අම්මා නිසා ආ දුර ගමනක කතාව
March 31, 2021 admin People පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහආරච්චි ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය අද පවා ප්‍රසිද්ධ ළමා හා කාන්තා කාර්යාංශය ලෙසයි. පොලිස් වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට එය ආරම්භ වුණේ 1979දීයි . වර්තමානයේදී ශ්‍රී ලංකාව පුරා පොලිස් අධිකාරි කොට්ඨාස 44ක පොලිස් ස්ථාන 494ක ළමා හා කාන්තා කාර්යාංශයේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. කාන්තාවන්ට හා ළමයින්ට එරෙහිව ශාරීරික ප්‍රචණ්ඩත්වයේ සිට ලිංගික අපචාර දක්වා සෑම ආකාරයකම අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ වර්තමාන අධ්‍යක්ෂවරිය වන්නේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහආරච්චි මහත්මියයි. Read in English: Long march thanks to her mother “මගේ ගම මහනුවර. මම ඉස්කෝලෙ ගියේ පුෂ්පදාන බාලිකා විද්‍යාලයට. ගණිත අංශයෙන් 1996දී උසස් පෙළ විභාගය කළා. 1997දි මුල්ම රැකියා අයදුම්පත උප පොලිස් පරීක්ෂක තනතුරක් සඳහා ඉදිරිපත් කළා.” දර්ශිකා සිසුවිය දක්ෂ ක්‍රීඩිකාවක්. මහනුවර ප...