Posts

Showing posts with the label බන්ධනාගාර

අපෙන් එකෙකි ඒ (වැලිකඩ වහල මත සිටින) මිනිසා

Image
මම මේ දිනවල සමාජ මාධ්‍ය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වෙමින් සිටිමි. එය පැවැත්වෙන්නේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට නගරෝදය ශාලාවේ ඉහළ මහලක ය. පසුගිය බදාදා සිට මේ මිනිසා වැලිකඩ සිර ගෙයි වහල මත සිටිනු දුටිමි. මුල් දිනයේ මා සිතුවේ ඔහු කිසියම් අලුත්වැඩියා කටයුත්තක් වැනි දෙයක යෙදී සිටිනවා ය කියා ය. එහෙත්, දෙවන දිනයේ ඔහු කිසියම් විරෝධතාවක යෙදී සිටින බව වැඩමුළුවට සහභාගි වූ මහතෙක් පෙන්වා දුන්නේ ය. ඔහු වැලිකඩ බන්ධනාගාරයේ ගේට්ටුව වෙත ගොස් එහි සිටි අයගෙන් මේ පිළිබඳව විමසා තිබුණ මුත් කිසිවෙක් ඒ පිළිබඳ හරි තොරතුරක් සපයා තිබුණේ නැත.  ඊයේ සවස වන විට ඔහු පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා වී තිබිණි.  ඔහු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් වසර 55 ක සිරදඬුවම් නියම වී ඇති රැඳවියෙකු බව ද උපවාසයක් ආරම්භ කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළ බව අද දෙරණ වාර්තා කළේ ය. 2031 වසරේ ඔහුට නිදහස හිමිවීමට නියමිතව තිබී ඇත. නිවාස නිවාඩු ලැබීමේ සහනය යටතේ තමන්ට නිදහස හිමිවිය යුතු බව ද එම රැඳවියා පවසන බව වාර්තා කර තිබිණි.  පහත පළ වන්නේ නිව්ස් ෆස්ට් ඒ පිළිබඳ වාර්තා කළ ආකාරයයි. A prisoner ...

සිරකරුවෝද මනුෂ්‍යයෝය. සෑම මනුෂ්‍යයකු තුළම ම්ලේච්ඡයෙක්ද, ම්ලේච්ඡයකු තුළ මනුෂ්‍යයෙක්ද සිටියි

සිරකරුවෝද මනුෂ්‍යයෝය. සෑම මනුෂ්‍යයකු තුළම ම් ල ේච්ඡ යෙක් ද වෙ සෙයි.  එහිදී ඒ මනුෂ්‍යයා සිරකරුවකුද නැද්ද යන්න අදාළ න ො ව ේ. ඊයේ වැලිකඩ කැරලිගැසූ සිරකරුවන්ද ම්ලේච්ඡයන් ලෙස හැසි රෙන්න ට ඇත්තේ යම් හේතු ඇතිවයි. ම ේ සිරකරුවන් මරාදැමීම පිළිබඳ සතුටු වන් න ෝද ම් ල ේච්ඡ ය ෝය. ඝාතනයට ලක්වූ ව ෝ  ඔවුන් ග ේ වර්ගයටම අයත් වන, ඇ තැම්විට ඔවුන් ග ේ ඥාති, මිත්‍රාදීහුම වන් න ෝය. දිගුකා ලීන සිරදඬුවම් විඳින, මරණ දඬුවම අ ත ේ තියා ගෙන ජී වත් වන මිනිසුනට ම ොකක් වුණත් කමක් නැත.  කැරැල්ලට නායකත්වය දුන් සිරකරුවන් ගෙන් ඇතැ මෙක් මත්ද්‍රව්‍ය නිසා දිගුකාලීන සිරදඬුවම්වලට හා මරණ දඬුවමට ලක්වූ අයයි. ඔවුන් ගැන සිහිපත් වනවිට මට මතක් වන් න ේ මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටයයි. අ යෙකුට ජීවිත ය ේ අංගය ක් ව න මත්ද්‍රව්‍ය ළඟතාබාගැනීම නීතියට මරණ දඬුවම පවා දෙන්නට තරම් බරපතල වරදකි.   ඕනෑම ම් ල ේච්ඡයක ු තුළ පවා මිනිසත්කම්ද තිබිය හැකිය.   පිටස්තර සන්නද්ධ විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය ඇතුළට පැමිණ, මරණීය දණ්ඩනයට ල ක්වූවන් ද ඇතුළුව   සිරකරුවන්ට අඩන් ත ේට්ටම් කරමින් පරීක්ෂා කරන්නට යාම අනවශ්‍...

සෞඛ්‍ය ඇමතිතුමනි, සිරකරුවන් අතර උපත් පාලන කොපු බෙදා හැරීමට වහා පියවර ගන්න

Image
්‍ය වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අතර සිටි ඒඩ්ස් රෝගයකු මිය යාම නිසා සිරකරුවන් අතර තවත් ඒඩ්ස් රෝගීන් සිටී ද යන සැකය බන්ධනාගාර හා සෞඛ්‍ය අධිකාරීන්ට ඇති වී තිබේ.  ලංකාවේ වැඩියෙන් ම සමලිංගික සේවනය ඇති ස්ථානයක් වන්නේ බන්ධනාගාරයි. ආගමික ආයතන, නේවාසිකාගාර ආදියෙහි ද සමලිංගික සේවනය සිදු වන මුත්, සිරකරුවන් අතර එය අතර ඇති සමලිංගික සේවනය ප්‍රශ්න ඇති කරන මට්ටමක ඇත.  හේතුව, විරුද්ධ ලිංගික ඇසුර ප්‍රිය කරන සිරකරුවන් පවා සමලිංගික ඇසුරට ඇද ගන්නා ලිංගික අසහනයක් හා බලහත්කාරයක් එහි ඇති නිසා ය.  මුලින් විරුද්ධ ලිංගිකයන් ඇසුර ප්‍රිය කළ, ඇතැම් විට, සමලිංගික සේවනය පිළිකුල් කළ අය පවා සිරගෙදරදී සමරිසියන් බවට පත් වන අයුරු නිරීක්ෂණය කළ හැකි ය. ඇතැම් පැරණි සිරකරුවන් සිරගෙදරදී සමලිංගික සේවනයෙහි ඇති කර ගන්නා ‍අධික ලොල්කම අධ්‍යයනය කළ යුතු දෙයකි. සෑම ලිංගිකයකු ම තුළ සමලිංගිකයකු ද ජීවත් වනවා වන්නට පුළුවන. මෙවැනි ලිංගික පීඩනය අධික ස්ථානයකදී එම සමලිංගිකයා මතු වනවා වන්නට ද පුළුවන.  සිරගෙදර ඇති ප්‍රසිද්ධ කතාවකට අනුව එක් පැරණි සිරකරුවකු අලුත සිරගත වූ තරුණයකු සමග සමලිංගික ඇසුරක් ඇති කර ගනියි. අලුත...

ජනතාවනි, මහජන ආරක්ෂකයන්ගෙන් පරිස්සම් වෙනු!

Image
(2011 ජනවාරි 29,  W3Lanka )  මහජන ආරක්ෂාව සඳහා ය කියමින් ආයුධ සන්නද්ධව සිටින පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් වැනි අය ගැවසෙන තැන්වලදී මහජනතාව පරිස්සම් විය යුතු ය. හේතුව, මෙම පුද්ගලයන්ගේ ඉලක්ක බොහෝ විට කකුලට තිබ්බොත් ඔලුවට හා උඹේ ඔලුව‍ට තිබ්බොත් මගේ ඔලුවට වදින වර්ගයේ ඒවා වීමයි. අපරාධ 93ට වරෙන්තු 80ක් තිබූ පාතාල අපරාධකරුවකු වූ පී. සනත් චන්දන සිල්වා නොහොත් ‘චූටි පුතා’ නමැත්තා ජනවාරි 26දා උදේ ගල්කිස්ස අධිකරණයට ගෙන ආ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තල්ලු කර දමා පලා යද්දී බන්ධනාගාර නිලධාරියකු තැබූ වෙඩි පහර සාමාන්‍ය පුද්ගලයකුට වැදී ඔහු බරපතල ලෙස තුවාල ලැබ අද අළුයම 1.00ට පමණ මිය ගියේ ය. මේ අහිංසකයාගේ මරණය පිළිබඳ අපේ සාතිශය සංවේගය ප්‍රකාශ කරමු. එසේ ම ඊනියා මහජන ආරක්ෂකයන්ගෙන් පරිස්සම් වන ලෙස අපි ජනතාවට අනතුරු අඟවමු.  මෙම සටහනත් කියවන්න:  විද්දෙ චූටි පුතාට; වැදුණෙ නඩුවකට ආපු පුතෙකුට .

විද්දෙ චූටි පුතාට; වැදුණෙ නඩුවකට ආපු පුතෙකුට

Image
(2011 ජනවාරි 27,  W3Lanka )  අපරාධ 93ට වරෙන්තු 80ක් තිබූ පාතාල අපරාධකරුවකු වූ පී. සනත් චන්දන සිල්වා නොහොත් ‘චූටි පුතා’ නමැත්තා ඊයේ උදේ ගල්කිස්ස අධිකරණයට ගෙන ආ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තල්ලු කර දමා පලා යද්දී බන්ධනාගාර නිලධාරියකු තැබූ වෙඩි පහර සාමාන්‍ය පුද්ගලයකුට වැදී ඔහු බරපතල ලෙස තුවාල ලබා තිබේ. ලංකාවේ ගිනි අවි දරණ පිරිස්වල ඉලක්ක ගැනීමේ හැකියාව බරපතල ප්‍රශ්නයක් වී තිබේ. ඒ නිසා ඔවුන් හාවාට විද්ද හැම විට ම වදින්නේ පඳුරට ය. ගිය අවුරුද්දේ දවසක පොලිසියත්, මංකොල්ලකරුවන් පිරසකුත් අතර පෙට්‍රල් ෂෙඩ් එකක පැවති වෙඩි හුවමාරුවකින් තාත්තාගේ ත්‍රිරෝද රියෙන් ඉන්ධනහලට පැමිණි පුංචි පුතෙක් මරු මුවට පත් විය. හොරු පළා ගිය හ. පොලිසිය අත්අඩංගුවෙන් පළා යන අපරාධකරුවකුගේ කකුලට වෙඩි තිබ්බොත් එය වදින්නේ ම ඔලුවට ය. ඔන්න බලන්න ඕනැ නම් මේ චූටි පුතා අහු වුණොත් මොකද වෙන්නෙ කියලා.  චූටි පුතා කියනවා එයා ළඟ ආයුධ තියෙනවා පෙන්නන්නම් කියාලා. ඉතින් පොලිසියේ මාමලා එයා එක්කගෙන යනවා ආයුධ අරන් එන්න. චූටි පුතා හංගලා තිබුණ ආයුධයක් අරගෙන පොලිස් මාමලාට වෙඩි තියන්න හදනවා. එතකොට පොලිස් මාමලා 'යටත් නො වුණොත් ...

වැලිකඩ බන්ධනාගාරයේ වල් බූරුවන්ගේ නිදහස් අරගලය | Freedom struggle of Welikada wild asses

Image
( 2010 නොවැම්බර් 09,  W3Lanka )   පොලිසිය වැලිකඩ බන්ධනාගාරයේදී බඩ පුරා කෑවේ ය. කෑවේ සිරකරුවන්ගෙන් වන මුත්, ගේම සැලසුම් කළේ බන්ධනාගාර නිලධාරීන් බව පැහැදිලි ය. වැලිකඩ බන්ධනාගාරය තුළදී පොලිස්‌ නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය බන්ධනාගාර නිලධාරීන්ගේ හෝ රැඳවියන්ගේ පූර්ව සැලසුමකට අනුව සංවිධානාත්මකව සිදු වූවක්‌ නොවන බව හා පොලිසිය රැඳවියන් පරීක්‍ෂා කිරීමේදී රැඳවියන් තුළ හටගත් ආවේගශීලී නොසන්සුන්කාරී තත්ත්වයක්‌ මත ක්‍ෂණිකව මෙම පහරදීම සිදුවන්නට ඇතැයි තමා විශ්වාස කරන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් මේජර් ජෙනරාල් වී. ආර්. ද සිල්වා "දිවයින"ට කීවේය. මෙය පිළිගත නො හැකි ය. බන්ධනාගාරයේදී සිරකරුවන්ට මේ අන්දමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරිය හැකි නම්, බන්ධනාගාර නිලධාරීන්ට සිරගෙවල් පාලනය කරන්නට බැරි වනු ඇත. මීට පෙර බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් අතර සුළු ගැටුම් ඇති වූ අවස්ථා තිබෙන මුත්, මෙම ගැටුම එවැන්නක් නො ව සුවිශේෂ කැරැල්ලකි. මෙවැනි කැරැල්ලක් මීට‍ පෙර ඇති වූයේ 1983දී ය. එහිදී, ගුවන් යානයක් පැහැර ගැනීම නිසා දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටි සේපාල ඒකනායක සහ තවත් අය විසින් නායකත්වය දෙන ලද සිංහල සිරකරුවන්...

මෙන්න ලංකාවට තවත් විශිෂ්ඨ පළමු ස්ථානයක්? | Another first for Sri Lanka?

Image
‍ (2010 ජුනි 10,  W3Lanka )  ලෝකෙන් වැඩි ම, ඉහළ ම, වැඩි ම ආදී ස්ථාන ලබා ගන්න ලංකාවේ පාලකයන් හරි කැමතියි. අපි තමයි ලෝකෙ පළමුවෙනි අගමැතිනිය බිහි කළ රට. එහෙම වුණේ ලංකාව ගැහැනුන්ට සම තැන දෙන දියුණු රටක් නිසා ද? නැහැ, පාලකයෙකු මැරුණා ම ඔහුගේ උරුමය පුතාට හෝ පුතා ලොකු වන තුරු බිරිඳට හෝ හිමි විය යුතු යයි සිතන පසුගාමී රටක් නිසා.  ලංකාවේ ජනගහණයෙන් 53%ක් ගැහැනු. ඒත්, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක්වත් නැහැ. පළාත් සභාවල තත්වය මීටත් අන්තයි. ලංකාවේ විප්ලවවාදී යයි කියන දේශපාලන පක්ෂවල පවා දේශපාලන මණ්ඩලයක කාන්තාවක් සිටි බවට තොරතුරු නැහැ. එහෙම ඉන්න පුළුවන් මට්ටමක හිටිය එක ම කාන්තාව අප දන්නා හැටියට නම් විවියන් ගුණවර්ධනයි. එහෙත්, අප දන්නා තරමින් ඇය හෝ සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සිටියේ නැහැ. වැරදි නම් නිවැරදි කරන්න. ඒ වුණාට අපි හරි කැමතියිනේ, අපි ලෝකයේ පළමු තැන ලබා ගන්න අංශ ගැන කතා කරන්න. ලෝකයේ පළමු තැන ලබා ගැනීමේ පිස්සුව නිසා අපේ මිනිස්සු තම තමන්ට පුළු පුළුවන් හැටියෙන් එක එක විකාර කරලා ගිනස් වාර්තා තියනවා. ඔන්න දැන් ලෝකයේ පළමු තැන සඳහා උත්සාහ කරන්න පුළුවන් තවත් මාර්ගයක් තියෙනවා....

මාතර බන්ධනාගාරයේ සිරකරුවනුත් සන්ධානයේ ඡන්ද වැඩට යොදවලා

Image
(2009 ඔක්තෝබර්  03 - W3Lanka ) දකුණු පළාත් සභාව සඳහා ඔක්තෝබර් 10දා පැවැත්වෙන මැතිවරණයේදී සියලු රජයේ සම්පත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් යොදවා ඇති මහින්ද රාජපක්ෂ රජය මාතර බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ද ඔක්තෝබර් 04දා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැස්වීමෙහි ආරක්ෂක වැට ඉදි කිරීම සඳහා යොදවා ඇති අයුරු ඡායාරූපයෙන් දැක්වේ.  (ඡායාරූපය ලංකා ටෘෘත් වෙබ් අඩවියෙනි)