රජාණනේ' ගිතය ඇසීම තවත් ආකාරයකි.  කළ ගුණ සලකනවා ය කියා රටේ නීතිය උල්ලංඝනය කිරීමට හා මහජන දේපල සූරා කෑමට ඉඩ දීමත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල්...

සරත්ට සහාය දෙන්න ආ බෝපගේ ආපසු යද්දී දෙපැයක් ගුවන් තොටුපළේ රඳවාගෙන ප්‍රශ්න කරලා

Image
(2010 ජනවාරි 25 -W3Lanka) ජනාධිපතිවරණයේ විපක්ෂ අපේක්ෂක සරත් ‍ෆොන්සේකාට සහාය දැක්වීම පිණිස ලංකාවට පැමිණ සිටි ලයනල් බෝපගේ ආපසු දිවයිනෙන් පිටත්ව යද්දී බලධාරීන් විසින් පැය දෙකක් රඳවාගෙන ප්‍රශ්න කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.  1971 කැරැල්ලේ ක්‍රියාකාරිකයකු ලෙස වසර ගණනක් අත්අඩංගුවේ සිට නිදහස්ව පැමිණි ලයනල් බෝපගේ 1982 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දැරිය.  ඔහු කලක සිට පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ය. ලංකාවේ දේශපාලනය පිළිබඳ උනන්දුවකින් කටයුතු කරන ඔහු නිතර ඒ පිළිබඳ විශ්ලේෂණ ඉදිරිපත් කරන්නෙකි.

හංස සංදේශය ලියූ ප්‍රගීත් එක්නැලිගොඩ හෝමාගමදී අතුරුදහන්

Image
(2010 ජනවාරි 25 -W3Lanka) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සමග සම්බන්ධව කටයුතු කළ දේශපාලන විශ්ලේෂකයකු හා කාටුන් ශිල්පියකු වන ප්‍රගීත් එක්නැලිගොඩ ඊයේ රාත්‍රී සිට අතුරුදහන් වී ඇති බව එම වෙබ් අඩවිය පවසයි. ඔහු මීට පෙර ද පැහැරගෙන ගොස් මුදා හරිනු ලැබූ පුද්ගලයෙකි. විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක කටයුතුවලදී එක්නැලිගොඩ ලේඛකයකු ලෙස සම්බන්ධ වී තිබේ. මේ දිනවල බෙදා හරිමින් තිබෙන හංස සංදේශය නම් තියුණු උපහාසයකින් යුත් ජනප්‍රිය පුවත්පතකට ද ඔහු සම්බන්ධව සිටි බව දැනගන්නට ඇත. මෙම සිදුවීම පැහැරගෙන යාමකැයි මාධ්‍යවේදීහු සැක කරති.

ඡන්දෙ දෙන්න පෙර සිතා බලනු!

Image
උතුරේ ඡන්ද වර්ජනය වෙනුවෙන් එල්ටීටීඊයට බෝට්ටු ගන්න බැසිල් රු.මිලියන 180 ක් දුන් අයුරු ටිරාන් හෙළි කරයි (ලංකා ඊ නිව්ස් -2010 ජන.24, ප.ව.7.20) දෙදහස් පහේදී තමා මාර්ගයෙන් එමිල් කාන්තන් හඳුනාගත් බැසිල් රාජපක‍ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී එල්ටීටීඊය ලවා උතුරේ ඡන්ද වර්ජනය කර දීම වෙනුවෙන් තමා ඉදිරියේදී ඔහුට රු.මි. 180 ක් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ මහජන පාර්ශවයේ ලේකම් ටිරාන් අලස් මහතා අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙළි කෙළේය. පෙරේදා පාන්දර බෝම්බ ප්‍රහාරයකට ලක්ව විනාශ වූ ඔහුගේ නිවස ඉදිරියේදී මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවූ අලස් මහතා වැඩිදුරටත් පැවසුවේ එමිල් කාන්තන් පසුව පැවැති හමුවකදී බෝට්ටු මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 180 ක් ඉල්ලා සිටි බවත් කිසිදු පැකිලීමකින් තොරව බැසිල් රාජපක‍ෂ මහතා එම මුදල එමිල් කාන්තන්ට තමා ඉදිරිපිටදීම ලබාදුන් බවත්ය. ටිරාන් අලස් මහතා මෙම මාධ්‍ය හමුවේදී මෙසේද ප්‍රකාශ කළේය. "පසුගිය සිකුරාදා මා ඔබට ප්‍රකාශ කළේ මගේ ගෙදරට බෝම්බ ගැසීමට හේතුව එමිල් කාන්තන් හා නාමල් රාජපක‍ෂ එකට සිටින ඡායාරූපය මාධ්‍යට නිකුත් වීම බව. බ්‍රහස්පතින්දා අපට ලැබුණු තොරතුරු අනුව මේ ඡාය...

නිවට සිවලුනේ තොපට කාලයයි සිහසුනෙන් බැස යන්න

Image
(2010 ජනවාරි 25 -W3Lanka) දෙමළ හා සිංහල සමාජයන් අතර යුද්ධයෙන් පසු කිසියම් සංහිඳියාවක් ඇති වෙමින් තිබුණේ නම් එය ද නැති කර දැමීමට මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉවහල් වී ඇති බව නිසැක ය.  ෆොන්සේකා හා සම්බන්ධන් අතර ඇතැයි කියන 'හොර ගිවිසුමේ' ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද පිටපතේ සම්බන්ධන් අත්සන් කර ඇත්තේ සිංහලෙන් යයි වාර්තා වේ. මෙය ඉතිහාසයේ ලොකු ම හාස්‍යය විය හැකිමුත්, එමගින් සිංහල සමාජ මනස තුළ ඇති කරන ලද භීෂණය හා දෙමළ ජනයා කෙරෙහි ඇති කරන ලද වෛරය ඉතිහාසයේ පාපතර ම දේශපාලන උපායමාර්ගයකි.  එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු දෙමළ-සිංහල සමාජයන් අතර සංහිඳියාව ඇති කිරීමේ හා ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ හැකියාව මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී ව්‍යාපාරය විසින් මුළුමනින් ම අවුල් කර දමා ඇත. මහින්ද බලයට පැමිණියහොත් සිදු වනු ඇත්තේ ලංකාවේ සමාජය තව තවත් භේද භින්න වීමයි. මෙය පරාජය වී විදේශයන්ට පසු බැස සිටින දෙමළ ජාතිවාදීන්ට මහත් වාසියක් වන අතර, ඔවුන් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය ඉත සිතින් පතන බවට සැකයක් නැත. මන්ද, පරාජිත දෙමළ ඊලාම් රාජ්‍ය අරගලය යළි ප...

කොටි සංවිධානයේ අපේක්ෂාව මහින්ද

Image
(2010 ජනවාරි 25 -W3Lanka) ලංකාවේ ජනාධිපතිවරණයේදී සිංහල ජාතිවාදය නිරුවතින් කරළියට නැඟීම විදෙස්ගත දෙමළ ජාතිකවාදීන්ගේ හා ඔවුන් අතර තවමත් ක්‍රියාත්මක ‍එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අමන්දානන්දයට හේතු වී තිබෙන බව දෙමළ විදෙස්ගත ප්‍රජාව වෙතින් ලැබෙන තොරතුරුවලින් හෙළි වේ.  මෙහිදී දෙමළ ජාතිකවාදීන් සිය උපායමාර්ගය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට උපකාරී වන පුද්ගලයා ලෙස දකින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ද වාර්තා වේ. ඔහු විසින් මේ දිනවල සම්බන්ධන්-ෆොන්සේකා ගිවිසුමක් පිළිබඳ කියමින් සිංහල සමාජය තුළ දෙමළ ජාතිය කෙරෙහි වෛරයක් ඇති කරමින්, දෙමළ-සිංහල දෙසමාජයන් අතර සංහිඳියාවක් ඇති වීම වැළැක්වීම සිය ඊලාම්වාදී උපායමාර්ගය ඉදිරියට ගෙන යාමට රුකුලක් බව ‍දෙමළ ජාතිකවාදීහු පවසති.  විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ ආණ්ඩුවක් විසින් ජාත්‍යන්තර සහයෝගය ඇතිව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදා ගැනීමේ දේශපාලන විසඳුමකට තමන් තල්ලු කිරීමට ඇති ඉඩ දෙමළ ඊලාම්වාදය ඉදිරියේ ඇති ප්‍රබල ම අභියෝගය ලෙස ඔවුහු දකිති. 2005 ජනාධිපතිවරණයේදී මැතිවරණ වර්ජනයක් හරහා රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට කොටි සංවිධානය පියවර ගත්තේ ද මේ හා සමාන ස්ථ...

ඩයලොග් කෙල්ල, ලාභය හා ජාතිකවාදය

Image
ධනවාදයේ ජාතිය ද ආගම ද ලාභය ම ය. එහෙයින් ධනවාදයට ආගම හෝ ජාතිය සීරියස් නැත. මේ ඩයලොග් සමාගම ෆොටෝෂොප් භාවිතා කර ජාතිය වෙනස් කර ඇති අන්දමයි. ලාභය නිපදවන මිනිසුන් කුමන ජාතියකට අයත් වුවත් ලාභයට එය අදාළ වන්නේ නැත.  කොයි අතින් බිම වැටුණත් කාසි නංවන්නේ එක ම හඬකි. (සියුම් නිරීක්ෂණය හා ඡායාරූප පිළිබඳ අප ඉන්දි සමරජීවට ණය ය. www.indi.ca බලන්න.)

ජර්මනියේ, ස්විට්සර්ලන්තයේ හා ඕලන්දයේ ඊලාම් ජනමත විචාරණ අද හා හෙට

(2010 ජනවාරි 24 -W3Lanka) ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා දෙමළ දේශපාලන නායකත්වය එකඟතාවකට එළඹුණු පළමු අවස්ථාව වන 1976 වඩුක්කොඩෛහි පැවැත්වුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු සම්මේලනයේදී නිකුත් කරන ලද වඩුක්කොඩෛ ප්‍රකාශය යළි බලාත්මක කිරීම පිණිස විදෙස්ගත දෙමළ ජාතිකවාදීන් විසින් පවත්වනු ලබන ජනමත විචාරණ මාලාවේ මීළඟ අදියර මේ සති අන්තයේ පැවැත්වේ. එහිදී ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඕලන්දය යන රටවල ජීවත්වන ලාංකික දෙමළ ජනයා සිය ඡන්දය දීමට නියමිත ය.  මීට පෙර ද මෙවැනි ජනමත විචාරණ මාලාවක් නෝර්වේ, කැනඩාව හා ප්‍රංශය යන රටවල පැවැත්විණි. යුදමය අරගලයේ පරාජයෙන් පසු දෙමළ ජාතිකවාදීන්ගේ උපායමාර්ගය වී තිබෙන්නේ යළි තහවුරු කර ගන්නා ලද ජනවරමක් ඔස්සේ දෙමළ ඊලාම් විමුක්ති අරගලය නව මුහුණුවරකින් දියති කිරීමයි.