යහපාලනයේ විලි වසාගන්නට කුඩුකාරයන් එල්ලා මැරීම
June 27, 2019 admin Cartoon සිංහල අජිත් පැරකුම් ජයසිංහ 62 ලක්ෂයක යහපාලන ජනවරමට පයින් ගසා විවිධ බහුරූ කෝලම් රඟදක්වමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අලුත් ම ලේ හැලෙන ක්‍රියාකාරකම වන්නේ පුරා වසර 43ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවූ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) එහි පළමු පියවර ලෙස මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලැබ සිටින පුද්ගලයන් සිව්දෙනෙකු තෝරාගෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය කර, දින වකවානු නියම කර ඇති බව ජනාධිපතිවරයා පවසයි. මෙම පුද්ගලයන්ගේ නම් සහ මරණ දඬුවම ක්‍රියාත්මක කරන දින වකවානු රහසිගතව තබාගෙන සිටින බව පෙනේ. මේ වන විට බන්ධනාගාරවල මරණීය දණ්ඩනයට ලක් වූ පුද්ගලයන් 450කට වඩා සිටිති. ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හඳුන්වන්නේ මත්ද්‍රව්‍යවලට එරෙහිව ඔහු කරන බව කියන අරගලයේ පියවරක් ලෙසයි. එහෙත්, ඔහුගේ සමීපස්ථ පවුලේ ඇතැම් අය ද බලපත්‍ර සහිතව මත්පැන් අලෙවියෙන් මුදල් උපයති. මේ වන විට සිය ධුර කාලයේ අවසන් මාස හයට පිවිසී සිටින ජනාධිපතිවරයා නීති තර්ක ඉදිරිපත් කරමින්...