ජනාධිපති කැඳවූ ඡන්දය ජුනි 30 පැවැත්විය යුතු ය
April 29, 2020 admin Democracy Governance අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විධායක බලතල පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කොවිඩ්-19 අවදානම දොරට තට්ටු කරමින් තිබියදී ය. එපමණක් නොව, නාමයෝජනා භාරගෙන මැතිවරණය තහවුරු කරගැනීම සිදු වන තෙක් ජන ජීවිත අවදානමේ සීමා පැනවීම පවා කල් දැම්මේ ය. ඔහුගේ අභිප්‍රාය වූයේ පැරණි පාර්ලිමේන්තුව අවලංගු කරගැනීම බව පෙනේ. ඒ හා සමාන උවමනාවක් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ඇති බවක් ද නොපෙනේ. බස්නාහිර පළාතේ දිගින් දිගට ම ඇඳිරි නීතිය තබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවශ්‍ය සූදානම් කිරීම කළ නොහැකි ය. මැයි 15 වන විටත් ඇඳිරි නීතිය පැවතුණහොත් දැනට නියම කරගෙන තිබෙන දිනය වන ජුනි 30දා ද මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා පවසයි. මේ අතර, විපක්ෂය ඉල්ලා සිටින්නේ කොවිඩ්-19 මර්දන කටයුතු සඳහා අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ව්‍යවස්ථාදායකයේ සම්බන්ධය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව විපක්ෂය කෙතරම් ශපථ කළත් පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා කැමැත්තක් නොදක...