සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 23ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා

 

හ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්තව රාජ්‍ය ඇමති ධුරයෙන් පහකිරීමත් සමග ඔහු ගැන බලාපොරොත්තු සහගතව ඔහුගේ ගුණ වනන පිරිසක්දක්නට ලැබෙන බැවින් නීතීඥයකු ද වන සුසිල් පසුගිය සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන ආකාරය පෙන්වාදෙන්නට කැමැත්තෙමි. ඔහු එකිනෙකට පරස්පර 17, 18, 19, 20 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හතරටම අත ඉස්සූ මරු සිග්නල් කණුවකි.

පුදුම නොවිය යුත්තේ ඔහු වැනි තවත් මන්ත්‍රීවරුන් 23ක් පාර්ලිමේන්තුවේ සිටීමයි. එවැනි මන්ත්‍රීන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

  1. අනුර ප්‍රියදර්ශන යාපා
  2. මහින්ද යාපා අබේවර්ධන
  3. ඩලස් අලහප්පෙරුම
  4. මහින්දානන්ද අලුත්ගමගේ
  5. නිමල් සිරිපාල ද සිල්වා
  6. ඩග්ලස් දේවානන්දා
  7. දුමින්ද දිසානායක
  8. එස්.බී. දිසානායක
  9. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  10. බන්දුල ගුණවර්ධන
  11. දිනේෂ් ගුණවර්ධන
  12. ප්‍රියංකර ජයරත්න
  13. ගාමිණී ලොකුගේ
  14. ඩිලාන් පෙරේරා
  15. සුසිල් ප්‍රේමජයන්ත
  16. චමල් රාජපක්ෂ
  17. කෙහෙළිය රඹුක්වැල්ල
  18. මහින්ද සමරසිංහ (මෑතදී ඉල්ලා අස්විය)
  19. ජෝන් සෙනෙවිරත්න
  20. රංජිත් සියඹලාපිටිය
  21. ජනක බණ්ඩාර තෙන්නකෝන්
  22. පවිත්‍රාදේවි වන්නිආරච්චි
  23. ජී.එල්. පීරිස්

17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2001 ඔක්තෝබර් 3දා ය.
ව්‍යවස්ථා සභාවක් ඇති කොට ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම මේ යටතේ සිදු විය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික අනුමැතියෙන් සම්මත වූ එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙයයි.

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2010 සැප්තැම්බර් 8දා ය. එමගින් ජනාධිපති ධූරයට තරඟ කිරීමේ වාර ගණන සම්බන්ධයෙන් කලින් තිබූ දෙවරක් පමණයි සීමාව ඉවත් කරන ලදී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරන ලදී. ඇතැම් පත් කිරීම් සඳහා ජනාධිපතිවරයා වෙත තිබූ යම් බාධක ඉවත් කොට විධායක ජනාධිපති බලතල දැඩිව ශක්තිමත් කරන ලදී.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2015 අප්‍රේල් 25දා ය. එක් පුද්ගලයෙකුට විධායක ජනාධිපති ධූරය දැරීමට ඇති හැකියාව දෙවතාවකට සීමා කරන ලදී. ජනාධිපතිගේ ධූර කාලය කලින් අවුරුදු හයේ සිට අවුරුදු පහකට අඩු කෙරිණි. තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් පිිළිගැනීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීම, අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රමාණය සීමා කිරීම (ජාතික ආණ්ඩුවක් නොවේ නම්) ආදී කරුණු මෙහි ප්‍රධාන ලක්ෂණ වේ.

20වන සංශෝධනය නැවතත් 19වන සංශෝධනයට පරස්පර ය. එමගින් නැවත වතාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර පත් කිරීම් සඳහා ජනාධිපතිවරයා වෙත තිබූ යම් බාධක ඉවත් කොට විධායක ජනාධිපති බලතල දැඩිව ශක්තිමත් කරන ලදී. කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාවේ ද සීමාවක් නැත. 20වන සංශෝධනය 2021 ඔක්තෝබර් 22දා තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

සුසිල් ප්‍රේම ජයන්ත පමණක් නොව, මෙම ලැයිස්තුවේ සිටින සෙසු මන්ත්‍රීවරුන් ද විශ්වාස කළ හැකි අය නොවේ. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් කළ පමණින් ඔවුන් ගැන බලාපොරොත්තු තැබීම මුග්ධකමකි. ලාංකිකයන් නායකයන් සොයා කරන අරගලයේදී මෙවැනි විශ්වාස කළ නොහැකි පුද්ගලයන්ගෙන් පරිස්සම් වීම ඉතා වැදගත්ය. ඔවුන්ට දැඩි උන්නතිකාමී අරමුණු තිබේ. එහෙත්, රටට ප්‍රයෝජනවත් වන්නේ ප්‍රතිපත්තිය. ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී ප්‍රතිපත්තිගරුකකම වැදගත්ය.

Adapted from praja.lk

Popular posts from this blog

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය