රාජ්‍ය සේවයේ හා දේශපාලනයේ යථාර්ථය හෙළිකරන කෘෂිකර්ම බිල්ඩිම
September 17, 2019 admin Agriculture Governance අජිත් පැරකුම් ජයසිංහ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් සමාගමෙන් කුලියට ගොඩනැගිල්ලක් ලබාගැනීම වත්මන් රජය සමයේ විශේෂ අවධානයට ලක් වූ මහජන මුදල් නාස්තියකි. ඒ සම්බන්ධ වගකීම දේශපාලකයන් හා නිලධාරීන් එකිනෙකා අතින් අත පාස් කරමින් සිටින බව පෙනේ. එවකට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වගකීම අගමැති රනිල් වික්‍රමසිංහට පැවරූ අතර, අගමැතිවරයා සාක්ෂි දෙමින් එහි වගකීම කෘෂිකර්ම ඇමති හා ජනාධිපතිවරයා වෙත පවරන ලදී. සත්‍ය තත්වය වන්නේ මෙහි වගකීම කිසිදු දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු විසින් නොගැනීමයි. සෑම අයෙකු ම පවසන්නේ ගනුදෙනුවට අදාළව තමන්ගේ වගකීම නීත්‍යානුකූලව ඉටු කර තිබෙන බවයි. මෙම විමර්ශනයෙන් පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ මහජන මුදල් සම්බන්ධයෙන් මේ කිසිවකු වගවීමට සූදානම් නැති බවයි. මේ දක්වා රජය මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් රු. බිලියන 2.1ක් හෙවත් රු. කෝටි 210ක් වැය කර ඇති බව හෙළි විය. මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ විචක්ෂණභාවය පිළිබඳ විගණකාධිවරයා විසින් කර ති...