කොවිඩ්-19 සහ ජනමාධ්‍යවේදියා
   March 31, 2020   admin   Media    අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත (2020 මාර්තු 28)   ලංකා පත්තරේ විද්‍යුත් පිටපතක් නිකුත් කරන එක ඉතා හොඳ දෙයක්. කොවිඩ්-19 වසංගත තත්වය මැද පවා පුවත්පත්වලටත් ඉතා වැදගත් භූමිකාවක් තිබෙනවා.     ජනතාවට වසංගතය ගැන සත්‍ය තොරතුරු වාර්තා කිරීම, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ගේ අඩුපාඩු පෙන්වා දීම පමණක් නොවෙයි ජනතාවගේ ජීවනෝපායන්, ආහාර සුරක්ෂිතභාවය, බලශක්තිය, බෙහෙත්, ඇඳුම්, ප්‍රවාහනය, සන්නිවේදනය, ජනමාධ්‍ය, සංස්කෘතික, ලිංගික, මනෝ සමාජ අවශ්‍යතා ආදිය පිළිබඳ සොයා බලා කටයුතු කිරීමෙහිදී ජනමාධ්‍යවලට ඉතා වැදගත් භූමිකාවක් තිබෙනවා. සරලව කිව්වොත්, ජනමාධ්‍යකරුවන් වසංගත තත්වයන් තුළ පවා වැඩ කළ යුතුයි.   හැබැයි, වසංගතවලින් තමාවත්, තම වෘත්තීය සගයන් සහ පවුලේ අයත්, ප්‍රජාවත් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම ජනමාධ්‍යවේදීන්ගේ වගකීමක්. පසුගිය දිනවල අප දුටුවා, ලංකාවේ රූපවාහිනී මාධ්‍යකරුවන් ඉතා අපරීක්ෂාකාරී ලෙස ක්ෂේත්‍රයේ කටයුතු කරන ආකාරය. ඔවුන්ගේ අපරීක්ෂාකාරිත්වය ඔවුන්ගේ ජනමාධ්‍යවලින් ම විකාශය කරන විට සමාජ මාධ්‍යවලින් තමයි එහි අඩුපාඩු පෙන්වා දුන්නේ. ඒ විවේචන න...